IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


වෙහෙර මහාදේවී උයනේ පුංචි ජලාශ මතුවේ

 

පෙර දින සිට පැවති වැස්සෙන් පසු කොළඹ නගර සභාවෙන් පාලනය වන  විහාර මහා දේවි උද්‍යානයේ තැන තැන ජලාශ මතුවී තිබේ.

කාණු අවහිර වීම මේ තත්ත්වයට හේතුව බව කියති.

DSC01386 DSC01389 DSC01392  DSC01406 DSC01407 DSC01414 DSC01415 DSC01419 DSC01420 DSC01423 DSC01424 DSC01442 DSC01443 DSC01444 DSC01445

 



අදහස් (0)

වෙහෙර මහාදේවී උයනේ පුංචි ජලාශ මතුවේ

රාමා Saturday, 11 October 2014 09:20 AM

උපාලි මහත්මය හරියටම හරි, මේවා අද විතරක් සිදුවුණා වගේ කතා කරන්නේ. (හේ)

:       0       0

ව්මල් Wednesday, 08 October 2014 11:25 AM

ලංකාව වගේ උෂ්ණාධික රටක මේවා ඇන්දොත් තැම්බිලා මැරෙනවා (නදී)

:       0       0

මාරසිංහ Wednesday, 08 October 2014 01:25 PM

ජෝන් මහත්මයා , ත්‍රිවිධ හමුදාව හෝ පොලිසිය කාණු සුද්ධ කරන්න දැම්මාට කමක් නැහැ කියලා නෙමෙයි මම කියන්නේ. රටේ සංවර්ධනයට ඒ දරුවන් සම්බන්ධ වෙන්න අවශ්‍යයි. අනෙක් අතට මේක එක්තරා ආකාරයක හදිසි තත්වයක්. සුළු ගංවතුරක් ඇතිවෙලා. ඉතින් හදිසි අවස්ථාවකදී ත්‍රිවිධ හමුදාව හැර වෙන කවුරුද මහා ජනයාගේ පිහිටට ඉන්නේ? (නි)

:       0       0

අචිනි Wednesday, 08 October 2014 08:08 AM

නිසි ප්‍රමිතියකින් තොරව වැඩ කරපුවහම ඔහොම තමයි. වියදම ඩබල් කොමිෂන් ට්‍රිබල් (නදී)

:       0       0

වසන්ත Wednesday, 08 October 2014 08:17 AM

හොඳ කානු පද්දතියක් ඉදි කිරීමෙන් ප්‍රශ්නයට විසදුම් ලැබේවි. මෙහි දොසක් කියන්ඩ බෑ (නදී)

:       0       0

ප්‍රදීප් Wednesday, 08 October 2014 08:26 AM

මේ පින්තුර දැකීමත් සමග මම මගේ සුන්දර අතීතයට පියමැන්නා. ලිපියෙන් කියන්ඩ යන දෙය මොකක් උනත්. ලංකාදීප ඔබ මට දුන්නේ සුන්දර මතකය අවදිකිරිමකි. බොහොමත් ස්තුතියි. (නදී)

:       0       0

රිෂාර්ඩ් Thursday, 09 October 2014 02:26 AM

සමහරුන්ගේ අදහස් දැක්කහම හිනාත් යනවා (නි)

:       0       0

රංගේ Wednesday, 08 October 2014 08:56 AM

අහවල් ආශ්චර්ය තමයි. අනේ අපේ හමුදාවට ගිය කල.(අ)

:       0       0

සුමිත් Wednesday, 08 October 2014 09:09 AM

අර ෆොටෝ එකේ ඉන්නේ බිල්ලෙක් නේද මුණ වහගෙන..(අ)

:       0       0

සේන Wednesday, 08 October 2014 09:44 AM

මේ වැඩ ඉංජිනේරු මහත්තුරුන්ගේ උපදෙස් මත කරා නම් ඒ මහත්තුරු දන්නවා බිමක් සංවර්දනය කරන්න කලින් කානු පද්දතියත් සැලසුම් කල යුතුයි කියලා (නදී)

:       0       0

පතිරණ Wednesday, 08 October 2014 09:47 AM

මිනිස්සුන්ගේ සල්ලි නාස්ති කරන්න කරන වැඩ (නදී)

:       0       0

තිවංක Wednesday, 08 October 2014 09:49 AM

දොරේ ගලන්න වැස්සම වතුර පිරෙනවා තමයි,. (නදී)

:       0       0

ජෝන් Wednesday, 08 October 2014 09:51 AM

අනේ මන්දා ඉංජිනේරු මහත්තුරු මොනවා කරනවාද කියලා. ඒ මදිවාට ලජ්ජා නැතුව ආරක්ෂක අංශ වලින් කානු සුද්ද කරන්නත් දාලා. (නදී)

:       0       0

උපාලි Thursday, 09 October 2014 04:46 AM

මේ අසාමාන්‍ය විදියට වැසි ලැබුනම සිදුවුණා දෙයක් මිසක කාටවත් දොස් කියන්න දෙයක් නොවේ. කලින් තිබුන උයන නඩත්තු කරාද හරියට. රෑට නරක ගැහැණු මිනිස්සුන්ගේ තිප්පොල. මෙහෙමෙ හැදුවට ස්තුති කරන්න ඕන නාගරික සංවර්දන අදිකාරියට සහ නගර සබාවට. හමුදාවේ සහෝදර වරු තමයි මෙය ලස්සන කරන්න වැඩ කරේ. ඒ අයට හිනා වෙන්නේ රටක් ජාතියක් නැති අමනයින්. දියුණු රටවල් වල පවා නගර පිටින් යට වෙනවා අසීමිතව වැස්සම. ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ හැම දේටම අස්චාර්ය කියා කියා තම තමාගේ පටු වල්මත්වූ දේශපාලන අදහස් දාන්න එපා. (නදී)

:       0       0

රෆීක් Wednesday, 08 October 2014 10:05 AM

සුමිත්, ඔයා මිනිසුන්ගේ හොඳ සංවර ඇඳුමකට අපහාස කරන්න එපා. පස්ස පෙන්නන් යනවා නම් මරු කියයි නේ (නදී)

:       0       0

බටු ගෙදර Wednesday, 08 October 2014 10:05 AM

සුමිත් බිල්ලෝ ගැන හිත හිත ඉන්න සුනාමියක් ආවත් ඔච්චර තමා (නදී)

:       0       0

සරත් Wednesday, 08 October 2014 10:06 AM

මම දැක්කේ අර පොඩි බබාලා ටික වතුරට උඩින් ඔන්චිලි පදින එක විතරයි. එය නම් මනරම් !!. බනින අයට කියන්නේ වැස්ස කාලෙකට වෙන රටකට ඇවිත් බලන්න කියලා. එංගලන්තෙට උනත් කමක් නැහැ (නදී)

:       0       0

මාරසිංහ Wednesday, 08 October 2014 10:08 AM

මෙහි පලවෙලා තියෙන සමහර පාටක අදහස් කියවපු මට මෙන්න මෙහෙම හිතුනා. දැන් යුද්දයක් නැති නිසා රටේ සංවර්ධනයට ත්‍රිවිද හමුදාව යොදා ගැනීමේ කිසිම වරදක් නැත. උද්ගතවෙලා තියෙන වතුර බැස නොයෑමේ ප්‍රශ්නය නිසි නඩත්තුවක් නැති නිසා වෙන්න පුළුවන්. එමනිසා කොළොඹ නගර සභාව මේ ගැන සැලකිලිමත් උනොත් අගෙයි. (නදී)

:       0       0

සඳුනි Wednesday, 08 October 2014 10:18 AM

මේ තරම් හොඳට හදල දුන්නු එක නඩත්තු කරගන්න මහලොකු නගර සභාවට බැහැ. කියන්නේ නම් අග නගරේ පාලනය හැමදාම අපේ කියලා. (නදී)

:       0       0

සුමිත් Wednesday, 08 October 2014 10:28 AM

රෆික් .. මේ ඇඳුම ලංකාවට ගැලපෙන්නේ නැහැ සෞදි අරාබියට කොට සාය ගැලපෙන්නේ නැහැ වගේ. (නදී)

:       0       0

ජෝන් Wednesday, 08 October 2014 10:30 AM

මාරසිංහ මහත්තයත් කියන්නේ මාර කතානේ. යුද්දේ නැහැ කියලා ත්‍රිවිද හමුදාව කානු සුද්ද කරන්න දාලා හරියනවාද? අනික මේ ඉන්නේ හමුදාව නෙවෙයි. පොලිසියට සම්බන්ද කව්රු හරි. (නදී)

:       0       0

සංජීව Wednesday, 08 October 2014 10:31 AM

මෙහි වැරැද්ද කාගේවත් නෙමෙයි නඩත්තු අංශයේ (නදී)

:       0       0

විකි Wednesday, 08 October 2014 10:48 AM

ඔහේ හිතුනම හදනවා. ආපහු කඩලා හදනවා. එයාලටත් වැඩක් තියෙන්න එපායැ. කොහොමත් මේ වගේ දේවල් නිසි සැලසුමකට, නිසි නිලධාරීන් යටතේ සිද්ද වෙනවා නම් හොඳයි. (නදී)

:       0       0

ගාමිණී සිරිවර්දන Wednesday, 08 October 2014 10:58 AM

බ්‍රිතාන්‍ය යටත් විජිත අග රැජිනගේ සමයේ මතකයේ හැටියට රීඩ් නම් නගරාධිපති හෝ ආණ්ඩුකාර සමයේ කොළඹ මහ නගර සභාවට මුල් ගලතබා හෝ විවෘර්ත කර රැජිනගේ නමින් " වික්ටෝරියා පාක් " නිර්මාණය කල අතර පසු කාලයේ අපේ නගරාධිපති වරුන් පාලන බලය ගැනීමෙන් පසු "විහාර මහා දේවී උද්‍යානය" බිහිවිය. කොලඹ නගරයේ විශාල වපසරියක් එම උද්‍යානයට හිමිවිය. දෙස් විදෙස් සංචාරකයින්ගේ සිත් ගන්නා ස්ථානයක් බැවින් ඉතා ලස්සනට තබා ගැනීම පාලකයින්ගේ යුතුකමකි ! (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධයක්
2024 සැප්තැම්බර් මස 30 14 0

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි අඩංගුව තිබූ ප්‍රශ්න කිහිපයක් පිටතට යාම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ඉවත් කර නැවත එම විභාගය පවත්වන ලෙස ඉල්ලමින් ⁣ශි


ගඟට පැන්න අයගේ දිවි බේරේ
2024 සැප්තැම්බර් මස 30 297 0

මාතර මහානාම පාලම මතින් නිල්වලා ගගට පැන ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටි පුද්ගලයකුගේ ජීවිතය බේරු ගැනීමට යුද හමුදා සාමාජිකයන් පිරිසක් අද (30) උදෑ


විමල්ගේ නඩුවේ සාක්කි විමසීම ඔක්. 28
2024 සැප්තැම්බර් මස 30 408 0

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනා ලත් ජාතික නිදහස් පෙරමුණේ පාර


ව්‍යවස්ථා සභාවේ ජනපති නියෝජිතයා විජිත
2024 සැප්තැම්බර් මස 30 251 0

අමාත්‍ය විජිත හේරත් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත් කරනු ලැබීය.


හොරණ රෝහල අසල කානු පද්ධතිය අපිරිසිදු වෙලා
2024 සැප්තැම්බර් මස 30 145 0

හොරණ දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බව එහි සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව පවසති


පානදුරේ වෙඩි තැබීමක්
2024 සැප්තැම්බර් මස 30 464 0

පානදුර පල්ලියමුල්ල දී අද (30) අලුයම පොලිසිය විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38184 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25142 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 828 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 293 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site