IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


'වැහි කාලේට ඩෙංගු මදුරුවා පුංචි කොළෙත් බිත්තර දානවා'

ගාල්ල දිස්ත්‍රික්කයේ ඩෙංගු අවදානමක්  නොවූව ද රජයේ  ඇතැම් සේවකයන්ගේ  නොසැළකිලිමත්කම ඩෙංගු බෝවීමට අවශ්‍ය පරිසරය හැදෙතියි ඩෙංගු ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැති රැස්වීමේ දී අනාවරණය කැරිණි.

ගාල්ල දිස්ත්‍රික් ලේකම් එස්.ටී.කොඩිකාර මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල කඩවත්-සතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ශ්‍රියානි ජයසූරිය මහත්මිය කියා සිටියේ ගාල්ලේ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පරීක්ෂා කිරීමේ දී එවැනි තැන් පවත්වාගෙන යාම වැඩිපුරම සිදුකරන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ඇතුළු රජයේ සේවයේ නිරත පුද්ගලයන් හා ආගමික ස්ථාන වලින් වීම ඉතා ඛේදජනක තත්ත්වක් බවයි.

‘ ගාල්ල කොටුවේ පසුගිය වසරේ ඉතා විශාල ඩෙංගු අවදානමක් තිබුණා. මේ නිසා අපි ගාලු කොටුවට විශේෂ ඩෙංගු මර්දන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා.  කියන්නත් කනගාටුයි මේ ප්‍රදේශවල ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන යන්නේ නූගත් හා දුප්පත් ජනතාව නොවෙයි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියා කරන්නන් ඇතුළු රජයේ සේවකයන්. ඔවුන් තමන්ට ලබා දෙන උපදෙස් සළකන්නේ නැහැ. “

ගාල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස විස්සෙන් ඩෙංගු යැයි සකකරනු ලබන රෝගීන් 851 දෙනකු වාර්තා වූ බවත් පූර්ණ ඩෙංගු පරීක්ෂාවෙන් තහවුරු ඩෙංගු රෝගීන් බවට ස්ථිර ලෙස ම තහවුරු කරගත් සංඛ්‍යාව 472ක් බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර සිංගාරච්චි මහතා කියා සිටියේ ජනවාරි මාසයේ ගාල්ලෙන් ඩෙංගු රෝගීන් 58ක් වාර්තා වුව ද මැයි මාසයේ වාර්තා වූයේ රෝගීන් 42ක් පමණක් බවයි.

 ‘‘ මැයි මාසයේ රෝගීන් වාර්තා වීම අඩු වුණත් අපි දන්නවා සාමාන්‍යයෙන් ජුනි ජූලි හා අගෝස්තු මාසවල දී ඩෙංගු රෝගය ශ්‍රී ලංකාව පුරාම වසංගත තත්ත්වයකට හිස ඔසවනවා. ඒ නිසා මේ කාලයේ දී ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට අපි හැමෝම වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. වැසි සහිත කාලගුණය නිසා පුංචි කොළයක වුණත් මදුරුවාට බෝවෙන්න හැකියාව තිබෙනවා.“

ඔවුන් පවසන්නේ ඉදිකිරීම් වැඩබිම්වල හා ආගමික ස්ථානවල ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන බහුලව දක්නට ලැබෙන බවයි.

 



අදහස් (0)

'වැහි කාලේට ඩෙංගු මදුරුවා පුංචි කොළෙත් බිත්තර දානවා'

විපුල Tuesday, 28 June 2016 09:01 PM

ඩෙංගු මර්දනය ප්‍රායෝගිකව අමාරු වැඩක් (නි)

:       0       0

සමන් කුමාර Wednesday, 29 June 2016 03:42 AM

රට වටේම තියන ගස් කපලා දමමු (බ)

:       0       0

ඩිල්ෂාන් Tuesday, 28 June 2016 12:00 PM

හරියට හරි දිලාන්! වැඩක් කරන්න බැරි වුණාම කියන බයිලා. ඕක කියන්නේ කෘමි නාශක විකුණලා මිනිස්සු ලෙඩ්ඩු කරන්න. අනික ඩෙංගු මාරාන්තික රෝගයක් වෙන්නේ හරියට ප්‍රතිකාර නොකළාම. (බ)

:       0       0

දිලාන් Tuesday, 28 June 2016 06:42 AM

ලංකාවේ හැමතැනම ගස් තියෙනවා. හැම ගහකම කොළ තියෙනවා. මේ කියන විදියට ඩෙංගු මදුරුවා වැඩියෙන් ඉන්න ඕනෑ වනන්තරේ. එ්ත් ඩෙංගු වසංගතේ තියෙන්නේ ගහක් කොලක් නැති කොළඹ. බටහිර විද්‍යාවට ඇත්ත හොයාගන්න බැරිවුණාම කියන දේවල්! අපේ පැරැන්නෝ කිව්වේ නම් මිනිසුන්ගේ ගතිගුණ නරක් වෙනවිට බාහිර පරිසරය, ලෙඩ රෝග ඇතිවෙනවා කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බේරුවල වරායේ කෝටියක වංචාවක‍ට 3කගේ වැඩ තහනම්
2024 ඔක්තෝබර් මස 04 152 0

පසුගිය රජය සමයේදී බේරුවල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් වරාය කළමනාකාරවරයා සහ සේවකයන් හත්දෙනකු පිළිබඳ ව


ප්‍රංශ කතකට හදි කළ අයෙක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 04 257 0

ප්‍රංශ ජාතික කාන්තාවකට මහනුවර හෝටලයකදී අතවර කළ බව කියන කුණ්ඩසාල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මහනුර සංචාරක පොලිසිය පවසයි.


රත්නපුර ස්වාධින කණ්ඩායම් තුනක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 149 0

ඉදිරියේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා රත්නපුර ඡන්ද කොට්ඨාසයට තරග කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක් මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති බව රත්නපුර ද


ජනපති - IMF සාකච්ඡා දෙවැනි දිනටත්
2024 ඔක්තෝබර් මස 04 393 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනටත් අද (4) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ විය.


මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 1014 5

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


ගෙල කපා අඹු සැමි යුවළ මරලා
2024 ඔක්තෝබර් මස 04 1361 1

අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38866 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25508 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 303 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1012 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 361 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site