වෙළෙඳ සේවා බැඞ්මින්ටන් සංගමය සංවිධානය කළ 29 වැනි වෙළෙඳසේවා ආධුනික බැඞ්මින්ටන් තරගාවලියේදී නේෂන් ට‍්‍රස්ට් බැංකුවේ ලක්‍ෂිමා පීරිස් ත‍්‍රිත්ව ශූරතා දිනා ගැනීමට සමත්වුවාය. එන්. ඞී. බී. බැංකුවේ ප‍්‍රභාෂ් ඉන්ද්‍රජිත් සහ හැටන් නැෂනල් බැංකුවේ සංඛ ඉලේපෙරුම ද්විත්ව ශූරතා දිනා ගැනීමට සමත්වුහ. ලක්‍ෂිමා, කාන්තා කේවළ, යුගල හා මිශ‍්‍ර යුගල ඉසව් ජය ගත්තාය. ප‍්‍රභාෂ් පිරිමි කේවළ හා යුගල ඉසව් ජයගත් අතර සංඛ වයස 40 ට වැඩි ඉසව් ජය ලැබීය. ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් ගෘහස්ත ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැති මෙම තරගාවලියට කණ්ඩායම් 46 කින් ක‍්‍රීඩක කී‍්‍රඩිකාවෝ 407 දෙනෙක් ඉදිරිපත්ව සිටියහ. තරගාවලියට ඞී. සැම්සන් සහ පුත‍්‍රයෝ සමාගමේ ‘අවි’ පාවහන් තෙවැනි වසරටත් අනුග‍්‍රහය දැක්වීය. අවසන් තරග ප‍්‍රතිඵල: ● පිරිමි කේවළ ඉසව්ව ප‍්‍රභාෂ් ඉන්ද්‍රජිත් (එන්.ඞී.බී.) විසින් කුෂාන් මධුරංග (නේෂන් ට‍්‍රස්ට්) පරාජය කරන ලදී. (21/12, 21/10) ● කාන්තා කේවළ ඉසව්ව ලක්‍ෂිමා පීරිස් (නේෂන් ට‍්‍රස්ට්) විසින් රුවන්ති විද්්‍යානි (ෆැන්චිස්කු) පරාජය කරන ලදී. (21/11, 21/12) ● පිරිමි යුගල ඉසව්ව ප‍්‍රභාෂ් ඉන්ද්‍රජිත් සහ නදුන් හෙට්ටිආරච්චි (එන්.ඞී.බී.) විසින් සුභාෂ් පෙරේරා සහ සම්පත් කොඩිතුවක්කු (ඞී.එස්.අයි.) පරාජය කරන ලදී. (23/25, 21/12, 21/11) ● කාන්තා යුගල ඉසව්ව ලක්‍ෂිමා පීරිස් සහ මනෝෂා චන්ද්‍රසේන (එන්.ඞී.බී) විසින් දිමිත‍්‍රි තුඩාහේවගේ (රක්සිල්) සහ කේ.රුවන්ති (ෆැන්චිස්කු) පරාජය කරන ලදී. (21/15, 21/11) ● මිශ‍්‍ර යුගල ඉසව්ව කුෂාන් මධුරංග සහ ලක්‍ෂිමා පීරිස් (නේෂන් ට‍්‍රස්ට්) විසින් ළහිරු කොඩිතුවක්කු සහ මනෝෂා චන්ද්‍රසේන (නේෂන් ට‍්‍රස්ට්) පරාජය කරන ලදී. (21/17, 18/21, 21/17) ● වයස 35 ට වැඩි (කාන්තා) චන්ද්‍රානි ද සිල්වා (ජෝන් කීල්ස්) විසින් ඞී.මිරල් (ගුවන් සේවා) පරාජය කරන ලදී. (21/19, 21/15) ● වයස 40 ට වැඩි කේවළ ඉසව්ව (පිරිමි) සංඛ ඉලේපෙරුම (හැටන් නැෂනල්) විසින් ඇලෙන්සෝ ඩොල් (අයි.බී.එම්.) පරාජය කරන ලදී. (19/21, 21/19, 21/14) ● වයස 40 ට වැඩි යුගල ඉසව්ව (පිරිමි) නවීන් වීරසේන (ෆින්ලේ) සහ සංඛ ඉලේපෙරුම (හැටන් නැෂනල්) විසින් ඇන්ඩෘ ගුණරත්න සහ මහේන්ද්‍ර අමරසිංහ (ජෝන් කීල්ස්) පරාජය කරන ලදී. (21/13, 19/21, 21/19) ● වයස 50 වැඩි (පිරිමි) හිරාන් පෙරේරා (ඉස්කිමෝ) විසින් පීටර් නෙවිල් (ඒෂියා කැපිටල්) පරාජය කරන ලදී. (21/14, 21/16)
ආණ්ඩුවේ නොහැකියාව හේතුවෙන් මුළු මහනුවර නගරයම එකම කසළ ගොඩක් බවට පත්වූයේ යැයි සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල ම
මෙවර අපොස උසස් පෙළ විභාගයේදී (2024) සිසු සිසුවියෝ 9,457 ක් විෂයන් තුනටම ‘ඒ’ සාමාර්ථ ලබාගෙන ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ද (27) පැවසීය.
ලබන නොවැම්බර්-දෙසැම්බර් කාලය වන විට ලංකාවේ ආර්ථිකය කඩා වැටෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
මහර බන්ධනාගාර නියාමකවරයකුගේ නිවසේදී පැවති සාදයකින් අනතුරුව රෝගී වූ පුද්ගලයෙක් මියගොස් ඇතැයි මුල්ලේරියාව පොලිසිය කියයි.
ළමයින්ට, ගුරුවරුන්ට සහ දෙමවිපියන්ටත් වදයක් නැති අධ්‍යාපන ක්‍රමයක් 2026 සිට පළමු ශ්‍රේණියට සහ හයවන ශ්‍ර්ණියට ආරම්භ කරන බවත් මෙය ජනප්‍රිය වීමේ හෝ ඡන්දේ ම
මහනුවර නගරය පිරිසිදු කිරීමට අඛණ්ඩව දායක වූ මහනුවර මහ නගර සභාවේ කම්කරුවන් සඳහා දළදා වන්දනාවට විශේෂ අවස්ථාවක් අද පස්වරු 4 ට සලසා දී ඇතැයි රජයේ ප්‍රවෘත්ත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වෙළෙඳසේවා බැඩ්මින්ටන් ශූරතා තුනක් ලක්‍ෂිමාට