IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


වෙළඳ දැන්වීමෙනුත් පොලිසියට බාල්දියක්

මේ දිනවල රූපවාහිනියේ විකාශනය වන වෙළද දැන්වීම් කිහිපයක් මුල් කරගෙන පොලිසියේ මුල් පුටු වල කලබලයක් ඇතිව තිබෙන බව දැනගන්නට ඇත.හාස්‍ය උපදවන අයුරින් නිමවා ඇති මේ වෙළද දැන්වීම් වලින් දැනටමත් ජනතාව ඉදිරියේ හානිවී තිබෙන පොලිසියේ ප්‍රතිරූපය තවදුරටත් විනාශ වනු ඇතැයි ඔවුන් සිටින්නේ බියපත්වය.

 

පෙම් යුවළක් උද්‍යානයක අසුනක් මතට වී පෙම් බස් දොඩමින් සිටින අයුරුත් එතැනට කඩා පනින පොලිස් නිලධාරියෙක් ඔවුන්ට බාධා කරන අයුරුත් එක් වෙළද දැන්වීමක ආරම්භයේ පෙන්වයි.එක්වනම පොලිස් නිලධාරියාගේ අවධානය යොමුවන්නේ පෙම් යුවළ අනුභව කරමින් සිටිනා බිස්කට් වර්ගය දෙසටය.අවසානයේ පොලිස් නිලධාරියාද පෙම් යුවළ මැදින් වාඩිවී බිස්කට් රසවිඳී.

 

දෙවැනි වෙළද දැන්වීමේ දඩ මස් ගබඩා කර ඇතැයි සැකපිට පොලිස් නිලධරයින් දෙදෙනෙක් නිවසක් සෝදිසි කරයි.මල්ලක් දකින ඔවුහු එහි දඩ මස් ඇතැයි සිතා මේසයක් මතට මල්ලේ තිබෙන දේ හළයි.එළියට වැටෙන්නේ මස් රස ගැන්වූ කෘතිම ආහාර වර්ගයක්ය.වෙළද දැන්වීමේ අවසානයට පොලිස් නිලධාරීන් දෙදෙනා ගෙහිමියන්ගේ සතුටු සිනා මැද එම ආහාර වර්ග යොදාගෙන සකස් කර ඇති ආහාර වේලක් රසවිඳින අයුරු දැක්වේ.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මෙම වෙළද දැන්වීම් නිර්මානය කර ඇති ආයතන වලට එරෙහිව කොටුව පොලිසියට පැමිණිල්ලක් කර ඇත.වෙළද දැන්වීම් සකස් කිරීමට ප්‍රථමයෙන් එම ආයතන නීතිය හා සාමය පිළිඹද අමාත්‍යංශයෙන් විමසීමක් කර නැතැයි ඔහුගේ චෝදනාවයි.

 

පැමිණිල්ලට අනුව අදාළ පාර්ශවයන් කැඳවා ප්‍රශ්න කර නීති පියවර ගැනීම සඳහා නීතිපතිවරයාගේ අවධානයට යොමුකරන බව කොටුව පොලිසිය කියයි.

 

කලකට ඉහත පොලිස් නිලධාරී ඇඳුමින් සැරසී මෝටර් රථයක පසුපස අසුන්ගෙන ආ පුද්ගලයෙක් නීතිවිරෝධී අයුරින් පොලිස් නිලධාරියෙක් ලෙස පෙනී සිටීමට තැත් කළැයි අත්අඩංගුවට ගැණින.පසුව හෙළිවූයේ නළුවෙක් වන මේ පුද්ගලයා රූගත කිරීමක් අවසානයේ පැළදගෙන සිටි පොලිස් ඇඳුම පිටින්ම එතැනින් පැමිණ ඇත්තේ තාවකාලිකව හෝ පොලිස් නිලධාරියෙක් බවට පත්වීමේ සතුට අත්විඳීමට බවය.



අදහස් (0)

වෙළඳ දැන්වීමෙනුත් පොලිසියට බාල්දියක්

හර්ෂ Sunday, 06 December 2015 05:33 PM

හානිවෙන්න තරම් හොඳ ප්‍රතිරූපයක් තිබෙනවද? (නි)

:       0       0

සුපුන් Sunday, 06 December 2015 08:39 PM

රැකගන්න නමක් තිබෙන්න එපායැ... (නි)

:       0       0

රාධා Monday, 07 December 2015 12:35 AM

පොලිසියේ ප්‍රතිරූපය හානිවෙන වෙනත් කිසිවක් වෙලාම නැද්ද? (නි)

:       0       0

සම්පත් Monday, 07 December 2015 03:19 AM

මම නම් හිතන්නේ උසාවියේදී මේක විසද ගත්තොත් හොදයි .මේකෙන් කිසිම අපහාසයක් වෙන්නේ නැහැ කියලා තේරෙනවා නමුත් කවුරු හරි කියනවා නම් අපහාසයක් වෙනවා කියලා ඇත්තම සිද්ධියක් දන්නා එතකොට හොදට වෙනස තේරෙයි.(හේ)

:       0       0

මධුෂාන් Monday, 07 December 2015 03:41 AM

හිනා ..හිනා ..හිනා ...හිනා වෙන්න හිනා ...කරදර ඉවත දමා පොඩ්ඩක් වෙන්න හිනා ..(හේ)

:       0       0

නුවන් Monday, 07 December 2015 03:38 AM

මේ වෙළඳ දැන්වීම් නිසා පොලිසිය විහිළුවක් වෙනවා කාටත්.(හේ)

:       0       0

සුමිත් Monday, 07 December 2015 04:24 AM

පොලිසිය තවත් හෑල්ලුවට ලක් වෙන්න දෙයක් නෑ.(හේ)

:       0       0

දහම් Monday, 07 December 2015 05:44 AM

හොඳ නිර්මාණශීලී වෙළෙඳ දැන්වීමක්.(හේ)

:       0       0

ලක්විදු Sunday, 06 December 2015 12:15 PM

අනේ අම්මප ඕකෙන්ම තමයි පොලිසියේ නම කැත වෙන්නේ. (බ)

:       0       0

රෙක්ස් Sunday, 06 December 2015 12:14 PM

අනේද කියන්නේ, වාස් ගුණවර්ධනල අමාරුවෙන් රැකගත්ත පොලිසියේ නම ආරක්ෂා කරගන්න එපැයි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 574 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 659 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 2109 2

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1566 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 1504 3

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 1751 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 24756 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23347 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 382 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site