IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


වෙළඳ සේවක ලක්ෂ එකහමාරක් අහුලා අයිතිකරුට දෙයි

රුපියල් එක්ලක්ෂ හතලිස් පන්දහසක මුදල් පසුම්බියක් අහුලා  පොලිසිය මගින්  අයිතිකරුට බාර දුන්  කොළඹ මැනිං වෙළෙදපොළේ සේවකයකුගේ අවංක භාවය ගැන පොලිසිය අද ඔහුට ප්‍රසංශා කළේය.

කොළඹ නාගලගම් වීදීයේ චන්දන පුෂ්පකුමාර නම් මෙම වෙළෙඳ සේවක අවුලා ගෙන ඇත්තේ සම්පත් දසනායක නම් ව්‍යාපාරිකයකුගේ මුදල් පසුම්බියයි.

ව්‍යාපාරිකයා ඔහුට  රුපියල් පන්දහසක් පරිත්‍යාග කළේය.



අදහස් (0)

වෙළඳ සේවක ලක්ෂ එකහමාරක් අහුලා අයිතිකරුට දෙයි

සුදත් ලක්මාල් Monday, 17 March 2014 08:29 PM

නිලූ ඔයා හරි,මාත් කියන්නේ නටමි වැඩේ කරාට මහත්මා ගති ඔහුට තියෙන්නේ.(දිල්)

:       0       0

මනෝජ්-සාජා Monday, 17 March 2014 08:47 PM

''නිසල සිත අසල .කුසල මිස නැත කසල '' චන්දන සොයුර,ඔබ අද බර උසුලන්නෙක් උනත් ඔබගේ පිවිතුරු චේතනාව නිසා මතු යම් දිනෙක ඔබගේ සියලු බලා පොරොත්තු සපල වී ,ඔබගේ පවුලේ සැමගේ නිරෝගී සුවය උදා වේවා ! (දිල්)

:       0       0

තුසිත කුමාර Monday, 17 March 2014 11:00 AM

අහුලපු කෙනාට දුන්න ගාන නම් හොදටම මදි. 150000 ඇහිදලා දුන්නට දීල තියෙන්නේ 3000 යි. අඩුගනනේ 10000 වත් දෙන්න තිබුණා. කොහොම උනත් ඒක අහුලලා දුන්න මහත්මයා ඉතාම හොද මිනිහෙක්. රැකියාව හොදින් කරගෙන සතුටින් කාලය ගතකරන්න තවතවත් වාසනාව ලැබේවා.(නදී)

:       0       0

විජේරත්න Monday, 17 March 2014 11:02 AM

තුන්දාහ ආපහු දෙන්න තිබුනේ. (නදී)

:       0       0

පැතුම් මිහිරංග Monday, 17 March 2014 11:15 PM

සිරියලතා කෙන්ය - ඔබ ඉදිරිපත් කලේ ඉතා වටිනා අදහසක්. ඒත් මේ තරම් උතුම් ක්‍රියාවක් කරලත් ඒ මහත්මයාගේ පින්තුරයක් නොදැමීම අඩුපාඩුවක්. මුදල් පසුම්බියේ හිමිකරු, ඔබ තරම් මහත්මා ගති ඇති පුද්ගලයෙක් නෙවෙයි කියලයි මට හිතෙන්නේ. නමුත් ඔබ ඒ ක්‍රියාව කලේ ත්‍යාගයක් බලාපොරොත්තුවෙන් නොවන නිසා ඔබ ගොඩාක් සතුටු වෙනවා ඇති. ඔබට සුභ දවසක්...!!!!! (දී)

:       0       0

මෙලන් Monday, 17 March 2014 11:14 AM

දුප්පත් කමත් පෙරේ කළ අකුසලයන් නිසාත් මේ වගේ රැකියාවක් කරන්න උනාට. සමාජයේ හංවඩු ගැහුනට මනුස්සකම පිරුණු දෙවිවරු වගේ මින්නිස්සු මේ අතරත් ඉන්නවා (දිල්) .

:       0       0

ධම්ම Monday, 17 March 2014 11:17 AM

චන්දන පුෂ්පකුමාර සොයුරාට අපගේ ද උපහාරය!(දිල්)

:       0       0

ටෙනිසන් Tuesday, 18 March 2014 12:20 AM

චන්දන පුෂ්පකුමාර ඔබව මෙලොවට දායාද කළ පින්බර දෙමාපියන්ට ඔබ මහත් ආඩම්බරයක්.ඒ දෙමා පියන්ටත් ,ඔබටත් ඔබෙන් යැපෙන සැමට දීර්ගයුස පතමි (දිල්)

:       0       0

සිංහ Monday, 17 March 2014 11:40 AM

"පුෂ්ප කුමාර" මුදල් පසුපස හඹා යන නරුමයන් ඉදිරියේ ඔබ සුවඳ විහිදෙන " සමන් පුෂ්පයකි". ඔබට හිස නමා ආචාර කරමි. (නදී)

:       0       0

සුනිල් Monday, 17 March 2014 11:46 AM

සමහර ලොකු කට්ටිය මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කරනකොට මේ වගේ පොඩි අහිංසක මිනිස්සු අනුන්ගේ සල්ලි හොරකම් කරන්නේ නැහැ. මේ තමා නියම මිනිස්සු. (නදී)

:       0       0

සුනිල් Monday, 17 March 2014 11:46 AM

සමහර ලොකු කට්ටිය මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කරනකොට මේ වගේ පොඩි අහිංසක මිනිස්සු අනුන්ගේ සල්ලි හොරකම් කරන්නේ නැහැ. මේ තමා නියම මිනිස්සු. (නදී)

:       0       0

ගෆුර් Monday, 17 March 2014 11:48 AM

දුක් මහන්සියෙන් සල්ලි හම්බකරන කම්කරුවෙක් නිසා ඔහු දන්නවා මුදල් වල වටිනාකම. ඊටත් වඩා අනුන්ගේ මුදල් අනිසි ලෙස තමන් සතු කරගනීම පවක් දුප්පතාට තමා ඒ වටිනාකම හා මුදල් අහිමි වුන තැනැත්තාගේ වේදනාව හොඳින් දන්නේ. (දිල්)

:       0       0

සත්‍යයා Tuesday, 18 March 2014 03:20 AM

පුෂ්ප කුමාර සොහොයුර! ඔබ වත්මන් ලාංකික සමාජය නමැති මඩ ගොහොරුවෙන් පැන නැගුන විකසිත නෙළුමක්. කසළ ගොඩේ ඇති සතය දිවෙන්න ගන්න තරම් නම්‍යශීලී භවතුන් ඉන්න රටක ඔබ වැනි උතුම් මිනිසෙකුට රු. 5000 ක් වැනි සොච්චමක් දිගුකල ගුණදහම් නොදත් ඒ පුඟුලාට අනුකම්පා කරන්න. ඔබට නීරෝගී දිවියක්! (අ)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Monday, 17 March 2014 12:03 PM

නාටාමිවරයා කියා සිංහලයෙකුට කියන්නේ ඇයි? නාටාමි කියා ඉස්සර කීවේ දමිල භාෂාව කතා කල සිංහල නොවෙන බඩු ඔසවන අයටනේ. රැකියා හිගය නිසා අපේ සිංහල සහෝදරයන්ට මේ රැකියාව කරන්න උනු පලියට චන්දනට නාටාමි කියා අමතන්න එපා. පෝටර් සහෝදරයා කියන එක හොඳ නැද්ද ? පෝටර් වරු ඉන්නේ දුම්රිය ස්ථාන වල පමණක් නොවේ.(නදී)

:       0       0

මිහිර Tuesday, 18 March 2014 06:08 AM

චන්ද්‍ර වීරසිංහ මහතානෙනි මෙය 21 වන ශතවර්ශයයි. අපි සියලු දෙනාම මනුෂ්‍ය ජාතියේ. ඔබේ තර්කයටම අනුව පෝටර් යන වචනය පාවිච්චි කරනවට ඉංග්‍රීසි ජාතිකයන් උදහස් වෙන්න පුළුවන්. චන්දන මහතාණෙනි ඔබ වැනි මිනිසුන් මේ රටේ තවදුරටත් ඉතිරිව සිටීම මහත් ආශ්වාදයකි.(නදී)

:       0       0

කල්හාරි දිසා Monday, 17 March 2014 12:26 PM

ඔබ වැනි සොදුරු මිනිසුන් මේ සිරිලක ඉපදේවා!!(දිල්)

:       0       0

තුසිත අබේකෝන් Monday, 17 March 2014 12:43 PM

හැමෝගෙම ප්‍රතිචාර හරි අගෙයි. මේකෙන් තෙරෙනේ තවමත් මනුස්සකමට මගේ රටේ මිනිස්සු ආදරේ බවයි. සුනිල් කල්හාරි ඔබේ අදහස් හරි වටිනවා. චන්දන පුෂ්පකුමාර මහත්තයෝ ඔබ කරන රැකියාව කුමක් උනත් වචනයේ ප්රිසමාප්තියෙන්ම ඔබ අපේ යුගයේ මහත්මයෙක්. ඔබට බුදු සරණයි.(නදී)

:       0       0

ශීලානන්ද වගේගොඩ Monday, 17 March 2014 12:45 PM

ඔබ වැනි අය වටිනවා.(නදී)

:       0       0

ශීලානන්ද වගේගොඩ Monday, 17 March 2014 12:47 PM

ඔබ වැනි අය ලෝකයේ දුර්ලබයි.(නදී)

:       0       0

සහන් බණ්ඩාර Monday, 17 March 2014 01:07 PM

මිල මුදල මත මිනිස්කම් අමතක කළා වූ මේ ලොවේ..'පුෂ්පයක සුවදක් හමා එයි සිතට ගෙනෙමින් අමා සුවේ..මෙවැනි යහපත් දෑ පතන හද දුක් කදුළු මොහොතින් නිවේ .චන්දනට සහ දෙමවුපියනට යහපතෙහි දොර දුර නොවේ..(දිල්)

:       0       0

අචිනි Monday, 17 March 2014 01:18 PM

ඔබ වැනි උතුම් ගතිගුණ ඇති මිනිසුන් ලංකාවට වාසනාවන් ... රටේ මහජන මුදල් ලජ්ජනැතුව හොරකම් කරන ලොක්කන්ට ඔබ අදර්ශයක්ම වේවා ... ඔබට නිරෝගී දිර්ගායුෂ පතමි ..(අ)

:       0       0

චමිල රාජකරුණා Monday, 17 March 2014 01:49 PM

චන්දන පුෂ්පකුමාර සොයුර ඔබ අපට ආඩම්බරයකි .(දිල්)

:       0       0

අසෝකා Monday, 17 March 2014 01:57 PM

හැමදාම බොහෝවිට අනුන් වෙනුවෙන් සිත් උණු වන්නේ දුප්පතුන්ගේම සිත්වලයි. හරියට පිපාසයට ළිදක වතුර මිස මහ මුහුදේ වතුර බොන්න බැහැ වගේ!(දිල්)

:       0       0

මරික්කාර් Monday, 17 March 2014 01:58 PM

පුෂ්පකුමාරට මාගේ උත්තමාචාරය මෙවැනි උතුම් පිරිසකුත් අප අතර ඉන්න නිසාම තමයි මේ රටට හොද (දිල්)

:       0       0

සිරියලතා කෙන්ය Monday, 17 March 2014 02:44 PM

මස තුනක පස්සේ ඔන්න මම නැවතත් අව,ආයුබෝවන් කිව්වා කට්ටියටට,ගොඩක් අලුත් මුහුණු තියනවා වගේ,මොනවා උනත් මෙතුමාගේ පොටෝ එකක් දාන තිබුන,ඔබට ජයශ්‍රී (අ)

:       0       0

ග්‍රේඩ් Monday, 17 March 2014 03:08 PM

මිනිසෙක් බමුනෙක් ද වසලයෙක් ද යන්න ම තීරණය වන්නේ කුලයෙන් ධනයෙන් හෝ බලයෙක් නොව ඔහුගේ ක්‍රියාවෙන්ය කියල බුදුහාමුදුරුවෝ කිව්වේ ඒකයි. සොයුර ඔබට සහ ඔබගේ පවුලේ අයට නිරෝගී සුවය සහ පව්ලේ දියුණුව සැලසේවා...(අ)

:       0       0

ෂෙරිෆ් Monday, 17 March 2014 03:19 PM

පණ්ඩිත් අමරදේවයන් ගායනාකරන.. රන් දාඩිය බින්දු බින්දු ගීතය ගොයම් කපන්නන්ට නොව මේ වගේ නාටාමි සොයුරන් වෙනුවෙන් ගායනා කල යුතුයි. (අ)

:       0       0

ගුණවර්ධන Monday, 17 March 2014 03:41 PM

හිත පිරිසිදු නිසාම ගතද පිරිසිදුවේ ඔබට දීර්ඝායුෂ පතමි .l(දිල්)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Monday, 17 March 2014 04:13 PM

කරන රැකියාව අනුව මිනිසුන් මනින මිනුම් දණ්ඩට හොද උදාහරනයක්.ටයි ,කෝට් දාගෙන මිනිස්සුන්ගේ දේ අසාදරනව කඩා වඩා ගන්න අයට වඩා මේ මනුස්සයා ලග තිබුණු මහත්මා ගුණය අගය කල යුතුයි.(අ)

:       0       0

උපාලි Monday, 17 March 2014 04:26 PM

ලංකාවේ හිත හොඳ මිනිස්සු ඉන්නවා (අ)

:       0       0

බානු Monday, 17 March 2014 04:50 PM

නාටමි සොහොයුරාට මගේ ආචාරය ! හොරුන් මංකොල්ලකාරයන් වංචාකාරයන් නිදහසේ සැරිසරන යුගයක ඔබේ පිවිතුරු දිවි පෙවෙත පුෂ්පමාලාවක් සේ සුගන්ධවත් වේවා.! (අ)

:       0       0

ලක්මාල් Monday, 17 March 2014 06:19 PM

කාට හරි පුළුවන් නම් මේ ලිපියට තියන ප්‍රතිචාර ඒ උතුම් මිනිසා වූ චන්දනට පෙන්නන්න. ඔහු තවත් ගොඩක් සතුටු වේවි. (නධී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Monday, 17 March 2014 06:22 PM

චන්ද්‍ර වීරසිංහගේ අදහස් ටිකක් අමුතුයි නේද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහේ පේපරේ අවුලට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 57 0

2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ


ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා
2024 සැප්තැම්බර් මස 23 433 0

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්


නව ජනපති දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 23 1299 0

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.


අගමැති ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1582 1

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.


නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 23 2116 0

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න


මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 1073 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20326 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 18083 1



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 99 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 300 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 162 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site