IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


වෙළේ සුදා සමග කුඩු කෑ අයගේ නම් ළඟදීම එළියට

වෙළේ සුදා සමඟ ශ්‍රී ලංකාවේ හෙරොයින් කුඩු ජාවාරමට සම්බන්ධ බව කියන සියලු දෙනාගේ තොරතුරු දින කිහිපයකින් හෙළි කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.

ඔහුගෙන් දැන් ප්‍රශ්න කරගෙන යන බවද තවත් නමකින් ඔහු පාකිස්තානයේ සිට වෙනත් රටකට යෑමට ඔන්න මෙන්න කියා සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලැබුණු තොරතුරක් අනුව පාකිස්තානයේ සහයෙන් ඔහු අත් අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

වෙළේ සුදා වසර තුන හතරකදී ශ්‍රී ලංකාවට මත් කුඩු කිලෝ 1000ක් ගෙන එන්නට ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.

එමගින් ඔහු රුපියල් කෝටි 1000 ට අධික මුදලක් උපයා ගන්නට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.

මොහු ව්‍යාජ ගමන් බල පත්‍රයක් උපයෝගී කරගෙන පකිස්තානයේ සිට ඩුබායි බලා යාමට උත්සාහ කිරීමේදී පකිස්තාන ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන ඇති බවද පැවසේ.

 



අදහස් (0)

වෙළේ සුදා සමග කුඩු කෑ අයගේ නම් ළඟදීම එළියට

ජානක Wednesday, 14 January 2015 12:18 PM

මේ ඔක්කොගෙම සල්ලි රාජ සන්තක කරන්න දේපලත් එක්ක (නදී)

:       0       0

ලේක්කෝ ගලබඩ Wednesday, 14 January 2015 12:20 PM

ඉලංගකෝන් මහත්තයාට දැන් තමයි අත දිග ඇරලා වැඩ කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. යහ පාලනයට මෙවන් පොලිස්පති වරු ආශීර්වාදයකි. (නදී)

:       0       0

අසංක Wednesday, 14 January 2015 12:26 PM

කාලයක් තිස්සේ රටට කොඩි විනයක් වෙලා තිබ්බේ මෙන්න මුන් ටික තමයි. මුන් නිසා අහිංසක කොල්ලෝ කී දෙනෙක් නම් ජීවිතය නැතිකරගෙන තියනවද? දේපොල රාජ සන්තක කරන්න. ජීවිත කාලයටම එලියට එන්න දෙන්න එපා. ඇප දෙන්නත් එපා. (නදී)

:       0       0

කොඩිකාර Wednesday, 14 January 2015 12:27 PM

දහම්ට හිස කුඩිච්චියක් දාමුද ? (නදී)

:       0       0

කීර්ති Thursday, 15 January 2015 03:57 AM

මටත් රට යන්න තිබුනා නම්.... (නි)

:       0       0

අතුල Wednesday, 14 January 2015 12:40 PM

එතකොට එතනෝල් කට්ටිය? (නි)

:       0       0

තිලක් -ඩුබායි Thursday, 15 January 2015 04:23 AM

සියලු තොරතුරු ගන්නකම් කුඩු පෙන්වන්න,සගවපු දේවල් පෙන්වන්න කියලා අරන් යන්න එපා.වෙලේ සුදාව මරන්න වෙනම පාතාලයෙන් දාල ඇති.(හේ)

:       0       0

තිලක් -ඩුබායි Thursday, 15 January 2015 04:25 AM

මෙහි සත්‍ය තොරතුරු ලංකාවේ ජනතාවට ලබා දෙනවා කියන්නේ "තෝරු මෝරු" ටික අසු වෙනවා කියන එකයි.(හේ)

:       0       0

සිංහ Wednesday, 14 January 2015 01:00 PM

යහපාලනය වැඩි දුරක නොවෙයි. මතට තිතම වේවා!මම ඡන්දය දුන්නේ මහින්ද මහත්තයාට. ඒත් දැන් දුකයි මෛත්‍රිපාල මැතිතුමාට දුන්නේ නැති එකට. ජය වේවා! ඔහොම යමු. රටේ ජය අපේ පැතුමයි! (නි)

:       0       0

සංජය Thursday, 15 January 2015 04:42 AM

අනේ නිකන් ඉන්න යාළුවනේ! දැනටමත් වැඩි දෙනෙක් පැනලා ගිහින් ඇති. අපි නිකම් අඬබෙර ගහගෙන ඉන්නවා (නි)

:       0       0

පත්මසිරි Wednesday, 14 January 2015 01:07 PM

රහස් අසුවනවාට යම් කෙනෙකු විසින් මෙයාව රටින් පිටකළ බවයි මම නම් හිතන්නේ (නි)

:       0       0

සංජය Thursday, 15 January 2015 04:47 AM

ජනතාව නම් දන්නවා කව්ද කුඩු රජාල කියල .. ඔය කුඩු ඇමතිලා පෝරකේට ඇරියනම් මෛත්‍රී ව කවදාවත් පරද්දන්න බැරී වෙයි .. මහින්ද මහත්තයට වැරදුන තැන එතැන තමයි (බ)

:       0       0

දිනෙල්ක‍ Wednesday, 14 January 2015 01:47 PM

මට නම් දැනගන්නාතුරු ඉවසුමක් නැහැ (නි)

:       0       0

මදුමල් Wednesday, 14 January 2015 02:35 PM

දැන් ඉතින් නම් ගම් කියන්න ලියන්න බයවෙන්න ඕනෑ නැහැ.මම බලාගෙන ඉන්නේ කුඩු කන්ටේනර් එකක් ගෙන්වපු කෙනා ගැන. (නි)

:       0       0

මෙරිල් බාලසුරිය Wednesday, 14 January 2015 02:41 PM

මෙයාගේ ලොකු බලවත් දේශපාලක යාළුවන් කොහිද? ඔවුන් මෙයාව බිල්ලට දීල සැගවිලා වාගේ , කොලොන්නාව බාර කුඩු දෙවියන් මෙයාගේ හොඳ හිතවතෙක් (අ)

:       0       0

රංජිත් Wednesday, 14 January 2015 02:53 PM

පොලිස්පති තුමනි දැන් ඔබලාට නිදහස තියෙනවා කුඩු සම්බන්ධ අය තරාතිරම බලන්නේ නැතිව නීතියට කොටුකරන්න පසුගිය කාලේ එක්තරා දේශපාලඥයෙක් කුඩු කාරයෙක් නිහස්කර ගෙන හොයල බලන්න ඔක්කොම අපේ දරුවෝ පරපුර බේරගන්න. (අ)

:       0       0

ලාල්සාන් Wednesday, 14 January 2015 03:09 PM

පැරදුන පැත්තෙන් දිනපු පැත්තට එන්නේ මේවට හවුල් අයද? කිලෝ 1000ක් ගෙනත් තියෙන්නේ පොලිසීය දැනුවත්වද? නොදනුවත්වද?(අ)

:       0       0

සජී Wednesday, 14 January 2015 03:29 PM

මට නම් ඔය කිසිම දෙයක් මතක නෑ..(අ)

:       0       0

රණසිංහ Wednesday, 14 January 2015 03:35 PM

මොහු කුඩු ව්‍යාපාරය කළ බව පිලිගන්නේනම් නිතතින් ම මරණ දඩුවම ලැබේ. නැතිනම් දඩුවම් කල හැක්කේ මුදල් විශුද්දීකරන පනත යටතේ දේපල රාජසන්තක කිරීමට හා සුළු දඩුවමක පමණි. එසේම නමක් කී පමණින් කෙනකු වරදකරුවකු කල නොහැක. (අ)

:       0       0

පී. යහපාල Wednesday, 14 January 2015 04:54 PM

දැන් ඔහු අත්අඩංගුවේ ඉන්නවා නම් මේ රටට කුඩු ගෙනා මාර්ගත් ඒවාට සම්බන්ධ සියල්ලනුත් හෙළිකර ඔවුනට දඬුවම් ලබාදීම කළයුතුම දෙයක්.අපිට ඕනෑ එදා කියපු දේවල් අනුව ක්‍රියාත්මකවීම. (නි)

:       0       0

කීර්ති Wednesday, 14 January 2015 05:07 PM

ඉක්මනින් පෝරකයට අළුගෝසුවෙක් පත්කරන්න. මහජන මුදල් වලින් ඔවුන්ට කන්න දිදී තියාගන්න එපා.වියදම් අඩුකරමු. (නි)

:       0       0

තිලක් -ඩුබායි Wednesday, 14 January 2015 05:14 PM

කුඩු කිලෝ 140ක් අල්ලපු පොලිස් පරීක්ෂක කෙනෙකුට මොකද වුණේ කියලා මට මතක්වුණා (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Wednesday, 14 January 2015 05:14 PM

දැන්නම් බන්දුල පෙරේරාගේ යාළුවන්ට විසුමක් වෙන්නේ නැහැ. (නි)

:       0       0

තිලක් -ඩුබායි Wednesday, 14 January 2015 05:19 PM

මිනීමරු ප්‍රභාකරන්ගේ බෝම්බයෙන් අපේ දරුවන් ආරක්ෂා කරන්න කියලා දෙමාපියන් පාසල් මුරකළ කාලය වගේ අපේ දරුවන් කුඩු වලින් ආරක්ෂා කරන්න,පාසැල ඇරෙනතුරු පාසල් ළඟට වෙලා ඉන්න වෙන කාලයක් එනවා කියලා මම කිව්වේ මීට ගොඩක් කලින්. (නි)

:       0       0

තිලිණ Wednesday, 14 January 2015 05:19 PM

අපිට නම් හිතාගන්න පුළුවන් නම් මොනවද කියලා (නි)

:       0       0

තිලක් -ඩුබායි Wednesday, 14 January 2015 05:20 PM

කුඩු නෙමෙයි ඕනෑම දහජරාවක් ගෙනෙන්න පුළුවන් කාලයකුත් තිබුනා තමයි. (නි)

:       0       0

රවින්ද්‍ර Friday, 16 January 2015 06:42 AM

හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට කියන්නේ මේකට තමයි.(හේ)

:       0       0

ශාන්ත Wednesday, 14 January 2015 06:23 PM

මේවටත් දේශපාලන පළිගැනීම් කියලා කියන අය සිටීද දන්නෙ නැහැ (නි)

:       0       0

චානක(ලොස් ඇන්ජලිස්) Wednesday, 14 January 2015 07:09 PM

ආයුධ පෙන්වන්න අරගෙන නොගිහින් මේවා රටට හෙළිකරන්න. මොනවා කළත් වැඩක් නැහැ, මුදුන් මුල සිඳදැම්මේ නැත්නම්.අපි බලාගෙන ඉන්නවා (නි)

:       0       0

ජානක Wednesday, 14 January 2015 10:35 AM

මහින්ද නලවපු බබාලා ටික තමයි ඔය (නදී)

:       0       0

ධම්ම Wednesday, 14 January 2015 10:44 AM

හිරුනිකා මෙනෙවියගේ බලාපොරොත්තු සපිරේවා! (බ)

:       0       0

බණ්ඩා Wednesday, 14 January 2015 10:45 AM

අපේ කොළොන්නාවේ මෑන් උඩින්ම ඉන්නවා (බ)

:       0       0

තිලක් Wednesday, 14 January 2015 10:50 AM

නම් එළිකරන්න කලින් ගුවන් තොටුපළ වහන්න වෙයි (බ)

:       0       0

සල්ගාදු ප්‍රංශය Thursday, 15 January 2015 07:35 AM

අපි දැන් රටේ සිදුවන දේවල් ගෙන විමසිල්ලෙන් සිටිමු , බලයට එන්න කලින් කියුපුවා ඉටුවනවද බලමු , එසේ නැතිනම් ලබන ඡන්දෙන් හිටපු කැහි ගෑනිම ආපසු ගමු , හොටු ගෑනි දීලා (බ)

:       0       0

කුමාර Wednesday, 14 January 2015 11:08 AM

තවම මේ අය නම් හෙළි කරන්න ඉක්මන් වෙන්නේ නෑ. තව එන්න කට්ටිය හිටියොත් අපරාදෙනේ. අන්තිමට ඉතුරු වෙන අයගේ නම් විතරක් "වෙලේ සුදා" කියයි. (බ)

:       0       0

කරුණාජීව Wednesday, 14 January 2015 11:09 AM

තිලක් ඒකනම් ඇත්ත. (බ)

:       0       0

චරිත Wednesday, 14 January 2015 11:09 AM

නම් එලි කළාට ඒ අයට මතක නැති වුණොත් කරපු කියපු දේවල් (අ)

:       0       0

සමන් Thursday, 15 January 2015 01:04 AM

මෙතෙක් අල්ලාගත්තේ ජාලයේ කෙළවර සිටි අයයි. දැන් දැන් තෝරු මොරු අසුවෙන හැඩයි (නි)

:       0       0

දුමිදු Wednesday, 14 January 2015 11:18 AM

තිලක් ගේ යෝජනාව ස්ථිර කරනවා. (අ)

:       0       0

ශාන සෞදි Wednesday, 14 January 2015 11:38 AM

කරුණ කර නම් ගම හෙළි කිරීමට පෙර මීට සම්බන්ද අය රටින් පිටවීම තහනම් කර සිටින්න. එය ආගමන විගමන එකට දීම පමා කලවිට ඔබලාගේ බලාපොරොත්තු ඉටු නොවේ. මෙහිදී තරා තිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්න (නදී)

:       0       0

ශාන්ත ධර්මසිරි Wednesday, 14 January 2015 11:38 AM

කුඩුවලට සම්බන්ද ඔක්කොම කුඩුකරලා දාන්න (නදී)

:       0       0

ඇසළ Thursday, 15 January 2015 01:58 AM

කොහොම කළත් දේපළ සියල්ල රාජසන්තක කරලා මීට ගෑවුණු අනෙක් සියල්ලන්ටමත් සමඟම දැඩි දඬුවම් දියයුතුයි. හිරේ දැමීමෙන් පමණක් වෙන්නේ නිදහස්වෙලා නැවත පුරුදු රැකියාව පටන්ගන්න එකයි. (නි)

:       0       0

සෝමසිරි Thursday, 15 January 2015 02:12 AM

බලාගෙන ගියාම කුඩු ගෙනෙන්නේ අපේම කට්ටිය වගේ නේද? (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Wednesday, 14 January 2015 11:49 AM

ජනතව ඡන්දෙ දුන්නේ හොරු අල්ලන්න තමයි (අ)

:       0       0

ශාන්ත ධර්මසිරි Wednesday, 14 January 2015 11:56 AM

මේ අය හම්බ කරපු සියලු මුදල් රජයට ගෙන පොදු මිනිසුන්ගේ ප්‍රයෝජනයට ගන්න. (නදී)

:       0       0

දහම් Wednesday, 14 January 2015 11:58 AM

ගෝටාට බයේ තමයි මුන් රටෙන් පැන්නේ. (නදී)

:       0       0

නාලක Wednesday, 14 January 2015 12:01 PM

සේරටම කලින් හංගපු කුඩු හොයන්ඩ එක්කන් යයිද දන්නේ නැහැ. එහෙම උනොත් විස්තර ටික හබක් තමයි (නදී)

:       0       0

ප්‍රසන්න Wednesday, 14 January 2015 12:06 PM

වෙළේ සුදා වදින්නම් කියන නම් ඔක්කොම කියල ඉවර වෙලා ආයුධ තියනවා නම් පෙන්නන්න යන්න. නැත්නම් බඩුම තමයි නම් ලිස්ට් එකට. (නදී)

:       0       0

අසංක Wednesday, 14 January 2015 12:18 PM

දේපල රාජ සන්තක කරන්න. ජනතා විමුක්ති පෙරමුණට බාර දෙන්න. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 305 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 230 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 603 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 273 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


අගුණකොලපැලැස්සෙන් පැන්න රැඳවියන් දෙන්නෙක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 88 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන් පලාගිය රැදවියන් හතර දෙනාගෙන් දෙදෙනෙකු අද (2) සවස 5.30 ට පමණ මාවැල්ල ධීවර තොටුපලේ රැදී සිටියදී තංගල්ල මූලස්ථාන පොලිසියේ නිළධ


මනු කියවන්නා අයිස් සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 273 0

රුපියල් එක්කෝටි විසිලක්‍ෂයකට වඩා වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන අහුන්ගල්ලේ සංජීවගේ ගෝලයෙක් බවට සැකකරන පුද්ගලය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38661 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25416 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 952 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 331 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site