(සුමිත් පොතුපිටිය)
වාද්දුව පොලිසිය විසින් පුද්ගලයෙකුට පහරදී ඝාතනය කල බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සදහා සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් වෙන් වෙන්ව විමර්ශන කණ්ඩායම් දෙකක් පත්කර ඇති බව කළුතර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සදහන් කරයි.
කළුතර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන සහ පානදුර ජේෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක යන මහත්වරුන් විසින් එකී නියෝග නිකුත් කර තිබේ.
පානදුර සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න සහ කළුතර සහකාර පොලිස් අධිකාරි සුනෙත් ශාන්ත යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එකී විමර්ශන ක්‍රියාත්මක බව සදහන් වේ.
මියගොස් ඇති තැනැත්තාගේ මරණය සම්බන්දයෙන් විමර්ශණය කිරීම සදහා පානදුර සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්, පානදුර කොට්ඨාසය අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න අමරසේකර සහ පොලිස් පරීක්ෂක සුරංග රණවීර යන මහත්වරුන් ඇතුලු කණ්ඩායමක් පත්කර ඇති අතර , නිළධාරීන් වරදක් කර ඇද්ද යන්න සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමට කළුතර සහකාර පොලිස් අධිකාරි සුනෙත් ශාන්ත මහතා ගේ ප්‍රධානත්වයෙන් විමර්ශණයක් ක්‍රියාත්මක බව කළුතර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ නිළධාරියෙක් පැවසීය .
මියගිය තැනැත්තාගේ මෘතදේහය සම්බන්ධයෙන් පානදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර ඇති අතර, අධිකරණ නියෝගයට අනුව අද දින පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර අධිකරණ වෛද්‍ය වාර්ථාව ලබාදෙන ලෙස නියෝග කර තිබේ.
ඒ අනුව පානදුර මුලික රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිළධාරී වරයා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය .
රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් අටක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු කඳාන දුම්රියපොල පාරේදී අ
2025 ලෝක රාජ්‍ය සමුඵව සහභාගී වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා කුවේට් අග්‍රාමාත්‍ය ෂෙයික් අහමඩ් අබ්ද
ඉදිරිපත් කිරීමට නියමිත අයවැය දී කර්මාන්ත ක්ෂේත්‍රයේ සඳහා මෙම වසර තුළ බදු අඩු කිරීමේ කිසිදු හැකියාවන් නොමැති බව කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේස
අනුර කුමාර දිසානායක මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී අද (12) පස්වරුවේ ලෝක රාජ්‍ය සමුළුවේ ප්‍රධාන සැසිවාරය ඇමතීමට නියමිතය.
යතුරුපැදියක් පදවාගෙන යමින් සිටි කාන්තාවක් කහතුඩුව පොල් ගස්ඕවිට හන්දිය ප්‍රදේශයේදී යතුරුපැදිය පාලනය කර ගත නොහැකිව පෙරළී අනතුරට පත්වීමෙන් තුවාල ලබා
නීතිපතිවරයාගේ තීන්දුව වෙනස් කිරීමට රජය දේශපාලන බලපෑම් කිරීම යුක්තිය පසිඳලීමට බාධාවක් බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
වාද්දුවේ සිද්ධිය විමර්ශනයට පොලිස් කණ්ඩායමේ දෙකක්