(සුජිත් හේවාජුලිගේ)
පේරාදෙණි විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ දේශකවරුන් අනූ දෙදෙනෙකුට 2023 වර්ෂයේදී කෝටි 33 කට වැටුප් හා දීමනා ගෙවා තිබුණත් ඔවුන් ඉටුකළ රාජකාරී තහවුරු කිරීමට අවශ්‍ය තොරතුරු කිසිවක් විගණනයට ඉදිරිපත් නොකෙරුණු බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.
මේ අතර මියගිය මහාචාර්යවරියකගේ නාමිකයා නම් කරන ලද ප්‍රකාශයෙහි සාක්ෂිකරුවන් දෙදෙනෙකු අත්සන් නොකිරීම සහ මහාචාර්යවරියගේ ආසන ව්‍යාජ බව නිරීක්ෂණය වී තිබියදී ඇයට හිමි ලක්ෂ තිස් දෙකකට වැඩි සේවක අර්ථ සාධක ප්‍රතිලාභය ඇයගේ ස්වාමිපුරුෂයාට ගෙවා තිබූ බව එහි දැක්වේ.
තවද මියගිය මහාචාර්යවරියට හිමිව තිබුණු ලක්ෂ විසිහයකට ආසන්න සේවක පාරිතෝෂික ප්‍රතිලාභයද අනෙකුත් උරුමකරුවන් පිළිබඳව නොසලකා ඇයගේ ස්වාමිපුරුෂයාට පමණක් ගෙවා තිබූ බව විගණන වාර්තාව සඳහන් කරයි.
මේ අතර පර්යේෂණ කමිටුවක අනුමැතියකින් තොරව විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ කතිකාචාරවරුන් දෙදෙනෙකුට ලක්ෂ හතලිස් හතකට වැඩි පර්යේෂණ දීමනා ගෙවා තිබූ පවසන එම වාර්තාව මුදල් අමාත්‍යවරයාගේ පූර්ණ අනුමැතියකින් තොරව කෝටි 45ක පමණ අතිරික්ත මුදලක් 2023 වර්ෂයේදී ආයෝජනය කර තිබූ බව ප්‍රකාශ කරයි.
මේ තොරතුරු සඳහන් වන්නේ පේරාදෙණි විශ්ව විද්‍යාලයේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.
සමාජ මාධ්‍යයේ ප්‍රචාරණය වූ තරුණයන් කීපදෙනෙකු විසින් එක් තරුණයකුට පහරදෙන වීඩියෝවක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකර එම තරුණයාට පහරදුන් බව කියන තරුණයන් ති
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නාවික හමුදාවේ උසස් නිලධාරීන් අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේ දී අද(26) පැවැත්විණි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය යුක්රේනයට සහ ශ්‍රී ලංකාවට වෙනස් ලෙස සලකමින් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ
‘ආයුධ පෙන්වීමට තමා රැගෙන යයිදැයි නොදන්නා‘ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (26) පැවැසුවේය.
පුත්තලම කල්අඩිය ප්‍රදේශයෙ 19 හැවිරිදි තරුණියක් හදිසියෙම නිවස තුළදී සිහිසුන් නොමැතිව සිටියදී මව්පියන් විසින් අද( 26) රෝහලට රැගෙන යද්දී තරුණිය මරණයට පත්
පේරාදෙණි විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ දේශකවරුන් අනූ දෙදෙනෙකුට 2023 වර්ෂයේදී කෝටි 33 කට වැටුප් හා දීමනා ගෙවා තිබුණත් ඔවුන් ඉටුකළ රාජකාරී තහවුරු කිරීම
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
විගණනයට කොලේ වහලා කෝටි 33ක් ගෙවලා
කව්ද බෝයි Wednesday, 26 February 2025 05:23 PM
හැම තැනම වංචාව, දූෂණය, අක්‍රමිකතා ඉහ වහා ගිහිල්ලා. දේශපාලකයා වේවා, රාජ්‍ය සේවකයා වේවා, පිස්සු කෙළින අයට රටේ අහිංසක ජනතාවගේ බදු සල්ලි නේද කියල කිසිම හැඟීමක් නෑ. අනික, මොකටද එහෙම හිතන්නේ? ඔවුන්ට ගොට්ට අල්ලන්නත් ඇති පදම් කට්ටිය ඉන්දැද්දී... දැන්වත් හරි පීල්ලට වැටුණොත්, තව දශකයකින්වත් යම් තරමකට ඔළුව උස්සාගන්න පුළුවන්වේවි...!
Kamal koyrala Wednesday, 26 February 2025 06:04 PM
උගතුන් කියා සිටිනා මහ හොරු... මේ ඔවුන්ගේ වරද නොවේ... මේවාට පත්කර හිටිය දේශපාලකයන්ගේ වැරැදි...