(මනෝප්‍රිය ගුණසේකර සහ විමුක්ති එස්.රුද්‍රිගු)
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැනන අල්ලන ලෙස නියම කරමින් කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය අද වරෙන්තු නිකුත් කළාය.
ණය පදනම මත පුවත්පත් දැන්වීම් පළකරවාගෙන දැන්වීම්වල වටිනාකම වු රුපියල් ලක්ෂ 301ක් සඳහා මුදල් නොමැති ගිණුමකින් චෙක්පත් 20 කට ආසන්න ප්‍රමාණයක් නිකුත් කර වංචා කළැයි කියන සිද්ධියට අදාළ නඩුව කැඳවු අවස්ථාවේදී අධිකරණයේ පෙනී නොසිටීම හේතූවෙන් නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තාට එරෙහිව මෙලෙස වරෙන්තු නිකුත් කෙරිණී.
මුදල් නොමැති ගිණුමකින් චෙක්පත් 20 කට ආසන්න ප්‍රමාණයක් නිකුත් කර රුපියල් ලක්ෂ 301ක මුදලක් වංචා කළැයි කියමින් කොළඹ ප්‍රදේශයේ දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තාට එරෙහිව රහස් පොලිසියේ වාණිජ හා මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණී.
කොළඹ ප්‍රදේශයේදී දැන්වීම් බාර ගැනීමේ ආයතනයක් පවත්වාගෙන ගොස් ඇති සැකකරු පැමිණිලිකාර විජය පුවත්පත සමාගම මුද්‍රණය කරන පුවත්පත්වල ණය පදනම මත දැන්වීම් පළ කරවාගෙන ඇතැයිද ණය පදනම මත එලෙස පළකරවාගෙන ඇති දැන්වීම්වල වටිනාකම රුපියල් ලක්ෂ 300 කට වැඩි යැයිද අධිකරණයට වාර්තාකර ඇති රහස් පොලිස් නිලධාරීහු එම වටිනාකම සඳහා මුදල් නොමැති ගිණුමකින් චෙක්පත් 20 කට ආසන්න ප්‍රමාණයක් නිකුත් කර ඇතැයිද දැනුම් දී ඇත.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු