IMG-LOGO

2025 පෙබරවාරි මස 11 වන අඟහරුවාදා


විදුලිය අද කපන්නේ මෙහෙමයි

(යොහාන් භාසුර)

නොහොච්චෝලේ ‘ලක්විජය’ විදුලිබලාගාරයේ ජනන යන්ත්‍ර තුන අක්‍රීය වීම නිසා අහිමිවූ මෙගාවොට් 800 පමණ විදුලි ප්‍රමාණය ආවරණය කිරීම සඳහා  පැය එකහමාර බැගින් අද (11) දිනයේ විදුලි සැපයුම අත්හිටුවන ආකාරය ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.

එම විදුලි කප්පාදුව පස්වරු 3.30 සිට රාත්‍රී 10.00 අතර කාලය තුළ කාණ්ඩ කිහිපයක් යටතේ සමස්ත රටම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරන බව ද විමලරත්න මහතා සඳහන් කළේය.

ඒ අනුව ආර්,එස්,ටී සහ ඩබ්ලිව් යන කාණ්ඩවලට පස්වරු 3.30 සිට පස්වරු 5.30 දක්වා ද, ඒ,බී,සී,ඩී,පී සහ කිව් යන කාණ්ඩවලට පස්වරු 5.00 සසිට රාත්‍රී 7.00 දක්වා ද, ඊ,එෆ්,ජී,එච්,යූ සහ වී යන කාණ්ඩවලට පස්වරු 6.30 සිට රාත්‍රී 8.30 දක්වා ද, අයි,ජේ,කේ සහ එල් යන කාණ්ඩවලට පස්වරු 8.00 සිට රාත්‍රී 10.00 දක්වා ද, විදුලිය විසන්ධි කරන බව ඒ මහතා පැවසීය.

කිසියම් කාණ්ඩයක් යටතේ ඇති විදුලි ඉල්ලුම කළමනාකරණය, නියමිත වේලාවේ පවතින විදුලි ඉල්ලුම සහ ජනන ධාරිතාව අනුව ධාරිතාව වෙනස්වීමට ඉඩ ඇති බවත් ඉහත දක්වා ඇති පරිදි විදුලි සැපයුම විසන්ධි කරන වේලාව සහ යථාතත්වයට පත්වන වේලාව නියමිත වේලාවේ සිට මිනිත්තු 30 ක් ඇතුළත වෙනස් වීමට ඉඩඇති බව ද ධම්මික විමලරත්න මහතා වැඩි දුරටත් පවසයි.  



අදහස් (0)

විදුලිය අද කපන්නේ මෙහෙමයි

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

මිලියන 67,500 ක භාණ්ඩාගාර බැඳුම්කරයක් 13 දා
2025 පෙබරවාරි මස 11 130 0

රුපියල් මිලියන හැට හත්දහස් පන්සියයක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතු වෙන්දේසියක් පෙබරවාරි 13දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.


කෝටි 4කට වාලම්පුරි 4ක් විකුණන්න බැරිවෙයි
2025 පෙබරවාරි මස 11 100 0

ත්‍රිකුණාමලය කුච්චවේලි හා හොරොව්පොතාන ජාතික උද්‍යානයේ වනජීවී නිලධාරීන් එක්ව සිදුකළ වැටලීමකදී වාලම්පුරි 04ක් රුපියල් කෝටී හතර හමාරකට අලෙවි කිරීමට ගි


ජනපති පකිස්ථාන අගමැති හමුවෙයි
2025 පෙබරවාරි මස 11 225 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂබාස් ෂරීෆ් මහතා අතර හමුවක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී අද (11)සිදු විය.


කුඩුවලට ඇබ්බැහිවූ පොලිසියේ 17 ක් දොට්ට
2025 පෙබරවාරි මස 11 309 1

පසුගිය මාස 4 ක කාලය තුළ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පොලිස් නිලධාරීන් 17 දෙනකු ස්ථීරවශයෙන් සේවයෙන් පහ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී


දර ලොරියට යට වී සිසුවා මරුට
2025 පෙබරවාරි මස 11 367 2

දර පටවගෙන ගමන් කරමින් තිබු ලොරි රථයකට යටවි පාසැල් සිසුවකු එම ස්ථානයෙදීම මරණයට පත්ව ඇති බව මහකුඹුක්කඩවල පොලිසිය කියයි.


නොරොච්චෝලේ බලාගාර හදිසියේ නතර කරන්න බෑ
2025 පෙබරවාරි මස 11 953 2

විදුලිබල පද්ධතිය හදිසියේ නරත කිරීමට සිදුවුවද නොරොච්චෝලේ බලාගාරයට හදිසියේ නතරවීමට නොහැකි බවත් එම අවස්ථාවේදී ආරක්‍ෂක පද්ධතිය ක්‍රියාත්මක වූ පසුව බලා


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 103 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 124 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 896 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site