IMG-LOGO

2024 දෙසැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


විදුලි ගාස්තුව ගැන අවසන් තීරණය ජනවාරි 17 ගන්නවා

(යොහාන් භාසුර)

ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ විදුලි ගාස්තු සම්බන්ධ යෝජනාව සම්බන්ධ අවසන් තීරණය ලබන ජනවාරි මස 17 වැනිදා ගන්නා බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පැවසීය.

එම යෝජනාව සම්බන්ධ මහජන උපදේශනය මේ මස 17 වැනිදා ආරම්භ කරන බවත් ලිඛිත අදහස් බාරගැනීම ජනවාරි මසස 8 වැනිදා දක්වාත්, වාචික අදහස් සැසි 9 ක් පැවැත්වීමටත් තීරණය කළ බව ද එම කොමිසම කීය.

මහජනතාවගේ ලිඛිත අදහස් ජනවාරි මස 8 වැනිදාට පෙර විදුලි ගාස්තු පිළිබඳ මහජන උපදේශනය, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, 6 වන මහළ, ලංකා බැංකු වෙළෙද කුළුණ, කොළඹ 3 යන ලිපිනයට හෝ  [email protected]  යන ඊමේල් ලිපියට හෝ  www.facebook.com/pucsl යන ෆේස්බුක් පිටුවට හෝ යොමු කළ හැකි බව එම කොමිසම කීය.

එසේ නැත්නම් 0764271030 දුකරථනයට වට්ස්ඇප් ඔස්සේ ද අදහස් යොමු කළ හැකි බව එම කොමිසම වැඩි දුරටත් සඳහන් කරයි.  



අදහස් (1)

විදුලි ගාස්තුව ගැන අවසන් තීරණය ජනවාරි 17 ගන්නවා

dileepa1986 Wednesday, 11 December 2024 03:23 PM

ශුවර් එකටම ඔය කොමිසමේ ලොක්කට බලාගාරයක් තියෙනවා. ඇයි යකෝ මාර කෙලියක්නෙ. ජනතා‍වගෙන් මොනව අහන්නද . ජනතාව බිල අඩු කරන්න එපා කියනවද. පොඩි කාලයක් නෙමෙයි අරන් තියෙන්නෙ. මණ්ඩලෙන් යෝජනාව දුන්නෙ 6 වෙනිදා. අවසන් තීරණේ ගන්න දවස් 41ක යනවා. ගරු ජනාධිපතිතුමනි. කරුණාකර ඔබතුමාගේ දැඩි අවධානය මෙම කොමිස‍මේ සහ මණ්ඩලයේ නිළදාරින් කෙරෙහි යොමු කරන්න. මෙම ගැටය මොවුන් දෙගොල්ලොම එකට ගහන එකක්.

:       1       17

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගෙළෙහි ඇණුන ලී දඬුවක් සාර්ථකව ඉවත් කරයි
2024 දෙසැම්බර් මස 26 49 0

ගෙළෙහි ලී දඬුවක් ඇනී අසාධ්‍යව වවුනියාව රෝහලට අ‍ැතුළත් කළ පුද්ගලයකුගේ එම ලී දඩුව සැත්කමකින් සාර්ථකව ඉවත් කර රෝගීයාගේ ජීවිතය බේරාගැනීමට කටයුතු කළ බව


’’කුඩු ලෝලියා ඇල්ලුවට කුඩු මුදලාලි ඇල්ලුවේ නෑ’’
2024 දෙසැම්බර් මස 26 177 0

මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම වෙනුවෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කිසිඳු දේශපාලනමය බාධාවක් නොමැති බවත් මත්ද්‍රව්‍ය උවදුරෙන් මෙරට තරුණයින් බේරාගැන


අනවසර විදුලි රැහැනේ පැටලී මරුට
2024 දෙසැම්බර් මස 26 77 0

කොස්ගොඩ පැලෑගස්පළාත ප්‍රදේශයේ වගා ආරක්ෂා කර ගැනිම සඳහා වෙල් යායක ඇදතිබු අනවසර විදුලි රැහැනක පැටලි මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (26) සොයාගත


සමූපකාරය සැබෑ මහජන සේවාවක් කරනවා
2024 දෙසැම්බර් මස 26 173 0

සමුපකාර සේවාව මින් ඉදිරියට සැබෑ මහජන සේවාවක් ලෙස පවත්වාගෙන යන බව සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා පැවසීය.


අත්නොමතික මාරු කිරීම් සොයන්න සජබෙන් විශේෂ ඒකකයක්
2024 දෙසැම්බර් මස 26 434 0

රජය සහ පළාත් සභා මට්ටමින් අත්නොමතිකව සිදු කරනු ලබන සියලුම මාරු කිරීම් පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ ඒකකයක් පිහිටුවීමට සමගි ජනබලවේගය පියවර ගෙන තිබේ.


රිය අනතුරින් සිඟිත්තිය මරුට
2024 දෙසැම්බර් මස 26 252 0

යාපනය නුවර එ නවය මාර්ගයේ කිලිනොච්චිය නගරයේදී ටිපර් රථයක් යතුරු පැදියක ගැටී ඊයේ (25) සිදුවූ අනතුරකින් වයස අවුරුදු දෙකක කුඩා දැරියක මියගොස් අ‍ැගේ මව, පි


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 116 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 110 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 80 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site