IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


විදෙස් කතගේ දේපල කොල්ලකාලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක වීඩියෝ පටයක් සකස් කිරීම සඳහා මෙරටට පැමිණි එංගලන්ත ජාතික තරුණියකගේ  ඩොලර් 20000ක පමණ වටිනා දේපල අඩංගු බෑගයක් කිසිවකු විසින් පිටකොටුව බැස්ටියෙන් මාවත බස් නැවතුම්පොලේ බස් රථයක් තුළදී සොරාගෙන  ගොස් ඇතැයි පිටකොටුව පොලිසිය කියයි.   

එම බෑගයේ ලැෆ් ටොෆ් පරිගණකයක්, කැමරාවක්, බැංකු කාඩ්පත්  හා ඇයගේ ගුවන් ගමන් බලපත්‍රය තිබී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

එම බෑගය සොයා දෙන කෙනෙකුට හෝ  තොරතුරක් ලබා දෙන කෙනෙකුට ඇමරිකානු ඩොලර් 5000 ක් එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 15 ක ත්‍යාග මුදලක් ලබා දෙන බව ස්කයිබ් නකෝමන් තරුණිය දන්වා සිටියි.

ඇල්ල බලා යාම සඳහා කොටුව දුම්රිය පොළ වෙත ගොස් දුම්රිය අවලංගු වීම හේතුවෙන් පිටකොටුව බස් නැවතුම්පොළ වෙත පැමිණ බස් රථයට නැග මඳ වේලාවකදී  දේපල අඩංගු බෑගය සොරාගෙන ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. 

"අන්ඩර් ද සේම් ස්කයි " නමින් යූබ්ටියුබ් චැනලයක් පවත්වාගෙන යන ස්කයිබ් නකෝමන් නමැති තරුණිය රටවල් 37ක සංචාරය කර ඇති තැනැත්තියක් බවත් ඉකුත් 24 වෙනිදින  මෙරට සංචාරය සඳහා පැමිණ තිබූ බව පොලිසිය කියයි.

 



අදහස් (3)

විදෙස් කතගේ දේපල කොල්ලකාලා

sk Thursday, 30 May 2024 09:06 AM

ලංකාවේ ආගන්තුක සත්කාර හොඳටම තියෙනවා

:       0       21

ඉන්දික Thursday, 30 May 2024 09:23 AM

අපේ රට ගැන ලස්සන වීඩියෝ එකක් ලැබෙයි එහෙනම්. මේ වගේ කාලකන්නි ඉන්නකම් මේ රට ලස්සනට තියාගන්න බැහැ

:       1       23

Bunny Preena Thursday, 30 May 2024 10:27 AM

පොදු ප්‍රවාහන සේවා වලට අදාලව තමන් සමග ගමන් ගන්නා අනිකුත් මගියන් ,පුද්ගලයන් සහ තම දේපල ආරක්ෂා කිරීම සම්බන්ධව සංචාරකයින්ට හරි මග පෙන්වීමක් හෝ දැනුවත් කිරීමක් ලංකාවයි සංචාරක මණ්ඩලයෙන් සිදුවෙනවාදැයි කියන එකත් ලොකු ප්‍රශනයක්

:       0       16

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මීනගයා ඇතුළු දුම්රිය කීපයක් අවලංගුයි
2024 ඔක්තෝබර් මස 18 72 0

කොළඹ -මඩකලපුව දුම්රිය මාර්ගයේ මින්නේරිය හා හිගුරක්ගොඩ අතරදී අද (18) අලුයම ඉන්ධන දුම්රියකට වන අලි රංචුවක් ගැටී ඉන්ධන දුම්රිය පීලි පැනීම හේතුවෙන් මාර්ගයේ


නඩු භාණ්ඩ කාමරයේ මුදල් සොරාගෙන
2024 ඔක්තෝබර් මස 18 333 0

වාරියපොළ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුබඩු කාමරයේ තිබූ රුපියල් දෙලක්ෂ පනස් පන්දහසක මුදලක් කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇතැයි වාරියපොළ පොලිසිය පවසයි. අධි


උතුරු දුම්රිය මාර්ගයේ අලි අනතුරක්
2024 ඔක්තෝබර් මස 18 400 0

කොළඹ සිට මඩකලපුව බලා ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියක වන අලින් සිවුදෙනකු ගැටීමත් සමග එම දුම්රිය පීලි පැනීමකට ලක්ව ඇතැයි අනුරාධපුර දුම්රිය පාලක මැදිරිය පව


තැනින් තැනට සිහින් වැස්සක්
2024 ඔක්තෝබර් මස 18 42 0

උතුරු පළාතේ වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හමාස් නායකයා ඝාතනය: රටවල් රැසක් සතුට පළ කරයි
2024 ඔක්තෝබර් මස 18 2520 0

ගාසා තීරයේ හමාස් නායක යාහ්යා සින්වාර් මරා දැමීම සම්බන්ධයෙන් රටවල් රැසක රාජ්‍ය නායකයන් සතුට පළ කර ඇත. යාහ්යා සින්වාර් ඝාතනය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධි


හමාස් නායකයා මැරුවට ගාසා සටන් අවසන් නැහැ
2024 ඔක්තෝබර් මස 18 1574 0

හමාස් නායක යාහ්යා සින්වාර් ඝාතනය කිරීම, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව ගෙන යන යුද්ධයේ අවසානය නොවන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 615 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 497 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1553 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site