IMG-LOGO

2024 නොවැම්බර් මස 02 වන සෙනසුරාදා


විදෙස් ගමන් බලපත් ගැටලුව ලිහන හැටි දෙපාර්තමේන්තුව පවසයි

(අංජුල මහික වීරරත්න)

නොවැම්බර් මස අග භාගයේදී තවත් විදේශ ගමන් බලපත්‍ර 100,000ක් ද දෙසැම්බර් මාසයේදී තවත් ගමන් බලපත්‍ර 150,000ක පමණ  ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ඉදිරියේදී ලැබීමට නියමිත බව එම දෙපාර්තමේන්තුව පවසයි.

විදේශ ගමන් බලපත්‍ර මිලදී ගැනීම සඳහා ටෙන්ඩරය පිරිනමනු ලැබූ විදෙස් ආයතනය සමඟ ඇති කර ගෙන තිබූ ගිවිසුම් ප්‍රකාරව 'P' කාණ්ඩය යටතේ හිස් ගමන් බලපත්‍ර මේ වන විට 50,000 ක් ආගමන කා විගමන දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇත.

ඊට සමගාමීව තවත් හිස් ගමන් බලපත්‍ර තොගයක් ප්‍රසම්පාදනය කිරීමේ කටයුතු ද මේ වන විට ආරම්භ කොට ඇතැයි දෙපාර්තමේන්තුව පවසයි.

මේ වන විට දිනකට  විදේශ ගමන් බලපත්‍ර 1,600 ක පමණ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් අයදුම්කරුවන් වෙත නිකුත් කරනු ලබන අතර දෙසැම්බර් මස මුල සිට මෙම ප්‍රමාණය ක්‍රමයෙන් වර්ධනය කර අයදුම්කරුවන් විසින් ඉල්ලුම් කරනු ලබන ගමන් බලපත්‍ර ප්‍රමාණයට සරිලන ආකාරයට ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රම වේදය සකස් කිරීමට හැකියාව ලැබෙන බවද දෙපාර්තමේන්තුව කියයි.

විධිමත් පරිදි දිනයක් හා වේලාවක් මාර්ග ගත ක්‍රමය යටතේ වෙන් කරගැනීම සඳහා ක්‍රම වේදයක් සකස් කිරීමට මේ වන විට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, එම ක්‍රමවේදය නුදුරු දිනයකදීම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.



අදහස් (0)

විදෙස් ගමන් බලපත් ගැටලුව ලිහන හැටි දෙපාර්තමේන්තුව පවසයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද ප්‍රචාරයේ ගිය බසයට එරෙහි පැමිණිල්ල වීසි වේ
2024 නොවැම්බර් මස 01 206 0

මෙවර මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයකු සිය මැතිවරණ නිල රථය ලෙස බස් රථයක් භාවිතා කිරීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් යැයි පවස


අපරාධයකට සූදානම් වූ හිටපු එස්.ටී.එෆ් සෙබළෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 01 195 0

විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකුගේ අනුදැනුම මත අපරාධයක් සිදු කිරීම සඳහා මෝටර් රථයක් තුළ ටී 56 ගිනි අවියක් සඟවාගෙන සිටි පොලිස් විශේෂ කාර්ය බළකා


ජොනීගේ තවත් රථයක් පන්නිපිටියෙන් මතුවේ?
2024 නොවැම්බර් මස 01 569 0

හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් බවට සැක කරන ෆෝර්ඩ් වර්ගයේ මෝටර් රථයක් කොට්ටාව පන්නිපිටිය ලියනගොඩ ප්‍රදේශයේ ගරාජයක තිබී සොයා ගෙන ඇතැයි


රුසියාවෙන් ගූගල් මවු සමාගමට තරු පෙනෙන දඩයක්
2024 නොවැම්බර් මස 01 711 0

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමග රුසියානු රාජ්‍ය නාලිකාවලට යූ ටියුබ් සමාජ මාධ්‍ය ජාලය තහනම් කිරීමට ගූගල් මවු සමාගම වන ඇල්ෆබට් වරදකරු කරමින් රුස


මතුගම අනතුරු දෙකකින් 2ක් මරුට
2024 නොවැම්බර් මස 01 156 0

මතුගම පොලිස් වසමේ දී අද (01) සිදුවූ රිය අනතුරු දෙකකින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි මතුගම මූලස්ථාන පොලිසිය පවසයි.


සුහද මාරුවටත් මැකො අනුමැතිය ඕනේ
2024 නොවැම්බර් මස 01 125 0

රාජ්‍ය සේවයේ නිලධාරින් අතර කෙරෙන රාජකාරී සුහද මාරුවීම් සඳහා අනුමැතිය ලබාගැනීමට පැමිණෙන නිලධාරින් සහ සේවකයන්ගෙන් මැතිවරණ කාර්යාල මේ දිනවල පිරී ගො


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 330 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1173 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 653 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site