IMG-LOGO

2024 ඔක්තෝබර් මස 25 වන සිකුරාදා


විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරුයි

(අංජුල මහික වීරරත්න)

මෙරටට පැමිණ සිටින සංචාරකයන් ඇතුළු සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇතැයි ජනාධිපති අනුර දිසානායක මහතා දකුණු අප්‍රිකාවේ මහ කොමසාරිස් සැන්ඩිල් එඩ්වින් ශෝක් මහතා හමුවේ පැවසීය.

ජනාධිපතිවරයා සහ දකුණු අප්‍රිකා මහ කොමසාරිස්වරයා අතර හමුව ජනාධිපති කාර්යාලයේ දී අද (25) පෙරවරුවේ සිදු විය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් මෙහිදී දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රම්පෝෂා මහතාගේ  උණුසුම් සුබපැතුම් පිළිගැන් වූ මහ කොමසාරිස්වරයා ජනාධිපතිවරයා සමග කෙටි කතා බහකට එක් විය. 

ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ එහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර මෙරටට පැමිණ සිටින සංචාරකයන්ගේ සහ පුරවැසියන්ගේ ආරක්ෂාව මේ වන විටත් තහවුරු කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

එසේම ශ්‍රි ලංකාවේ අලි - මිනිස් ගැටුමට විසඳුම් සෙවීමේදී දකුණු අප්‍රිකාවෙන් ලබා ගත හැකි සහාය පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි. 

දකුණු අප්‍රිකාවේ  ක්‍රියාත්මක කරන සාම සහ ජාතික ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ශ්‍රී ලංකාව තුළ අඛණ්ඩව  ක්‍රියාත්මක කිරිමට සහාය ලබා දෙන බව  ද දකුණු  අප්‍රිකානු මහකොමසාරිස්වරයා  පැවසීය.

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය හා එක්ව  ජාත්‍යන්තර වෙළඳාම  ප්‍රවර්ධනය කිරිම සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කිරීමට ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ශ්‍රී ලංකාවේ ආරක්ෂක, තාක්ෂණ,  කෘෂිකර්මාන්ත හා සංචාරක ක්ෂේත්‍රයන්හි  ප්‍රවර්ධනයට  දකුණු අප්‍රිකාවේ සහාය ලබා දෙන බව ද දකුණු අප්‍රිකා මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

දකුණු අප්‍රිකාවේ නියෝජ්‍ය මහ කොමසාරිස් රෙනේ එවර්සන් වර්නේ ( Rene Everson-Varney) සහ තානාපති කාර්යාලයේ  දෙවන ලේකම්  සැනතෙම්බා ලෙයිලා ෂැංගෙලා ( Zanethemba - Leila Tshangela) යන මහත්මිහු ද මෙම අවස්ථාවට එක්ව සහභාගී වූහ.



අදහස් (0)

විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරුයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බණ්ඩාරවෙල පාරට ගසක් කඩා වැටී ගමනාගමනයට බාධා
2024 ඔක්තෝබර් මස 25 51 0

පස්සර ඇල්ල හරහා බණ්ඩාරවෙල මාර්ගයේ 17 කනුව ප්‍රදේශයේදී මාර්ගයට විශාල ගසක් අද (25) පස්වරුවේ කඩා වැටීමෙන් රථ වාහන ධාවනයට බාධා සිදුව ත්‍රීරෝද රථයකටත් අලාභහා


සහල් මිලට කඩිනම් විසැඳුම් දෙන්නැයි ජනපතිගෙන් උපදෙස්
2024 ඔක්තෝබර් මස 25 526 3

සහල් මිල සම්බන්ධ ගැටලුව විසඳීම සඳහා කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති අනුර දිසානායක මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයට සහ වී අලෙවි මණ්ඩලයට අද උපදෙස් දුන්නේය.


ජොන්ස්ටන් බලන්න මහින්ද වැලිකඩ එයි
2024 ඔක්තෝබර් මස 25 922 4

ලියාදිංචි නොකළ වාහනයක් පරිහරණය කිරීමේ චෝදනාවට රිමාන්ඩ් බන්ධනාගරගත කර සිටින පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා බ


දෙමටගොඩදී දුම්රියේ ගැටී සිසුවෙක් මරුට
2024 ඔක්තෝබර් මස 25 697 1

මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ ටිකිරි මැණිකේ දුම්රියෙන් වැටී පාසල් සිසුවකු මියගොස් ඇති බව දෙමටගොඩ පොලිසිය පවසයි.


මියන්මාරයේ හිර වූ ලාංකිකයන් බේරා ගන්න සාකච්ඡාවක්
2024 ඔක්තෝබර් මස 25 440 0

මිනිස් ජාවාරම්කරුවන් විසින් මියන්මාරයේ රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයන් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මියන්මාර තාන


විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරුයි
2024 ඔක්තෝබර් මස 25 574 0

මෙරටට පැමිණ සිටින සංචාරකයන් ඇතුළු සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇතැයි ජනාධිපති අනුර දිසානායක මහතා දකුණු අප්‍රිකාවේ මහ කොමසාරිස් සැන්ඩිල් එඩ


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 169 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 893 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 569 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site