(විමුක්ති එස් රුද්‍රිගු)
දේශපාලන වරදාන ලෙස මහ කොමසාරිස් ධුර සහ තානාපති ධුර පිරිනැමීමේ දීර්ඝ සහ අතිශය කණගාටුදායක සම්ප්‍රදාය ඉදිරියට රැගෙන යමින් විදේශ සේවය සඳහා ජාතික ජන බලවේග රජය දේශපාලන පත්වීම් ලබාදීම සිය සංගමයේ පමණක් නොව මුළු රටේම කණස්සල්ලට හේතුවී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය පැවැසුවේය.
ජාතික ජන බලවේග රජය පත්වන අවස්ථාවේ අතිශය කණගාටුදායක එම සම්ප්‍රදාය අවසන් වනු ඇතැයි තම සංගමය විශ්වාස කළත් නව රජයද එම සම්ප්‍රදාය ඉදිරියට රැගෙන යන බව ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය සඳහන් කළේය.
ජාතික ජන බලවේග 2024 මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ, " විදේශ සේවය නිර්දේශපාලනීකරණය කිරීම සඳහා කුසලතා මත පදනම්ව පත් කිරීම් සිදුකිරීමට වහා ක්‍රියා මාර්ග ගත යුතුයි" ලෙස සටහන්ව තිබුණත් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය උල්ලංඝනය කරමින් රජය විදේශ සේවය සඳහා දේශපාලන පත්කිරීම් සිදු කිරීම තැති ගන්වන සුළු බව ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය පසුගියදා ප්‍රකාශ කළේය.
විදේශයන්හි පිහිටි මෙරට මහ කොමසාරිස්, තානාපති කාර්යාලවල පුරප්පාඩු වී තිබූ තානාපති, මහා කොමසාරිස් ධුර රැසකට වෘත්තීමයභාවයේ, කුසලතා මත පදනම්ව පත් කිරීමේ සහ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රවීණතාවේ පිළිගත් සම්මතයන් නොසළකා හරිමින් විදේශ සේවයෙන් බැහැරව මෑතකදී පත්වීම් සිදුකර ඇති බව එම සංගමය පැවැසුවේය.
ජාත්‍යන්තරයේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා සිය ජීවිතය කැප කළ, අත්දැකීම් බහුල, ඉහළ සුදුසුකම්වලින් යුත් වෘත්තීමය විදේශ සේවා නිලධාරීන් නොසළකා හැර කරන ලද මෙම පත්වීම් සම්බන්ධයෙන් දැඩි කළකිරීමකින් පසුවන බව ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය කීය.
එවැනි නිලධාරීන් නොසළකා හරිමින් දේශපාලන පත්වීම් ලබාදීම විදේශ සේවය මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික ස්ථාවරත්වය අනතුරේ හෙළන බවද එම සංගමය ප්‍රකාශ කළේය.
දිගින් දිගටම ජාතික ජන බලවේග රජය විදේශ සේවය සඳහා දේශපාලන පත් කිරීම් සිදු කිරීම තුලින් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවේ ඒකාග්‍රතාවය අනතුරේ හෙළන බවත් පළපුරුදු විදේශ සේවයට කැපවූ නිලධාරීන් අධෛර්යයට පත් කරන බවත් විදේශ සේවා සංගමය පැවැසුවේය.
ඒ හේතුවෙන් ලබාදී ඇති සියලු දේශපාලන පත්වීම් යළි සළකා බලන ලෙස සහ ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය ප්‍රකාශ කළේය.
කල් ඉකුත් වූ රට ඉඳි තොගයක් අළෙවියට සූදානම්කර තිබියදී පිටකොටුව පරනයොන්වීදියේ වෙළඳ සැලකින් පාරිභෝගික අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් වැටලීම් ඒකකය මගින්
කැරිබියානු දූපත් ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. ඇමෙරිකන් භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවැසුවේ, භූමි කම්පාව රික්ටර් පරිමාණයේ ඒකක 7.6 ක් සටහන් කළ බවය.
මෙරට දිගු කාලීන ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දැමීමෙන් පසුව ඇමෙරිකාව පදනම් කරගත් ණය ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් මෙරට රක්ෂණ සමාගම් 4 ක ජාතික ර
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර අයත් දිල්ලි ප්‍රාන්තයේ බලය වසර 27 කට පසු භාරතීය ජනතා පක්ෂය සතු විය. ඒ, පසුගිය 5 වැනිදා පැවැති දිල්ලි ප්‍රාන්ත සභා මැතිවරණය ජය ගන
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සියේ (USAID) සේවකයන් 2,200ක් වැටුප් සහිත නිවාඩු මත තැබීම සඳහා, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දුන් විධායක නියෝගයට ඇමෙරිකන් අධි
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
විදේශ සේවයේ පත් කිරීම් ගැන විදේශ සේවා සංගමය කනස්සල්ලෙන්