IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් භාණ්ඩාගාරයට බිලියන 7ක්

(අංජුල මහික වීරරත්න සහ යොහාන් භාසුර)

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ වසරේදී රුපියල් බිලියන 7ක් මහා භාණ්ඩාගාරයට ලබාදී ඇති අතර එයින් රුපියල් බිලියන 4ක් ලබාදීම සඳහා වන චෙක් පත කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් බාරදෙනු ලැබීය.

රටේ පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් අත්‍යාවශ්‍ය ඖෂද මිලදී ගැනීමට, රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීම ඇතුළු අත්‍යාවශ්‍ය කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ලැබූ මෙහෙයුම් අතිරික්තයෙන් මෙම මුදල ලබාදී ඇත.

අදාල රුපියල් බිලියන 7ක මුදලින් මිට පෙර රුපියල් බිලියන 3ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලබාදීම සඳහා ජනාධිපතිවරයා වෙත භාරදීම සිදු කෙරුණු අතර එම මුදලින් රුපියල් මිලියන 100ක් මහරගම අපේක්ෂා රෝහලට ඖෂද මිලදී ගැනීම සඳහා එම අවස්ථාවේදීම ලබාදීමට පියවර ගැනිණි.

 



අදහස් (7)

විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් භාණ්ඩාගාරයට බිලියන 7ක්

Asela Wednesday, 29 November 2023 10:35 PM

අපි දුක් විඳලා අමාරුවෙන් එවපු සල්ලි මේ අය කෝට් ගහගෙන ආණ්ඩුවට පුදනවා. මගේ පුතාගේ ශිෂ්‍යත්ව මුදල් තවම ලැබුනේ නැහැ. විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙලා අවුරුදු 2කුත් ඉවර වෙන්න යනවා...

:       0       0

රංබොඩ Wednesday, 29 November 2023 11:43 PM

මැද පෙරදිග දුක් විඳින ජනතාවගෙන් ලබාගත්. මුදල් වගත් මතක් කළා නම් තමා හොඳ

:       0       0

සුපුන් චාමරThursday, 30 November 2023 04:59 PM

මොවුන් මෙම දේවල් මාධ්‍යවලට දැමීමෙන් බලාපොර‍ොත්තු වන්නේ ලකුණු දමා ගැනීම වුවත් මේවා දකිනවිට තිබෙන ලකුණුත් කැපී යන බව පිංපතිට වැටහේවා...!

:       0       0

chandima Thursday, 30 November 2023 01:43 AM

මේ සල්ලි වලින් වෙන්න ඇති අර විස්සක් තිහක් එකලා රට යන්නේ ?

:       0       0

chandima Thursday, 30 November 2023 03:10 AM

මෙ බෙදන්නේ පනයනකල් වැඩකරන අපේ මිනිස්සුන්ගෙන් කොල්ලකාගත් සල්ලි නේද? පෙලට ඉදන් පත්තරෙ දාගෙන ඉන්නෙ හරියට ගෙදරින් ගෙනාපු සල්ලි වලින් දුන්න වගෙ?

:       0       1

Jayaweera Thursday, 30 November 2023 05:33 AM

මෙයට පෙර ඊයේ පෙරේදා පොල් සංවර්ධන අධිකාරිය මුදල් දුන්නා කියලා දකින්නට ලැබුනා මේවා දැක්කම මට මතක් වෙනවා පළාත් සභා ඇතිවීමට පෙර කච්චේරියේ නැත්නම් දිසාපති කාර්‍යාලයේ අතිරික්ත වෙන මුදල් මාස්පතා භාණ්ඩාගාරයට යවපුහැටි ඒවා කච්චේරි ප්‍රේෂණ ලෙසට තමයි චෙක්පත් මගින් යැව්වෙ එහෙම ක්‍රමයක් දැනට නැහැ කියලා හිතෙනවා එවැනි දෙයක් තිබුනා නම් රටට සේවයක් වෙනවා කියලා හිතෙනවා දැන් වෙනවා ඇත්තේ රටේ ආදායම් ප්‍රයෝජනයට නොගෙන අදාල ආයතන වල බැංකුවේ තැන්පතු ලෙසට තිබීම තිබෙන අතර වංචාවන්ටත් හේතු වෙනවා ඇති

:       0       0

සුපුන් චාමර Thursday, 30 November 2023 09:47 AM

රට හරක් ටිකක් දැකල නැත්නම් බලාගන්න. මෙම අති විශාල මුදලක් සොයාගෙන ඇත්තේ ‍මෙම ටයිකෝට් ඇදපු මහත්වරු දහඩිය හෙලා කුඹුරු කොටා නොවෙයි. තමන්ගේ සමීපතයින්ගේ ඈත්වෙලා පිටරටවල දුක් විදින්න ගිය අපේම අහිංසක මිනිසුන්ට අසීමිත ලෙස බදු බරක් යෙදීමෙනි. ‍ඔය මුහුණු 7 දිහා ඇස්පිල්ලන් නොගහ ටික වෙලාවක් බලන් ඉන්න. ඊට පසු අරාබියේ දුක් විදින අපේම අම්මලව හිතේ මවාගන්න

:       0       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සාදයේ කතා බහ මරණයෙන් අවසන් වෙයි
2024 ඔක්තෝබර් මස 18 4 0

කෝවිල් අඩි ප්‍රදේශයේදී මිතුරන් පිරිසක් සමග එක්ව පැවැත්වූ සාදියකදී ඇති වූ බහින් බස්වීමත් දුරදිග යාමෙන් පහර කෑ පුද්ගලයෙකු ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් ක


මීනගයා ඇතුළු දුම්රිය කීපයක් අවලංගුයි
2024 ඔක්තෝබර් මස 18 205 0

කොළඹ -මඩකලපුව දුම්රිය මාර්ගයේ මින්නේරිය හා හිගුරක්ගොඩ අතරදී අද (18) අලුයම ඉන්ධන දුම්රියකට වන අලි රංචුවක් ගැටී ඉන්ධන දුම්රිය පීලි පැනීම හේතුවෙන් මාර්ගයේ


නඩු භාණ්ඩ කාමරයේ මුදල් සොරාගෙන
2024 ඔක්තෝබර් මස 18 441 0

වාරියපොළ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුබඩු කාමරයේ තිබූ රුපියල් දෙලක්ෂ පනස් පන්දහසක මුදලක් කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇතැයි වාරියපොළ පොලිසිය පවසයි. අධි


උතුරු දුම්රිය මාර්ගයේ අලි අනතුරක්
2024 ඔක්තෝබර් මස 18 466 0

කොළඹ සිට මඩකලපුව බලා ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියක වන අලින් සිවුදෙනකු ගැටීමත් සමග එම දුම්රිය පීලි පැනීමකට ලක්ව ඇතැයි අනුරාධපුර දුම්රිය පාලක මැදිරිය පව


තැනින් තැනට සිහින් වැස්සක්
2024 ඔක්තෝබර් මස 18 46 0

උතුරු පළාතේ වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හමාස් නායකයා ඝාතනය: රටවල් රැසක් සතුට පළ කරයි
2024 ඔක්තෝබර් මස 18 2703 0

ගාසා තීරයේ හමාස් නායක යාහ්යා සින්වාර් මරා දැමීම සම්බන්ධයෙන් රටවල් රැසක රාජ්‍ය නායකයන් සතුට පළ කර ඇත. යාහ්යා සින්වාර් ඝාතනය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධි


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 616 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 497 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1553 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site