(සුජිත් හේවාජුලිගේ )
සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක මුල් පුටු ගණනාවක් ඉදිරියේදී වෙනස් කිරීමට සාකච්ඡා ආරම්භ වී ඇතැයි වාර්තාවේ.
ඉදිරි මැතිවරණවලට මුහුණ දීම සඳහා පක්ෂ යාන්ත්‍රණය ශක්තිමත් කළ යුතු හෙයින් විපක්ෂයේ සියලුම පක්ෂවල ප්රතිසංවිධානයක් කළ යුතු බවට දැනටමත් යෝජනා ඉදිරිපත්ව ඇත. මෙම තනතුරු වෙනස්කම් සිදුවන්නේ එම ප්රතිසංවිධාන වැඩපිළිවෙළ යටතේ යැයි දැනගන්නට ඇත.
මේ අතර විපක්ෂයේ දේශපාලන පක්ෂවල අඩුපාඩුකම් පිළිබඳව සමාලෝචනය කිරීම සඳහා විශේෂ කමිටු පත්කිරීමටද ඒ ඒ පක්ෂ නායකයෝ අදහස් කරගෙන සිටිති.
පක්ෂයේ කළ යුතු වෙනස්කම් සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීමටද බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රකාශකයෙක් පැවසීය.
මේ සම්බන්ධයෙන් අප සමග අදහස් දැක්වූ සමග ජන බලවේගයේ නායකයෙකු පැවසුවේ පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතු ඉතා ඉක්මනින්ම අරඹන බවයි.
ඉදිරි මැතිවරණ වලදී ශක්තිමත්ව මුහුණ දීම සඳහා පක්ෂ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම අනිවාර්ය අවශ්‍යතාවක් බවද ඔහු කීවේය.
මේ අතර පක්ෂ ප්රතිසංවිධාන කටයුතුවලදී තරුණයින්ට වැඩි අවස්ථාව ලබාදීමටද පක්ෂ නායකයන් තීරණය කර ඇත.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 74 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා පැවැත්වෙන ආගමික වැඩසටහන් මාළාවේ ඉස්ලාම් දේව මෙහෙය අද දින කොළඹ
මහරගම පමුණුව හන්දිය හරහා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගි ජීප් රථයක් මෝටර් රථ දෙකක ත්‍රී රෝද රථයක හා යතුරු පැදියක ගැටී සිදුවූ අනතුරින් යතුරුපැදියේ ගමන් ගත
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2 කින් අඩු කළ බවත් එම පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 309 ක් බවත් ලංකා කනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර න
හල්දුම්මුල්ල සීලතැන්න ප්‍රදේශයේ දී අවදානම් ලෙස පැවති ගසක් කපා ඉවත් කිරීමට ගිය පුද්ගලයෙකු එම ගස අධිබලැති විදුලි රැහැන්වල පැටලීමෙන් විදුලිසැරවැදී එම
මේ වනවිට උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල , නානුඔය හා බණ්ඩාරවෙල දක්වා දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි.
කොළඹ ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින කාලගුණික තත්වය හේතුවෙන් අද (30) දිනය තුල වායු ගුණ තත්ත්ව දර්ශකය 92 - 120ත් අතර අගයක් පැවැතිය හැකි බව ජාතික ගොඩනැගිලි ප
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විපක්ෂයේ මුල් පුටු පෙරළේ
පිටරටවැසියා Saturday, 30 November 2024 02:56 PM
තරුණයින්ට වැඩි අවස්ථාවක් විතරක් නෙමෙයි, අද-ඊයේ ඉපදිච්චි අයව දාලාවත් ගොඩගන්න බෑ. පරණ තක්කඩි එහෙම්මම ඉන්න තාක්කල්.
සේදිරිස්Saturday, 30 November 2024 03:43 PM
අනේ පිටරැටියෝ, ඔහේ මාලිමාවට ඡන්දෙ දුන්නා නම් නිධානයක් හාරගෙන කොටියෙක් සමරගෙන පැත්තකට වෙලා ඉන්න පව් දෙන්නේ නැතුව. ඔවුන් ඒක කර ගනී ඔවුන්ට ඕනෑ විදියට...
විපරමා Saturday, 30 November 2024 04:29 PM
සමගි ජන බලවේගයේ අසමගිකම් නැති කරලා, ජාතික ලැයිස්තුවේ හතර දෙනාව පත් කරලා වැඩ පටන් ගත්තොත් හොඳ නැද්ද?
කර්තේලිස් Saturday, 30 November 2024 04:32 PM
සේදිරිස් වගේ ගවයින් හිටපු හින්ද තමයි, මේ රටට මෙච්චරටම කෙළවුණේ. දේශපාලුවන් සහ ඇතැම් රාජ්‍ය නිලධාරීන් රටට කරපු හානියට වඩා හානියක්, විපතක් මෙවැනි අය රටට කළා...!
සිල්වා Saturday, 30 November 2024 05:01 PM
ලාංකීය සමාජය බොරුවලට හොඳටම රැවටෙන පිරිසක්. එබැවින් ඉදිරි පෙලට ගතයුත්තේ බොරුවවට පිළිතුරු දිය හැකි පිරිසක් නැති නම් තරගෙට බොරු කීමට දක්ෂ පිරිසක්...
රුවන් Saturday, 30 November 2024 05:42 PM
සෙදිරිස් උන්නැහේ කොමා තත්වයෙන් අවදිවෙලාද?
වික්‍රම විදුර Saturday, 30 November 2024 05:52 PM
තරුණයින්ට උස නම් සිකුරිටි මිටිනම් කම්කරු.. මේ පාර උස නම් කම්කරු මිටි නම් සිකුරිටි වෙයි... ඕක තමයි වෙනස් වෙන්නේ.. නාකි ලොක්කන්ගේ පුටු ඔවුන්ගේ විනාශ කාර දරුවන්ගේ පුටු හැමදාම රජපුටු.. පුළුවන්නම් රජ පුටුව තරුණයෙකුට දීපල්ලකෝ බලන්න...