IMG-LOGO

2024 ඔක්තෝබර් මස 20 වන ඉරිදා


විභාග වංචා වලට පියවර නොගත් විභාග කොමසාරිස් ඉවත් කරන්න

(විශේෂ බී.ජී. චතුරංග)

වර්තමාන  විභාග කොමසාරිස් ජෙනරාල්වරයා යටතේ අතිශයින්ම බරපතල විභාග වංචා දෙකක් සිදුව ඇති බැවින් සහ ඊට අදාළ නිසි පියවර නොගැනීම හේතුවෙන් වහාම විභාග කොමසාරිස් ජෙනරාල්වරයා එම තනතුරින් ඉවත් කර සේවය අවසන් කළ යුතු බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අනුරාධපුරයේ දී  පැවති මාධ්‍ය හමුවකදී අද(20)වැනි දා පැවසීය.

මෙහිදී ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ මේ කොමසාරිස් ජනරාල්වරයා යටතේ අතිශයින්ම බරපතල  විභාග වංචා දෙකක් සිදුව ඇති බවය. ඒ වෙනුවෙන් එම චෝදනාකරුවන්ට විභාග රාජකාරී අත්හිටුවීම ඇරෙන්න කිසිම වෙනත් ක්‍රියාමාර්ගයක් ගෙන  නැතැයි ද සභාපතිවරයා සඳහන් කළේය.

2015 වසරේ සිට මේ දක්වා බරපතල ගණයේ විභාග වංචා 439 ක් සිදුව  ඇතැයි ද ඒ වෙනුවෙන් ද ලබා දී ඇති උපරිම දඬුම වී ඇත්තේ ජීවිත කාලයටම විභාග රාජකාරී පමණක් තහනම් කිරීම බවද හෙතෙම පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතාගෙන් කල විමසීමේ දී මේ කරන චෝදනාව ඒ මහතා ප්‍රතික්ෂේප කළ අතර මේ වනවිට ශිෂ්‍යත්ව විභාග සිද්ධියට අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවේ නඩුවක් පවා ක්‍රියාත්මක බව පැවසීය. 

එමෙන්ම දෙපාර්තමේන්තුව පූර්ණ විමර්ශනයක්ද මේ වනවිට සිදු කරන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මුලින්ම පැමිණිලි කළේද තමන් බව විභාග කොමසාරිස් ජෙනරාල්වරයා අවධාරණය කළේය. 

තම සීමාව තුළ උපරිම සාධාරණයක් කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවද තවදුරටත් ඒ මහතා කීය. එහෙයින් මේ කටයුතු කිසිසේත් අතහැර නොමැති බවද විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (3)

විභාග වංචා වලට පියවර නොගත් විභාග කොමසාරිස් ඉවත් කරන්න

Dewage Sunday, 20 October 2024 01:27 PM

එක එකා කියන ආකාරයට රජයේ සේවකයින් වේවා, නිලධාරි වේවා සේවයෙන් පහකිරීම කරන්න කාටවත් අයිතියක් නැහැ... රජයේ නිලධාරි පාලනය වෙන්නේ ආයතන සංග්‍රහයේ රෙගුලාසි අනුව මිස සමිති සමාගම් අටවාගෙන පිං පඩි ගන්න අයගේ උපදෙස් අනුව නොවෙයි වරදක් වෙලා කියලා පැහැදිලි වෙනවා. ඒත් මූලික විමර්ශනය කර ඒ අනුව ලැබෙන තොරතුරු මත නිදහසට කරුණු විමසීමක් කර විධිමත් විනය පරීක්ෂණයක් කිරීමෙනුත් පස්සේ තමයි දඬුවමක් කරන්න පුළුවන් වෙන්නේ... ඒ නිසා රාජ්‍ය සේවය අවමානයට පත්කිරීම වෙනුවෙන් (ඔහු ආයතන සංග්‍රහයේ රෙගුලාසි නොදන්නා නිසා ) මොහුටත් දඬුවමක් දියයුතුයි. දැන් ඔය මිනිහා කියාවි අපිට ආයතන සංග්‍රහය වලංගු නැහැ කියලා... ඒකට කියන්න තියෙන්නේ ලැබුණු පත්වීම් ලිපිය කියවා බලන්න කියලා තමයි...

:       1       18

රම්බොඩ Sunday, 20 October 2024 01:59 PM

මෙයාලා කියන කියන එක කරන්න ගියොත් අපේ රටත් බංග්ලාදේශයක් වෙයි.

:       1       6

ජයනාත් Sunday, 20 October 2024 02:16 PM

එක එකාට ඕන විදියට රටක් කරන්න බැහැ. විභාග වංචාවලට ගත යුතු ක්‍රියා මාර්ග තියෙනවා . කැකිල්ලේ නඩු තීන්දු දෙන්න බැහැ . නිකං බොරුවට කිච වෙන්නෙ නැතිව ඉන්න.

:       0       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගම්මන්පිල ජනපතිට අවසන් සිහිකැඳවීම කරයි
2024 ඔක්තෝබර් මස 20 1298 10

පාස්කු ඉරුදින ත්‍රස්ත පුහාරය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ නොකළ වාර්තා දෙක හෙට( 21)උදෑසන දහය වන විට ප්‍රසිද්ධ නොකළහොත් අනිවාර්යයෙන්ම තමා ඒවා ප්‍රසිද්ධ කරන බව


හොර නෝට්ටු සමග දෙකක් සැකපිට
2024 ඔක්තෝබර් මස 20 250 0

රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 10 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනකු අක්කරෙපත්තුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.


අයි.එම්.එෆ් ගැන රජයට පැහැදිලි ස්ථාවරයක් නෑ
2024 ඔක්තෝබර් මස 20 870 3

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වත්මන් රජයේ ප්‍රතිපත්තිය අපැහැදිලි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සාගල රත්නායක මහතා අද (20) ව


පක්ෂ මාරු කරන දේශපාලකයන්ගේ සළුපිළි ගැලවෙන මැතිවරණයක් : මැකෝ කියයි
2024 ඔක්තෝබර් මස 20 1545 2

මුදල් නොමැති බව පවසා කල්තැබුණු පළාත් පාලන මැතිවරණය මෙරට ප්‍රතිපත්තියක් නොමැතිව පක්ෂ මාරු කරන දේශපාලකයන්ගේ සළුපිළි ගැලවෙන මැතිවරණයක් වනු ඇති බව මැති


එළවළු වෙළෙන්දන්ට ලොකු චෝදනාවක්
2024 ඔක්තෝබර් මස 20 912 1

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මේ දිනවල එළවළු මිල පහල බැස ඇතැත් මාතලේ දිස්ත්‍රික්කයේ සිල්ලර එළවළු වෙළදසැල්වල එළවළු මිල සීඝ්‍ර ලෙස වැඩිකර අලෙවි කරන බවට ප


හිටපු රාජ්‍ය ඇමතිවරයෙකුගේ පුද්ගලික ලේකම් වෙඩි වැදී මරුට
2024 ඔක්තෝබර් මස 20 2115 2

මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ පුද්ගලික ලේකම්වරයෙකු ලෙස කලක් තිස්සේ කටයුතු කළ අයෙකු වෙඩි වැදීමෙ


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 39 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 702 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 515 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site