IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


වියට්නාම් කෝටිපති ව්‍යාපාරික කතට මරණ දඬුවම්

(විමුක්ති එස් රුද්‍රිගු)

අල්ලස් ගැනීම, බැංකුකරණය පිළිබඳ රෙගුලාසි උල්ලංඝනය කිරීම සහ වංචා කිරීමේ චෝදනාවලට වැරදිකාරිය වූ වියට්නාමයේ දේපල වෙළඳාම් ක්ෂේත්‍රයේ දැවැන්ත ව්‍යාපාරිකාවක වන ට්‍රොන්ග් මි ලාන්ට වියට්නාම අධිකරණය මරණීය දණ්ඩනය නියම කර ඇත.

වියට්නාමයේ හෝ චි මින් සිටි නගරයේ පිහිටි අධිකරණයක මසක් පුරාවට මෙම නඩුව විභාග වූ අතර එහිදී ඉහත චෝදනාවලට මි ලාන් වැරදිකාරිය වූවාය.

වංචා කිරීමේ චෝදනාව සඳහා මි ලාන්ට මරණීය දණ්ඩනය නියම වූ අතර ඇමරිකානු ඩොලර් බිලියන 12.5 ක් වැනි විශාල මුදලක් වංචා කර තිබීම එයට හේතුව විය.

මි ලාන් සභාපති ධූරය දරන වෑන් තින් පැට් සමූහ ව්‍යාපාරය ෂෙල් සමාගම් සහ සගයන්ගේ උදව්වෙන් වියට්නාම එස්.සී.බී බැංකුවෙන් ඇමෙරිරිකානු ඩොලර් බිලියන 12.5 ක් වූ එම මුදල වංචා කර තිබිණි.

මි ලාන් මුදල් වංචා කළ එස්.සී.බී බැංකුවද 2012 වසරේ සිට තින් පැට් සමූහ ව්‍යාපාරය පාලනය කළේය. වසර දහයකට වැඩි කාලයක් මි ලාන් සභාපතිත්වය දැරූ තින් පැට් සමූහ ව්‍යාපාරය ව්‍යාජ ණය අයැදුම්පත් සඳහා අනුමැතිය ලබා ගනිමින් මෙම මුදල් වංචා කර ඇති බවත් වංචා කරමින් එලෙස ලබාගත් මුදල් සමූහ ව්‍යාපාරයේ ප්‍රයෝජනයට ගෙන ඇති බවත් නඩු විභාගයේදී හෙළිවිය. එලෙස වංචා කළ මුදලට පොලියත් එකතු කළහොත් වංචා කළ මුළු මුදල ඇමරිකානු ඩොලර් බිලියන 20කට වඩා වැඩිවන බවත් එය වියට්නාමයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4.69 ක් බවත් අධිකරණයේ කරුණු දක්වමින් රජයේ නීතිඥවරු ප්‍රකාශ කළහ.

 



අදහස් (15)

වියට්නාම් කෝටිපති ව්‍යාපාරික කතට මරණ දඬුවම්

රාලහාමි Friday, 12 April 2024 04:52 PM

ශ්‍රී ලංකාවේත් හංගලා, යට ගහලා තිබෙන නඩු ළඟදීම එළියට ඇදෙනවා. එදාට රට කාපු හොරු, මිනීමරුවෝ කී දෙනෙක් එල්ලුම් ගස් යයිද කියලා රටේ ජනතාව බලාගෙන ඉන්නවා...!

:       1       2

අරවින්ද මොනරවිල Friday, 12 April 2024 05:40 PM

වියට්නාමයේ වගේ වේගවත් ආර්ථික වර්ධනයක් සහ සංවර්ධන වැඩ සටහනක් මෙන්ම දූෂණයට හා වංචා වලට දැඩි දඬුවම් දෙන නීති පද්ධතියක් ක්‍රියාත්මක කරන ආණ්ඩුවක් ලංකාවටත් අවශ්‍යයි. ඉදිරි ජනාධිපතිවරණයේදී ජනතාව නිවැරැදි තීන්දුවක් ගතහොත් ඒ වාසනාව ලක්වැසියන්ටත් හිමිවනු ඇත.

:       1       3

චන්දන Friday, 12 April 2024 05:41 PM

ලංකාවේ මේ වගේ නඩුත් වියට්නාම විනිසුරු ලවා අහන්න බැරිද..?

:       0       3

Muthu Friday, 12 April 2024 06:04 PM

ලංකාවේ වගේමයි හොර බොරු වංචා කරෝතින් එහෙම ඉවරටේම ඉවරයි... නඩු දැම්මොත් එහෙම ලංකාවේ ඉතුරු වෙන්නේ සුපිරිසිදු පාලිමේන්තුව හා කොටස් වෙළෙඳපොල සුපිරි බිස්නස් කාරයින් ටික විතරයි.

:       0       2

ජගත් ලියනගේ Friday, 12 April 2024 06:41 PM

වියට්නාමය කොච්චර දියුණු රටක්ද? ඒ රට ඔයතරම් දියුණු වෙලා තියෙන්නේ වැරැදි කරන අයට නිසි දඬුවම් කරන නිසයි. ඒ රටේ මිනිස්සු වැරැදි කරන්න බයයි.

:       0       2

Supun Friday, 12 April 2024 07:12 PM

ගෑනු කොහොමත් වංචාවන්ට, අනුන් රවටන්න එහෙම දක්ෂයි. උත්පත්තියෙන් එන දක්ෂකමක් ඒක...

:       0       1

පිටරටවැසියා Friday, 12 April 2024 07:47 PM

වියට්නාමෙ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ නෑමයි...

:       0       4

nanda Friday, 12 April 2024 08:58 PM

හොරකමට, අල්ලසට එදා නැති රටවල් අද දියුණු වෙලා. අපේ රටේ හරියට මේවගේ දඬුවම් ක්‍රියාත්මක වෙලා තිබුණා නම් රට විනාශ කරන පාලකයෝ බිහිවෙන්නේ නැහැ.

:       0       2

Always break down Friday, 12 April 2024 10:56 PM

මැදමුලන පරම්පරාවටත් මෙය හොඳ ආදර්ශයක්...

:       0       2

Poor Citizen Saturday, 13 April 2024 03:27 AM

දෙවියන්ට පින් සිද්ද වෙන්න ලංකාවේ අපිට ඒ වගේ සාධාරණයක් නැහැ .මොකද අපි එහෙම උනොත්, විශේෂයෙන්ම රාජපක්ෂ පවුලේ කිසිම දේශපාලකයෙක් ලංකාවේ ජීවත් වෙන්නේ නැහැ.

:       0       2

lakee Saturday, 13 April 2024 04:14 AM

අ[පෙ රටේ බැංකු හොරු ජනාධිපතිලා වෙනවා .ජනාධිපතිගේ යාලුවා මහේන්ද්‍රන් සිංගප්පූරු වල සුරසැප විඳිනවා

:       0       2

Bamunuarachchi Saturday, 13 April 2024 06:06 AM

අපේ මහ බැංකුවේ කට්ටිය හිටියානම්? දෙයියෝ සාක්කි.

:       0       2

B Amarasinghe Saturday, 13 April 2024 07:59 AM

නියමයි. අපේ මහ බැංකු කොල්ලකරුවන්ට දුන්න දඬුවම වගේමයි

:       0       2

Perera Saturday, 13 April 2024 09:21 AM

වියට්නාමයේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. අපේ තක්කඩි හිරේ යන්නේ නෑ. ඔවුන්ට නඩු දාන්නෙත් නෑ.

:       0       2

Nimal madawala Saturday, 13 April 2024 12:24 PM

මරණ දඬුවම දුන්නම මුදල් කවුද ගෙවන්නේ .පාඩුව රජයට දරාගන්න වේවි .මුදල් අය කර ගැනීමේ ක්‍රමයකට ගියානම් වටිනවා

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුර උතුරෙන් සමාව ගත යුතුයි
2024 සැප්තැම්බර් මස 08 52 0

අනුර දිසානායක යාපනයට පැමිණ කළ තර්ජනකාරී ප්‍රකාශය සම්බන්ධයෙන් උතුරේ ජනතාවගෙන් වහාම සමාව ගත යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ ජන රැළ


‘‘අපේ ඇමැති මණ්ඩලය 25යි‘‘
2024 සැප්තැම්බර් මස 08 62 0

එළබෙන 21 පසුව අපි පිහිටුවන රජයේ විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් තමයි අපි හදන්නේ. එයට 25 දෙනයි. රාජ්‍ය ඇමතිවරු නැ . නියෝජ්‍යය ඇමති විතරයි. ඒ ඒ විෂයට අදාල ක්ෂේත්‍රය


ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 749 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 209 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 622 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 144 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site