IMG-LOGO

2024 ජුලි මස 08 වන සඳුදා


විශ්‍රාම වැටුප දෙන්න අල්ලස් ගත් පියන්ලා රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

විශ්‍රාම වැටුප සහ පාරිතෝෂිත දීමනා ලබාගැනීමේ කටයුතු සලසා දීම සඳහා රුපියල් 30000 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ කාර්යාල කාර්ය සහායක හා සහායිකාව ලබන 19 දින දක්වා රක්ෂිත බන්ධනා කරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද  (05)නියෝග කළේය.

තිලකාවතී අබේසිංහ හා ප්‍රදීප් සමන්ත පෙරේරා යන සැකකරුවන් මෙසේ  බන්ධනාගාර ගත කළේය.

සැකකරුවන්  පෙරේදා දින අත්අඩංගුවට ගත් බවත් ,ලබාගත්  මුදල අධිකරණයට ඉදිරිපත් කරන බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් කරුණු ඉදිරිපත් කරමින් පැවසීය.

පැමිණිලිකාර තැනැත්තිය මියගිය සැමියාගේ  විශ්‍රාම සහ පාරිතෝෂිත දීමනා ලබා ගැනීමට එම දෙපාර්තමේන්තුවට ගොස් ඇති බවත්,එහිදී කටයුතු කරදීමට රුපියල් 35000  මුදලක් ඉල්ලා ඇති සැකකරුවන් රුපියල් හාරදහසක මුදලක් ලබාගෙන ඉතිරි රුපියල් තිස්දහස ලබා ගැනීමේදී අත්අඩංගුවට ගත් බව ද පැවසීය.

සැකකරුවන් වෙනුවෙන් නීතිඥ රෝහණ සේනාරත්න මහතා පෙනී සිටි අතර පළමු සැකකාරිය පැමිණිලිකාරියගේ සැමියාව  හොඳින් දන්නා කෙනෙකු බවත්,අල්ලස් ඉල්ලා සිටීමේ චෝදනාව ප්‍රතික්ෂේප කරන බවත් පැවසීය. කෙසේ වෙතත් විමර්ශන අවසන් නොමැති බැවින් ඇප ඉල්ලීමක් නොකරන බවද නීතිඥවරයා පැවසීය.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 19 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරමින් විමර්ශන ප්‍රගතිය එදිනට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේය.



අදහස් (3)

විශ්‍රාම වැටුප දෙන්න අල්ලස් ගත් පියන්ලා රිමාන්ඩ්

රංබොඩ Friday, 05 July 2024 07:35 PM

රජයේ බොහෝ ආයතනවල බොහෝ සේවකයින් උසස් හෝ කා.කා.ස. වැනි රැකියා කරන අයද අල්ලස් ගැනීමට හුරු වී ඇති වග පෙනේ. ඉතා හොඳ ගෞරවණීය සේවකයින් ද ඇත.

:       0       12

විපරමා Friday, 05 July 2024 08:00 PM

මා ඉතා හොන්දින් දන්නා කෙනෙකුගේ විස්‍රාම වැටුප් පාරිතෝසිකය හදාගත්තේ 2009 වසරේදී රු.10,000ක පගාවක් දීලා. 2016 දී අනතුරකට ලක්වී ඇවිදින්ඩ බැරුව ගියා..එ නිසා ග්‍රාම සේවකගේ සහතිකය ඉද්‍රිරිපත් කරන්ඩ බැරිවූ නිසා විස්‍රාම වැටුප් ගෙවීම් නැවැත්වූවා.මා දන්න විදියට ඔහු ඉතාම හොන්දින් අවන්කව තම රාජකාරිය කරපු කෙනෙක්.දැනට .විදෙස් රටක හොදින් ජීවත්වෙනවා.

:       0       7

samare Saturday, 06 July 2024 04:21 AM

අපි කතාකරන්නේ AI ගැන ඕනෑම අති බහුතරයක් අතේ ස්මාර්ට් ෆෝන් තියෙනවා. තරුණ පිරිසගෙන් බහුතරයක් කොයි වෙලේ බැලුවත් FB හෝ YouTube එකේ... නමුත් ඉතාම සරල පරිගණක ක්‍රියාවලියක් හරහා කළ හැකි විශ්‍රාම වැටුප් වාර්තාවක් සැකසීම වගේ දෙයක් කරගන්න එම දෙපාර්තමේන්තුවට බැරි වීම කණගාටුවට කරුණක්. යම් සේවකයෙක් රජයේ සේවයට ඇතුලත්වෙනකොටම එය විශ්‍රාම යන දවස දන්නවා. ඉතින් අඩුම ගණනේ වසරින් වසරවත් එක එක සේවකයාගේ විශ්‍රාම වැටුප් විස්තර එම දෙපාර්තමේන්තුවට තම දත්ත පද්ධතියට ඇතුළත් කරගන්න බැරි නම් අපි ලැජ්ජා විය යුතුයි. නිකරුනේ මිනිස්සු රස්තියාදු කරවනවා. මේවා හොර ගුහාවල්. අකාර්යක්ෂම බවින් අංක එකට කිට්ටුයි. හැම මගුලකටම දේශපාලකයින්ටම බැන බැන ඉඳිමු..

:       0       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතුරුගිරියේ ඝාතකයන් පලා ගිය වෑන් රථය බුලත්සිංහලින් හමුවෙයි?
2024 ජුලි මස 08 627 0

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු පිරිසට වෙඩි තබා පලා ගිය වෙඩික්කරුවන් ගමන් කළ බවට සැකකරනු ලබන වෑන් රථය බුලත්සිංහල දෙල්මෑල්ල ප්‍රදේශය


නිමල්- අමරවීර යළි ඩාලි පාර හොල්ලති
2024 ජුලි මස 08 705 0

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඩාලි පාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණ එහි ඉදිරිපිට සිට ලියවිල්ලකට අත්සන් කොට පක්ෂ ලේකම


පොහොට්ටු තීරණය රනිල් වුනොත් අපි ඔක්කොම උදව් කරනවා
2024 ජුලි මස 08 852 0

පොහොට්ටුවේ ජනපතිවරණ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ බවට තීරණය කළහොත් ඒ සුබ තීරණය සඳහා සහයෝගය ලබා දෙන බව ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ම


ව්‍යාපාර 14ක් අලුතින් බදු දැලට
2024 ජුලි මස 08 1094 0

ක්ෂේත්‍ර තවත් 14කින් බදු අය කිරීමට තිරණය කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.


දක්ෂ කපිතාන්ලා බිහි වෙන්නේ නිහඬ මුහුදක නොව චන්ඩ මාරුතයක
2024 ජුලි මස 08 983 0

කපිතාන් වරයකුගේ දක්ෂතාවය හඳුනාගත හැකි වන්නේ නිහඬ මුහුදක නොව චන්ඩ මාරුතයක බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


තැපැල් දුම්රියෙන් තැපැල් පෙට්ටිය ගලවයි
2024 ජුලි මස 08 564 0

තැපැල් දුම්රිය අද (8) හා හෙට (9) සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන නමුදු තැපැල් සේවක වැඩ වර්ජනය නිසා තැපැල් මැදිරිය ඉන් ඉවත් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවස


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 784 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1717 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3615 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site