IMG-LOGO

2025 පෙබරවාරි මස 06 වන බ්‍රහස්පතින්දා


වී මිල නියම කිරීමෙන් ගොවියා තවත් අසරණ වෙලා

(බී.ජි. චතුරංග)

රජය මගින් නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 120ක සහතික මිලක් නියම කිරීම හේතුවෙන්  ගොවියා කබලෙන් ලිපට ඇද වැටුණු බව පවසමින්, මහවිලච්චිය ප්‍රදේශයේ  සිට අනුරාධපුරයට පැමිණි ගොවියකු අනුරාධපුර පිහිටි  ඩී.එස්.සේනානායක පිළිරුව ඉදිරිපිටට  පැමිණ, අද (6) සත්‍යග්‍රහයක නිරත විය. 

මහවිලච්චිය පේමඩුව ප්‍රදේශයේ පදිංචි ආර් අනුර බණ්ඩාර නමැති ගොවි මහතා  ' වී ' කරල් කිහිපයක් සහ කෘමි නාශක අඩංගු බෝතලයක් රැගෙන එය ඩී.එස්.සේනානායක පිළිරුව  වෙත දිගු කරමින් රජය ඇතුළු මහ මෝල් කරුවන්ගෙන්  ගොවියා බේරා දෙන ලෙස අයැද සිටියේය.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ  මහ විලච්චිය පදිංචි ආර්. අනුර බණ්ඩාර මහතා.

" මේ වනවිට රජයේ වී මිලදී ගැනීමේ, මිලත් එක්ක ගොවියා අන්ත අසරණ තත්ත්වයට පත්වෙලා සිටිනවා. එදා මේ රජය බලය ගන්න කොට කිව්වේ ගොවියාට සාධාරණයක් ඉෂ්ට කරනවා කියලා.වී වලට සහතික මිල නියම කිරීමෙන් මෝල් හිමියන්ට වාසියක් උනා. ‍ෙදැන් ගොවියාගේ වී වලට සාධාරණ මිලක් කියලා, 120ක මිලක් නියම කරලා තියෙනවා. මේ මගේ අතේ තියෙන  ගොයම් කරල්, මේ ගොයම් කරල්, මේ දක්වා මේ තත්ත්වයට එනකං වතුර දුන්න දවසේ ඉඳලා දුක් විඳලා, දුක් විඳලා, පැල් රැකලා වී වලට සාධාරණ මිලක් ලබා දෙනවා කිව්වට පස්සේ  අද 120ක මිලක් ලබා දීලා තියෙනවා. අද පොහොර මිල කීයද? 

අද වන විට වී කිලෝව 130ට දෙන්න බෑ, කළුකඩ මුදලාලිලා අඩුවට කිරනවා, ඒක මාධ්‍ය හරහා පෙන්නුවා. රජයේ මිල නිසා ඊයේ මම කඩෙන් අහන කොට කිව්වේ, තෙත වී ගන්නේ 90යි  අපිට ඊට වැඩිය බෑ කියලා. රුපියල් විස්සක් 30ක්වත් අපිට ඕනෙ කියලා. රජය කරපු දේ නිසා අපිට 130ට වී දෙන්න බැරි වෙලා තියෙනවා දැන් පෞද්ගලික අංශයට."

 

 



අදහස් (5)

වී මිල නියම කිරීමෙන් ගොවියා තවත් අසරණ වෙලා

රනේ Thursday, 06 February 2025 01:49 PM

මේ පුද්ගලයා හානවා වගේ මට පේන්නේ?

:       6       17

pradeep Thursday, 06 February 2025 01:56 PM

මේවා දේශපාලනික ගේම්

:       9       15

ජගත් ලියනගේ Thursday, 06 February 2025 02:08 PM

ඔය උද්ඝෝෂණය කරන ගොවියා කාගෙ හරි ගොට්ටෙක් නෙවෙයි නේද?

:       8       15

පාරිභෝගිකයන් Thursday, 06 February 2025 02:24 PM

වී ගොවිතැන් කරන ඔබ වෙත සහන මිලට දෙන පොහොර බෙහෙත් වගා සහනාධාර නියං ආධාර ගොවි දීමනා විශ්‍රාම වැටුප් නොමිලේ වාරිමාර්ග හා සියලුම වරප්‍රසාද හා රජයේ සම්පූර්ණ දෙපාර්තමේන්තු තුනක සේවය ලබා දීලා තියෙන්නේ රු220ට වත් හාල් කන්න නැති රටේ අනෙකුත් පුරවැසියන් බව දැනගෙන ඉන්න කරුණාකරලා

:       4       21

සමන් Thursday, 06 February 2025 03:19 PM

මෙවන් මිනිසුන් සමඟ ඉදිරියට යෑමට වෙර දරන ඔබට දෙවියන්ටගේ පිහිටයි. මෙය මිනිසුන්ට ගොඩ දැමිය හැකි රටක් නොවේ. මුන්ගේ ආකල්ප වටහා ගතහැක්කේ සතරවරම් දෙවියන්ට පමණි. හරිම ආත්මාර්ථකාමී ජන කොට්ඨාශයක්.

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

අරගලය අස්සේ මන්ත්‍රීවරු 43කගේ කරල පැහිලා
2025 පෙබරවාරි මස 06 121 0

මන්ත්‍රීවරුන් 43 දෙනෙකු අරගල සමයේ සිය දේපළ විනාශය වෙනුවෙන් රුපියල් එකසිය විසි දෙකෝටි හතළිස් එක් ලක්ෂ තිස් හතර දහස් හත්සීය තිස් හතක් (1224134737) ලබාගෙන ඇතැයි


මහාචාර්ය නීලිකාට ජාත්‍යන්තර තනතුරක්
2025 පෙබරවාරි මස 06 309 1

මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය, ජාත්‍යන්තර බෝවන රෝග සංගමයේ සභාපතිනිය ලෙස පත්වූවාය.


විද්‍යා ඝාතකයන්ගේ අභියාචනයට දින දෙයි
2025 පෙබරවාරි මස 06 293 0

මහත් ආන්දෝලනයකට තුඩුදුන් යාපනයේ සිවලෝගනාදන් විද්‍යා දැරිය පැහැරගෙන ගොස් සමූහ දූෂණය කර ඝාතනය කිරීමේ චෝදනාවන්ට වැරදිකරු වී මරණීය දණ්ඩනය නියම වු විත්ත


ස්වීඩනයේ ශ්‍රී ලංකාවේ වෙළෙඳපොල ඉහළ නංවයි
2025 පෙබරවාරි මස 06 233 0

ශ්‍රී ලංකාව සහ ස්වීඩනය අතර ද්විපාර්ශ්වික වෙළඳාම ශක්තිමත් කිරීම අරමුණු කරගත් උපාය මාර්ග සාකච්ඡා කිරීම සඳහා ස්වීඩනයේ ගොතන්බර්ග්හි ශ්‍රී ලංකා ගෞරවනීය


අණ නොතැකූ වැලි ට්‍රැක්ටරයට වෙඩි
2025 පෙබරවාරි මස 06 184 0

යාපනය ගුරුනගර් ඉරුපලෙයි ප්‍රදේශයේදී නීතිවිරෝධීව වැලි ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රැක්ටරයක් පොලිස් අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන් එහි රියදුරු ඊයේ (05) අත්


වැඩ වර්ජන නැතුව සෞඛ්‍ය සේවය හදමු
2025 පෙබරවාරි මස 06 602 4

වැඩවර්ජන, උද්ඝෝෂණ වලින් තොර විධිමත්, කාර්යක්ෂම සේවාවක් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ගොඩනැගීම සඳහා අත්වැල් බැදගන්නා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත නලින්ද ජ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 96 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 796 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 750 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site