IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


වෙළෙන්දන් ඉවත් කරන්න ගිහින් නොසන්සුන් වෙයි

(බී.ජී. චතුරංග සහ දයාරත්න ඇඹෝගම) 

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන්  ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද  (9) එම ස්ථානය  දැඩි නොසන්සුන්කාරී  වූහ.

එහිදී එක් වෙළෙන්දෙකු  භූමි තෙල් රැගෙන අසල පිහිටි, විශාල ප්‍රමාණයේ නාමපුවරුවක් උඩට නැග ශරීරයට ගිනි තබා ගන්නා බව පවසමින් විරෝධතාවයේ නිරත විය.

තමන් නගර සභාවට දෛනිකව රුපියල්  දෙසීයක මුදලක් ගෙවමින් වෙළඳාම්  කටයුතු වල නිරතව සිටියදී තාවකාලික වෙලදසැල් මෙලෙස කඩා ඉවත් කිරීම, අනුමත නොකරන බව ඔවුහු පැවසූහ.

මෙම ස්ථානයේ කෙසෙල් වෙළඳාමේ නිරතව සිටි සීතා නන්දාවතී මහත්මිය සඳහන් කළේ, තමන් ගැහැණු දරුවන් තිදෙනෙකු සහ රෝගී තත්ත්වයෙන් පෙළෙන තම සැමියා ජීවත් කරන්නේ කාලයක සිට අනුරාධපුර  මහා නගර සභාවට දෛනිකව කුලී ගෙවමින් පවත්වගෙන යන මෙම වෙළඳ සැලෙන් ලබා ගන්නා සොච්චම් මුදලින් බවය.

හිටිහැටියේ නිලධාරීන් පැමිණ විනාඩි දෙකක් යාමට මත්තෙන් පොල් අතු වලින්  සාදා තිබූ කෙසෙල් කඩය බිමට සමතලා කළ බවත් කීවේය.

 ඒ  හේතුවෙන් තමන්ට දරුවන් සමග පාරේ හිඟා කෑමට සිදු වන බව  පැවසූ ඇය දුක්විද ගොවීන් වෙළෙන්දන් වෙනුවෙන් ජනපතිතුමන්ගෙන් සාධාරණ විසඳුම්ක් බලාපොරොත්තුවන බවද සඳහන් කළාය.‍ෙ

මෙම ස්ථානයේ  ගැටුමක්  ඇති වුව හොත් මෙය පාලනය කිරීම සඳහා මූලස්ථාන පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති  ප්‍රධාන පොලිස් පරීක්ෂක නුවන් වික්‍රමසිංහ ඇතුළු නිලධාරීහු  කණ්ඩායමක් එම ස්ථානයට පැමිණි අතර, එම අවස්ථාවේදී සියදිවි හානි කර ගන්නා බව පවසමින් මම පුවරුවට නැගි පුද්ගලයාට පැහැදිලි කර දී බිමට බස්සවා ගැනීමට එම නිලධාරීහු කටයුතු කළහ. 

පැය විසි හතරක කාලයක් ඇතුලත මෙම වෙළඳසැල් ඉවත් කර කරගෙන එම භූමියට ශුද්ධ පවිත්‍ර නොකලහොත් නීති මගින් ක්‍රියා කරන බව පවසා, මේ ස්ථානයට පැමිණි අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පිටව ගියහ. 



අදහස් (2)

වෙළෙන්දන් ඉවත් කරන්න ගිහින් නොසන්සුන් වෙයි

රම්බොඩ Wednesday, 09 October 2024 01:45 PM

වැරැදි දෙයක් කාලයක් කරගෙන ගියාම ඒක සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා මිනිසුන් ඊට ඇබ්බැහි වෙනවා. ඒකයි මෙතැන වෙලා තියෙන්නේ...

:       12       56

SUNIL MILANO Wednesday, 09 October 2024 02:54 PM

මෙතැන වරද කරලා තියෙන්නේ වෙළඳාම කරන අහිංසක ජනතාව නෙමෙයි... රම්බොඩ. වරද නගර සභාවේ මොවුන් දිනපතා නගර සභාවට මුදල් ගෙවලා තියෙනවා... නිලධාරින් දැන ගන්න ඕනෑ... ඔවුන්ට කාලයක් ලබාදෙන්න අස්කර ගන්න කියලා..!

:       3       11

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඔප්පු හැදූ අයෙක් වසරකට හිරේ
2024 ඔක්තෝබර් මස 09 242 0

හොරු ඔප්පුවක් සාදා එය ලියාපදිංචි කිරීම සඳහා හෝමාගම ඉඩම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් වරයාට ලබා දුන්නේ යැයි කියන හෝකන්දර පුද්ගලයකුට වසරක බරපතල වැඩ සහිත ස


මෛත්‍රිට අතුරු තහනමක්
2024 ඔක්තෝබර් මස 09 1164 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ,ලේකම් හා ජාතික සංවිධායක තනතුරු සඳහා නව නිලධාරීන් පත් කිරීමට පක්ෂ විධායක කමිටුව ගත් තීරණ ක්‍රියාත්මක කිරී


වෙළෙන්දන් ඉවත් කරන්න ගිහින් නොසන්සුන් වෙයි
2024 ඔක්තෝබර් මස 09 2355 2

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9)


කෝටියක භාණ්ඩ ගුවන් තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 09 1391 0

රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ


සංගක්කාර යළි පිටියට
2024 ඔක්තෝබර් මස 09 1621 2

ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා


රුසියාව - ඉරානය එක්වී බ්‍රිතාන්‍ය අස්ථාවර කරන්න හදනවා
2024 ඔක්තෝබර් මස 09 1802 3

රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39578 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25764 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 363 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1203 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 405 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site