IMG-LOGO

2025 පෙබරවාරි මස 24 වන සඳුදා


වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳුම් නොදුන හොත් දැඩි පියවර ගන්නවා

 

(යොහාන් භාසුර)
වෛද්‍ය සේවාවට මෙතෙක් ලැබුණු ප්‍රතිලාභ සහ වරප්‍රසාද අත්තනෝමතික ලෙස කප්පාදු කිරීමෙන් ඇතිව තිබෙන ගැටලුව විසඳීමට පාලකයන් කඩිනමින් පියවර ගැනීමට අපොහොසත් වන්නේ නම් අවසානයේදී  වෘත්තීය ක්‍රියාමාර්ගවලට වුවද යොමුවීමට සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

අයවැය (2025) හරහා වැටුප් වැඩිවීමක් වුවද, වෛද්‍ය සේවාවටම ආවේණික සහ සුවිශේෂි වූ අමතර රාජකාරි දීමනාව ගෙවීමේ අගය අත්තනෝමතික ලෙස අඩු කිරීමේ තීරණයෙන් වෛද්‍යවරු තුළ බරපතල නොසන්සුන්තාවයක් නිර්මාණය වී ඇති බවත් මෙතෙක් ලැබූ සහ ලැබිය යුතු දීමනාවන් මෙලෙස අඩු කිරීම තුළ අයවැය ඔස්සේ යෝජිත වැටුප් වැඩි කිරීමෙන් අනතුරුව වෛද්‍යවරුන්ගේ වැටුපෙන් සැලකිය යුතු මුල්‍යමය අහිමිවීමක් වන බවත් එම සංගමය පවසයි. 

අමතර රාජකාරි ක්‍රමය සහ අමතර රාජකාරි දීමනාව වෛද්‍යවරුන්ට පමණක් සුවිශේෂී සහ ආවේණික වූක් බව කියන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරි දීමනාවේ පැයකට ගෙවනු ලබන අගය අදාල ශ්‍රේණියේ මූලික වැටුපේ මධ්‍ය අගයෙන් 1/80 ක්ව පැවතිය ද එය මෙවර අයවැය හරහා එක්වරම මූලික වැටුපෙන් 1/120 දක්වා සියයට 50 කින් පමණ අඩු කර ඇති බව ද සඳහන් කරයි.

වෛද්‍යවරුන්ගේ නිවාඩු දින දීමනාව මූලික වැටුපෙන් 1/20 අනුපාතයක පැවතිය ද එය අයවැයෙන් 1/30 දක්වා අඩු කිරීමට තීරණය කර ඇති බවත් මාසයක් පුරා වෛද්‍යවරුන් ඉරිදා සහ නිවාඩු දින කොතරම් ප්‍රමාණයක් සේවාවන් ඉටු කළ ද, ගෙවීම් සිදු කරනුයේ මසකට දින තුනක් සඳහා පමණක් බවත් එම සංගමය කියයි.

අයවැය යෝජනාවක් ලෙස වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරී දීමනාවේ පැයකට ගෙවන අගය අසාධාරණ සහ අත්තනෝමතික ලෙස සියයට 50 කින් පහත හෙලීම තුළ මෙරට වෛද්‍යවරුන් අවම පහසුකම් මධ්‍යයේ රට පුරා අඛණ්ඩව සපයන රෝගී සත්කාර සේවාවන් අවතක්සේරු කිරීමක් බවත් සේවාවේ සුවිශේෂී බව නොසලකා හරිමින්, කිසිඳු පාර්ශවයක් සමඟ එකඟතාවයකින් තොරව මෙම දීමනාව අසාධාරණ සහ අත්තනෝමතික ලෙස සංශෝධනය කිරීම කිසිසේත් පිළිගත නොහැකි බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මෙම තත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයාගෙන් සහ සෞඛ්‍ය අමා්‍යවරයාගෙන් සාකච්ඡා ඉල්ලා ඇති බවත් එම අවස්ථා හැකිඉක්මණින් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් එම සංගමය වැඩි දුරටත් සඳහන් කරයි.  

 



අදහස් (6)

වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳුම් නොදුන හොත් දැඩි පියවර ගන්නවා

දිමුත් Monday, 24 February 2025 02:55 PM

වෛද්‍යවරුන්ට විතරක් නෙමෙයි සමස්ත රජයේ සේවයටම නිවාඩු දින දීමනාව 1/20 සිට 1/30 දක්වා අඩු කරලා තියෙනවා. ඒක හරිම අසාධාරණයි. මේ ලෝකෙ කවුරුවත් මාසෙකට දින 30ක් වැඩ කරන්නේ නැහැ. මේකෙන් සිද්ධ වෙන්නේ මිනිස්සු හදිසියකටවත් නිඩාඩු දිනයක වැඩට එන්න මැලි වෙන එක.

:       3       6

ravijn Monday, 24 February 2025 03:00 PM

ආපහු වැඩ පටන් අරගෙන වගේ

:       10       9

Niranga Monday, 24 February 2025 03:19 PM

දොස්තරලා පාතාල වැඩේ පටන් අරන් වගේ...! කාලකණ්ණි, ලෙඩ්ඩු උගසට තියාගෙන සැප ගන්නවා.

:       9       9

casmir Monday, 24 February 2025 04:14 PM

මට දැනෙන විදියට සෞඛ්‍ය සේවයම පෞද්ගලික කරණය කළ යුතුයි. රජයට ඉතුරුවන සල්ලි වලින් පුද්ගලික අංශයේ වැඩ කරන අයට insuarance එකකට ප්ලෑන් කළා නම් රටක් විදියට ගොඩක් හොඳ තීරණයක්...

:       0       0

PGPTHILAK Monday, 24 February 2025 04:37 PM

ලක්ෂ හතරක් පහක් පඩිකද්දී ආණ්ඩු බයකරලා තවත් වටයකින් අහිංසක මිනිස්සුන්ගේ ලේ උරාබොන ලේ මාපිල්ලුන්ට සාප වේවා...!

:       1       0

ගමේ එකාලා Monday, 24 February 2025 05:13 PM

ලෙඩ්ඩු මළත් තමුන්ගේ ගතමනාව වැඩි කරගන්න හදනවා. පුද්ගලික රෝහල් වලට යන අය ගැනත් අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ඡන්ද දිනය 27 කියයි
2025 පෙබරවාරි මස 24 45 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය තීන්දු කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් ලබන 27 වැනිදා පැවැත්වීමට නියමිතය.


නව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2025 පෙබරවාරි මස 24 125 0

නව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ප්‍රසන්න පෙරේරා මහතා පත් කර තිබේ.


අයවැයෙන් බදු වැඩි වෙනවාලු
2025 පෙබරවාරි මස 24 93 0

ජාතික ජන බලවේග ආණ්ඩුවේ පළමු අයවැයට අනුව මේ වසරේදී ශ්‍රී ලංකාවේ පවුලක් රුපියල් 40,000 ක පමණ බදු මුදලක් භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේදී ගෙවීමට සිදුවන බවත් එය පස


ක්‍රීඩා ඇමති - මාධ්‍ය ප්‍රධානී හමුවක්
2025 පෙබරවාරි මස 24 76 0

විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන්හි ක්‍රීඩා ප්‍රධානීන් හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ දී අද


අයවැය ඡන්දය හෙට
2025 පෙබරවාරි මස 24 54 0

අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී හෙට (25) පස්වරු 6.00ට පැවැත්වේ.


කෙහෙළියගේ වත්කම් පිටපත් කෙහෙළියට දෙන්න කියයි
2025 පෙබරවාරි මස 24 213 1

අල්ලස් කොමිසම විසින් තහනමට ගෙන ඇති බාල බෙහෙත් ජාවාරම් සිද්ධිය සම්බන්ධයේ සැකකරුවකු වශයෙන් නම් කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහු


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 194 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 413 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 178 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site