IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


වී මණ්ඩලේ "බහුබූත වැඩක්"

මහ කන්නයේ  වී  මිලදී  ගැනිම සඳහා වී  අලෙවි  මණ්ඩලය ගොවින් ලියාපදිංචි  කරන හෙයින්  ලියාපදිංචි වන ලෙස ප්‍රාදේශිය කළමණාකරු ඩබ්ලව්.ඕ. තිලකරත්න මහතා  ගොවින්ගෙන් ඉල්ලා සිටියි.

මහ කන්නයේ අස්වැන්න මාර්තු මුලදී කපා පෑගෙයි. මණ්ඩලයේ අන්තර්ජාලයට  ඇතුළු විමෙන්  මෙම ලියාපදිංචිය කළ හැකි  බව ඔහු සඳහන් කළේය.

ශ්‍රි ලංකාවේ  ගොවීන් කී දෙනෙකුට  අන්තර්ජාල පහසුකම්  ඇද්දැයි  ඇසූ විට තිලකරත්න මහතා කීවේ එය නොදන්නා බවයි.

ඔය හැම දෙනා ළඟම ස්මාර්ට් ෆෝන් තියෙනවා. කළ යුත්තේ ස්මාර්ට් ෆෝන් එකකින් අපේ වෙබ් අඩවියට ගිහින් කුඹුරු හිමියගේ නමත් කුඹුරු හිමියන්ගේ නාම ලේඛනයේ අංකයත් පොහොර නාම ලේඛනයේ අංකයත් ඇතුල් කිරීමයි.  

වී මිලදී ගැනීම සඳහා පුර්ව සුදානමක් ලෙස ගබඩා  පහසුකම්  ඇති  කිරිම සහ නියමිත ප්‍රදේශ හඳුනා ගැනිමෙන් ප්‍රමාදයකින් තොරව ගොවින්ගෙන් වී 2015 මහ කන්නයේ  මිලදී  ගැනිමට  රජය සුදානමින්  සිටින හෙයින්  මෙම වැඩ  පිළිවෙළ කඩිනමින්  සිදු කරන බව ද ප්‍රාදේශිය කළමණාකරු  පැවසුවේය.

මුල් වරට  වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන හෙයින්  යම්  යම් අඩු  පාඩුකම්  ඇති විය හැකි  හෙයින්  ගොවින්ගේ වී  මිලදී ගැනීමේ  සුපුරුදු  ක්‍රියාවලිය නකර  නොකරන බවද ඔහු   කීවේය.

රජරට ගොවි නියොජිතයකු පැවසුවේ ''මේක බහුබූත තීරණයක් බවයි. ගොවියාට පුළුවන් උදැල්ලෙන් කුඹුරු කොටන්න, වී ටික ඉහින්න. ජංගම දුරකතනයක් තිබුණත් තාක්ෂණ දානුම නැත්තනම් ඔය කියන දේ කරන්න බෑ. එහෙම නම් ගොවීන්ට හැම ගමකම පංති පවත්තලා මේ වැඩේ කරන හැටි කියා දෙන්න වේවි. ලංකාවේ ඉන්නේ ඇමරිකාවේ ගොවීන් නොවන බව තිලකරත්න මහත්තයා නොදන්නවා ඇති. මේ වගේ මිනිස්සුන් මේ වගේ තනතුරු වලට දානකොට දෙපාරක් හිතන්න ඕනෑ.''

ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සාක්ෂරතාවය ඇත්තේ ජනගහනයෙන් 21% ක් පමණි. 

images

(අන්තර්ජාලයෙන් ගනුදෙනු කරන නයිජිරියා ගොවියෙක් )

bangladesh-mobile-phone-user

(ඉන්දිය ගොවියෙක්)

 



අදහස් (0)

වී මණ්ඩලේ "බහුබූත වැඩක්"

සරණපාල Monday, 28 December 2015 11:32 AM

දැන් අපේ රටේ ලොකුම දැවෙන ප්‍රශ්නය තනපට වීසිකිරීමනේ. ගොවියාට මොනවා වුණත් දැනට කමක් නැහැ. රණසිංහ මහතා කියන කතාව ඇත්ත. (නි)

:       0       0

අසෝක ගුණසේකර Tuesday, 29 December 2015 02:49 AM

අපේ රටට දෙවියන්ගේම පිහිට ලැබේවා. (ම)

:       0       0

ජගත් Monday, 28 December 2015 02:04 PM

මෙම නව අත්හදා බැලීමක්, නියම නිෂ්පාදකයා හඳුනා ගත හැකි...! නැතුව කොහොමද රටක් ඉස්සරහට යන්නේ..? දැනට මෙම ක්‍රියාවලියේ කෙරෙන වංචා දුෂණ අවමකර ගත හැකි ක්‍රමයක් බව ද පෙනෙනවා .දැන් ඔය මණ්ඩලේට වී විකුනන්නේ ගොවියෝමද..? දන්නෝ දනිති එය..! අතරමැදියා පමණක් නොව සැබෑ නිෂ්පාදකයා වන ගොවියා ද අන්තර්ජාලය හුරු විය යුතුයි...! ඕනෑම සමාජ ස්ථරයක (ආදිවාසීන් පවා) නව පරපුර දැන් ජංගම දුරබණුවෙන් යස අපූරුවට අන්තර්ජාලය භාවිතකරනවා. ගොවි තුමන්ලාට වසර ගණනාවක සිට බැංකු වලින් ,ලීසිං සමාගම් වලින් ට්‍රැක්ටර්, වාහන වලට ණය ගන්න දැනීමක් තියනවා නම් මෙයට හුරු වෙන්න බැරි විදිහක් නැහැ. දැන් කවුද අන්තර්ජාලය භාවිතා නොකරන්නේ..? පසුගාමී සහ දුශිතයනට තමයි හැම දේම නොපිටට පෙනෙන්නේ.මෙය අනිවාර්යයෙන්ම ක්‍රියාවේ යොදවන්න....! හිමාල් ,කුමාර් ,ඩිලාන්,දුමින්ද,විශ්ව ,ප්‍රසාද් ,ඔබලා හරි...! සුහවාදීව හිතනවා. (අ)

:       0       0

ලාල් Monday, 28 December 2015 02:24 PM

අනේ මෙහෙමත් නිලධාරීන් අපේ රටේ තනතුරු දරන එක ගැන කණගාටුයි. ගොවියාගේ තත්වය තේරුම්ගන්න තරම් බුද්ධියක් නැති හැටි. (නි)

:       0       0

චානක Monday, 28 December 2015 07:21 AM

අනේ මේ ගොවියට මොකද වෙන්නේ ? (ම)

:       0       0

රණසිංහ Monday, 28 December 2015 07:39 AM

මේ වැඩේ හොදයි. නමුත් මුල් අවස්ථාවේ පහසුකම් සැපයිය යුතුයි (ම)

:       0       0

කුමාර් (ගල්ෆ්) Monday, 28 December 2015 08:29 AM

ඇයි ලංකාවේ බැරි, අප්‍රිකාවේ බොහෝ දුෂ්කර රටවල පවා ගොවීන් සාමාන්‍ය දුරකථන මගින් බැංකු කටයුතු, වෙළඳපොල විමසීම් කාලගුණය හා බොහෝ සේවා සලසා ගන්නවා.(ම)

:       0       0

දුමින්ද Monday, 28 December 2015 08:41 AM

නැණසලින් ගොවිබිමට (ම)

:       0       0

ඩිලාන් Monday, 28 December 2015 09:18 AM

අර ත්‍රීවීල් මල්ලි කෙනෙක් හැමතිස්සෙම කියන්නේ "දැන් කව්ද මහත්තයෝ ඕවට බැංකුවලට යන්නේ, දැන් හැමෝම ඕවා කරන්නේ ෆෝන් එකෙන්. ඔය ලැප්ටොප් එකෙනුත් පුළුවන් කියා" ඉතින් මොකද ගොවි මහත්වරුන්ට බැරිවෙන්නේ? (නි)

:       0       0

බුද්ධි Monday, 28 December 2015 09:19 AM

අනේ මන්දා මොනවා කියන්නද කියලා (නි)

:       0       0

බමුණු ආරච්චි Monday, 28 December 2015 09:19 AM

ගොවියෝම බලා ගනිත්වා! (නි)

:       0       0

විජේ Monday, 28 December 2015 09:35 AM

මේ හුඟක් හොඳ වැඩක්. මේ කල යුතුම වැඩක් මේ වැඩ රට ඉදිරියට ගෙනයන්න පුළුවන් (කෞ)

:       0       0

හිමාල් Monday, 28 December 2015 09:50 AM

අන්තර්ජාලයෙන් කෙළින්ම ලියාපදිංචි වෙන්න බැරි අයට ගොවි ජන කාර්යාලෙට ගිහිල්ලා ලියාපදිංචි වෙන්න පුළුවන්. මේක හොඳ වැඩක්. (ර)

:       0       0

මහින්ද සෞදි Monday, 28 December 2015 09:48 AM

අපේ ගොවීන්ට පුහුණුවක් දුන්නනම් මොකද වෙන්නේ. (ර)

:       0       0

ප්‍රසාද් Monday, 28 December 2015 10:25 AM

හැමදේටම පුහුණුව දෙන්න ඕනෑද? ඔයවගේ දෙයක් දන්නා කාගෙන්හරි අහලා දැනගන්න බැරිද? අපි හැමෝම ජංගම දුරකථන පාවිච්චි කරන්න ඉගෙනගත්තේ, අන්තර්ජාලය පාවිච්චි කරන්න ඉගෙනගත්තේ එහෙමයි. තාක්ෂණයෙන් ප්‍රයෝජන ගැනීම හොඳ දෙයක්. තාක්ෂණය දියුණු මේ කාලේ මිනිස්සු පෝලිම් වල රස්තියාදු කිරීම තමයි වැරදි. (නි)

:       0       0

විශ්ව Monday, 28 December 2015 10:42 AM

ඇයි, ළඟම තියෙන ණැනසලට ගියා නම් හරිනේ. ලංකාවේ මිනිසු ලංකාව ගැනම ඉතාම පසුගාමී විදියට හිතන එක තමා දුක. අන්තර්ජාලය කියන්නේ මහ අමාරු දෙයක්වත් පන්ති තියලා උගන්වන්න තරම් දෙයකුත් නෙමෙයි. මේ වගේ දේවල් තමයි වෙන්න ඕනෑ, මම නම් හිතන හැටියට (නි)

:       0       0

සමන්ත Thursday, 31 December 2015 02:38 PM

මේ වගේ නිලධාරීන් හා වැඩ පිළිවළවල් අපහසු තත්වයන්ට ලක් කිරීම නෙමෙයි කරන්න ඕන. අගය කරන්න ඕන. හැම රජයේ අයතනක්ම අලුත් වෙනවනම් මේකත් අද රටක්. (බ)

:       0       0

සේන Monday, 28 December 2015 11:06 AM

මේ මිනිසුන්ට මොනවා වෙලාද? මොනවාද මේ වැඩ? (නි)

:       0       0

ජයවික්‍රම Monday, 28 December 2015 11:06 AM

සෑම රජයකින්ම කෘෂිකර්මාන්තය ගැන අත්හදා බැලීම් කරනව. නමුත් දවසින් දවස ගොවිය වළ පල්ලට. (කෞ)

:       0       0

නිමල් Tuesday, 29 December 2015 01:56 AM

අමාරුම කෙනෙක් ඉන්නවා නම් පාසලේ නමය ශ්‍රේණිය දරුවෙකුට කියන්න. එයා කරන හැටි කියලා දේවි. අනේ ළමයිනේ, වෙනස් වෙන්න ඔපමණ බයවෙන්න එපා. පරිගණකය භාවිතය කොල පුරවනවාට වඩා ලෙහෙසියි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 335 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති අද ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 2369 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 2007 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1489 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 8321 11

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 2450 3

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34492 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24003 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 159 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 486 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 216 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site