IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


වී මණ්ඩලේ සල්ලි පෙට්ටිය හිස් : වීත් ඇටයක්වත් නෑ

වී අලෙවි මණ්ඩලයෙන් වී මිලට ගත් පිරිසක් මණ්ඩලයට රුපියල් දෙකෝටි තිස්හය ලක්ෂයක් ගෙවීම් පැහැර ඇතැයි එහි සභාපති කේ.බී.ජයසිංහ මහතා කියයි.

මණ්ඩලය සතුව කිසිදු වී තොගයක් නොමැති බවත් සභාපති පවසයි.

පොළොන්නරුව වී මෝල් හිමියන්ගේ සංගමය කළ චෝදනාවකට පිළිතුරු දෙමින් ඔහු මෙසේද කීය.

දැනට වී මෝල් වැසී යාමට පටන් ගෙන ඇත්තේ වී අලෙවි මණ්ඩලය අත්තනෝමතික ලෙස වී මෝල් පවත්වාගෙන ගිය අයට රුපියල් ලක්ෂ ගණනින් වී තොග නිකුත් කිරීම නිසා බවත් ඔවුන් හිතවත්කම මත වී තොග පෞද්ගලික අංශයට වැඩි මිලට විකුණා  ඇතැයි ද පොළොන්නරුව වී මෝල් හිමියන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක හා උප සභාපති කේ.ඒ.ගාමිණි කුමාරසිංහ මහතා චෝදනා කරයි.

එහි ලේකම් රෝෂාන්ද සිල්වා මහතා කියනුයේ වී අලෙවි මණ්ඩලයෙන් විශාල වශයෙන් කීප දෙනෙකුට රුපියල් කෝටි ගණන් වලට වී විකුණා, වී ටිකත් මුදලක් නැතිව ඇතැම් ජාවරමුන් ඉතා හොදින් සිටින බවයි. තවත් පිරිසක් විදේශ ගත වී එම මුදල් වලින් වෙනත් ව්‍යාපාර ආරම්භ කැර ඇති බවද ඔහු කීවේය.

පොළොන්නරුවේ වී මෝල් වැසී යෑමට ප්‍රධානතම හේතුව වී අලෙවි මණ්ඩලය නුසුදුස්සන්ට වී තොග ලබා දීම බවත් ඔහු පැවසීය.

වී අළෙවි මණ්ඩලයේ සභාපති ජයසිංහ මහතා මෙසේ ද කීවේය.

අමාත්‍යංශයේ අනුමැතිය පරිදි වී අලෙවි මණ්ඩලයේ වී තොග මෝල් හිමියන්ට දී සහල් කැර නැවත සතොසට භාර දෙන ලෙස කීවා. එහෙත් වී තොග ලබාගත් කීප දෙනෙකු ගෙවීම් පැහැරහැර තිබෙනවා.  ඔවුන්ට එරෙහිව නීති මගින් කටයුතු කරනවා.



අදහස් (0)

වී මණ්ඩලේ සල්ලි පෙට්ටිය හිස් : වීත් ඇටයක්වත් නෑ

ලුම්බිණි Tuesday, 28 October 2014 09:45 AM

මේවා කරන්නේ කවුද කියල අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ. (ර)

:       0       0

රත්නායක Tuesday, 28 October 2014 10:02 AM

දේශපාලනයට, බල පුලුවන්කාරකමට මේ සේරම යටයි. නිලධාරිනුත් ඒවාටම හරියනවා. කෘෂිකර්මය කොහේ දියුණු කරන්නද?(හේ)

:       0       0

රන්ජිත් Tuesday, 28 October 2014 10:10 AM

තනතුරු වලට හොරු පත් කළාම ඔය වගේ සිද්ධි වෙන එක සාධාරණයි.(හේ)

:       0       0

සෙනරත් Tuesday, 28 October 2014 10:39 AM

තව ටික දවසකින් අපට කන්නත් නැති වෙනවා ඔය වැඩ නිසා.(හේ)

:       0       0

සිල්වා Tuesday, 28 October 2014 10:40 AM

අපේ රටේ කෘෂිකර්මයට දෙවියන්ගේම පිහිටයි.(හේ)

:       0       0

ගුණරත්න Tuesday, 28 October 2014 10:44 AM

වී අලෙවි මණ්ඩලයේ සභාපති පදවියට සුදුස්සෙක් සොයනු.(හේ)

:       0       0

සරත් Tuesday, 28 October 2014 11:00 AM

මරු සභාපති. මෙහෙමත් ලංකාවක්.(හේ)

:       0       0

සමන්ති Tuesday, 28 October 2014 11:47 AM

ඇප නැතිව ණයට දෙන ආයතනයක්. මට අමාරිස් අයියා මතක්වුනා. (සිනා නොමසෙන් දසන් දක්වා) (ර)

:       0       0

සනත් Tuesday, 28 October 2014 11:49 AM

ඕකට කියන්නේ දිවිනගුම කියල නේද?(හේ)

:       0       0

සෙනරත් Wednesday, 29 October 2014 03:29 AM

පොළොන්නරුවේ වී මෝල් තිබෙනවා සියගණනක්. එතකොට මේ සියල්ලටම වී දීලා තියෙන්නේ ඇපකරයක් නැතුවද? බලපත්‍ර තිබෙන මෝල් වලට වී දුන්නා නම් මෙහෙම වෙන්න බැහැ. වී ටික කොටලා හරියට බාරදෙන වී මෝල් හිමියෝ ඕනෑතරම් ඉන්නවා. මේකෙන් තමයි ඒ මිනිස්සු දිගටම මේ රස්සාව කරගෙන ගියේ. කාලයක් මේවා වැහිලා තිබුනා වී අළෙවි මණ්ඩලය වැහිලා තිබුණු කාලේ (නි)

:       0       0

මාටින් Wednesday, 29 October 2014 04:24 AM

අයියෝ සල්ලි! (නි)

:       0       0

කලීල් -බණ්ඩාරවෙල Tuesday, 28 October 2014 01:05 PM

අටුව කඩලා පුටුව හදලා වගේ... (ර)

:       0       0

සුරේඛා Tuesday, 28 October 2014 01:24 PM

මේ වගේ වැඩ සිද්ධ වෙනකොට රට දියුණු වෙන්නේ කොහොමද?(හේ)

:       0       0

අජන්ත Tuesday, 28 October 2014 02:55 PM

දන්නෝ දනිති.(හේ)

:       0       0

අජන්ත Tuesday, 28 October 2014 03:12 PM

අපට බත් නෙවේ කන්න වෙන්නේ පුන්නක්කු.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 1578 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 1657 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 1270 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1924 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 578 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 281 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38310 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25238 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 306 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site