IMG-LOGO

2025 ජනවාරි මස 30 වන බ්‍රහස්පතින්දා


වී සඳහා ‘අවම’ මිලක්?

(යොහාන් භාසුර)

වී සඳහා සහතික මිලක් වෙනුවට අවම මිලක් ඉදිරියේදී ප්‍රකාශ කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා අද (20) පැවසීය.  

කෘෂිකර්ම අමාත්‍යංශ්‍යයට යටතේ ඇති ආයතන පහක් සම්බන්ධ වී නිෂ්පාදන වියදම සකස් කරන බව කී නාමල් කරුණාරත්න මහතා එම නිෂ්පාදන පිරිවැයට පොහොර සහනාධාරය ඇතුළත් නොවන බව ද සඳහන් කළේය.

ගොවීන්ට ශුද්ධ ලාභයක් ලැබෙන සේ අවම මිලට රජය වී මිලදී ගන්නා බවත් අදාල ප්‍රමිතියට වී සපයන ගෙවීන්ට අමතර රුපියල් දෙක බැගින් ද දෙන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

රජය මිලදී ගන්නා වී අළෙවි නොකරන බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ එම වී සහල් කර සාධාරණ මිලට ජනතාවට අළෙවි කරන බවත්ය. 



අදහස් (5)

වී සඳහා ‘අවම’ මිලක්?

sakra Tuesday, 21 January 2025 01:07 AM

කිරිගහට ඇන්න වගේ කියන්නම් මෙවදෙන් කවදාවත් සහල් මිල පාලනය වෙන්නේ නැහැ . එහෙම වෙන්න නම් සියලුම වී රජයෙන් මිලටගෙන රජයෙන්ම සහල් බවට පත්කර විකිණීම කලයුතුයි . පවතින මිලට වඩා වැඩි මිලක් වී වලට රජයෙන් ගෙවල වෙළඳපොලේ මිලට වඩා අඩුමුදලට රජයෙන් සහල් විකිණීම යනු මහජන බදුමුදල් දේ ආකාරයකට ඵලදායි නොවන ලෙස යෙදවීම නොවෙයිද ? ඉස්සර වී අලෙවි මණ්ඩලයේ ස්ටෝකිපර්ගේ ඉඳලම හිටගෙන මාටියා ගැහැව්වා . එම ආයතන විනාශ වෙන්න ප්‍රධාන හේතුව එකයි. රජයෙන් කරන වෙළඳාම් හැමදාම් පාඩුයි . මේවා අනවශ්‍ය වැඩ . අනිත් හැමදෙයකම වගේම වී නිෂ්පාදන මිලත් වැඩි වෙලා . වී ගොවියාට එනිසා ගැලපෙන මිලක් ලැබිය යුතුයි . සහල් නිෂ්පාදකයාටත් එහෙම තමයි .

:       0       3

pj Tuesday, 21 January 2025 07:38 AM

රජයේ සහල් නිශ්පාදන මෝල්වල නඩත්තු කටයුතු , පරිපාලනය, සේවක හා හදිසි අාපදා අවස්ථා වයදම් දරන්නෙ පොලීසියෙන් ද... වෙනස් වන නිශ්පාදනයට හා දෙෙනික ජීවන වියදමට සාපේක්ෂව ගොවියා සහ පාරිභෝගිකයා දෙපාර්ශවයටම ගැලපෙන පාවෙන මිලක් පවත්වාගෙන යාමට ක්‍රමය හදුන්වාදීමට මහාචාර්ය නඩය අසමත් ද...

:       0       3

Lalla Tuesday, 21 January 2025 08:55 AM

වී ගොවිතැනට විතරක්ම දෙන පොහොර සහනාධාරය සෑම භෝගයකටම පොදු ලෙස පොහොර මිලට අදාල කරන්න. බත් විතරක්ම කාල ජීවත්වෙන්නේ.එලවලු පලතුරු පොල් එපාද?

:       0       1

de silva Tuesday, 21 January 2025 12:14 PM

අවසානේ මේ බර කරගහන්න වෙන්නේ පාරිභෝගික අපිට , ඔය සහතික මිලවල් වලින් වැඩක් නැහැ , කැමති කෙනෙකුට රටින් සහල් ගෙන්වන්න ඉඩ දෙන්න එකට කිලෝ එකට රුපියල් 10-20 පමණ සාධාරණ බද්දක් ගහන්න , වෙළද පල අනුව මිල තීරණය වෙන්න ඉඩ දෙන්න , එහෙම කලොත් සහල් මිල 150 ට අඩුවේවි, පහුගිය මාස 4 රජය එක තීරණයකට එන්නේ නැතුව එක එක පිස්සු නටපු නිසා දැන් වෙළදපලේ සහල් නැහැ , තිබෙන ඒවගේ මිල වැඩි , දුප්පත් මිනිහට කන්න නැති වුනොත් ඒවා ඉදිරි චන්ද වලට බලපාන බව රජය හිතට ගන්න

:       0       1

ජයනාත් Tuesday, 21 January 2025 12:17 PM

ඒක හොඳ දෙයක් නොවෙයි . මහ මෝල් කාරයො කියාවි ගත්තේ නැතත් 160ට ගත්තා කියලා. හාල් 300 යනවා ෂුවර් .

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

කදපොල එළවළු ජලයෙන් යටවෙයි
2025 ජනවාරි මස 30 317 0

මධ්‍යම කදුකරයේ නැගෙනහිර මායිම් ප්‍රදේශවලට අද(30) අලුයම ඇඳහැලුණු අධික වර්ෂාවත් සමඟ නුවරඑලිය කදපොල ප්‍රදේශයේ පහත් බිම්වල සිදුකර ඇති එළවළු වගාව සම්පුර්ණ


නිදහස් උළෙලේ තේමාව එළි දකී
2025 ජනවාරි මස 30 199 1

’’ජාතික පුනරුදයට පෙළ ගැසෙමු’’ යන තේමාවෙන් 77 වන ජාතික නිදහස් සමරු උත්සවය පෙබරවාරි 04 වැනිදා පැවැත්වෙන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය


ලංකාවෙන් පනින්න හැදූ නයිජීරියානුවා ගුවන්තොටේදී මාට්ටු
2025 ජනවාරි මස 30 324 0

ඝානා රාජ්‍යයේ ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් ශ්‍රී ලංකාවෙන් පළා යාමට තැත් කළ නයිජීරියානු ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළ


වතුරට යටවුණු ගොයම් පාරට ගෙනත් වේලනවා
2025 ජනවාරි මස 30 333 1

නැවත වරක් කිලිනොච්චිය දිස්ත්‍රික්කයට බලපා ඇති අධික වර්ෂාව සහ ජලගැලීම් හේතුවෙන් කුඹුරු අක්කර 500 කට අධික වී යලි පැලවීමේ දැඩි අවධානමක් පැවතීම හේතුවෙන් ග


සමූපේ හිටපු අතිරේක ලේකම් අත්අඩංගුවට
2025 ජනවාරි මස 30 741 1

රුපියල් මිලියන 183 ක මුදලක් සමූපකාර දින සැමරුම් උත්සවයක් සදහා වැය කළ බව කියන සමූපකාර හා අභ්‍යන්තර වෙළෙද අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් ප්‍රියන්ත කුමාර


සුව සැරිය තවත් පුළුල් කරයි
2025 ජනවාරි මස 30 876 0

1990 ඇමතුම් අංකය ඔස්සේ නොමිලේ පූර්ව රෝහල් ප්‍රතිකාර සපයමින් මෙරට සියළුම පළාත් ආවරණය වන පරිදි ක්‍රියාත්මක “සුවසැරිය” ගිලන්රථ සේවාව තවදුරටත් පුළුල් සේව


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 56 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 675 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 700 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site