(යොහාන් භාසුර)
මෙරට ජනතාව වැඩි වශයෙන් පරිභෝජනය කරන නාඩු සහල් නිෂ්පාදනය කරන නාඩු වී කිලෝවක් රුපියල් 120 කට අළෙවි කළ හැකි බවත් සම්බා වී කිලෝවක් රුපියල් 125 කට සහ කීරි සම්බා වී කිලෝවක් රුපියල් 132 කට අළෙවි කළ හැකි බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා අද (5) පැවසීය.
අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා කෝට්ටේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යංශයේ අද (5) පෙරවරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එසේ කීය.
මෙම මිල සහතික, හෝ උපරිම හෝ අවම මිල නොවන අතර එය ‘වී අළෙවි මණ්ඩලය මිලදී ගන්නා මිල’ බවත් එම මිලට ඉහළ මිලකට වී අළෙවි කිරීමට කිසිඳු බාධාවක් නොමැති මෙන්ම ඊට වඩා පහළ මිලකට වී අළෙවි කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත් අමාත්‍යවරයා කීය.
ප්‍රවාහන ගාස්තුවක් ලෙස වී අළෙවි මණ්ඩලය වී අළෙවිකරුවන්ට කිලෝවක් සඳහා මීට පෙර දුන් රුපියල් 2 ක අමතර මුදල මෙම මිලට ඇතුළත් කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
වී අළෙවි මණ්ඩලය සතුව වී වේළීමේ පහසුකම් නොමැතිවීම නිසා එම මණ්ඩලය තෙත වී මිලදී නොගන්නා බව කී අමාත්‍යවරයා ප්‍රමිතියෙන් යුත් වී නව මිලට ගන්නා බව ද සඳහන් කළේය.
ගෙවීන් වී අළෙවි මණ්ඩලයට වී අළෙවි කළ පසු පසුගිය කාලයේ මුදල් ගෙවීම බොහෝ ප්‍රමාද වී තිබුණ ද ඒ ආකාරයේ ප්‍රමාදයක් නොවන බවත් සහල් මිලට බලපෑමක් ඇතිකිරීමට ප්‍රමාණවත් වී තොගයක් මිලදී ගන්නා බවත් අමාත්‍යවරයා කීය.
වී අළෙවි මණ්ඩලය මිලදී ගන්නා වී ඇටයක්වත් අළෙවි නොකර සියලුම වී සහල් කරන බව කී ලාල් කාන්ත මහතා පැවසුවේ සහල් මාෆියාවෙන් ජනතාව මුදාගැනීමට වී තොග පාවිච්චි කරන බවයි.
කෘෂිකර්ම අමාත්‍යංශයට යටතේ පාලනය වන ආයතනය එකතුව ගොවියා සහ පාරිභෝගිකයා රැකෙන ආකාරයට වී මිල නියම කර ඇති බවත් නිෂ්පාදන වියදමට තුනෙන් එකක ලාභයක් මෙම මිලට ඇතුළත් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
වී මිලදීගැනීම සඳහා වී අළෙවි මණ්ඩලය සතු ගබඩා සූදානම් කර ඇති බව කී අමාත්‍ය ලාල් කාන්ත මහතා වී අළෙවි මණ්ඩලයට අමරතව සතොස සහ ඇතැම් සමූපකර ද සහල් මිලදීගැනීම නිසා ආණ්ඩුවට විශාල සහල් තොගයක් මිලදීගැනීමේ හැකියාව ලැබෙන බව ද සඳහන් කළේය.
මෙම මාධ්‍ය හමුවට කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ඇතුළු එම අමාත්‍යංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.
සංචාරකයන් ලෙස පැමිණ , වීසා නොමැතිව මෙරට රැඳී සිටි චීන ජාතිකයන් දොළොස් දෙනකු හා වියට්නාම් ජාතිකයකු වහාම මෙරටින් පිටුවහල් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍ර
අවමගුල් නිවසක කාන්තාවක සම්බන්දයෙන් ඇතිවූ කතාබහකින් පසු පුද්ගලයකුගේ තියුණු ආයුද ප්‍රහාරයකට ලක් වූ කාන්තාවකට සහ තවත් පුද්ගලයන් තිදෙනකුට රෝහල් ගත කළ බ
විදුලි කප්පාදුව නතර කරන දිනයක් ගැන නිශ්චිතව කිව නොහැකි යැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ශ්රී ලංකා අමරපුර මහ නිකායේ උත්තරීතර මහනායක පදවිය පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට රජය තීරණය කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්ය මණ්ඩලය සඳහා වැඩමුළුවක් නාරාහෙන්පිට නිල මැදුර පරිශ්‍රයේ දී අද (11) පැවැත්විණි.
පොලිස් ස්ථානාධිපතිවරුන් 139 කට අද (11) එකවර ස්ථාන මාරුවීම් ලබා දී ඇත.
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
වී සහතික මිල එළියට
යෝගා Wednesday, 05 February 2025 11:35 AM
ගොවීන් ඉල්ලුවේ සහතික අවම මිලක්. දැන් උපරිම මිලට යටින් ඕන අඩු මිලකට මුදලාලිලාට වී ගන්න පුළුවන්. අඩුම වශයෙන් රජය වී මිලට ගන්න සහතික මිල කියන්න. පච ආණ්ඩුව හිතාගෙන ඉන්නේ ඒ කාලේ රවට්ටලා අමුඩ ගස්සවලා පාරට දක්කපු ගොවියෝ තවමත් හරක් රැලක් කියලා.
SisbaraWednesday, 05 February 2025 01:00 PM
ඔබ වැරදියි. ආර්ථික විද්‍යාවේ අනුව සැපයීම සදහා දෙන්නේ උපරිම මිල.
ලක්විදුWednesday, 05 February 2025 02:40 PM
යෝග උන්නැහේ, ආර්ථික විද්‍යාව ගැන අබමල් රේණුවක දෙයක් නොදැන නිකං තප්පුලන්න ගිහිං හෙලුව පෙන්නගන්න එපා. වී වලට උපරිම මිලක් දෙන්නේ එසේ නොකලොත් හාල් වලට උපරිම මිලක් තීරණය කරන්න නොහැකි වෙන නිසයි. අපි වී ගත්තේ වැඩි ගානට කියලා හාල් මාෆියා කාරයන්ට හාල් මිල වැඩිකරන්න බැරි වෙන්න.
ලක්විදු Wednesday, 05 February 2025 11:37 AM
දැන් වගකීම ඇත්තේ ගොවි මහතුන්ගේ අතේ, ජනතාවගේ මුදලින් වාරි සහනාධාර, පොහොර සහනාධාර, කෘෂි උපදේශන, වගා හානි සහනාධාර ලබාගෙන මෙම මුදලට (අසාධාරණ නොවන) වී ටික ජනතාව ගැන සිතා රජයට විකුණනවාද, නැතිනම් රුපියලක දෙකක වාසියට කෑදර වී සහල් මාෆියාකාර මුදලාලිලාට දී පසුවට එම මාෆියාකාරයන්ට මහජනතාව පාවා දෙනවද කියන එක...!
Kazi Shajahan Wednesday, 05 February 2025 11:40 AM
ඉතාමත් සාධාරණ මිලක් ගොවියාට දීලා තියෙනවා.
මැක්ස් Wednesday, 05 February 2025 12:28 PM
කිලෝවකට රු. 140 ඕනා යයි කියමින් ගොවින් ඇවිස්සු නාමල් කරුණාරත්නලාගේ නරුම්කම් සෝදා හැරීමටත්, මෙම මිල එකග නොවන ගොවීනට කඩාකප්පල්කාරීන් යයි අවලාද නැගීමට දැන් ඉතින් මාලිමා ඩොබිවරුන්ට අවස්තාව උදා වේ.
සිල්වා Wednesday, 05 February 2025 12:31 PM
බබා හම්බ වුණා. වී සහිත මිල අනුව සහල් සිල්ලර මිල සඳහාද ගැසට්ටුවක් වහාම අවශ්‍යයි. තොග මිලට පාලන මිල අනවශ්‍යයි...!
ranjith Wednesday, 05 February 2025 01:11 PM
මොන ගොන් තීරණයක්ද 120 උපරීම කියන්නේ අවම මිලනේ කියන්න තිබුණේ
තේ ගොයියෝ Wednesday, 05 February 2025 01:18 PM
ඇයි මේ අමාත්‍යාංශ තුනකින් නඩත්තු කරන වී ගොයියෝ විතරක් රකින්නේ.තේ පොල් වවන අපිට වගා හානි නෑ සහනාධාර නෑ සහතික මිලක් නෑ .හැබැයි අපි මහා භාන්ඩාගාරට සතේක බරක් නැතුව විදේශ විනිමයට දායක වෙනවා
casmir Wednesday, 05 February 2025 01:27 PM
සහල් කිලෝග්‍රෑමයක මිල රඳා පවතින්නේ ඇඹරුම් ක්‍රියාවලිය සහ වී සහල් බවට පත් කිරීමේදී සිදුවන අනෙකුත් වියදම් (ශ්‍රමය, යන්ත්‍රෝපකරණ, ඇසුරුම් කිරීම සහ බෙදා හැරීම වැනි) වැනි සාධක කිහිපයක් මත ය. සාමාන්‍යයෙන්, මෙම අතිරේක පියවර නිසා සහල් සඳහා වී වලට වඩා වැඩි මුදලක් වැය වේ. වෙළඳපොළ සහ ස්ථානය අනුව සහල් මිල කිලෝග්‍රෑමයකට වී මිල මෙන් 2 සිට 3 ගුණයක් පමණ විය හැකිය. උදාහරණයක් ලෙස, වී මිල කිලෝග්‍රෑමයකට රු. 120 ක් නම්, සහල් මිල කිලෝග්‍රෑමයකට රු. 240 සිට 360 දක්වා පරාසයක පැවතිය හැකිය. ඉතින් නාමල් කුමාරයා යථාර්ථයට මුහුණ දෙනවා, ඔබේ රෙදි ගලවා ඇවිදින්න
ජයනාත් Wednesday, 05 February 2025 01:30 PM
පොහොර සහනාධාර ලැබෙන නිසා මේ මුදල් ප්‍රමාණවත් .
ගමේ එකාලා Wednesday, 05 February 2025 01:38 PM
මොනවා කළත් මොලේඋඩ ඉන්න කුහකයන්ට වැරදිමයි පේන්නේ?ජනතාවගේ රීර්‍රී මාන්ස හූරගෙන කාලා ,මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරලා ආසියාවේ ආස්චර්‍ය පෙන්වපු හැටිත් අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැ .
චන්දිමWednesday, 05 February 2025 02:56 PM
ගමේ එකාලම තමයි හුරේ තියන් ගිහින් ඡන්දෙ දුන්නේ. ගෝඨාභය ඡන්දෙ දිල කෙලෝගත්තෙත්,මාලිමාවට දීල කෙලවා ගනිමින් ඉන්නෙත් ගමේ එකාලමයි.නාමල් කරුනාරත්න ඡන්දෙට කලින් හිටියේ කුඹූරෙමයි.වී කරල හප හපා කිව්වෙ 130/= නාඩු කිලෝවට මිල නොදුන්නොත් කරන දේවල්.ගමෙන් ඡන්දෙ අරන් ගමේ එවුන්ටම කෙලිනව අද..150/= පෙට්‍රල් දෙන්න බැරි බව අපි දන්නවා. ප්‍රායෝගිකව කළ නොහැකි පොරොන්දු ගොන්නක් දිල ගමේ එකාලව අන්දවල රවට්ටල ඡන්දෙ ගත්තෙ.
seneWednesday, 05 February 2025 03:50 PM
වී කිලෝවක් නිෂ්පාදනයට රුපියල් 154 යැයි කීවා නේ ? දැන් එය අඩු වෙලාද ?
ගුණරත්න Wednesday, 05 February 2025 03:26 PM
නාමල් නැමැත්තා ඉස්සර කියපු සින්දුවේදී නම් කිව්වේ ගොයියන්ට 154 කුත් මදිය කියයි... දැන් කියන්නේ 120ක් හොඳටම ඇති කියයි. කලින් ආණ්ඩුවල අය ඔය හොරකම් කරා කිව්වත් මේ වගේ දෙපිට කාට්ටු කුහක අවස්ථාවාදී විදියට හැසිරුනේ නැහැ...
විපරමා Wednesday, 05 February 2025 05:14 PM
මොලේ උඩ ඉන්න සමහර වහලුන්ගේ කොමෙන්ට්ස් දැක්කාම කියන්න වචන නැහැ...
Ashan udara Wednesday, 05 February 2025 05:56 PM
එතකොට 154.00ක් නිශ්පාදන වියදම යනවා නම් දැන් කිලෝ එකකින් ගොවියෝ 34.00ක් පාඩු අරගෙනද විකුණන්න ඕනෑ?
අරවින්ද මොනරවිල Wednesday, 05 February 2025 07:45 PM
ඉතිහාසයේ කවදාවත් නොදුන්න සහතික මිලක් ලැබිලා, ඒ නිසා ටොයියන්ට බයියන්ට පොළවේ පස් කන්න වෙලා බොරුවට වැලපිලා...
බණ්ඩා Wednesday, 05 February 2025 08:01 PM
ජේ.වී. ආණ්ඩුවේ යන යන තැන බාල්දි පිටින් ඇදගෙන නං නානවා. ඒ නාගන්නේ වැසිකිලි වැලකින් කියලාවත් දන්නේ නෑ. මේ වගේ උපන් ගෙයි කැත කරගත්තු බොරු කාරයෝ ටිකක් මොන ආණ්ඩුවකටවත් හිටියේ නෑ. ගොවියා තමයි හැම පැත්තෙන්ම තැලෙන්නේ. හැබැයි ඉතින් ඉල්ලන් කාපු එකේ ඔන්න ඔහොම ගියාවේ...