IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


‘ශක්තිජනක පාන පොඩ්ඩන්ට දෙන්න එපා‘

ශක්ති ජනක පාන වර්ග දරුවන්ට දීමෙන් වළකින්නැයි ජාතික විස තොරතුරු මධ්‍යස්ථානය මව්පිය වැඩිහිටි සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරයි.

විශේෂයෙන් අවුරුදු 12 ට අඩු දරුවන්ට කිසිසේත්ම ශක්ති ජනක පාන ලබා නොදෙන්නැයි ඉල්ලා සිටින බව ජාතික විස තොරතුරු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ පැවැති සාකච්ඡාවක දී සඳහන් කළේය.
ශක්ති ජනක පානවල අඩංගු කැෆේන් හා හෘද ක්‍රියාකාරිත්වය වේගවත් කරන රසායනික ළමා ජීවිත බරපතල අවදානමකට හෙළන බවද ගුණතිලක මහතා සඳහන් කළේය.

 



අදහස් (0)

‘ශක්තිජනක පාන පොඩ්ඩන්ට දෙන්න එපා‘

රූපවතී Monday, 28 September 2015 04:43 PM

ඉන්න රට නෙවේ ප්‍රශනේ තම තමන්ගේ දරුවන්ට මේවා දීම සුදුසුද නැද්ද ? ඒ අැයි ? අන්තර් ජාලයෙන් සොයා බලල දැනුවත් වෙන්න තම දරු පැටවුන් වෙනුවෙන්..? අපේ ලංකාවේ මේ කිසිම දෙයක පාලනයක් හැදියාවක් ලිමිට් එකක් නැහැ..? කෙනෙක් යමක් කීවාම ඒ කෙනා පතුරු ගැහීමේ බාල පෙරලියක් තමයි ඔයාලගේ ඔලුවේ තියෙන්නේ..? (බ)

:       0       0

නසාර් Monday, 28 September 2015 05:13 PM

රූපා,සුසිල්, සිගිති තුන්දෙනාම තුම්මුලේද අනේ පව් ...(බ)

:       0       0

දිල්හානි Monday, 28 September 2015 06:41 PM

මමත් එහෙම තමයි. ළමයින්ට මැල්ලුමක් එක්ක බත් වේලක් දෙනවා, කඩ කෑම නැතුව. ඒකට ලංකාවේ? අනේ මන්දා ලංකාවේ දේවල් වටින්නේ පිටරට ඉන්න අයට විතරයි වගේ (නි)

:       0       0

ධම්මික Monday, 28 September 2015 08:57 PM

මේවා කුඩා දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද නුසුදුසු බවයි මම කියන්නේ. (නි)

:       0       0

සුකොමලී Monday, 28 September 2015 09:01 PM

මේවා 12න් පහළ ළමයින්ට ගන්න දෙන්නේ නැති රටක් ගැන කිවුවහම ඒ කුමන රටේද කියා කුකුසක් ඇතිවීම ස්වාභාවිකයි. නමුත් මාස 7-8 ළමයින්ට පැණි බීම දෙනවා කියන එක නම් අදහාගන්නට අමාරුයි. (නි)

:       0       0

රාධා Monday, 28 September 2015 11:45 PM

සමහර ළමයි වතුර වෙනුවට කෑම කාලා බොන්නේ ඔය බීම වර්ග. ඒක දැන් පුරුද්දක් වෙලා. (නි)

:       0       0

ජයාත් Tuesday, 29 September 2015 12:17 AM

මෙතන ප්‍රශ්නය රූපවතී ඉන්න රට නෙමෙයි, එතුමිය කියන දෙය.ඒක සම්පූර්ණ ඇත්ත. ඔය විස ජරාව මමත් මගේ ළමයාට දෙන්න නැහැ. අනික තමයි අර පැණි බීම පැකට් සහ "බාල අයිස් ක්‍රීම් වර්ග ". හා පැටව් වගේ පුංචි එවුන් කඩපිල් ගානේ ඔය ජරාව කනවා. කවුරුත් අනන්තවත් දැකලා ඇති. මොනවා කරන්නද රූපවතී? මේ රටේ මොනවටද නීතියක් තියෙන්නේ? අපිට තියෙන්නේ අපේ ළමයි ගැන බලාගෙන ඉන්න එකයි. මේක කවදාවත් හැදෙන රටක් නෙමෙයි. (නි)

:       0       0

ඉමේෂ් Tuesday, 29 September 2015 01:31 AM

ශක්තිජනක පාන කියන්නේ මොනවද කියලා කවුරුහරි මට පැහැදිලි කරලා දෙනවද? (නි)

:       0       0

පාලිත Tuesday, 29 September 2015 02:33 AM

මම ශක්ති ජනක පාන නිසා ඇතිවන හානිය දැනගෙන නොසිටියත් අපේ ලමයින්ට දුන්නේ නැ. යාලුවන්ටත් කිවා සාමන්‍යෙයන් මම කල් ඉකුත්වන දිනය වගේම නිෂ්පානදන දිනයත් බලලා තමයි බඩුවක් ගන්නේ. ඒ දෙක අතර කාල පරාසය වැඩිනම් ගන්න එපා. වැඩි කාලයක් තියාගන්න පුඵවන් කියන්නේ යොදලා තියෙන රසායනික ප්‍රමාණය වැඩියි කියන එක. යෝගට් කිරි පැකට් ලමයින්ට අරන් දෙද්දි මේ ගැන හිතන්න. (බ)

:       0       0

රෝහණ Tuesday, 29 September 2015 03:52 AM

මම නම් හිතන්නේ වේ ප්‍රෝටීන් වගේ බිම වර්ග වෙන්න ඕනේ ශක්ති ජනක බිම කියන්නේ (බ)

:       0       0

රූපවති Monday, 28 September 2015 10:17 AM

මගේ දරුවට් වයස අවුරුදු 14 යි, මේ රටේ කිසිම දරුවෙකුට වයස 12 න් පහල "එනේර්ජි ඩ්‍රින්ක්ස්" ගන්න දෙන්නේ නැහැ.. ඒ වගේම මගේ දරුවාට තාම ත් අපි කොකා කොළ සහ වර්ණ බීම නොදීමට වගබලා ගැනීම ගැන අපි සතුටු වෙනවා ..? එත් ලංකාවේ ඉන්න මාස 7, 8 ළමයටත් දෙමාපියන් පැණි බීම දෙනවග මා හොදින් දැක ඇත. (අ)

:       0       0

පද්මිණී Tuesday, 29 September 2015 05:19 AM

ලංකාවේ මේ තත්වය ඉතාම ශෝචනීයයි. කෙසෙල්, ගස්ලබු, අඹ, කොමඩු ගෙඩියට විෂ යොදනවා, කහ,මිරිස් තුනපහ ටිකට ඩයි වර්ග දානවා. අන්තිම පහත් විදියට මිනිසුන් සල්ලි හොයන්නේ. දවසට කියක් කසල තේ ලොරි අල්ලනවද? කඩේ තියෙන ආහාර ටික ප්‍රමිතියෙන් තියෙනවද කියල දෙමව්පියන්ට බලන්න බැහැ ඒවාට තමා රාජ්‍ය යාන්ත්‍රණයක් තියෙන්නේ? දියුණු බටහිර රටවල් සමග ලංකාව සංසන්දනය කරන්ට බැහැ. (බ)

:       0       0

ධර්ම ජයවික්‍රම Tuesday, 29 September 2015 05:21 AM

කොළ කැඳ, ගමේ ගොඩේ ලන්දේ කොරටුවේ හැදෙන පළතුරක් පානයක් ලෙස හදල දෙන්න අම්මලට වෙලාවක් නැහැ. ටෙලි නාට්‍ය පිස්සුව නිසා. (බ)

:       0       0

රසිකා Monday, 28 September 2015 11:07 AM

රුපවති අක්ක මොන රටේද (බ)

:       0       0

රූපවතී Wednesday, 30 September 2015 04:23 AM

"එනර්ජි ඩ්‍රින්ක්ස්" ගණයට වැටෙන්නේ "කැෆේන්" අඩංගු ඩ්‍රින්ක්ස් විශේෂයෙන් "කොෆී" රෙඩ් බුල් , කොකා කෝලා, සීනී අධික "අලියා බීම" වර්ග, කලර් වර්ග යෙදු සෑම බීමක්ම මේ ගණයට වටේ...? ලංකාවේ තිබෙන බීම .."පැකට් වර්ගනම්" .. කෑමට තියා බලන්නවත් දෙන්න එපා. ඔබට දැනෙනවා ඇති ලංකාවේ ජීවත්වන දරුවන් දියවැඩියාවට ගොදුරු වලා ඇත්තේ මෙවැනි ක්ෂණික සෞඛ්‍යයට අහිතකර කෑම නිසා බව ..? තවද අර මැගී නූඩ්ලස් එක මේ හා සමානව ශරීරයට අහිත කරයි, පිළිකා ආකරයක්..?අම්මල උයන්න ලේසියට මේක තමයි ළමයින්ට වතුරෙන් රත්කරල කවන්න පුරුදු වෙලා තියෙන්නේ..? (බ)

:       0       0

සුසිල් Monday, 28 September 2015 11:49 AM

මේ රටේ කියලා කීවේ මොන රටේද රුපවතී........?අපිටත් කීවා නම් ළමයිව එක්කරගෙන එතැකි අනේ වාසනාවන්.....! (අ)

:       0       0

සිඟිති Monday, 28 September 2015 01:32 PM

ඇත්තටම රුපවති නැන්දා ඉන්න රට මොකක්ද ? ඔයා නම් හරිම ආදර්ශමත්. (අ)

:       0       0

ඉන්දික Tuesday, 29 September 2015 06:54 AM

ඉමේෂ් ශක්තිජනක පාන (එනජර්ජි ඩ්‍රින්ක්ස් ) කියන්නේ උ.දා. රෙඩ් බුල් , වයිල්ඩ් එලිෆන්ට් ,බ්ලු වගේ ඒවා .(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද කාඩි අදත් ගන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 21 44 0

මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ජන්දදායකයන්ට අදත් (21) තමන්ට ලිපි බෙදා හරින තැපැල් කාර්යාලයට ගොස් ලබා ගැනීමට හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව


විදුලිය හා ඛනිජ තෙල් අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ.
2024 සැප්තැම්බර් මස 21 118 0

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බව


ජනපතිවරණය ඇරැඹේ
2024 සැප්තැම්බර් මස 21 389 0

නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ විය.


ඊශ්‍රායල ප්‍රහාරයෙන් හිස්බුල්ලා ලොක්කෙක් මරුට
2024 සැප්තැම්බර් මස 21 1022 0

ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං


ඇමෙරිකානුවොත් වේලාසනින් ඡන්ද පොළේ
2024 සැප්තැම්බර් මස 21 754 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති


ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 1471 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14560 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 147 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 97 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site