ආබාධයකට ලක්ව සිටින තුන් ඉරියව් ක‍්‍රීඩක ශකීබ් අල් හසන් ලබන මාර්තු මස 8 වැනිදා ආරම්භ වන බංග්ලාදේශ ක‍්‍රිකට් පිලේ ශ‍්‍රී ලංකා සංචාරය සදහා සහභාගි නොවන අතර එම ස්ථානයට මැද පෙළ පිතිකරුවකු වන මොමිනුප් හක් නම් කර තිබේ.
බංග්ලාදේශයෙන් බිහිවූ ප‍්‍රබලතම තුන් ඉරියව් ක‍්‍රීඩකයා ලෙස සැළකෙන ශකීබ් අල් හසන් මාස කීපයක සිට පාදයේ ආබාධයකට ලක්ව සිටියි. ශකීබ් අල් හසන් ශල්‍ය කර්මයක් සදහා මේ සතියේ ඕස්ටේ‍්‍රලියාවට යෑමට නියමිත බවත් අනතුරුව සති හයක පමණ කාලයක් ක‍්‍රීඩාවෙන් ඉවත්ව සිටිය යුතු බවත් බංග්ලාදේශ ක‍්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.
ශකීබ් අල් හසන් ටෙස්ට් තරගාවලියෙන් ඉවත්ව එක්දින තරගාවලියට සහභාගිවීමට මීට පෙර සැළසුම්කර තිබුණි.
මෙම තරග සංචාරයට ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග තුනක් සහ විස්සයි20 තරගයක් ඇතුළත් වන අතර පළමු ටෙස්ට් තරගය මාර්තු මස 8 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.
උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්
පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු
නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන
ශ්රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.
බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ශකීබ් අල් හසන් වෙනුවට මොමිනුල් හක් එයි
වරුණ Monday, 25 February 2013 12:54 AM
හොද ආදේශනයක් (දී)