(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
නිවසේ කෑම කාමරයේ තිබූ ශීතකරණයේ පහළ කොටසට අත දැමූ අවස්ථාවේ විදුලිසැර වැදුණු හය හැවිරිදි දරුවෙකු වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමේදී අද (25) පස්වරුවේ මිය ගොස් ඇතැයි අත්තනගල්ල පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ අලවල, වේයන්ගොඩ ලිපිනයේ පදිංචි ව සිටි අලවල ප්‍රාථමික විදුහලේ 1 වසරේ ඉගෙනුම ලැබු වයස අවු 06 වන ජයකොඩි මොහොට්ටි අප්පුහාමිලාගේ තේජාන් දිනුවර නැමැති දරුවෙකි
මෙම දරුවා නිවස ඇතුලත සෙල්ලම් කරමින් සිට ඇති බවත් නිවසේ කෑම කාමරය තුල තිබු ශීතකරණයේ පහල කොටස තුලට අත දැමීමේදී විදුලි සැර වැදී බිම වැටී සිටිනු දුටු දරුවාගේ පියා වහාම දරුවා වතුපිටිවල මූලික රෝහල වෙත ඇතුලත් කර ඇතත් ඒ වන විටත් දරුවා මියගොස් ඇති බව හෙළි වී ඇත.
සිද්ධිය පිළිබඳව අත්තනගල්ල පොලිස් ස්ථානයේ උ.පො.ප අමරසේකර මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් පරීක්ෂණ පැවැත්වීමේ යෙදී සිටින අතර දරුවාගේ මරණයට සම්බන්ධ මරණ පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය අද 26 වතුපිටිවල රෝහලේ දී පැවැත්වීමට නියමිතය.
ඉදිරියේදී කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය ඇතුළු සියලු අමාත්‍යාංශවල කාර්යභාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන බව අමා
ජාත්‍යන්තර පොලිසියේ අස්ථාන ගත වූ ලේඛනයෙහි සදහන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන , ශ්‍රී ලංකාව හරහා කැනඩාවට පළා යාමට තැත් කළ ඉන්දීය ජාතික තරුණියක ඇතුළු ත
ඇමෙරිකාවේ නිව් යෝර්ක් නුවර සදබි වෙන්දේසි නිවහනේ පසුගිය 20 වැනිදා පැවැති වෙන්දේසියේදී කෙසෙල් ගෙඩියක් ඇමෙරිකානු ඩොලර් මිලියන 6.2 ක (ශ්‍රී ලංකා රුපියල් කෝට
යුක්රේනයට ලබා දෙන සහාය අවතක්සේරුවට ලක් කිරීම සඳහා බ්‍රිතාන්‍ය සහ නේටෝ සාමාජිකයන් ඉලක්ක කරමින් සයිබර් ප්‍රහාර මාලාවක් දියත් කිරීමට රුසියාව සූදානම් ව
අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර තත්වයන් හේතුවෙන් උතුරු පලාතේ පවුල් 4162 කට අයත් පුද්ගලයින් 15,470 දෙනෙකු පීඩාවන්ට පත්ව ඇති බවටත් නිවස රැසකටද හානි සිදුව ඇ
සන්නද්ධ හමුදා අනුස්මරණ දින ප්‍රධාන සැමරුම් උත්සවය සහ පොපි මල් සැමරුම සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විහාර මහාද
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ශීතකරණයෙන් විදුලි සැර වැදී කුඩා දරුවෙක් මරුට