(ටෝනි කරුණානායක)
අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමග හැරීමේ චෝදනාව සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් තිදෙනාට විරුද්ධව ඇති නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද තීන්දු කළේය .
ඒ අනුව මෙම නඩුවේ පළමුවන සැකකරු වන ශානි අබේසේකරට දෙසැම්බර් මස 10 වන දිනත් දෙවැනි සැකකරු වන හිටපු උප පොලිස් පරීක්ෂක මෝහන මෙන්ඩිස්ට දෙසැම්බර් මස 11 වන දිනත් සිව්වන සැකකරු වන විශ්‍රාමික උප පොලිස් පරීක්ෂක නවරත්න ප්‍රේමතිලකට දෙසැම්බර් මස 13 වන දින කොළඹ අපරාධ කොට්ඨාසයේ පෙනී සිට ප්‍රකාශ ලබා දෙන ලෙසට අධිකරණයෙන් නියම කළේය.
සැකකරුවන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍ය උද්ධෘත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසයේ විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ කීය .
එකී උධෘත ගොනුව කොළඹ අපරාධ කොට්ඨාසය දැනුම් දුන් අවස්ථාවකදී නිලධාරියකු මගින් කොළඹ අපරාධ කොට්ඨාසය හමුවට ඉදිරිපත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට අධිකරණයෙන් නියම කෙරුණි .
සැකකරුවන් තිදෙනා ට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් ඇප නියෝගය අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති චෝදනා පදනම් විරහිත බව පවසා සැකකරුවන්ගේ නීතීඥයින් විසින් මෙම නඩුව තවදුරටත් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවත්වාගෙන යාමට නොහැකි බව විවිධ නඩු තීන්දු ගෙනහැර පාමින් අධිකරණය හමුවේ කරුණු දක්වා තිබුණි .
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ශානිට එරෙහි නඩුව දිගටම
sharm warn Wednesday, 01 December 2021 12:16 PM
මෙය මුදල් නොගෙවා කරන දේශපාලන පලිගැනීමකි කියලා දැන්වීමක් දාන්නේ නැද්ද ?
Royfedricks Wednesday, 01 December 2021 03:06 PM
අවංක රාජ්‍ය සේවකයෙකුට ලැබෙන උපහාරය මෙයද?මේ වර්ශා කාලයේ හෙන පතිත වන බව මතක් කිරීමට කැමතියි.