(නිමල් ජයරත්න)
රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතාට කොරෝනා වෛරසය ආසාදනය විමෙන් අද (27) වැලිකන්ද කොවිඞ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුලත් කර ඇති බව එහි රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.
මහර බන්ධනාගාරයේ රදවා සිටියදි ඔහුට කොවිඞ් වෛරසය වැලදි ඇති අතර ප්‍රතිකාර සදහා ඔහු මිට දින තුනකට පෙර වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුලත් කෙරිනි.
ඔහු විශේෂිත හමුදා ආරක්ෂාව හා බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව යටතේ වැලිකන්ද කොවිඞ් 19 රෝහලට ඇතුලත් කර ඇති අතර මේ වන විටද එම රෝහලට දැඩි ආරක්ෂාව යොදා තිබේ.
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට එරෙහිව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරිම යටතේ ශානි අබේසේකර මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබිණි.
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ශානි අබේසේකර වැලිකන්ද කොවිඞ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට
Ruhunu Friday, 27 November 2020 09:49 AM
මෙයා නරුමයා තවත් නිදැල්ලේ සැරිසරණ හැටි...
puppaFriday, 27 November 2020 11:53 PM
කොල්ලෝ ඔලුව අතගාලා බලන්න අං ඇවිල්ලද කියලා...?
Sena Friday, 27 November 2020 10:52 AM
රුහුණු.., අපේ ‘සර්’ ට එහෙම කියන්න එපා. එයා ජනාධිපතිනේ...
gotta Friday, 27 November 2020 11:05 AM
මෙයා නරුමයෙක් නම්, මෙරට උලාකන 225 ම අම්බානක නරුමයින්නේ...
විජිත් Friday, 27 November 2020 11:33 AM
මේ මනුස්සයා තමන්ගේ රටවෙනුවෙන් මහත්වූ සේවයක් කල පොලිස් නිලධාරියෙක්.දුෂිතයින්,මිනීමරුවන්,ලෝක හොරුන් රැසක් සාක්ෂි ඇතිවම නිතිය ඉදිරියට පමුණුවන්න කටයුතුකලා.දුෂිත දේශපාලුවන්, උන්ගේ හෙන්චයියන් රැසක් සිර ගත කළා.නමුත් අවසානයේදී සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ කියන මේ විසිවන සියවසේ ලොකුම පාවාදෙන්නන් නිසා කිසිම දුෂිත, දේශපාලු හොරෙක්ව නිතිය ඉදිරියට ගෙන එන්න බැරිවුනා.ආණ්ඩුව වෙනස්වුනා. දුශ්ෂිල සිවුරුකාර බමුණන්ගේ මුසා බස් ඇසූ ගෝත්‍රික ජනතාව නැවතත් " ගෝත්‍රික හොර රැල " බලයට පත්කරගත්තා.පතෝල සිරා හොරුන්ට එකතුවුනා.ඒ හොර රැල, ලස්සන කතන්දර ,බොරු සාක්ෂි, හදලා හොරු අල්ලපු ශානි අබේසේකරව කුඩුවට යැව්වා. දැන් මේ ගොල්ලෝ හදන්නේ මේ මනුස්සයාව ස්වභාවික හේතුවක් හදලා ඝාතනය කරන්නද...? මිනීමැරීම පිළිබඳ නම් දරාපු ගෝත්‍රික පාලකයින් නැවතත් ප්‍රශ්න ගොඩක් ඇතිකර ගන්න වගේ හදන්නේ. ජාත්‍යන්තරයේ අපේ රටේ නම තියෙන්නේ මිනීමරණ ගෝත්‍රිකයින් අතර බව 69 ලක්ෂයක් වූ බයියන් හැර මුළු ලෝකයම දන්නවා. යම් ලෙසකින් මේ මනුස්සයා හිර ගෙදරදී මිය ගියොත්.. මැද මුලන ගෝත්‍රිකයින් ඉල්ලන් කෑවා වගේ දෙයක් වෙන්න පුළුවන්.
Demuni Uduwara Friday, 27 November 2020 03:05 PM
බලන්න ලියපු දේ හරිද කියලා...?
VirasenaFriday, 27 November 2020 03:34 PM
කවුරුවත් මැරෙන්න ඕනේ නෑ. ඒකට තර්ක විතර්ක අවශ්‍ය නෑ. ඒත් මොහු කළ මහත් සේවය රංජන් රාමනායක ලස්සනට එළි කළා. රංජන්ගේ වළං හෝදන්නත් හැදුවා මතකයි. ඔහොම කුණු රචනා ලියන්න එපා, අප්‍රසන්නයි.
kithsiriFriday, 27 November 2020 05:07 PM
සහතික ඇත්ත විජිත් මහත්තයෝ... අපේ රටේ ජීවත්වෙන ගොඩක් මිනිස්සු ඇත්තට බයයි. ඇත්තටත් වඩා ආණ්ඩුවට බයයි. ආණ්ඩුවේ ඉන්න කුලියට මිනීමරවන සද්ගුණවත් උත්තමයින්ට ඊටත් වඩා රටේ මිනිස්සු බයයි. ඒ වගේම ඒ දූෂිතයින්ගෙන් වැසිකිලි පෝච්චියක්, ටකරමක්, සරමක්, රුපියල් 500ක්, අරක්කු භාගයක් අරගෙන බොරුවට කෑගහන බයියෝ ගැන නම් මට තියෙන්නේ අනුකම්පාවක්. හැබැයි ලෝකයේ එකාධිපතින්ගේ වැටීම පටන්ගත්තාම සිදුවුණු දේම මේ අයටත් කවදාහරි සිදුවෙනවා.
සමන්ත Friday, 27 November 2020 01:21 PM
ශානි කියන්නේ රටට ලැබුණු ජාතික සම්පතක්... වාස් ගුණවර්ධනව බය නැතුව අත්අඩංගුවට ගත්තේ ඒක ගැන හරියට හොයලා මිසක් බොරු සාක්ෂි හදලා නෙමේ. ඒක වුනේ මහින්ද ජනාධිපති කාලේ. ඇත්ත නම් මේ තක්කඩි මිනීමරුවන් ශානිට බයයි. කමල් ගුණරත්න බලාගෙනයි. තවම යුද අපරාධ චෝදනා වලින් නිදහස් වෙලා නෑ. හෙට අනිද්දා එන්නේ බයිඩන්...
DeshanFriday, 27 November 2020 03:40 PM
පොඩි දරුවොත් ඔහොමයි. කවුරුහරි ගේමට එනවා නම් කියන්නේ අපේ මාමා පොලිසියේ වැඩ කරන්නේ මම හෙට මාමව එක්ක එනවා කියලා...
සමන්ත Friday, 27 November 2020 07:23 PM
මාමා නෙමේ නැන්දා ආවත් තමන් නිවැරදි නම් බය වෙන්න දෙයක් නෑනේ ලොක්කා. අපි බලාගෙන ඉමු කවුද හරි, කවුද වැරදි කියලා...
karuFriday, 27 November 2020 04:37 PM
සමන්ත, ඔබ හරි. මැදමූලනයින් කරපු ඔක්කොම ජඩ වැඩ, හොර වැඩ, මිනී මැරුම් සාක්ෂි ඇතිවම අල්ලලා දුන්නේ ශානි අබේසේකර මහත්මයායි. හමුදාවෙන් පාසල් ශිෂ්‍යයින් මරපු ඒවා. හිරකාරයින් මරපු ඒවා, තාජුදින් මරපු මිනීමරුවන්, මේ ඔක්කොම සාක්ෂි ඇතිවම අල්ලලා දුන්නේ ශානි. මේ රටේ ඉන්න නූගත් මෝඩ බයියන් මේ සත්‍ය ගැන නොදන්නවා නොවෙයි. එ්ත් ලියන්න කියන්න බයයි. අපි බලාගෙන ඉමුකෝ මොකද වෙන්නේ කියලා...?
chandanaSaturday, 28 November 2020 06:07 PM
රණවිරු භාර්යාවන් පැහැදිලිවම කිව්වා තමන්ගේ හමුදා ස්වාමිපුරුෂයින් බේරාගැනීම සඳහා සාක්ෂි ගෙතිය යුතු අකාරය පිළිබඳව මොවුන් විසින් උපදෙස් දුන් බව. ඒක රන්ජන්ගේ හඬපටිවලින් සනාථ වුණා. සාක්ෂි වලට කරන බලපෑම මත වැරැද්ද නිවැරැද්දත්, නිවැරැද්ද වැරැද්දත් කිරීමට හැකියි. ඒ දෙකෙන් කුමක් වුවත් සාක්ෂි ලැබෙන බැවින් සාක්ෂි ලබාගන්නා දක්ෂයකු යැයි ප්‍රසිද්ධ වේ.
ලුම්බිණි Friday, 27 November 2020 11:18 PM
ශානි අබේසේකර මහතාට මෙම රජය සලකන හැටි ඉතාම ලැජ්ජා සහගතයි. එල්ලුම්ගස් නියම වූ අයට තිබෙන සැලකිල්ලවත් තවමත් අධිකරණයකින් වැරදිකරුවෙක් කරලා නැති මෙතුමාට නැහැ.
puppa Friday, 27 November 2020 11:58 PM
ලොකු අප්පුගේ පවුලේ වීරයාට සීමා නැහැ. අපි එයා දැක්කා මෙරට බිහිවුණු ශේ්රෂ්ඨ රණවිරුවා වන සරත් ෆොන්සේකා මහත්තයාගෙන් පළිගත්ත විදිහ. මේත් ඒකෙම දිගුවක්.
මාරයා Saturday, 28 November 2020 02:39 AM
ශානි ලොක්කා ඉන්නෙත් කෝවිඩ් වලට නියම වයසේ..
Puppa Saturday, 28 November 2020 05:33 AM
ඇයි කොල්ලෝ දියවන්නාවට පැන්නා නම් හරිනේ...
සමිත සේනක අලුත්ගමගේ. Saturday, 28 November 2020 08:07 AM
මෙතෙක් බිහිවූ බොහෝ ආණ්ඩු තමන් බලයට පත්වූ පසු තමන්ගේ විරුද්ධවාදීන්ව දඩයම් කිරීම තමයි කළේත්..., කරන්නෙත්. එය කුමන දේශපාලන පක්ෂ වලටත් පොදුයි. ඒ නිසා මේවා ගැන ජනතාව බැලිය යුත්තේ විමසුම් ඇසකින්... ඒත්, වෙන්නේ වෙන දෙයක්... එහෙම පිටින්ම බලුපොරයක් සේ තමයි නිදහස් මනසක් ඇති කෙනෙකුට ඔවුන්ගේ වැඩ පේන්නේ. ඒ වගේම මේ නිලධාරියා රන්ජන් සමග කතා කළ දේ ගැන ප්‍රසිද්ධ වුණා. නිලධාරින් දේශපාලන ගැත්තන් වුණොත් ඔවුන්ට අත්වෙන ඉරණම මෙබඳු බව අද එසේ කරනා නිලධාරීන් තදින් සිහිතබා ගත යුතුයි. එසේම මේ නිලධාරියා අද බලයේ සිටින සමහර චරිත වලට විරුද්ධව එදා පියවර ගත්තා. ඒ අදාළ චරිත තමන් පිරිසිදු නම්, තමන්ට නැගූ ඒ චෝදනාවලට එරෙහිව මොහුට විරුද්ධව පියවර නොගන්නේ මන්දැයි කෙනෙකු හට සැක සිතෙන්නට පුළුවනි. සත්‍යය කුමක්දැයි වටහා ගැනීම එතරම් අසීරු කටයුත්තක් නොවේ. එහෙත් අප රටේ මිනිසුන් වටහා නොගන්නේද සත්‍යයමය. කල්පනා කිරීමට නොහැකි මොලවලින් ඇති ඵලය කිම...?
jagath g Saturday, 28 November 2020 02:38 PM
ඇයි මෙයාව ජාතික රෝහලකට නොයවන්නේ පළි ගැනීමක්ද? රටම අවදියෙන්... එක රටක්.. එක නීතියක්..
Chandana Saturday, 28 November 2020 06:21 PM
කුමන නම් වලින් රණවිරුවන්ට අපහාස කරන අදහස් දැම්මත් කුරිරු 30 වසරක ත්‍රස්තවාදයෙන් මව් රට බේරාගැනීමත්, අහිංසක මහජනතාවට මරබියෙන් තොරව ජීවත් වීමේ අයිතිය ලබාදීමත් හේතුවෙන් එවකට ජනාධිපතිතුමාගේ සිට ආරක්ෂක ලේකම්, හමුදාපතිවරුන් ඇතුළු කමල් ගුණරත්න, ශවේන්ද්‍ර සිල්වා වැනි සිය දහස් ගණනින් වූ රණවිරුවන්ට ජාතියේ ගෞරවය හිමි වී ඇත. එය සදාකාලිකවම හිමිවිය යුතුයි. එලෙස රණවිරුවන්ට ගරු කරන ආශිර්වාද කරන රටවැසියන් සිටින තාක් මේ රට ආරක්ෂිතයි. වාසනාවන්තයි. අතීතයේ මෙන්ම වර්තමානයේද ඉඳහිට පාවාදෙන්නෝද නැත්තේ නොවේ. ඔවුන්ට ජනතාවගේ ශාපය නිතැතින්ම හිමිවනු ඇත. ජනතාව වෙනුවෙන් ස්වභාවධර්මයා විසින් පාවාදෙන්නන්ට හා පාවාදෙනු බලා සතුටු වන්නන්ට දඬුවම් දෙනු ඇත.