IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ශ්‍යාම්ගෙ මනාපේ...

2016-12-29-ent-93

කලා ක්ෂේත්‍රයේ ඉන්න අයට ප්‍රේක්ෂකයින් විදියට කොයි තරම් නම් අපි ආදරය කරනවාද? ඔවුන් දායකවන නිර්මාණ කොතරම් සංඛ්‍යාවක් අපි අපේම කරගෙන නරඹනවාද? රසවිඳිනවාද? මේ ආදරණීය චරිත ආදරය කරන නිර්මාණ සහ තවත් දේවල් ගැන දැනගන්න ඔයා ආස නැද්ද? Five Choice විශේෂාංගය ගෙනෙන්නේ ඒ වෙනුවෙන්. එක් සති අන්ෙතකට අපි ෙතා්රාගන්ෙන් එක Topic එකක්. අද Topic එක Film. එතකොට අද කතා කරන්නේ කැමතිම චිත්‍රපට 5ගැන.

මුලින්ම මේ කතා බහට සම්බන්ධ කරගත්තේ ඔබ නැතුව ඔබ එක්ක සිනමාපටය තුළින් ප්‍රේක්ෂක හදවත්වලට සමීප වුණු ශ්‍යාම් ප්‍රනාන්දු. ශ්‍යාම්ගේ සිතගත්ත සිනමාපට පහ ගැන හදසරට කියන්න කලින් ශ්‍යාම් කීවේ මෙහෙම දෙයක්.

මේක ඉතාම අමාරැ කාර්යයක්. මොකද සිනමා නිර්මාණ බොහොමයක් තියෙනවා මම ආසාවෙන් බලපු. ඒ අතරිනුත් ඉතා අසීරැවෙන් තෝරාගත්ත නිර්මාණ 5 ක් තමා මේ..

 

01. පෝලන්ත ජාතික සිනමාවේදයකු වන Krzysztof Kieslowski ගේ Three Colors කියන චිත්‍රපට අතරින් Three Colors: Blue චිත්‍රපටය

2016-12-29-ent-94මොකද Three Colors චිත්‍රපට ගත්තම චිත්‍රපට 3ක් එකට තුන් ඈඳුණු කතාවක් විදියට තියෙන්නේ Blue ,White , Red විදියට.

මේ තුළ තියෙන්නේ ප්‍රංශ කොඩිය නිර්මාණය වන පාට තුන ගැන. ඒ එක්කම ඒ හරහා ඔහු සංකල්ප තුනකුත් කතා කරනවා නිදහස, සාමානාත්මතාව සහෝදරත්වය වගේ. Blue චිත්‍රපටය ගත්තොත් නිදහස ගැන තමා කතා කරන්නේ. ඒ තුළ පුද්ගල නිදහස සහ සමාජයක නිදහස කියන කාරණා දෙකම කතා කරනවා. මිනිසුන්ගේ පුද්ගල බැඳීම් ප්‍රශ්න කරනවා වගේම ඒ හරහා යුරෝපීය සමාජයේ තියෙන සමාජයීය බැඳීම් පිළිබඳත් ප්‍රශ්න කෙරෙනවා. ඒ වගේම තමා මම ලෝක සිනමාවෙන්ම කැමතිම නිළිය වන Juliette Binoche තමා මෙහි ප්‍රධාන භූමිකාව නිරෑපණය කරන්නේ.

 

02. ඉරාන සිනමාවේදියකු වන  Asghar Farhadi ගේ A Separation චිත්‍රපටය

මෙහි ආකෘතිය ගත්තොත් ඉතාම සරල ආකෘතියක් තියෙන්නේ. සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලක් ඇතුළේ සිදුවන කතාවක්. නමුත් ඔහු ඒක ගෙනියනවා ඉරානයේ තියෙන සමාජ, ආර්ථික, දේශපාලන, ආගමික ප්‍රශ්න ගැන කතා කරන්න. සරලව කියනවා නම් ගෙදර ඇවිදින්න බැරි මහලු පියා බලාගන්න ගෙදරට එන මෙහෙකාරිය නිසා පටන් ගත්ත ප්‍රශ්නයක් ගැන කතා කරන්නේ. මම අහලා තියෙන විදියට Asghar Farhadi  කියන්නෙත් සරල පුද්ගලයෙක්. ඔහුගේ නිර්මාණ තුළත් ඒ සරල බව තියෙනවා. සිනමාවේ හරඹපාන්න ඔහු උත්සාහ කරන්නේ නැහැ. නමුත් අන්තර්ගතය පැත්තෙන් ගත්තම අපි ඉස්සරහට කණ්ණාඩියක් ඇල්ලුවා වගේ. ඉරානයට විතරක් නෙවෙයි අපිට අපේ ප්‍රශ්න ගැන කතා කරනවා වගේ දැනෙනවා ඔහුගේ නිර්මාණ බලද්දී.

 

03. කොරියානු සිනමාෙව්දියකු වන Kim Ki-duk ගේ 3-Iron චිත්‍රපටය

මේ අධ්‍යක්ෂවරයා අපේ ප්‍රසන්න විතානගේගේ පරම්පරාවට අයත් කෙනෙක්. 3-Iron චිත්‍රපටය දෙබස් නැති නිහඬ චිත්‍රපටයක්. ඒ චරිත විසින් කිසිදු දෙබසක් කියන්නේ නැතිව ඉතාම ප්‍රබල උද්වේගකර නාට්‍යමය අවස්ථා මවන චිත්‍රපටයක්. මම දැකලා නැති තරම් මේ තරම් සියුම් විදියට කරපු නිර්මාණයක්. අපි වචන වලින් කතාකරලා කියන්න බැරි තරම් ඉතා විශාල පරාසයක් තුළ කතා කරන චිත්‍රපටයක්. ඉන්න හිටින්න තැනක් නැති තරැණයෙක් වටා ගෙතුණු කතාවක්. හරිම ෆැන්ටසි විදියකට ඔහු ඒ තරැණයාගේ චරිතය ගේනවා. වෙලාවකට හොලමනක් විදියටත්. මොකද අපිට හිතා ගන්න බැහැ මේ චරිතය ඉන්නවාද හොලමනක්ද කියලත්. ඉන්න ගෙදරක් නැති මේ තරැණයා වහලා දාලා තියෙන ගෙවල්වලට අනවසරයෙන් ඇතුළු වෙලා. හැබැයි ඒ ගෙවල්වල අයිතිකරැවන්ට වඩා ඒ ගෙවල් ඉතා හොඳට පාවිච්චි කරලා පිටව යන තරැණයෙක්. මේ තුළත් තියෙන්නේ මානව සම්බන්ධතා ගැන.

 

04. ඉන්දියානු සිනමාවේදියකු වන  Anurag kashyap ගේ  Gangs of Wasseypur චිත්‍රපටය

මම ලෝක සිනමාවෙන්ම ගත්තම කැමතිම රංගන ශිල්පියා තමා Nawazuddin Siddiqui කියන්නේ. ඔහු තමා මෙහි ප්‍රධාන චරිතය කරන්නේ. ඒ වගේම මේ අධ්‍යක්ෂවරයාටත් මම ගොඩක්ම කැමතියි. මේ තුළ තියෙන්නේ චිත්‍රපට දෙකක්. මේකේ මම වැඩියෙන්ම කැමති දෙවැනි කොටසට. පරම්පරා දෙකක් අතර සිදුවන ගැටුමක් පාදක කරගෙන සත්‍ය සිදුවීමක් මුල්කරගෙන තමා මෙය නිර්මාණය කරලා තියෙන්නේ. ඒ සමාජයේ තියෙන ජාති ආගම් වර්ගවාදී ප්‍රශ්න නිසා මිනිසුන්ගේ ජීවිතවලට අත්වන ඛේදනීය ඉරණම ගැන කතා කරන්නේ. අපේ සමාජයටත් ගොඩක්ම සම්බන්ධ එකක් මොකද පශ්චාත් නුතන ආසියානු සමාජය ගැන ඉතාම ප්‍රබලව මෙහි කතා කරනවා.

 

05. අශෝක හඳගමගේ let her cry (ඇගේ ඇස අග) චිත්‍රපටය

ලංකාවේ නිර්මාණ අතර එක හා සමානව කැමති චිත්‍රපට බොහොමයක් තියෙනවා. ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාගේ නිධානය ඒ වගේම ධර්මසිරි පතිරාජ මහතාගේ චිත්‍රපටවලටත් මම කැමැතියි. නමුත් ඒ අතරත් අමතක කරන්න බැරි චිත්‍රපට අතර මුල් 5 ට මම තෝරා ගන්නේ අශෝක හඳගම ගේ let her cry (ඇගේ ඇස අග) චිත්‍රපටය. ලංකාව ඇතුළත විවිධ විචාරවලට ලක්වුණා. නමුත් මම හිතනවා මේ ගෙවමින් ඉන්න පවුල් සංස්ථාවට කුටුම්භගත සමාජයට හොඳට හිතලා බලන්න දේවල් ටිකක් යෝජනා කරන සහ දැඩිව කම්පනයට ලක්කරන චිත්‍රපටයක් කියලා. හඳගමගේ සිනමා භාවිතයේම තියෙනවා ප්‍රබල විදියට මිනිසුන්ව ප්‍රශ්න කරවන සිනමා භාවිතයක්. මේ චිත්‍රපටය තුළ මේ තියෙන සමාජ යථාර්ථය ඉතාම දරැණු විදියට උපහාසයට ලක්කරනවා.

ඉතින් මේ චිත්‍රපට 5 තමා මම දහසක් නිර්මාණ අතරින් ඉතාම අසීරැවෙන් තෝරා ගත්තේ...

බලන්නකෝ ශ්‍යාම්ගේ සිත නැවතුන සිනමා නිර්මාණවලට ඔබත් කැමතිද කියලා.

 

Text – Anusha Ranasingha

 

 



අදහස් (0)

ශ්‍යාම්ගෙ මනාපේ...

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 169 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


කරුත් මැතිවරණ සටනෙන් ඉවත්වෙයි
2024 ඔක්තෝබර් මස 13 5019 0

මෙවර මහ මැතිවරණය වෙනුවෙන් සමඟි ජන බලවේගයේ රත්නපුර ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබ සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතාද මැතිවරණ සටන


වැස්ස බස්නාහිර පාසල් කීපයක් වහයි
2024 ඔක්තෝබර් මස 13 4186 0

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කීපයක් හෙට (14) සහ අනිද්දා (15) වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන බලධාරීහු පවසති.


හිරුණිකා ජාතික සංවිධායක ධූරයෙන් යයි
2024 ඔක්තෝබර් මස 13 6791 0

සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත්වෙන්න තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි බලවේගයේ කඩුවෙල ආසන සංවිධායක හිරු


ගංවතුර අවදානම තවත් දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 13 945 0

කැළණී, කලු, ගිං සහ අත්තනගලු ඔය ආශ්‍රිතව තවදුරටත් තද වැසි ඇතිවුවහොත් ගංවතුර යළි වර්ධනය වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.


රට වෙනුවෙන් වැඩ කරන ප්‍රබල බලය මහ ඡන්දෙ දී ගන්නවා
2024 ඔක්තෝබර් මස 13 1670 3

රට වෙනුවෙන් සමහර තීන්දු තීරණ ක්‍රියාවට නැගීම සඳහා අවශ්‍ය කරන ප්‍රබල දේශපාලන බලය නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණයේදී අත්පත් කර ගත යුතුව ඇතැයි ජනාධිපති අ


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26119 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 339 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 423 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1367 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site