IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ශිරාණි බණ්ඩාරනායක

සම්පූර්ණ නම - උපතිස්ස අතපත්තු බණ්ඩාරනායක වාසල මුදියන්සේ රාලහාමිලාගේ ශිරාණි අංශුමාලා බණ්ඩාරනායක

උපන්දිනය හා ස්ථානය - 1958 අප්‍රේල් කුරුණෑගලදී

මව - ෆ්ලෝරා බණ්ඩාරනායක

පියා - විල්සන් බණ්ඩාරනායක

සහෝදරිය - රේණුකා බණ්ඩාරනායක (ඉන්ජිනේරු උපාධිධාරිනියක් වන ඇය දැන් ඕස්ට්‍රේලියාවේ ජීවත් වන්නීය)

අධ්‍යාපනය ලැබූ පාසල් -  (මව සහ පියා ගුරුවරු වූහ.  ඔවුන්ගේ ස්ථානාමරුවීම් නිසා පාසල් කිහිපයක අධ්‍යාපනය ලැබීමට ශිරාණි බණ්ඩාරනායකට සිදුවිය) ගිණිගත්හේන මහා විද්‍යාලය (1962-65) , හෙට්ටිමුල්ල බණ්ඩාරනායක විද්‍යාලය (1965), තෝලංගමුව විද්‍යාලය (1965-70), තෝලංගමුව මධ්‍ය විද්‍යාලය (1970-72), අනුරාධපුර මධ්‍ය විද්‍යාලය (1972-76)

උසස් අධ්‍යාපනය - කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ අධ්‍යාපන හදාරා 1990 දී නීති උපාධි (ගෞරව)(ඉහළ දෙවන පෙළ) හිමි කර ගැනීම.1983 දී කොළඹ විශ්ව විද්‍යාලයෙන් දර්ශනය පිළිබඳ පශ්චාත් උපාධි, 1983 දී නීතීඥයකු ලෙස දිවුරුම්දීම, 1986 මාර්තු මාසයේදී ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් පොදු නීතිය පිළිබඳ ආචාර්ය උපාධිය

විවාහය - ප්‍රදීප් ගාමිණී සුරාජ් කාරියවසම් සමග

දරුවෝ- ශවීන් බණ්ඩාරනායක

වෘත්තීය ජීවිතය - 1981 කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පිඨයේ ආධුනික කථිකාචාර්යවරියක ලෙස එක්වීම, විවිධ තනතුරු දරමින් 1987 නීති අංශයේ ප්‍රධානියා බවට පත්වීම, වැඩබලන පීඨාධිපති ලෙස අවස්ථා ගණනාවකදී සේවය කර 1992දී පීඨාධිපති ලෙස පත්වීම. 1993 දී සහාය මහාචාර්ය වරියක ලෙස පත්වීම,  වැඩබලන උපකුලපතිවරියක ලෙස අවස්ථා කිහිපයකදීම කටයුතු කිරීම

නීති ක්ෂේත්‍රයට එක්වීම - හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත් මිය විසින් 1996 ඔක්තෝබර් 30 ශ්‍රේෂ්ඨාධිකරණ විනිෂ්චකාරවරියක ලෙස පත්කරනු ලැබුවාය.

ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරියක වූ ප්‍රථම කාන්තාව ශිරාණි බණ්ඩාරනායක මහත්මියයි. ඇය අවස්ථා ගණනාවකදීම වැඩබලන අගවිනිසුරු ලෙස කටයුතු කළාය. අගවිනිසුරු අශෝක ද සිල්වා මහතා විශ්‍රාම ගැනීමෙන් පසු මහින්ද රාජපක්ෂ ජනපති ඇය අගවිනිසුරු ලෙස පත්කළේය. 2011 මැයි 18 ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ජනපති ඉදිරියේ ශ්‍රී ලංකාවේ 43 වැනි අගවිනිසුරු ලෙස දිවුරුම් දුන්නාය. ඒ වන විට ඇගේ ශ්‍රේෂ්ඨාධිකරණ සේවා කාලය වසර 15කි.

මෑත කාලයේ කතාබහට ලක්වුණු තීන්දු - 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය, උසස් පෙළ ඉසෙඩ් ස්කෝර් කඩඉම් ලකුණු පිළිබඳ නඩුව. (ඇගේ තීන්දුව අනුව වැඩිපුර සිසුන් 5000කට පමණ විශ්ව විද්‍යාල වරම් හිමිවිය), දිවි නැගුම පණත පිළිබද අර්ථ නිරූපණය.

දෝෂාභියෝගය - අගවිනිසුරු ලෙස පත්ව අවුරුදු එක හමාරක් යන්නටත් මත්තෙන් 2012 නොවැම්බර 1 වැනි දින මන්ත්‍රීන් 117කගේ අත්සනින් චෝදනා 14කින් සමන්විත දෝෂාභියෝගයක් ආණ්ඩුපක්ෂ මන්ත්‍රීහු කතානායකට බාර දුන්හ. විවිධ මතගැටුම් මැද, පාර්ලිමේන්තුව හා අධිකරණය අතර උණුසුම් තත්ත්වයක් ඇති කරමින් 2013 ජනවාරි 11 වැනිදා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයෙන් (වැඩි ඡන්ද 106කින්) දෝෂාභියෝගය සම්මත විය.

ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක වූ ප්‍රථම කාන්තාව ලෙසත්, ශ්‍රී ලංකාවේ අගවිනිසුරු ධුරයට පත් ප්‍රථම කාන්තාව ලෙසත්, දෝෂාභියෝගයකට ලක්වූ ප්‍රථම ශ්‍රී ලාංකික කාන්තා අගවිනිසුරුවරිය ලෙසත්, දෝෂාභියෝගය අවසානය දක්වා නිර්භීතය එයට මුහුණ දෙමින් අවසන් මොහොත දක්වා පැමිණි අගවිනිසුරුවරයකු ලෙසත්, දෝෂාභියෝගය යෝජනා සම්මතයකින් ඉවත් කැරුණු ශ්‍රී ලාංකික ප්‍රථම අගවිනිසුරුවරිය ලෙසත් ඉතිහාසයේ වාර්තා අතරට එක්වන්නීය.

 



අදහස් (0)

ශිරාණි බණ්ඩාරනායක

ගාමිණි Monday, 14 January 2013 01:54 AM

ඔබ තුමියට ජයෙන් ජය (දී)

:       0       0

හාමිනේ Monday, 14 January 2013 02:32 AM

වැදගත් ලිපියක් (දී)

:       0       0

අජිත් Monday, 14 January 2013 08:42 AM

අනාගත පරපුරට වැදගත් ලිපියක් (දී)

:       0       0

බණ්ඩාර Monday, 14 January 2013 04:55 PM

වටිනා කරුණු ටිකක් (දී)

:       0       0

කුමාර Sunday, 13 January 2013 11:56 AM

මාධ්‍ය කරුවන්ට වටිනා පුවතක් තමයි මේක (දී)

:       0       0

කෙවින් Sunday, 13 January 2013 11:56 AM

පොතක් ලියන්න වටිනවා (දී)

:       0       0

ජගත් Sunday, 13 January 2013 12:01 PM

වටිනා චරිතයක් (දී)

:       0       0

දිනේෂ් Sunday, 13 January 2013 12:04 PM

සියල්ල තියෙනවාද මෙතන (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 449 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 1024 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 384 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 176 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 557 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1318 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39093 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25572 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 321 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1079 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site