හිටපු ශූරයන් වන මීගමුව දොන් බොස්කෝ කණ්ඩායම හමුවේ රත්නම් කණ්ඩායම ගෝල 4-3 ක පරාජයක් ලැබුවත් මෙවර (2011) ප‍්‍රධානතම පාපන්දු ලීග් තරගාවලියේ ශූරතාව දිනාගැනීමේ අවස්ථාව ඔවුන්ට තවදුරටත් හිමිව තිබේ.
ඒ අනුව රත්නම් කණ්ඩායම ලබන සෙනසුරාදා (25) ගුවන් හමුදා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගය ජය පරාජයෙන් තොරව අවසන් කළත් ඔවුන්ට ලීග් ශූරතාව දිනාගැනීමට එය හොඳටම ප‍්‍රමාණවත්ය.
ගුවන් හමුදාව රත්නම් පරාජයට පත්කළත් ලීග් කිරුළ හිමිකර ගැනීමේ ඔවුන්ගේ අපේක්ෂා තවදුරටත් රඳවා ගැනීමේ අවස්ථාව අලූත්ම ප‍්‍රතිඵල අනුවත් හැකියාව ලැබී තිබේ.
මේ වන විට ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැුඳී සිටින යුදහමුදා කණ්ඩායමටද ප‍්‍රධානතම තරගාවලියේ ශූරතාව කෙරෙහි තවදුරටත් සිතන්නට අවස්ථාවක් ඉතිරිකර තිබේ.
එහෙත් ලීග් ශූරතාව දිනන්න නම් ඔවුන් ඉරිදා (26) වෙන්නප්පුව නිව් යංග්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගය ජය ගනිමින් රත්නම් හා සම ලකුණු වාර්තා කිරීමෙනුත් ඒ සඳහා ප‍්‍රමාණවත් නොවේ. එම ජයග‍්‍රහණය අවම ගෝල 6-0 කින් පමණවත් වාර්තා කළ යුතුය. යුද හමුදාව මෙම තරගාවලියේ ගියවරත් අනුශූරතාව ලද කණ්ඩායමයි.
කෙසේ වුවත් නන්දිමිත‍්‍ර කණ්ඩායමට එරෙහිව පසුගිය තරගයේදී ගෝල 6-0 දැවැන්ත ජයක් ලැබීමට තරම් ඔවුන්ගේ ප‍්‍රහාරය දැඩි එකක් විය.
මේ අතර තරගාවලියේ ශූරයා තීරණය කිරීම සඳහා මේ වසරේ පටන් යළිත් ශූරයන්ගේ ශූරයා පිළිමලූන් පිටුදැකීමේ තරග වටය පැවැත්වීමට පාපන්දු සම්මේලනය සූදානම් වේ. ඒ සඳහා ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය දක්වා පැමිණි කණ්ඩායම් සහභාගි කර ගැනේ.
එහිදී කෙළින්ම අවසන් පූර්ව වටය එම කණ්ඩායම් හතර අතර පැවැත්වේ. එහිදි ජය ලබන කණ්ඩායම් දෙක අතර මෙවර තරගාවලියේ ශූරතාව සඳහා අවසන් තරගය පැවැත්වේ. ඒ සඳහා ප‍්‍රදානය කෙරෙන තෑගි මුදල රුපියල් ලක්ෂ පහකි.
මේ සති අන්තයට නියමිත තරග වටයෙන් පසු ලීග් තරග මාලාව නිමාවට පත්වේ. මේ අතර තරගාවලියේ මෙවර වැඩිම ගෝල ලාභියාත් බවට පත්වීමට යුද හමුදා කණ්ඩායමේ මොහොමඞ් ඉෂඞීන් සමත්ව සිටියි.
ඔහු මෙතෙක් රැුස් කළ ගෝල ගණන 14 කි. බ්ලූස්ටාර්ස් පිලේ මොහොමඞ් ෆර්ෂින් ගෝල 12 ක් හා රත්නම් පිලේ ඊ.බී. චන්න ගෝල 11 ක් රැුස්කරද්දී නුවන් පි‍්‍රංයකර (නන්දිමිත‍්‍ර) හා රංග ප‍්‍රදීප් ප‍්‍රනාන්දු (දොන් බොස්කෝ) ගෝල නවය බැගින් සම ගෝල ගණනක් ලබා සිටිති.
මෙවර තරගාවලියේ ලද පසුබෑම හමුවේ මේ වන විට නිකුත් වී තිබෙන ප‍්‍රතිඵල අනුව ජාවාලේන් නිව්යංග්ස් හා නන්දිමිත‍්‍ර යන කී‍්‍රඩා සමාජ තුනෙන් දෙකකට ලබනවර තරගාවලියෙන් ඉවත්ව යාමට සිදු වනු ඇත.
තරගාවලියට ලබන වසරේදී එක්වීමට අපේක්ෂාවෙන් පසුවන කණ්ඩායම් අතර කුරුණෑගල පෙලිකන්ස්, මීගමුව යූත්, ඕල්ඞ් බෙන්ස්, කළුතර පාක් පෙරමුණේ පසුවන්නේ ප‍්‍රධානතම පළමු පෙළ තරගාවලියේ දැනට ඉදිරියෙන් පසුවන කණ්ඩායම් ලෙසය. එහෙත් ඒ සඳහා අවස්ථාව හිමිවන්නේ එම තරගාවලියේ ශූරතාව හා අනුශූරතාව ලබන කී‍්‍රඩා සමාජ දෙකට පමණි.
තරග ප‍්‍රතිඵල
- පොලිස් පිල විසින් සෝන්ඩර්ස් පිල පරාජය කරන ලදී. (1-0)
- නාවික හමුදා පිල විසින් ජාවාලේන් පිල පරාජය කරන ලදී. (3-1)
- යුද හමුදා පිල විසින් නන්දිමිත‍්‍ර පිල පරාජය කරන ලදී (6-0)
- ගුවන් හමුදා පිල විසින් වෙන්නප්පුව නිව් යංග්ස් පිල පරාජය කරන ලදී.
(1-0)
- මීගමුව දොන් බොස්කෝ පිල විසින් රත්තම් පිල පරාජය කරන ලදී (4-)
- කළුතර බ්ලූස්ටාර්ස් පිල පරාජය කරමින් රිනවුන් පිල ජය ලැබීය. (2-0)
-පොලිස් පිල හා රිනවුන් පිල අතර තරගය ජයපැදුමෙන් තොරයි.(1-1)
- රත්නම් පිල විසින් කළුතර බ්ලූස්ටාර්ස් පිල පරාජය කරන ලදී. (2-1)
- මීගමුව දොන් බොස්කෝ පිල විසින් වෙන්නප්පුව නිව්යංග්ස් පිල පරාජය කරන ලදී (1-0)
-නන්දිමිත‍්‍ර පිල හා ගුවන් හමුදා පිල අතර තරගය ජයපැදුමෙන් තොරයි (2-2)
-ජාවාලේන් පිල හා යුද හමුදා පිල අතර තරගය ජය පැදුමෙන් තොරයි. (0-0)
- නාවික හමුදා පිල විසින් සෝන්ඩර්ස් පිල පරාජය කරන ලදී. (2-0)
සති අන්තයේදී පැවැත්වීමට නියමිත තරග (ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය නිල තරග කාලසටහනට අනුවයි.)
සෙනසුරාදා (25)
- රත්නම්- ගුවන් හමුදාව අතර සිටිලීග් පිටියේදී.
- නන්දිමිත‍්‍රxනාවික හමුදාව අතර කැලණිය පාපන්දු පිටියේදී.
(ඉරිදා-26)
- පොලිස් - බ්ලූස්ටාර්ස් අතර බම්බලපිටිය පොලිස් පිටියේදී.
- රිනවුන්-දොන් බාස්කෝ අතර කැලණිය පාපන්දු පිටියේදී.
-නිව්යංග්ස් -යුද හමුදා අතර වෙන්නප්පුව ශ්‍රීමත් ඇල්බට් පිරිස් පිටියේදී
ජාවාලේන් සෝන්ඩර්ස් අතර සිටිලීග් පිටියේදී
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග
ශ්රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි
රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ශූරතාවට කිට්ටු කළ රත්නම් පිලට අනපේක්‍ෂිත ප‍්‍රහාරයක්