IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ශ්‍රීනාත්ගේ ලස්සන ගෙදර මෙන්න

  SAN_5812 SAN_5832  SAN_5866    

ප‍්‍රවීන රංග ශිල්පී ශ්‍රීනාත් මද්දුමගේ නිරන්තරයෙන් සිනමා නිර්මාණවලට සහ වෙනත් නිර්මාණවලට දායක වුවද ඔහු පදිංචිව සිටින්නේ ඔස්ටේ‍්‍රලියාවේය. ජීවිතයටත් වඩා කලාවට ආදරය කරන කලාකරුවකු ලෙස ඔහුට මේ ශ්‍රී ලංකා භූමියෙන් ඈත්ව සිටීම වේදනාකාරී අත්දැකීමක් විය හැකිය. එහෙත් කලාකරුවකු ලෙස ඔහු එරටදීද නිරන්තරයෙන් සක‍්‍රීයව සිටින කලාකරුවෙකි. එරටදී පැවැත්වෙන විවිධ ප‍්‍රසංග සහ කලා අංශයේ ප‍්‍රසංගවලට ඔහු නැතිවම බැරි චරිතයක්ව සිටී. රැුඟුමෙන්, ගැයුමෙන් මෙන්ම කලා අංශයේ බොහෝ දේ කෙරෙහි ඔහු සතු හැකියාව ඊට හේතුවය. ශ්‍රී ලංකාව සහ  ඕස්ටේ‍්‍රලියාව අතර වූ සංස්කෘතික බැඳීම උදෙසා, එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසකගෙන් සමන්විත AUSC සංවිධානය මෙහෙයවන සංස්කෘතික කටයුතුවලටද ඔහු නිරන්තරයෙන් දායකත්වය ලබා දෙන්නේය.


ශ්‍රීනාත් මේ සියලූ දේ කරන්නේ එරටදී ඔහු නියැලෙන රැුකියාවට අමතරවය. එරට ප‍්‍රකට පීටර් මැකලම් රෝහලේ වගකිිව යුතු රැුකියාවක නිරත වන්නේය. නමුත් ඔහුට ලැබෙන  ඕනෑම ආරාධනාවකට සහභාගීවීමට තරම් ඔහු නිහතමානී චරිතයක්ව සිටී. එනිසාම ශ්‍රී ලංකාවේදී ලැබෙන ජනප‍්‍රියත්වයේ තරමටම ඔහු එරටදීද ශ්‍රී ලාංකීය ජනතාව අතර ජනප‍්‍රිය චරිතයක්ව සිටින්නේය. ඔහු සේවය කරන රෝහලේ සමස්ත කාර්ය මඩුල්ල අතරද ඔහු වඩා ආදරණීය චරිතයකි.
කලාකරුවකු ලෙස කා සමගත් සුහදව කටයුතු කරන ශ්‍රීනාත් මෙරට සිට විවිධ කලා කටයුතු සහ ප‍්‍රසංග සඳහා ඔස්ටේ‍්‍රලියාවට යන කලාකරුවන් වෙනුවෙන්ද නොපැකිළිව උදව් කරන චරිතයකි. එලෙසින් එරටට යන බොහෝ කලාකරුවන් බොහෝ අවස්ථාවලදී නවාතැන් ගත්නේද ඔහුගේ නිවසේදීය.

SAN_5840

SAN_6299


ශ්‍රීනාත්ගේ ඔස්ටේ‍්‍රලියා නිවස,


ශ්‍රීනාත්ගේ ඔස්ටේ‍්‍රලියාවේ නිවස පිහිටා තිබෙන්නේ මෙල්බර්න් සිට කිලෝමීටර් තිහක පමණ දුරකිනි. ප‍්‍රවාහන සේවයෙහි ඇති පහසුකම නිසා ඒ කිලෝමීටර තිහක පමණ දුර යාමට ගත වන්නේ මිනිත්තු කීපයක් පමණි. මෙම නිවසේ ප‍්‍රධාන චරිතය වන්නේ ශ්‍රීනාත්ගේ ආදරණීය බිරිඳ ශ‍්‍රියානිි ජයවික‍්‍රමය.

උපාධිධාරිනියක වන ඇය මෙරටදී කටයුතු කළේ පරිපාලන ක්ෂේත‍්‍රයේය. එම ක්ෂේත‍්‍රයේ දැනුමින් පොහොසත් වූ ඇය එරටදී කටයුතු කරන්නේ දුම්රිය ස්ථානාධිපතිවරියක ලෙසය. එරට දුම්රිය ස්ථානයක සේවය කරන එවැනි තනතුරක් දරණ එකම තැනැත්තිය වන්නීය. ශ‍්‍රියානි සහ ශ්‍රීනාත්ගේ කැදැල්ල හැඩ කරන පුංචි සුරංගනාවිය වන්නේ ”චමත්කා” දියනියයි. සරසවි ඉගෙනුම ලබන ඔවුන්ගේ ඥාති පුතු චලනද බෙහෙවින්ම ප‍්‍රියමනාප චරිතයකි. මේ සුන්දර නිවස ගැන ශ්‍රීනාත් අදහස් ගොනු කළේ මෙලෙසිනි.


‘‘මේ පළාත අප දෙදෙනාගේම රාජකාරී සඳහා යාමට පහසු තැනැක්. හරිම නිස්කලංක පරිසරයක් මෙහි තිබෙන්නෙ. මෙතැනට අපි හරිම ආසයි. හැබැයි ඉතින් මේ වගේ නිවසක් මිලදී ගන්න එක හෝ තනන එක එතරම් ලෙහෙසි දෙයක් නෙවෙයි. නමුත් අපි දෙදෙනාගේ දැක්ම සහ ගමන මත අපට ඒ දේ කළ හැකි වුණා. අපේ පුංචි සුරංගනාවිය අපි දෙන්නගෙ කැදැල්ලට ආවෙත් මේ සුන්දර නිවසට ආවට පස්සෙයි.”


පුංචි කලාගාරයක් බඳු මෙම නිවසෙහි ප‍්‍රධාන නිදන කාමර තුනක් සහ අමුත්තන් සඳහා වූ කාමරයක් මෙන්ම පුංචි සිනමා ශාලාවකින් සමන්විත කාමරයක්ද තිබේ. එම පුංචි සිනමා ශාලාව සහිත කාමරයේ පුංචි පුස්තකාලයක්ද ඇත. නවීනතම තාක්‍ෂණය යොදා ගෙන ඇති නිසා මෙම පුංචි සිනමා ශාලාවේ සිට සුව පහසුවට චිත‍්‍රපටයක ආස්වාදය ලැබිය හැකිය. ශ්‍රීනාත් සහ ශ‍්‍රියානි සතු මෙම සුන්දර නිවසේ විස්තර දැක බලා ගන්නා අතරේ අපි මේ දෙදෙනාගේ ආදර කතාව ගැනත් විමසීමු.

 

SAN_7401

SAN_7376

 


ශ්‍රීනාත්-ශ‍්‍රියානි ආදර හමුව,


”අනූව දශකයේ අන්තිම කාලයේදී එවකට මම සේවය කළ ආයතනය විසින් මෙහෙයවනු ලැබූ ප‍්‍රදර්ශනයක් තිබුණා. එදා තමයි මම ශ්‍රීනාත්ව මුලින්ම දැක ගත්තෙ. හැබැයි ඊට පෙර එයා ගැන මම අහලා තිබුණා. ඒත් එයා රඟපෑ දේ වැඩිය නරඹා තිබුණෙ නැහැ. එදා ප‍්‍රදර්ශනයෙන් පස්සෙ අපි හොඳ මිතුරන් වුණා. කොහොමද? හලෝ? කියලා නිරන්තරයෙන්ම අපිxඅපි ගැන විමසන්නට, සොයන්නට පටන් ගත්තා. ඔන්න ඔය විදියට මාස ගණනක් ගත වෙද්දී, මම මගේ උසස් අධ්‍යාපන කටයුතු එහෙමත් හමාර කරලයි තිබුණෙ. ඉතින් දවසක්දා ශ්‍රීනාත් එයාගේ හිතේ තිබුණු දේ ප‍්‍රකාශ කළා. එයා මට ඇත්තටම ආදරය කරනබව මට දැනුණා. ඒ වනවිටත් මට ඔස්ටේ‍්‍රලියාවේ ජීවත්වීමේ අවකාශය තිබුණා. නමුත් ශ්‍රීනාත් ඒ කිසිවක් දැනගෙන හිටියෙ නැහැ. එයා මගේ අධ්‍යාපනයට හෝ අනෙකුත් වරප‍්‍රසාදවලට නොවෙයි ආදරය කළේ. අන්න ඒකයි වටින්නෙ. ඉතින් එයා එයාගේ හිතේ තිබුණු දේ ප‍්‍රකාශ කළාට පස්සෙ මම හා කිව්වා. අපි ඉක්මණටම විවාහ වුණා. විවාහ වෙලා කාලයක් ගියාට පසුව චමත්කා අපේ ලෝකෙට ආවා. ඉතින් ජීවිතය සුන්දරයි කියලයි හිතෙන්නෙ. ජීවිතය ආදරණීයයි කියලයි හිතෙන්නෙ. වැදගත්ම දේ ශ්‍රීනාත් මට දක්වන ගෞරවයයි”

SAN_7192

SAN_7173 SAN_7174 SAN_7175 SAN_7180 SAN_7181 SAN_7183 SAN_7184

SAN_5746

SAN_5747 SAN_5761

sadun-gamage



අදහස් (0)

ශ්‍රීනාත්ගේ ලස්සන ගෙදර මෙන්න

රවී Thursday, 14 May 2015 09:34 PM

කිලෝ මීටර් 30 යන්න මෝටර් වේ එකේ ගියත් විනාඩි 30 පමණ යනවා!!!! (බ)

:       0       0

සංජීව Thursday, 14 May 2015 09:44 PM

රත්තරන් නොපෙන්නුවන් තවත් හොදයි (බ)

:       0       0

ප්‍රියානි Saturday, 16 May 2015 07:29 AM

හරිම ලස්සනයි (නි)

:       0       0

නිවන්තක Thursday, 21 May 2015 11:37 PM

ලස්සන නිවසක්! (නි)

:       0       0

තනුජා Friday, 15 May 2015 10:12 AM

ලස්සන පවුලක්. දැක්කම ආසයි ඔබේ දියුණුව. (ම)

:       0       0

දිලාන් Thursday, 14 May 2015 06:20 AM

හරිම සතුටුයි. මේ තමන්ගේ දහදිය මහන්සියේ ප්‍රතිළුල. වටිනාකම එකයි. (ම)

:       0       0

බණ්ඩාර Saturday, 16 May 2015 09:40 AM

ජයවේවා! ( සෙන්ට්‍රල් එකේ යාලුවෝ) (නි)

:       0       0

ෂෆි Saturday, 16 May 2015 10:03 AM

ශ්‍රීනාත් කියන මේ සොදුරු කලාකරුව ඉතාම උස්සස් ගුණanගඅ වලින් පිරුණු පිරිසිදු චරිතයක් වගේම හොද හදවතක් ඇති පුද්ගලයෙක් ඔහුට ජයෙන් ජය පතන අතරම තුනුරුවන්ගේ පිහට ඔහුගේ සිය සුන්දර පෞලේ අයටත් ප්‍රර්ථනා කරමි.(කේ)

:       0       0

විමලරත්න Friday, 15 May 2015 11:36 AM

ජය වේවා ඔබලට!. තව තවත් වැඩි දියුණු වේවා!! (අ)

:       0       0

කමණි Saturday, 16 May 2015 12:45 PM

ලලිත් ඔබගේ කතාව හරි. ශ්‍රීනාත් බුද්දිමත් කෙනෙක් විදියට ජීවිතේ තීරණ අරන් තියෙන නිසා අද ලස්සනට ජීවත් වෙනවා. සුබ පැතුම් .(කේ)

:       0       0

ප්‍රියංගි Thursday, 14 May 2015 08:21 AM

ජය වේවා ඔබට!. තව තවත් වැඩි දියුණු වේවා!! (ර)

:       0       0

කුමාරි Monday, 18 May 2015 05:34 AM

ජය වේවා! ගොඩාක් කැමති නළුවෙක්. මුළු පවුලටම තෙරුවන් සරණයි!(හේ)

:       0       0

චාමර Monday, 18 May 2015 05:37 AM

ඔබට ජය වේවා!!(හේ)

:       0       0

මහින්ද Friday, 29 May 2015 05:21 PM

අපි මෙල්බන් වල හමු වුණ හරිම සුන්දර මනුස්සයෙක් (ම )

:       0       0

ප්‍රදීප් Saturday, 30 May 2015 12:03 AM

ඕස්ට්‍රේලියාවේ ඉන්න ලංකාවේ ගොඩාක් අයට මේ වගේ ගෙවල් තියෙන්නේ මේකක් ගන්න හරිම ලේසි . අලුත් ගෙවල් මිට වැඩිය ලස්සනයි බොරුනම් ඇවිත් බලන්න.. (ම)

:       0       0

මලික් Friday, 15 May 2015 03:12 AM

සල්ලිකාර කාන්තාවක් වෙනුවට උගත් කාන්තාවක් බිරිඳ විදියට තෝරා ගත්තු නුවණක්කාර පිරිමියෙකුගේ ප්‍රීතිමත් ජීවිතය දකින්න ලැබීමත් අපිට සතුටක්. ඔබට ජය ! (ම)

:       0       0

උදය Saturday, 16 May 2015 11:25 PM

දැක්කම ආශා හිතෙනවා. නෙතට ප්‍රිය උපදවන දසුනක්. ඔබට සුබ පතනවා. (නි)

:       0       0

අනුර හෙට්ටිආරච්ච Friday, 22 May 2015 03:24 AM

හරිම සතුටුයි. ජය වේවා ඔබලාට! ලස්සන නිවස (නදී)

:       0       0

ලලිත් Friday, 15 May 2015 03:15 AM

නිළි සක්කරවට්ටමකට අහු වුණා නම් ඔබට මේ වගේ වාසනාවන්ත ජීවිතයක් ලැබෙන්නේ නැහැ, එයාව නඩත්තු කරන්න පැය 24 ම රස්සා කර කර ජීවිතේ විඳවන්න වේවි. හොඳ උගත් භාර්යාවක් සමග ලස්සන දරු පැටියාත් එක්ක ගෙවන වාසනාවන්ත ජීවිතයට අපේ සුභ පැතුම් ! (බ)

:       0       0

රවී Friday, 15 May 2015 03:26 AM

වේල්ස් කුමරුවෙක් වීම අපිට ආඩම්බර හිතෙනවා (නදී)

:       0       0

කුසුම් ප්‍රියන්ත Monday, 18 May 2015 02:19 PM

ඔබගැන ගොඩක් සතුටුයි.....ශ්‍රීනාත් අයිය 1st මොරටුව scout troop එකට සම්බන්ධ වෙලා හිටිය කාලය ගොඩක් රසවත්. (කේ)

:       0       0

ටිරාන් Sunday, 17 May 2015 04:35 AM

සල්ලිකාර කාන්තාවක් වෙනුවට උගත් කාන්තාවක් බිරිඳ විදියට තෝරා ගත්තු නුවණක්කාර පිරිමියෙකුගේ ප්‍රීතිමත් ජීවිතය දකින්න ලැබීමත් අපිට සතුටක්. ඔබට ජය (බ)

:       0       0

හ.ග. Thursday, 14 May 2015 12:38 PM

ගූඩ් ලක් (කේ)

:       0       0

අශෝක Thursday, 21 May 2015 02:09 PM

තමන් ගැන ඇත්ත කියන්න කවුරුවත් ලජ්ජා වෙන්න අවශ්‍ය නැහැ (නි)

:       0       0

නුවන් Saturday, 30 May 2015 04:31 AM

ශ්‍රීනාත් ගේ ලස්සන කැදැල්ලට සුබපතන ගමන්ම මම උත්සහ කරන්නම් අපේ උපහාසාත්මක සටහන් එකතු කරපු සොයුරන්ට පිලිතුරක් දෙන්න. ශ්‍රීනාත් ගේ ගෙදර දැකපු වෙලාවෙ මට ලොකු සතුටක් දැනුනා. ඒ මොකද මොටර් වේ එකේ පැය බාගයක් නෙමේ කොච්චර වේලාවක් ගියත් තමන්ගේ කියලා ගෙයක් හදන එක සමහර ඕස්ට්‍රේලියනුවන්ටත් හීනයක්. " ද ග්‍රේට් ඕස්ට්‍රේලියන් ඩ්‍රීම්" කියන්නේ මොකටද කියලා හොයලා බලන්න එතකොට ඔබට වැටහේවි මම කියන්නේ මොකද්ද කියලා. ඒ වාගේම ශ්‍රීනාත් ගේ ගෙදර ඕස්ට්‍රේලියවේ මට්ටමෙන් සාමාන්ය ගෙයක් නෙමේ බොහොම ලස්සන ගෙයක්. මම මේ සටහන් අත්තටම ලිව්වෙ තරහකින් නෙමේ හැබයි පොඩි දුකකුත් එක්ක. මොකද මමත් මෙල්බර්න් නගරයෙන් මිනිත්තු 20 ක් විතර දුරකින් ජීවත් වෙන්නේ. හැබයි මේ ලිපියෙන් මම දක්කේ ශ්‍රීනාත්ගේ ගේ රත්තරන් වත් ගෙදර නගරයෙන් කොච්චර දුරද කියන එකවත් නෙමේ. මම දැක්කේ ලස්සන කැදැල්ලක ඉන්න තවත් ලාංකීයයෙක්, ඒ වගෙම දක්ෂ සාර්ථක නලුවෙක්. අපි හිතන විදිය පොඩ්ඩක් වෙනස් උනා නම් අපිටත් ජාතියක් හැටියට ගොඩක් දුර යන්න පුලුවන් වේවි.(බ)

:       0       0

නිලන් වසන්ත Tuesday, 26 May 2015 06:19 AM

බොහොම හොඳයි (බ)

:       0       0

නිලන් වසන්ත Tuesday, 26 May 2015 06:23 AM

හරිම සතුටුයි. (බ)

:       0       0

අශාන් Friday, 15 May 2015 10:53 PM

මමත් ඉන්නේ ශ්‍රීනාත්ගේ ගෙවල් ළඟ. නිතර මුණගැහෙනවා. හරිම නිහතමානි චරිතයක්. (නි)

:       0       0

ලලනි විජේසුන්දර Saturday, 30 May 2015 07:01 AM

ඔබට ජයෙන් ජය (බ)

:       0       0

විල්මා Monday, 20 July 2015 10:31 PM

නුවන්, ඔයා හරි. ලෝකයේ කොහේ හිටියත් අපි ශ්‍රී ලාංකිකයන් හැටියට ආඩම්බර වෙන්න ඕනෑ ශ්‍රීනාත් අද ඉන්න තැන ගැන හිතලා.නමුත් අවසනාවක මහත..! ඔයා කිව්වා වගේ ජාතියක් හැටියට අපේ සිතුවිලි තව ටිකක් වෙනස් කර ගත්තොත් ඉදිරියට යන්න පුළුවන්. නැත්තම් ඉතින් ඊර්ෂ්‍යාව, කුහකකම හැමදාම ඔලුවේ තියාගෙන ජීවත්වෙන අවාසනාවන්තම ජාතිය බවට ශ්‍රී ලාංකිකයෝ පත්වෙන එක වළක්වන්න ශක්‍රයාටවත් බැරිවෙනවා (නි)

:       0       0

අල්විස් Saturday, 23 May 2015 07:41 AM

ඕස්ට්‍රේලියාවෙ හැටියට මේක සාමාන්‍ය   ගෙයක් (නි)

:       0       0

සුදේශ් Friday, 15 May 2015 07:57 AM

දැන් මේ මහත්තයා වේදිකාවල, ටෙලි නාට්‍ය වල වැඩිය පෙන්න නෑ.(හේ)

:       0       0

රම්‍යා Monday, 18 May 2015 09:34 AM

මුළු පවුලටම බුදු සරණයි (බ)

:       0       0

තුෂානි Monday, 01 June 2015 08:37 AM

හරිම සතුටුයි.ඔබට ජය (ම)

:       0       0

සජීව Friday, 15 May 2015 08:17 AM

ඇත්තටම ලස්සන පවුලක්.(හේ)

:       0       0

සංජීව Friday, 15 May 2015 08:19 AM

මම ආසම නළුවෙක් මේ.(හේ)

:       0       0

උත්පලා Friday, 15 May 2015 09:17 AM

උත්සහවන්තයා සියල්ල ජයගනී. මෙයට හොදම නිදර්ශනයක් ශ්‍රීනාත් කලාකරුවා.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 107 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 138 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 2502 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 915 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 522 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1554 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37756 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24890 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 733 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site