IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


ශි‍්‍රයාණි විජේවික‍්‍රමට පළාත් සභා රාජ්‍ය ඇමැති පුටුවක්


පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය අමාත්‍යවරිය ලෙස දිගාමඩුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී ශි‍්‍රයාණි විජේවික‍්‍රම මහත්මිය අද (15)  ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිව්රුම් දුන්නාය.

ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්ව කටයුතු කළ ශ‍්‍රියාණී විජේවික‍්‍රම මහත්මිය පසුගියදා ජනපති ගෙන යන වැඩපිළිවෙලට සහය පළකිරීමට එක්විය.

අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.



අදහස් (54)

ශි‍්‍රයාණි විජේවික‍්‍රමට පළාත් සභා රාජ්‍ය ඇමැති පුටුවක්

Wasantha Jayasinghe Friday, 15 December 2017 05:38 AM

දමිත් ගාමිණිත් වරදක් නෑ....

:       1       13

daham Friday, 15 December 2017 05:39 AM

ඡන්ද කාලේ සිල් රෙදි බෙදපු එක වැරදියි. තනතුරු බෙදන එක නිවැරදියි?

:       131       578

KANDEPOLA Friday, 15 December 2017 05:46 AM

ඇමතිකන් දෙන්නේ හරියට අතින් පයින් යනවා වගේ. ඒ වියදමුත් මේ රටේ අහිංසක ජනතාව පිට.

:       1       513

antan Friday, 15 December 2017 05:50 AM

මෙයාල මෙහෙම පක්ෂ මාරු කරන්නේ අවංකවම රටට නැත්නම් ජනතාවට ආදරේටද ?නැත්නම් එයාලගේ පෞද්ගලික වාසිතකා කලදුටු කළ වල ඉහගන්නද ?

:       1       416

ajith Friday, 15 December 2017 05:56 AM

ගිනස් වාර්තාව අලුත් කරලද?

:       1       246

නදීකා ප්‍රියාන්ගනී Friday, 15 December 2017 05:57 AM

ඕකට තමයි පැන්නේ.

:       1       578

madu Friday, 15 December 2017 06:00 AM

මේ බව අපි දන්නවා . මේක මාස ගණනාවක කුමන්ත්‍රණයක්......ලැජ්ජා නැති අය...

:       301       1058

චන්දික අම්පාර Friday, 15 December 2017 06:07 AM

අපි හිතුවා හරි. ඕකට තමයි පැන්නේ.

:       1       358

cisco Friday, 15 December 2017 06:07 AM

දන්සල පටන්ගෙන වගෙයි.

:       1       341

මනෝජ් Friday, 15 December 2017 06:31 AM

පනින රිලවුන්ට ඉනිමන් බැදීමක්.............

:       0       473

jayasekara Friday, 15 December 2017 06:42 AM

පැන්න හැටිය අමාත්‍ය ධුරයක් ..... ඕක වෙනස් කරනකන් රට හදන්න බෑනේ..... ඕකද යහපාලන වෙනස ? කිසිම වෙනසක් නැහැනේ.........

:       0       571

saman Friday, 15 December 2017 06:47 AM

ඡන්ද කාලේ පත්වීම් දීම කොතරම් සදාචාරාත්මකද ජනාධිපතිතුමනි!!!!

:       0       629

daham Friday, 15 December 2017 06:55 AM

මුන් මොන බයිලා කිව්වත් පඬුරු, පාක්කුඩම් තනතුරු තමයි ඕනේ. ඒකයි ඇත්ත.

:       0       259

ase Friday, 15 December 2017 07:08 AM

මේ විජ්ජාව ආයෙත් පටන් ගත්තද ??‍ෙ

:       0       132

Muhan Friday, 15 December 2017 07:15 AM

මහින්ද මහත්තය කියනවා යන්නේ හොරු කියල . ගම්මපිල මහත්තය කියනවා යන්නේ සල්ලිවලට කියල . යන අය කියනවා යන්නේ රට ජාතිය ගැන හිතල කියල . මොකා හොරාද, මොකා පගාකාරයද , මොකා දේශ ප්‍රේමියද කියල දන්නේ කව්ද ?

:       1       83

udaraFriday, 15 December 2017 07:49 AM

තුනම බොරු. තම ආර්මාර්ථය සදහායි යන්නේ සහ එන්නේ දෙකම කරන්නේ. යනකොට යන පැත්තෙ අයට රිදෙනකොට මොනවා හරි කියනවා. එන පැත්තේ අයට ජොලි නිසා මොනවා හරි දෙනවා. අපිට දුක කොහේ හිටියත් පැන්නත් එක ගැන නෙමෙයි. මේඅයට ගෙවන්නේ අපේ සල්ලි නිසා................

:       0       193

udugampilaFriday, 15 December 2017 08:57 AM

එතකොට ගම්මන්පිල එහෙන් මෙහෙට පැනලා එක රැයින් ආපහු මෙහෙන් එහෙට පැන්නේ මොකටද? හා කියමු බලන්න දන්න කෙනෙක්...

:       143       158

අනිල් Friday, 15 December 2017 10:59 AM

මේ අය කරන එකම කරන්න උඩ පැනල ඡන්දෙ දීලා පත්කර ගන්න ඕනෑයැ...

:       0       18

BamunuarachchiMonday, 18 December 2017 01:23 AM

එකට තමයි වර්තමානය නැතිනම් ඊයේට දක්වා අපි ඉතිහාසය ඉගෙනගන්න ඕනේ කොහෙද දෙසපාලුවන්ගේ ඉතිහාසය අපි දැනගනී කියලා එය ඉගෙනගන්න දෙන්නේ නැහැනේ

:       0       0

සඳුන් Friday, 15 December 2017 07:17 AM

මේවාත් අල්ලස් ගණයට යායුතුයි. පක්ෂයක හෝ කල්ලියක බල තුලනය සඳහා මොවුන්ව නඩත්තු කිරීමට මහජන මුදල් භාවිතා කලයුතු වෙනවා. මේකද බලාපොරොත්තු වෙච්ච යහපාලනය ?

:       1       2213

indrajith Friday, 15 December 2017 07:18 AM

මේකා රටට කිසිම ආදරයක් නැහැ .

:       61       652

බුද්ධික Friday, 15 December 2017 07:23 AM

පනින්නාට හම්බවේ රාජ්‍ය ඇමතිකම්............

:       0       96

asanka Friday, 15 December 2017 07:24 AM

මේ රටේ මෝඩ ඡන්ද දායකයෝ ඉන්නකම් මේ ගොල්ලන්ට හොදයි. මේ මෑතක සියලුම දේශපාලකයෝ අපේ රට විනාශ කලට වග කියන්න ඕන....

:       0       434

vilasini Friday, 15 December 2017 07:39 AM

පැනන්ට කමක් නැහැ හැබැයි පැනපු ගමන් ඇමතිකම් දෙන්න බැහැ කියලා නිතියක් සම්මත නොකරන්නේ ඇයි? වාසිතකා පනිනවා. ඒකාලෙත් කිව්වේ දෑත් ශක්තිමත් කරන්න පැන්නා කියලා. දැනුත් එහෙමයි. පැනපු ගමන්ම ඇමතිකමක් ඕනේ. මහජනතාවගේ සල්ලි වලින් දේශපානය කරන හත්මුතු පරම්පරා යැපෙනවා. අපි වැඩකරනවා. බදු ගෙවනවා. එයාලා සැප විදිනවා

:       0       186

nanda Friday, 15 December 2017 07:47 AM

අනේ ඕකවත් තේරෙන්නේ නැද්ද? රටට ආදරේට කියලා. ඇමතිකමක් නිලවාහන /ඉන්ධන/ නිල නිවාස/ රියදුරන් /පිටරට සංචාර/ ලේකම්වරු /දුරකථන/ අවුරුදු 5 න් විශ්‍රාම වැටුප්/ යන නොකි දේවල් නැතුව කොහොමද රටට සේවය කරන්නේ?

:       0       176

ukku banda Friday, 15 December 2017 07:55 AM

පාර්ලිමේන්තුවේ ඉන්න හැමෝටම ඇමතිකම් දුනනම් ඉවරයිනේ එවිට අපේ රට ගොඩ..................

:       0       50

පී.ඉලංගරත්න. Friday, 15 December 2017 07:55 AM

පොදු අපේක්ෂකයාගේ යහපාලනය මරු නේද? හිටං බෙදන්නේ ගෙදරින් ගෙනත් වගේ. වෙනස සැපද?

:       11       817

Raveendra Friday, 15 December 2017 08:15 AM

සැමවිටම අප දැක්කේ "පක්ෂ සහ පාට " මාරුකලේත් , කරන්නෙත් ඒ ඒ " අයග‍ෙ" පුද්ගලික වාසියට මිස රටට සේවයක් කිරීමට නොව. අපි අභියෝග කරනවා මිස ඕනෑම කෙනෙකුට ප්‍රසිද්ධියේම කිසිදු වරප්ප්‍රසදයක් ලබන්නේ නැත, කිසිදු වැටුපක් ගන්නේ නැත, " බුරුවන්, හරකුන් තේරීම තරගයට තම නාමයෝජනා පත්‍රයට ඇතුලත්කලාසේ.

:       0       0

latha Friday, 15 December 2017 08:21 AM

විලි ලැජ්ජාවක් නැතුව ඇඳුම් අඳන් මේවා බාරගන්නවනේ අම්මපා. අපිනම් මෙයා කවුද කියලාවත් දන්නේ නැහැ. හැබැයි දැන් රටේ කෙනෙක්. මෙහෙමත් රටක්. මෙහෙමත් දේශපාලකයෝ රැළක්. මෙහෙමත් ඡන්ද දායකයෝ ඉන්න රටක්....

:       0       159

ishanFriday, 15 December 2017 09:01 AM

ලැජ්ජාවක් තියෙනවා නම් දේශපාලනය කරනවද මේ ලංකාවේ? අපි කන්නේ තණකොළ කියලා මේ අය හිතන් ඇත්තේ..

:       0       46

rasika Friday, 15 December 2017 08:30 AM

අනේ මේ දෙගොල්ලොම එකයි. තමන්ගෙ වාසියට ඇමතිකම් දෙනවා අපේ සල්ලි වලින්. දැන්වත් නිකමට වගේ ජවිපෙට දීලා බැලිය යුතුයි. පාර්ලිමේන්තුවේ 225 න් එකසිය ගානක් අට පාස් නැති සා/පෙළ සමත් නැති අය අදටත් ඉන්නවා. හැබැයි ෆයිල් අරගෙන ඇවිත් මහා ලොකු උගත්තු වගේ ක්ෂණික කරුණු ගැන පවා කතා කරනහැටි දන්නවා වගේ. මේ නිසා කඳ, බඩ සමත් ගොන් මැට්ටන්ට වඩා ටිකක් හරි මොලයක් තියෙන හොරකම් නොකරන ජවිපෙට බැරිවෙන එකක් නැහැ හරියට වැඩක් කරන්න. අද ඇත්තටම ඕනේ හොරකම් නොකරන, නීතිය හරියට ක්‍රියාත්මක කරවන පක්ෂයකි. හිත හදන්න ඕනෙත් නැහැ වෙන මුකුත් ඕනෙත් නැහැ. තියෙන ටික හරියට ක්‍රියාත්මක වෙනවා නම් සෑහෙන අල්ලස්, දූෂණ වගේ දේවල් අඩුවෙනවා.

:       0       553

rasikaFriday, 15 December 2017 08:55 AM

ක්ෂණික කරුණු කියලා නෙමෙයි මම ලිව්වේ “ තාක්ෂණික කරුණු “ කියලා. ක්ෂනික කියන එකේ තේරුමක් නැහැ..

:       0       6

Lusena Friday, 15 December 2017 08:32 AM

මෙම පාදඩ දේශපාලන සංස්කෘතිය ලංකාවෙන් අතුගාදමන්නේ කවදාද? මේ අයත් කරන්නේ ජරාජීර්ණ අල්ලස් ක්‍රමවේදය ඉදිරියටම ගෙනයාමයි.

:       0       87

jagath Friday, 15 December 2017 08:37 AM

වෙන‍සක් නැහැ. එදත් එහෙමයි. අදත් එහෙමයි. එහේ ඉඳන් ආපු කෙනානේ. ඉතිං බුද්ධිමත් ඡන්ද දායකයිනේ වෙනසක් දැනෙන්නේ නැත්නම් මේ දෙගොල්ලන්ටම මාරුවෙන් මාරුවට ඡන්දය දීලා වැඩක් නැහැ. බහුතරය ජවිපෙට කැමතියි. හොඳයි කියනවා. ආවොත් නම් රටට සෙතක් වෙයි කියනවා. හැබැයි පුරුද්දට වගේ ඡන්දය දෙන්නේ නිල් හරි කොල හරි. අනික් රටවල් එහෙම නැහැ. රට දූෂණයෙන් පිරිලා නම් අපි ඡන්දය පාවිච්චි කර එය වෙනස් කළ යුතුයි. කවුරුවත් කියනවට නෙමෙයි තමන් සිතා බලා හරිහමන් අයෙකුට ඡන්දය පාවිච්චි කළ යුතුයි. අද තියෙන්නේ ජේ.ආර්. ගේ යූ.එන්.පී. යවත්, බණ්ඩාරනායක මහතාගේ ශ්‍රී ලංකා එකවත් විජේවීරගේ ජවිපෙවත් නෙමෙයි. එහෙම විය යුතුත් නැහැ. කාලයත් එක්ක හැමදේම වෙනස් විය යුතුයි. අද තියෙන රටේ තත්වය බලලා අද තියෙන දේශපාලනය දිහා බලා තිරණ ගතයුතුයි.

:       0       229

ramya Friday, 15 December 2017 08:41 AM

අද මිනිසුන්ගේ දේශපාලන සාක්ෂරතාවය එදාට වඩා බොහොම වැඩියි. එ් නිසා මේවගේ අයට හැරෙන කොට දන්නවා මොකාටද එන්නේ කියලා.

:       0       60

සන්ජේ ද සිල්වා Friday, 15 December 2017 08:49 AM

ගරු ජනාධිපතිතුමා රට ගැන හිතලා වෙන්න ඇති මේ පත්කිරීම කලේ... මෙච්චර එකඑක ජාතියේ ඇමතිවරු ඉන්දැද්දී. ඒ වගේම මේක ඡන්ද ගන්න දෙන අල්ලසක් නෙමේ වෙන්න ඇති. බඩු බෙදුවොත්නේ අල්ලසක් වෙන්නේ...

:       0       40

indika dubai Friday, 15 December 2017 08:51 AM

තමන්ගේ මන්ත්‍රී තනතුර බේරගන්න තවත් විශාල පිරිසක් ඉදිරියේදී මෛත්‍රිපාල සිරිසේන ජනපති සමග එකතුවෙනවා. කවුරුත් මරාගන්නේ රට හදන්නවත් ජනතාව ගැන බලන්නවත් නෙවේ ඔය මන්ත්‍රී තනතුර සඳහායි.

:       0       40

fernando Friday, 15 December 2017 08:51 AM

මෙහෙම කුණු බැනුම් අහලා ඇමතිකම් අරගෙන මොකටද? අනික ජනතාවගේ සාප වදිනවා මහජන මුදල් ගන්නවට සහ දෙනවට තමන්ගේ වාසිය තකා.

:       0       145

[email protected] Friday, 15 December 2017 09:14 AM

හිටන් හුටන් නාටක. රට බල්ලට ගිහින්. මහජන මුදල් කාබාසිනියා කරන ජඩ දේශපාලනය.

:       0       167

hasantha Friday, 15 December 2017 09:39 AM

අද තියෙන්නේ ජේ.ආර්. ගේ යූ.එන්.පී. යවත්, බණ්ඩාරනායක මහතාගේ ශ්‍රී ලංකා එකවත්, විජේවීරගේ ජවිපෙවත් නෙමෙයි. එහෙම විය යුතුත් නැහැ. කාලයත් එක්ක හැමදේම වෙනස් විය යුතුයි. කියන කතාවනම් මසුරන් වටිනවා.

:       0       6

BamunuarachchiMonday, 18 December 2017 01:56 AM

අනික් රටවලට සංසන්දනය කර බලනවිට අපේරට කාලයත් සමග වෙනස් වෙලා තිබෙන්නේ නරක පැත්තට නේද? දේසපාලනය නම් බල්ලාට ගිහිල්ල එක අපි පැත්තකට දාමු මිනිසුන්ගේ මිනිස්කම වෙළඳ භාන්ඩවල වල ගුණාත්මක බාවය මේ හැමෙකක්ම නැතිවෙලා නේද? එහෙමනම් සිතෙන්නේ නැද්ද කාලය අනුව ලංකාවේ දේවල් වෙනස්විය යුතු නැහැනේද කියලා. අඩු වශයෙන් ඉස්සර වගේ කොලිටි පප්පඩමක් කන්න ලැබෙනවාද? කියන්න බලන්න ලෝකය මෙතරම් තාක්ෂණයෙන්දියුණුවෙලා තිබියදීත් අපි පාවිච්චික භාන්ඩවල කොලිටිය කොපමණ බාලද කියලා? කාලය අනුව වෙනස්වීමෙන් බලාපොරොත්තු වෙන්නේ මේකද?

:       0       0

Jayantha Friday, 15 December 2017 09:46 AM

ඇතැම් ඒවා පිළිකුල් සහගතයි.. ශ්‍රී ලංකාවට සුබ පැතුම් !!!

:       9       33

පාලිත Friday, 15 December 2017 09:47 AM

මෙයා සහයෝගය දෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට, නමුත් ඇමති තනතුරු දෙන්නේ සමුහ ආණ්ඩුවෙන් එහෙම කරන්න පුළුවන්ද?

:       0       70

Bamunuarachchi Friday, 15 December 2017 11:40 AM

මහින්ද මහතා, ඔබත් රජයට එකතුවන්න... එවිට අගමැතිකම ලැබේවි.

:       0       21

Bamunuarachchi Friday, 15 December 2017 11:42 AM

අනේ මෙහෙම රටක්. 62ක් රටට කළ විනාශයක්. ආණ්ඩු පක්ෂයෙන් භාගයකට වැඩිය ඇමතිවරු....

:       0       34

mangala Friday, 15 December 2017 11:45 AM

තව කෑම තියෙනවා. එන අයට විතරයි...

:       0       24

padmini Friday, 15 December 2017 11:58 AM

මේ වතාවේ හොර ජඩ දේශපාලනය නතර කරන්න... ජනතාවනේ..., ඔය ඉවසුවා හොඳටම ඇති නේද? ලංකාවට යන කලදසාවට අපිට හරිම කණගාටුයි.

:       0       6

kumara Friday, 15 December 2017 12:19 PM

මේවා දකිනකොට නම් රටගැන හරිම කණගාටුයි. අපි ඉන්නේ කොළඅතු අල්ලන්නද කියලා හිතෙනවා.

:       0       13

Bamunuarachchi Friday, 15 December 2017 02:13 PM

මේක කාලකන්නි රටක් වෙලා ඉවරයි... හෙන ගහනවා මේ කරන අපරාධවලට නම්...

:       0       35

RaveendraFriday, 15 December 2017 04:28 PM

බමුණුආරච්චි මය වෙත, ඔබගේ අදහස්වලට අප ගරු කරන්නෙමු. අපගේ ඔබගේ මෙම රට කාලකන්නි රටක් නොව... නමුත් රටේ දේශපාලකයන් කාලකන්නි වීම ප්‍රධානම හේතුව වන අතර අපගේ මාතෘ භූමිය විනාශ කරන්නේ මෙම පාපතර මූසලයන් බව නොබියව පවසන්නෙමු.

:       0       120

emerson Friday, 15 December 2017 03:07 PM

ගණන් ගන්න එපා ආණ්ඩුව මාරු වුණොත් මෙයා අාපහු දිනපු පැත්තට මාරු වෙනවා. ඔහෙලාට තේරෙන්නේ නැද්ද? මහින්ද එහෙම නොවුණොත් රටේ සංවර්ධනය ඇණ හිටිනවා මේ ගොල්ලන් ඇඳුම් අදින්නේ ශරීරය කැත හින්දයි.

:       0       24

minipe Friday, 15 December 2017 04:46 PM

හනේ හනේ, අප්ප්ගෙන් ලැබුන බුදලයක් වගේ බෙදල දෙන හැටි.

:       0       0

පොල් වෙළෙන්දා Friday, 15 December 2017 11:17 PM

අකලට වන් මහ වරුසාවක් සේ‘ අසුබ දිනක ආ සුබ දසුනක්සේ මා හැර ගිය ඔබ ඇයි ආවේ ( ජනාධිපති නොදන්නවාට අපි දන්නවා එළදෙන හැ‍රෙන්නෙ පොල් ගනන් යවන්න කියලා)

:       0       97

Sam Saturday, 16 December 2017 04:24 AM

මේ අදහස් දැකපුවාම හිතෙනවා පළමු ඡන්දයෙන්ම වැඩ බැරි නිකමුන්ට වෙනදේ? අවසානයේ අපේ සල්ලි, රටයි, , සම්පත් ටිකයි, වනාන්තර ටිකයි ඉවරයි. මේ වැඩ බැරි සෙට් එක එක්ක යහපාලනය හදන්න ගිය භික්ෂූන් වහන්සේලාත් මේවාට වග කියන්න ඕනැනේ. බිභික්ෂූන් වහන්සේලා නොදන්න දේශපාලන හදන්න කලින් දැනගත යුතු බුද්ධ ධර්මය හරියට ප්‍රගුණ කරනවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 201 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 82 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 237 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 461 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 222 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


පාප් වහන්සේට ගෞරවයක් ලෙස අයිෆල් කුළුණ නිවා දමයි
2025 අප්‍රේල් මස 21 649 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 498 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 441 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site