IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ශූරයන්ගෙත් ශූරයා පාපන්දු සටනට රත්නම්-නාවික හමුදාව

ශූරයන්ගෙන් ශූරයා පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගය සඳහා රත්නම් කී‍්‍රඩා සමාජය හා නාවික හමුදා කී‍්‍රඩා සමාජය සුදුසුකම් ලබා සිටියි. එම අවසන් මහ තරගය ලබන සෙනසුරාදා (17) පස්වරු 3.30ට මැලේ වීදිය සිටි ලීග් පිටියේදී පැවැත්වේ. පෙරේදා (10) සිටි ලීග් පිටියේදී පැවති ශූරයන්ගෙත් ශූරයා දෙවැනි අවසන් පූර්ව තරගයෙන් රත්නම් පිල ගෝල 2-0කට මීගමුව දොන් බොස්කෝ පිල පරාජය කරමින් අවසන් තරගයට සුදුසුකම් සපිරීය. ඒ අනුව අන්තර් සමාජ ප‍්‍රධානතම පාපන්දු ලීග් තරගාවලියද ජය ගත් රත්නම් පිලට දැන් ශූරයන්ගෙත් ශූරයා කුසලාන දිනාගැනීමේ අවස්ථාවද හිමිව තිබේ. පෙරේදා තරගයේ අවසන් විනාඩි 10 ඇතුළතදී ගෝල දෙකක්ම වාර්තා කරමින්  රත්නම් පිල අවසන් මහ තරගයට ප‍්‍රවේශවීම කැපී  පෙනේ. එම ගෝල 82 වැනි විනාඩියේදී ඊ.බී. චන්න හා  87 වැනි විනාඩියේදී එම්. රවීන්ද්‍රන් විසින් වාර්තා කරන ලදී. එහිදී කි‍්‍රෂාන්ත අබේසේකර විසින් යාර 25කට වැඩි සීමාවක සිට ලබාදුන් පන්දු පහර ඊ.බී. චන්න විසින් කෙළින්ම දැල තුළට යොමු කරමින් ලබගත් පළමු ගෝලය බොහෝ දෙනකුගේ අවධානයට යොමුවූහ. රත්නම් පිල වෙතින් පරාජයට පත්වූ මීගමුව දොන් බොස්කෝ පිල ගිය වර ප‍්‍රධානතම ලීග් තරගාවලියේ ශූරතාව දිනා ගත් කණ්ඩායමයි. එහෙත් මෙවර ලීග් තරගාවලියේ ඔවුන් ලැබුවේ සිව්වැනි ස්ථානයයි. පැවැති  ශූරයන්ගෙත් ශූරයා පළමු අවසන් පූර්ණ තරගයේ ජය වාර්තා  කළේ නාවිකා හමුදා පිල විසිනි. ඒ යුද හමුදාව පරාජයට පත් කරමිනි. නාවිකයන් ශූරයන්ගෙත් ශූරයා තරගාවලියේ අවසන් මහ තරගයට තේරුණේ පළමු වතාවටය. එහිදී තවත් විශේෂත්වයක් වන්නේ වසර ගණනාවක් ප‍්‍රධානතම ලීග් තරගාවලිය හැර ගොස් සිටි නාවික  හමුදාව  නැවත තරගාවලියට එක්වූ පළමු අවස්ථාවේදීම සුවිශේෂි දස්කම් දැක්වීමය. ඔවුන් ලීග් තරගාවලියේ තෙවැනි තැනට පත්වුවත් ශූරයන්ගෙත් ශූරයා අවසන් පූර්ව තරගයේදී ඔවුන්ට පරජය වූ යුද හමුදාව ලීග් තරගාවලියේ දෙවැනි ස්ථානයට පත්ව සිටි කණ්ඩායමයි. ප‍්‍රධානතම ලීග් තරගාවලියේ සිව්වැනි ස්ථානය තෙක් පැමිණි කී‍්‍රඩා සමාජ හතර අතර ශූරයන්ගෙන් ශූරයා තරගාවලිය පැවැත්වේ. රත්නම් කී‍්‍රඩා සමාජය වසර 2010 ප‍්‍රධානතම තරගාවලියේ තෙවැනි ස්ථානයට පත්ව සිටියත් යුද හමුදාව එවරත් එහි දෙවැනි ස්ථානයේ රැඳී සිටීමට සමත් විය. මෙවර ලීග් තරගාවලිය රත්නම් කී‍්‍රඩා සමාජය ජය ගත්තේ තරග 22 කින් 15ක්ම ජය ගනිමිනි.



අදහස් (0)

ශූරයන්ගෙත් ශූරයා පාපන්දු සටනට රත්නම්-නාවික හමුදාව

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 785 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 1713 0

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 1632 0

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 408 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 665 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 487 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36822 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24317 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 183 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 563 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 232 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site