IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ශ්‍රීලනිපයෙන් ඉවත් වූ 16 ගෝඨා හමුවෙන්න යති

  (නාලක සංජීව දහනායක)


අමාත්‍යධූර වලින් ඉවත් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු අමාත්‍යවරුන් 16 සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතර විශේෂ හමුවක් අඟහරුවාදා (12) පස්වරු 3.00 ට මිරිහාන, නුගේගොඩ පිහිටි හිටපු ආරක්‍ෂක ලේකම්වරයාගේ නිවසේදී පැවැත්වේ.


      තම කණ්ඩායමේ ඉදිරි දේශපාලන සැළසුම් හා ආණ්ඩුවට එරෙහි ජනමතයක් ගොඩ නැඟීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්දිම වීරක්කොඩි මහතා ලංකාදීපයට පැවසීය.


          ඉදිරියේදී ඒකාබද්ධ විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමංශික පෙරමුණ හා ජනතා විමුක්ති පෙරමුණ සමඟද සාකච්ඡා කිරීමට බළාපොරොත්තු වන බවද මන්ත‍්‍රීවරයා කීය.


       ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 16 මන්ත‍්‍රී කණ්ඩායම මීට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ විපක්‍ෂ නායක ආර්.සම්පන්ධන් යන මහත්වරුන් සමඟද සාකච්ඡා කළහ.     


 



අදහස් (34)

ශ්‍රීලනිපයෙන් ඉවත් වූ 16 ගෝඨා හමුවෙන්න යති

සතයපාල Sunday, 10 June 2018 12:55 PM

යන එන මං නැති වුනාම දැන් බල්ලයි, කොල්ලයි සේරම බලන්න යනවා වගේ. මේගොල්ලෝ දේශපාලන වශයෙන් අනාථ වෙලා විතරක් නොවේ. අනාගෙනයි තියෙන්නේ...

:       863       3269

nishanMonday, 11 June 2018 02:21 AM

ගෝටා ජනාධිපති උනාම ඇමතිකම් ගන්න හිතාන වෙන්න ඇති. දැන් මොකෙක්ගෙන් හරි ඇමතිකම් තමයි ඕන වෙලා තියෙන්නේ. ඔක්කොටම කලින් ගෝටා ජනාධිපති වෙන්න එපෙයි. මෙයාලව හැමදාම විපක්ෂේ තමයි තියන්න ඕනා.

:       1       133

රජින්ද Sunday, 10 June 2018 01:24 PM

පරිසරයට ආදරය නොකරන කිසිවෙකුට මෙවර රට නොලැබේවා...!!!

:       4       358

කමල් Sunday, 10 June 2018 02:32 PM

පරිසරයට ආදරය කිරීම කියන එක හරිම සාපේක්ෂ දෙයක් නේද? මම ආදරය කරන විදිහ ඔයාට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නේද?

:       563       308

Tina Sunday, 10 June 2018 02:16 PM

නොගිහින් කොහොමද..., මේ උදවියට ඉතින් කොහේහරි එල්ලෙන්නේ නැතිව යනඑන මං නැහැනේ.. කොහෙන් ගියත් උන් දිනුම්... මෝඩ ජනතාව පරාදයි.

:       27       788

ධනුෂ්ක Sunday, 10 June 2018 02:20 PM

මෙතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුනොත් නියත වශයෙන්ම පරාදයි... කවුරු පිළිගන්න අකමැති වුණත් එ්කයි අැත්ත. වත්මන් දුර්වල අාණ්ඩුව හමුවේ ඔහු දිනයි කියලා හිතනවා නම්. මෙහෙම බලමු සිංහල ඡන්ද 72%යි. එතනින් එ.ජා.ප කැපුවත් කොළ කියන ඡන්ද 20% ක් දාමු. පාවෙන ඡන්ද 5%ක් දාමු, ජ.වි.පෙ ඡන්ද 4%ක් දාමු. එතනම 34%යි. එතකොට සිංහල නොවන ඡන්ද 28% න් 1%ක්වත් මෙතුමට ගන්න බෑ. නොවෙන දෙයක් වුනත් ජ.වි.පෙ හා පාවෙන ඡන්ද දෙකට බෙදිලා වැටුනත් 50% ගන්න බෑ.

:       4094       3478

GihanSunday, 10 June 2018 03:40 PM

සිංහල මිනිස්සුන්ට රත්තරං අශ්වයො, ලැම්බොගිනි පෙන්නුව වගේ දෙමළ, මුස්ලිම් මිනිස්සුන්ට හිට්ලර් කෙනෙක් මවල තියෙන්නේ. ඒ මිනිස්සුන්ටත් මේ යහපාලන විගඩම දැන් දැන් තේරීගෙන එන්නේ. එහෙම වුනොත් 1977 මතක් කරල තියල ලියාගන්න. දැන් ඔය පුරාවස්තු කඩන්න දීල, පන්සල් කඩන්න හදන්නේ උන්ගේ සිත් දිනා ගන්න නේ. ඒත් සිංහල අපෙන් දෙමළ, මුස්ලිම් මිනිස්සු අගන්නේ තමන්ගේ ජාතිය ආගම රකින්නේ නැති උන් අපිව රකිනව කියල විශ්වාස කරන්නේ කොහොමද කියලයි.

:       17       238

SanjeewaSunday, 10 June 2018 07:11 PM

දනුශ්ක විශ්ලේශනය කරන විදිහට කොහෙන් හිනා වෙන්නද කියලා හිතාගන්න බෑ.මීට අවුරුදු 3 නක ඉස්සෙල්ල තිබුන ප්‍රතිශතයන් ගැන තමයි තාම සන්සන්දනය කරන්නේ.මේ ආන්ඩුව දැන් හැම ජන කොටසකටම එපා වෙලා තියෙන්නේ.දෙමල ජනතාව වැඩිපුර ජීවත් වෙන නුවටඑලිය බදුල්ල පලාත් වලත් මුස්ලිම් ජනතාව බහුලව ඉන්න බේරුවල මාවනැල්ල වගේ පලාත් වල ජනතාවත් රජය ප්‍රතික්ශේප කරල තියෙනව.වසර දෙකක් පමන වයස ඇති පක්ශයකට වසර 60 කට වඩා යෝද පක්ශ පහුගිය චන්දෙදි පැරදුන.ජනදිපති වරනයක් තිබුනොත් පොහොට්ටුව ලබාගත් 46% වගේම අත හා බුලත් කොලය ලබාගත් 13% එකතු කලත් 59%.ඉන් අත හා බුලත් කොලය ලබගත් 13% න් 5% කට වඩා චන්ද ප්‍රාමනයක් ශ්‍රි ල නි ප නැවතත් කැඩීම නිසා ඉවත් වෙලා තියෙනව.ආන්ඩූවෙ බැදුම්කර සල්ලි ගත්ත ඇමතිගොල්ලන් නිසා මිනිසුන්ගේ තිබුන විශ්වාසය තව පලුදු වෙලා.

:       230       324

ධනුෂ්කMonday, 11 June 2018 12:42 PM

ඔයා කැමැති තැනකින් හිනා වෙන්න. ඔයා අදහස් කරන තැනකින් හිනාවෙනවනම් කණ්නාඩ්යකින් බලාගෙනම හිනා වෙන්න. මේක තමා ඡන්දදායක හැසිරීම. පොහොට්ටුව ගත්තේ ඔවුන්ගේ නියම ඡන්ද ගනන. අත හා බුලත් කොලය ගත්තේ පොහොට්ටුවට ත් එ.ජා.පයටත් අකමැති ඡන්ද. වර්මාන දුර්වල අාණ්ඩුව හමුවේ ඡන්දය කාටවත් ලබා නුදුන් අය කෙතරම් ඉන්නවද? හැබැයි එ් අය තීරනාත්මක අවස්ථාවක බඩගාගෙන හරි අැවිත් ඡන්දය දානවා. ඔබට සිහින මැවීමේ අයිතියක් තියනවා.

:       0       1

SanjeewaSunday, 10 June 2018 07:15 PM

ලංකාව වැනි රටවල වසර කීපයක් යද්දි ආණ්ඩුවට පත්වෙනවිට තිබුන ඡන්ද ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයක් තමයි ලැබෙන්නේ.එහෙම බලනකොට නව මුහුනුවරකට තියෙන ජයගැනීමේ සම්බාවිතාව වැඩි.අනික ගෝඨබය පසු පස ඉන්න මහින්ද චරිතය තමයි වසර 2ක් තුල පක්ශ දේශපාලනයට වඩා පුද්ගල දේශපාලනය බලවත් කියා පසුගිය ඡන්දෙදි පෙන්නුවෙ.හොදම උදාහරනය තමයි මහරගම හා තිරිප්පනෙ .පොහොට්ටුව නැති වුණාට මහින්ද රාජපක්ෂගේ වචනෙට මිනිස්සු දන්නෙවත් නැති පක්ෂයට ඡන්දෙ දුන්නේ.එම නිස ගෝඨාබය ජනපතිවරනයට ඡන්දය ඉල්ලුවොත් ජය ගන්නා සම්භාවිතාව වැඩියි.

:       354       611

SanjeewaSunday, 10 June 2018 07:15 PM

ලන්කාව වැනි රටවල වසර කීපයක් යද්දි ආන්ඩුවට පත්වෙනවිට තිබුන චන්ද ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයක් තමයි ලැබෙන්නේ.එහෙම බලනකොට නව මුහුනුවරකට තියෙන ජයගැනීමේ සම්බාවිතාව වැඩි.අනික ගෝටාබය පසු පස ඉන්න මහින්ද චරිතය තමයි වසර 2ක් තුල පක්ශ දේශපාලනයට වඩා පුද්ගල දේශපාලනය බලවත් කියා පසුගිය චන්දෙදි පෙන්නුවෙ.හොදම උදාහරනය තමයි මහරගම හා තිරිප්පනෙ .පොහොට්ටුව නැති වුනාට මහින්ද රාජපක්ශගේ වචනෙට මිනිස්සු දන්නෙවත් නැති පක්ශයකට චන්දෙ දුන්නේ.එම නිස ගෝටාබය ජනපතිවරනයට චන්දය ඉල්ලුවොත් ජය ගන්නා සම්බාවිතාව වැඩියි.

:       24       6

ධනුෂ්ක Sunday, 10 June 2018 02:31 PM

මෙතුමා මීළඟ ජනපති වෙයි කියලා හිතනවා නම්. රාජපක්ෂ මහතාගේ පරාජයට මෙතුමාගේ වැඩත් 25%ක් විතර බලපෑවා. එසේනම් පරාජයට හේතු වූ සාධකයක් කොහොමද? ජනපති වෙන්නේ... ගිනිපෙල්ලෙන් බැටකාපු මිනිහා කණාමැදිරි එළියටත් බයයි. අාරක්ෂක ලේකම් වෙලා එහෙම නම් විධායක බලතල සහිත ජනාධිපති වුණොත් කොහොම වෙයිද? කියලා ජනතාවට හිතෙනවනේ. වත්මන් දුර්වල අාණ්ඩුව හමුවේ වුවත් ඔහුට ඉඩ අඩුයි. මොකද අන්ත ජාතිවාදි ලේබලයත් මෙතුමාගේම නලලේ ගහගෙන ඉන්නේ. මෙතුමා ජනපති වුවොත් මම මෙතන අදහස් දෙන එකත් නවත්වනවා.

:       2575       2522

wirajSunday, 10 June 2018 03:46 PM

මහින්ද රාජපක්ශ කියල නමක් මේ රටේ හැදුවේ ගෝඨා, යුද්ධෙ ඉවර නොකරන්න වරාය, හයිවේ හදන්න වෙන්නේ නෑ. අනික කොලඹ හදනව කියන එක හීනයක් වගේ තිබුනේ. ඒත් හිටපු ටික කාලෙට කොලඹ හදපු හැටි දැක්කනේ. ධනුශ්කට මුකුත් කියන එක වැරදි මොකද ඔහු මේව ලියන්නේ ඩොලර් කීපයක් හොයා ගන්න නේ.

:       137       252

sirimal Sunday, 10 June 2018 02:39 PM

මේ ගොල්ලන්ගේ අරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රජයක් නැවත බලයට ගෙන එ්ම වෙන්න බැහැ. ඔතන වාසිපැත්තට හෝයියා කියමින් පැත්තෙන් පැත්තට පැනපු පක්ෂ කිහිපයක හිටපු අයත් ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කඩා වෙනත් පක්ෂයක් පිහිටුවාගෙන බලය අල්ලා ගැනීමට කටයුතු කරන කණ්ඩායමක් නැවත බලයට ගෙන එ්මෙන් කොහොමද පක්ෂය බේරා ගන්නේ?

:       12       219

ධනුෂ්ක Sunday, 10 June 2018 02:40 PM

මෙතුමාගේ සමහර ඡයාරූපවල පසු බිමේ බුදු පිළිමයක් තිබෙනවා. මෙතුමා එ් හරහා ජනතාවට යම් පණිවිඩයක් දෙන්න හදනවා තම භක්තිය පිළිබඳව. ගොඩක් අය එ් ගැන පැහැදෙනවා. නමුත් මම හිතනවා නියම භක්තිමතෙක් නම්. එම පිළිමය තම පිටුපස පැත්තෙන් නොව... ඉදිරිපසින් තැබිය යුතුයි. මේ හරහා ජනතාවගේ හදවතට සමීප වෙන්න උත්සාහ කරනවා නම් විචක්ෂණශීලි මිනිසුන් ඊට නොරැවටෙන බව දැනගත යුතුයි.

:       1093       1247

SHAN SAUDI Sunday, 10 June 2018 02:41 PM

යන එන මං නැති වුනාම දැන් ඉබාගාතේ යනවා වගේ. මේගොල්ලෝ දේශපාලන වශයෙන් අනාථ වෙලා විතරක් නොවේ. හොරකම් කරගන්න නැතිව කුලප්පු වෙලා. මේකට තම පැරැන්නෝ කියන්නේ එළුවාගේ මොකක්ද එක වැටෙනකල් නරි පස්සෙන් යනවා කියලයි. කවදාවත් කන්න ලැබෙන්නේ නැහැ... එ්ක නරියා දන්නේ නැහැ.

:       232       440

Hafeel Sunday, 10 June 2018 03:07 PM

එහෙමනම් 118 කල්ලිය සමග සාකච්ඡා කරන්නේ නැතිද?

:       1       64

ධනුෂ්ක Sunday, 10 June 2018 04:04 PM

මෙතුමාගේ මූන දකිද්දි මට මතක් වෙන්නේ හිට්ලර්. ඔහුත් පලමු ලෝකයුධ සමයේ ජර්මන් සොල්දාදුවෙක්. පසුකාලිනව වත්මන් ලංකාවේ වගේ ජර්මනියේ දුර්වල වයිමාර් අාන්ඩුවේ මහිමයෙන්, ජර්මන් ජනතාවගේ හදවතටම රිංගලා,නට්සි පක්ෂය පිහිටුවා ජර්මනියේ බලය ගත්තා එතනින් එහාට දන්නවනේ වුන දේවල්, හැබැයි හිට්ලර් අැත්තටම ජර්මනියට අාදරේ කලා. එ් වගේම වීරයෙක් වගේ මැරිලා ගියා. අයුධ බිම තියලා පිට රටකට පලා ගියෙත් නෑ. අත්තඩංගුවට පත් වෙයි කියලා උසාවි නියෝග ගත්තෙත් නෑ. මිනිමරුවෙක් වුවත් ඔහු වීරත්වය පෙන්නලා තියනවා.ඔහුට පිට රටවල පුරවැසිභවයත් නෑ. ඔහු ජර්මනියට පිටරැටියෙක් ලෙස අැවිත් තමා. ජර්මන් ජාතිය ලෝක උතුම්ම ජාතිය කරන්න උත්සාහ කලේ.

:       531       477

sanath Sunday, 10 June 2018 05:06 PM

හැමෝම එකතුවෙලා ඉඩි අමින් පාලනයකට පාර කපන්න තමයි මේ සූදානම් වෙන්නේ. රටේ භීෂණය බිංදුවට තියාගත්තේ ඩී බී විජේතුංග සහ මෛත්‍රීපාල සිරිසේන මහත්තුරු දෙන්න විතරයි. නමුත් එයාලත් හිතුවක්කාර වෙන වෙලාවල් තිබුන. ගෝටා ජනාධිපති වුනොත් රාජ්‍ය ත්‍රස්තවාදයෙන් මුළු රටම ගිලගන්න එක වලක්වන්න බැහැ.

:       235       410

faizer Sunday, 10 June 2018 06:19 PM

පාර්ලිමේන්තු මන්ත්‍රී වරු කියන්නේ ජනතා නියෝජිතයෝ...නමුත් මේ දේශපාලන අනාථයෝ කරන ජනතා සේවය කුමක්ද? බඩගෝස්තරවාදය ගැන හිතනවා හැරෙන්න...

:       1       118

Chanak Los angeles Monday, 11 June 2018 01:40 AM

අහිකුන්ටික ජනයා තැනින් තැනට ගියාට නිශ්චිත වාසස්ථානයක වසන්න ඔවුන්ට අවකාශයක් නැහැ .

:       16       109

Chanak Los angeles Monday, 11 June 2018 01:46 AM

අනාගත ජනාධිපතිලා කරන්න යන්නේ රජයේ මුදල් අවිභාවිත කරමින් මව්පිය සොහොන් ස්මාරක තනපු පුද්ගලයන් නම් රටට ජනතාවට දෙවියන්ගේම පිහිටයි .

:       83       207

rocky Monday, 11 June 2018 02:02 AM

"අනේ මහතුනේ අපිලගෙ දුක බලලා - පිනට යමක් දෙනු අපෙ දිවි රැකුම බලා"! මේ වවුල් හැත්ත රොත්ත පිටින්ම දේශපාලනෙන් දුරුවන වෙනවා නම් .. ඒක රටට ශාන්තියක් වේවි! ගෝටා දැනටමත් ජනාධිපති කියල හිතාගන කට්ටියක් කට ඇරගන බලා හිටියත් ඔහුට කවම දාවත් දිනන්න බැහැ! අර ඉස්සර ප්‍රභාකරන්ට ගතමන්ට් එකක් දීලා කෙරුවා කියන්නා වගේ, දැන් උතුරේ දෙමල චන්ද වලක් වන්නත් බැහැ. ජේ.වී.පී. චන්දත් සල්ලිවලට ගන්න බැහැ නේ ! මුස්ලිම් චන්ද ලැබෙන්නෙත් නැහැ.යු.එන්.පී.කියන්නේ රනිල්ම නොවෙයි. චන්ද දායකයෝ තවම ඉන්නවා!ඒ එක්කෙනෙක් වත් රාජපක්ස කෙනෙකුට චන්දෙ දෙයි කියල හිතනවද?

:       9       106

Rasi Monday, 11 June 2018 03:00 AM

ඔබට ජනාධිපති වීමේ මහඟු අවස්ථාවක් ලැබී තියෙනවා. එයි ගනු ලබන ප්‍රයෝජනය මේ උතුම් රටේ අනාගතයට දැඩිව බලපානු ඇත. මෙවන් අනාථයන් කිසිදු අයුරකින් ඔබ ගොඩ නගන රජයට ගෙන්වා ගන්න එපා. මන්ද ඊළඟ පාර්ලිමේන්තුවේදී අඩුම ගැනේ දැන් ඉන්න 225 න් බාගයක් වත් හල නව බුද්ධිමතුන් පිරිසක් පත් කර ගත යුතුයි. නැත්තම් කරපු හැමදේම එළිවෙනකොට මතක නැති වෙන සෙට් එකත් එක්ක මේ රට ගොඩ නගන්න අමාරුයි.

:       106       74

amali Monday, 11 June 2018 03:39 AM

ධනුෂ්ක, කාටද මේ කඩේ යන්නේ, මට හරි සතුටුයි යහපාලනෙට කඩේ යන කෙනෙක් මුණ ගැහුන එක ගැන . මොකද මේ දවස්වල යහපාලනෙට කඩේ යන කෙනෙක් බේතකටවත් හොයා ගන්න නැහැ.

:       15       11

PA - RA Monday, 11 June 2018 05:06 AM

හොඳට කල්පනා කරන්න සුඛෝපබෝගී ජීවිතයක්, මනුස්සකමක්, අවංකකමක් නැති අය කිට්ටුකර ගන්න එපා. ඔබේ ලකුණුයි කැපෙන්නේ...

:       0       0

Arjuna Ranawana Monday, 11 June 2018 05:20 AM

ඉතින් නොගිහින් කොහොමද, දාසයෝ හාමුගේ ගෙයි වලන් හෝදන්නේ කවුද?

:       0       23

singapuli Monday, 11 June 2018 05:22 AM

අනේ ධනුෂ්ක අැලෝසියස්ගෙන් මුදල් ලැබිලා නේද? සිරිකොත මංගලගේ මාධ්‍ය භූමිකාව කරන්නේ, කොටි යුද්ධය කාලේ රනිල්ගේ ගෙදරද හිටියේ. ලැජ්ජයි හලෝ. ඔච්චර රෙදි හෝදන්න එපා.

:       32       54

ධනුෂ්කMonday, 11 June 2018 01:01 PM

මට රෙදි හෝදලානම් පුරුදු නෑ රෙදි ගලවන්නනම් ටිකක් පුලුවන්. එක පැත්තක නෙමේ දෙපැත්තෙම. ඔයා එ්වා කියවලා නෑ එ්කයි. අනික වත්මන් අාණ්ඩුව ගැන මම කියන්න දේකුත් නෑනේ පහේ පන්තියේ පොඩි එකෙකුගෙන් අැහුවත් කියයි. ඉතින් මගේ වචන අපරාදේ. මට මේවා ලිව්වට කාගෙවත් මුදල් ලැබෙන්නෑ. දවසට පැය 10ක් වැඩ කරලා මාසෙට 65000ක වැටුපක් ලබනවා එච්චරයි.

:       0       1

Arjuna Ranawana Monday, 11 June 2018 05:36 AM

කිළුටු වෙන රෙදි සෝදලා පිරිසිදු කිරීමේ කොන්ත‍්‍රාත්තුව දෙන්න කියලා

:       0       0

කුමාර් (ගල්ෆ්) Monday, 11 June 2018 06:00 AM

ඔක්කොම කුණු බේරුවල් බොක්කට එකතුවූනාම හොඳා තමා.

:       0       142

Shan Monday, 11 June 2018 06:17 AM

බය ගෝඨා යුද්දෙට බයේ පැනලා ගිය මිනිහෙක් නේ. අයියා දිනපු ගමන් ඇවිල්ලා වීරයා වෙන්න හැදුවා. දැන් මිනිස්සු ඉස්සර තරම් ගැති කම් කරන්නේ නෑ. බලමු මොකද වෙන්නේ කියලා.

:       24       245

ධනුෂ්ක Monday, 11 June 2018 12:29 PM

අමාලි හිතන්නේ ගෝඨාභයට විරුද්ධ ඔක්කොම යහපාලනේ කියලද. ඔය පොහොට්ටුව අැතුලෙත් එතුමට විරුද්ධ බැසිල් මහතට කැමති කට්ටිය ඉන්නේ. ඔයාගේ කියවීම ගැන ලැජ්ජයි. මම කිසිම විදියකින් ලොකු පක්ෂ දෙකේම කාටවත් කඩේ යන්නෑ. ඔවුන්අවුරුදු 70 ක් කරේ යුධ ගිනි අවුලලා එ්වා නියවපු එක විතරයි. අපි එක්ක කරට කර හිටි රටවල් අද අපි පහු කරලා ගොඩක් දුර ගිහින්. හැබැයි කට්ට කයිරාටිකයන්ට විරුද්ධවනම් පුලුවන් තරමින් යමක් කරනවා. මෙතන විතරක් නෙමේ.

:       0       0

sadisa Thursday, 14 June 2018 03:05 AM

ශ්‍රේෂ්ට කීර්තිමත් බුද්ධිමතෙක් වූ අමිත් මුනින්ද්‍රදාස මැතිතුමාට මොකද උනේ කියල ඔය පින්තූරේ ඉන්න වියතාගෙන් අහන්න!

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’නීති හරිහැටි ක්‍රියාත්මක කරන නිලධාරීන් වෙනුවෙන් පෙනී ඉන්නවා’’
2024 නොවැම්බර් මස 25 266 0

ආපදා කළමනාකරණයේදී ආයතන ව්‍යුහ ශක්තිමත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර බිම් මට්ටමට විසඳුම් ගෙන යාමේ යාන්ත්‍රණ ඇති කළ කළ යුතු බව ජනාධිපති අනුර කුමාර


’’හිටපු ඇමතිගේ නීති විරෝධි වැඩ නිසා නීත්‍යානුකූල E-9 රැකියා අනතුරේ’’
2024 නොවැම්බර් මස 25 433 0

පසුගිය රජයේ අමාත්‍යවරයකු නීති විරෝධී අයුරින් අත්සන් කරන ලද E-8 වීසා ගිවිසුම නිසා වසර 20ට අධික කාලයක් පුරා විශාල ශ්‍රි ලාංකික තරුණ පිරිසකට හිමිවූ E-9 වීසා කා


සමනල වැව ජලාශයේ ජල මට්ටම ඉහළට
2024 නොවැම්බර් මස 25 123 0

සමනල වැව ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාවත් සමඟ සමනල වැව ජලාශයේ ජල මටිටම මෙිි දිනවල ඉහළ ගොස් තිබේ.


අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු
2024 නොවැම්බර් මස 25 248 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනෙක් පත් කරනු ලැබ තිබේ.


තුෂාර ඉඳුනිල් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 25 842 0

මුළු ලංකාවෙන්ම 10 වන ස්ථානයට මනාප හිමිකර ගත් තමාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා දෙන්නැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී තුෂ


බදුල්ල- කොළඹ දුම්රිය ධාවනයට බාධා
2024 නොවැම්බර් මස 25 114 0

උඩරට දුම්රිය මාර්ගයේ හාලිඇල සහ උඩුවර දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (25) දහවල් ගල්පර්වත පස්කදු කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 519 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2056 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site