IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


'ශ්‍රීලනිපය කඩන්නේ එජාපය දිනවන්නයි' - විදුර වික්‍රමනායක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කවර මට්ටමේ පිරිසක් වුවද වෙනත් පක්ෂයක් හැදුවහොත් එහි නියත ප්‍රතිඵලය වනු ඇත්තේ මීළඟ පළාත් පාලන ඡන්දයේදී එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය බව ඒකාබද්ධ විපක්ෂයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා පැවැසීය.

ශ්‍රීලනිපයට දැන් අවශ්‍ය වී තිබෙන්නේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා හා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඒකාබද්ධ කරගෙන යන ගමනක් බව කී හෙතෙම එජාපයේ ජයග්‍රහණයට කැමැති අය වෙත්නම් ඔවුන්ට අලුත් පක්ෂයක් ආරම්භ කළ හැකි බව කීවේය.

ඒකාබද්ධ විපක්ෂය තුළ දේශපාලන ජුදාස්ලා තවත් නැතැයි එහි ජාතික සංවිධායක ඩලස් අලහප්පෙරුම මහතා පැවැසුව ද දේශපාලනයෙහි වෙනස් වන ස්වභාවය අනුව ඇමැතිකම් වෙනුවෙන් ආණ්ඩුවට එකතු වන්නන් තවත් සිටීමට ද බැරිකමක් නැති බව ද වික්‍රමනායක මහතා වැඩිදුරටත් පැවැසීය.



අදහස් (0)

'ශ්‍රීලනිපය කඩන්නේ එජාපය දිනවන්නයි' - විදුර වික්‍රමනායක

අමිත් Friday, 15 January 2016 11:47 AM

එහෙනම් නිදහස් පක්ෂය එකතුවෙලා එන්නකෝ අපේ ඡන්දය ලැබෙයිද බලන්න. අපිට දැන් ඔය පක්ෂය විශ්වාස නැහැ. කොහොමත් එජාපය දිනනවා. ඒකට පාර කැපුවේ අපිද? එජාපය තව කාලෙකට පරාද කරන්න බැහැ. හේතුව නිදහස් පක්ෂයේ කට්ටිය ඡන්දය දාන්න යන්නේ නැහැ. මමත් නියම ශ්‍රී ලංකාකාරයෙක්. අන්තිම ඡන්දෙ දුන්නා ගිය අගෝස්තුවේ. (නි)

:       0       0

රාධා Saturday, 16 January 2016 12:32 AM

මේවා පරණ පාක්ෂිකයෙකුට කිව්වා නම් තමයි හොඳ නේද? (නි)

:       0       0

චන්න Saturday, 16 January 2016 03:56 PM

ඔබතුමාලා හොඳ යමක් කරන්න. එවිට සදාකල් ඉන්න පුළුවන්. (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 15 January 2016 12:08 PM

වෙච්චි දුෂණ භීෂන හොරකම් මැරකම් මතක නම් කවද දෙයිද ඡන්දය ශ්‍රී ලංකා එකට (බ)

:       0       0

පරාක්‍රම Saturday, 16 January 2016 01:38 AM

අපිට දැන් ඔය පක්ෂය විශ්වාස නැහැ. (නි)

:       0       0

සේනක Friday, 15 January 2016 12:18 PM

පසුගිය ජනාධිපති වරණයට රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වුයේ නම් නියතවම ජය ගන්නට තිබුන. ඒ සුවිශේෂී අවස්ථාව එතුමා අතින් ගිලිහී යාම කනගාටුවට කරුණකි. දැන් ඉතින් දෙගොල්ල දෙපැත්තට ඇද ඇද ඉඳියි. රට කොයි අතට දෝලනය වෙයිද කියල කාටද කියන්න පුළුවන්. (බ)

:       0       0

කාන්ති Friday, 15 January 2016 12:19 PM

අපි යූඇන්පී, එකට විරුද්ධව ඡන්දෙ දුන්නත්ඒක පාවල දෙනවා දැන් පේන්නේ නැද්ද බස්නාහිර පළාත් සභාව පෙරමුණට තිබුනත් අර යූඇන්පී එකට ගිහිල්ල කොළඹින් ඡන්දෙ ඉල්ලලා පරාද වුණු වර්ණසිංහට පළාත් සභාවේ ඇමැතිකමක් ලබාදුන්නේ, ඒ වගේම් උෟව පළාත් සභාවෙත් බාගයක් පවරලා දුන්න. ඒ නිසා අපි කොහොමත් මෛත්‍රී ඉන්න තාක් කල් ශ්‍රීලංකා එකට ඡන්දෙ දෙන්නේ නෑ.(බ)

:       0       0

ප්‍රියාන් Friday, 15 January 2016 12:27 PM

චන්ද ගැන පෙන කියන්නේ මෝඩයෝ..ජනමතය හැසිරෙන විදිය අනුවයි ආණ්ඩුව තීරණය වෙන්නේ..පාවෙන චන්ද තමයි ආණ්ඩු වෙනස් කරන්නේ..ඒ නිසා කාටවත් කියන්න බෑ අරය මෙච්චර කාලයක් ඉන්නවා..අරයට බෑ කියල..දැක්කනේ උන දේ..කලින්..(කෞ)

:       0       0

මුණසිංහ Friday, 15 January 2016 12:25 PM

කැඩුණු ශ්‍රීලංකා එක එකතු කරලා යුඇන්පී එකේ බලකනුත් ගත්තේ මහින්ද.ප්‍රබල ශ්‍රීලංකා එකක් තවමත් තියෙනවා. (කෞ)

:       0       0

අමිත් Friday, 15 January 2016 12:35 PM

පිට බද්දර ජය,77 ඉදල 94 වෙනකම් දුෂණය තිබ්බේ නැද්ද?ලංකාව දුෂණය අවේ 77 පස්සේ කියල මතක තිය ගන්න. (කෞ)

:       0       0

ද සිල්වා Saturday, 16 January 2016 06:58 PM

දැන් ශ්‍රීලනිපය තරමකට පිරිසිදු වී ඇති නිසා එයට ඡන්දය දී එහි ඉන්න උගත් අවංක මහත්මයෙකුට මනාපය ගැසුවාට කමක් නැත (නි)

:       0       0

සුජීව Friday, 15 January 2016 01:04 PM

විදුරට පිස්සු. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් නැහැ. අලුත් පක්ෂයක් අවශ්‍යයි. (කෞ)

:       0       0

සංජීව - හොරණ Saturday, 16 January 2016 04:25 AM

විදුර මැතිතුමනි, මම හැම මැතිවරණයකදිම ඔබතුමාට ඡන්දය දුන් කෙනෙක්. නමුත් වර්තමාන ජනපති පක්ෂ නායකත්වයේ සිටිනාතාක් මගේ ඡන්දය ඔබතුමා වෙනුවෙන්වත් ශ්‍රීලනිපයට දෙන්නෙ නැහැ. පුංචි ඡන්දෙදි විකල්පයක් බිහිවුණොත් ඒකට දෙනවා. නැත්නම් ඡන්දය භාවිතයෙන් වැළකී ඉන්නවා. (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Friday, 15 January 2016 01:25 PM

මොන තර්ක විතර්ක ඉදිරිපත් කලත් ආය ඡන්දයක් තිබ්බොත් ශ්‍රීලංකා පක්ෂය දිනනවා.(කෞ)

:       0       0

කුමා Friday, 15 January 2016 02:00 PM

මෛත්‍රී පක්ෂේ ඉන්නකන් මහින්ද කිව්වත් ආයේ ශ්‍රීලංකා එකට චන්දෙ දෙන්නේ නෑ..දෙනවා පෙරටු ගාමින්ට ....(කෞ)

:       0       0

හිමාල් Friday, 15 January 2016 02:36 PM

ලංකා දේශපාලනේ ඉස්සරත් දූෂණ තිබ්බා,ඒකට පස්සේ මේකට පස්සේ කියන්න බෑ. (ර)

:       0       0

විජිත Saturday, 16 January 2016 06:27 AM

විදුර මැතිඳු සමඟ අපි එකඟයි (නි)

:       0       0

සුමනසිරි Saturday, 16 January 2016 06:33 AM

සංජීව,මම ඔබ සමඟයි. මේකට අදහස් ලියන එජාප කට්ටිය ශ්‍රීලනිපය ගැන ගොඩක් දුක්වෙනවා. නායකතුමා ගැන වෙන්න ඇති. ශ්‍රීලනිප නායකයන් දැනගන්න ඕනෑ ඒකයි. එළබෙන ඡන්දයේදී ජවිපෙ නිකම්ම දෙවන තැන ගනීවී, නව පෙරමුණක් බිහිනූනොත්. (නි)

:       0       0

ප්‍රේමතිලක Friday, 15 January 2016 02:59 PM

විදුර මම කවදත් ගරු කරන කෙනෙක් (නි)

:       0       0

සන්තුෂ් Friday, 15 January 2016 03:15 PM

1977 සිට 1994 දක්වා කාලය තුළ සිදු වූ දේවල් මතක කිසිවෙක් යූඑන්පියට හා ජේවීපියටත් කවදාවත්ම ඡන්දයක් දෙයිද? (නි)

:       0       0

නවීන් Friday, 15 January 2016 04:10 PM

කුමා, ඔයා පෙරටුගාමීද? හරිම සතුටුයි. එයාලට වගේම ඔයාටත් සුබ අනාගතයකට සුබ පැතුම්! (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 15 January 2016 04:40 PM

ශ්‍රී ලංකා එක කියන්නේ මොනවගේ පක්ෂයක්ද කියලා ලංකා ඉතිහාසයේ රන් අකුරෙන් ලියවිලයි තියෙන්නේ. (නි)

:       0       0

හේවා සරත් Saturday, 16 January 2016 10:37 AM

පක්ෂ පරාජ කරන්නේ පක්ෂ නායකත්ව විසින්මයි. (ර)

:       0       0

සුමනසිරි Friday, 15 January 2016 07:42 PM

ඡන්දෙ තියන්නකෝ ශ්‍රීලනිප එකට වෙන දේ බලාගන්න. ඒකට ඡන්දෙ දුන්නේ අපි. එජාප කට්ටිය නෙමෙයි (නි)

:       0       0

අහමඩ් Tuesday, 19 January 2016 06:40 PM

කෝ දැන් කට්ටියට පුළුවන් වුණාද බඩුමිල අඩු කරන්න? තිබුණට වඩා වැඩියි දැන්. අපි හැමදාම රැවටෙනවා. (නි)

:       0       0

සිරිපාල Friday, 15 January 2016 09:06 PM

ශ්‍රී ලංකා එකෙන් කැඩිලා, වෙනම ටීම් එකක් ඉල්ලුවොත් ආයේ දෙකක් නැහැ, යූඑන්පී එක උඩින්ම දිනනවා. (නි)

:       0       0

ද සිල්වා Friday, 15 January 2016 09:24 PM

ගොඩක් අයට බලය තිබුන කාලේ මොළය තිබුනේ නැහැනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 150 0

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 1136 0

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 218 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 448 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 366 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 611 1

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36775 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24300 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 183 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 553 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 231 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site