IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


‘ශ්‍රීලනිපය කැඩෙන්න ළඟයි‘

ආර්ථිකමය හා දේශපාලනමය ගැටලූ හමුවේ සැළසුම් කරගෙන සිටි කිසිවක් ඒ අයුරින් කි‍්‍රයාවට නැංවීම රජයට තවදුරටක් නොහැකි වන බවක් පෙනෙන්නට ඇත.එසේ කි‍්‍රයාත්මක කිරීමට නොහැකිව ඇති සැළසුම් අතරින් ප‍්‍රධාන වන්නේ සියයට 11 ක සිට 15 ක් දක්වා වැට් බද්ද ඉහළ දැමීමය.ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු දෙකක් හමුවේ එම සැළැස්ම හකුලා ගැනීමට රජයට සිදුවිය.පළමු තීන්දුවේදී එළෙස වැට් බදු හඳුන්වාදීම නීති විරෝධීයැයිද, දෙවැනි තීන්දුවේදී වැට් බදු කෙටුම්පත පාර්ලිමෙන්තුවට හඳුන්වාදුන් කි‍්‍රයාපටිපාටිය දෝශ සහගත යැයිද ශ්‍රේෂ්ඨාධිකරණය ප‍්‍රකාශයට පත් කළේය.මේ හමුවේ රජය දැන් සිටින්නේ වැට් බදු කෙටුම්පත නැවත පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීම සඳහා නීතිපති දෙපාර්තමෙන්තුවේ උපදෙස් ලබා ගනිමින්ය.

මේ සම්බන්ධයෙන් අඟහරුවාදා පැවැති කැබිනට් මණ්ඩල හමුවේදීද දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකට අනුව නව වැට් බදු කෙටුම්පතක් පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමට තරම් එකමුතුවක් එක්සත් ජාතික පක්ෂය සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය අතර නැත.දැනට සකස් කර තිබෙන වැට් බදු කෙටුම්පත සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ඇත්තේ දැඩි විරෝධයකි.එහි අන්තර්ගතය වහාම වෙනස් කළ යුතුව ඇතැයි එම පක්ෂයේ මතයයි.ආන්දෝලනයට තුඩුදී ඇති ගල්අගුරු ටෙන්ඩරය සම්බන්ධයෙන්ද ඇමැතිවරු සාකච්ඡා කළෝය.ඇමැති සියඹලාපිටිය කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ ටෙන්ඩරය ආර්ථික කටයුතු පිළිබඳ කැබිනට් කමිටුව ඉදිරියේ මනාව විමර්ෂණයට ලක්කර අවසන් තීරණයක් ගැනීම සුදුසු බවය.

පසුගියදා පැවැති හමුවකදී රජයේ ඇමැතිවරු 2016 වසරේ මේ දක්වා තම තමන්ගේ කාර්යසාධනය විශ්ලේෂණය කළහ.එහිදී පැහැදිලි වූයේ බොහෝ ඇමැතිවරුන් සහ ආයතනයන් අයවැයෙන් ඔවුන් වෙත ලබාදී ඇති මුදල් අදාළ සංවර්ධන කටයුතු සදහා යොදවා නොමැති බවය.එළැඹෙන වසර වන විට 2016 වසර සදහා වන සියලූ ගනුදෙනු අවසන් කර අලූත් පිටුවක් පෙරළීමට රජය සූදානමින් සිටින හෙයින්, වහාම ඉතිරිව ඇති මුදල් නිසි පරිදි ව්‍යාපෘති හා වෙනත් සංවර්ධන කටයුතු සදහා යොදවන ලෙස එම ඇමැතිවරුන්ට හා ආයතනයන්ට දැනුම් දෙනු ලැබිණ.

මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසත් නියමිත පරිදි මුදල් යෙදවෙන්නේදැයි සොයාබැලීම සදහා දෛනික ප‍්‍රගති සමාලෝචන රැස්වීම් පවත්වන ලෙසත් තවදුරටත් ඇමැතිවරුන් දැනුම්වත් කිරීම සිදුවිය.මෙම ප‍්‍රගති සමාලෝචන හමුවලට අමාත්‍ය ලේකම්වරුන්, වෙනත් නිලධරයින් සහ වෙනත් කොටස්කරුවන් ආදියද සහභාගී විය යුතු බවද දැනුම්දෙනු ලැබිණ.

දැනට කි‍්‍රයාත්මකව තිබෙන ව්‍යාපෘති සම්බන්ධයෙන්ද රජයේ අවධානය යොමුව ඇත.බණ්ඩාරනායක ගුවන් තොටුපලේ ගුවන්පථ නැවත ඇතිරීම හා ඒ හා බැඳුනු වෙනත් සංවර්ධන කටයුතු සදහා වන ව්‍යාපෘතියකට රජය අවසරය ලබාදුන්නේ පසුගිය මසදී ය.චීන සමාගම් කිහිපයකට හිමිවුනු මෙම ව්‍යාපෘතියේ වටිනාකම ඇමරිකා ඩොලර් 48 600 402.52 කි.

කැබිනට් මණ්ඩලය ගත් තීරණයකට අනුව ශී‍්‍ර ලංකා ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගම, චයිනා නැෂනල් එරෝ ටෙක්නොලොජි ඉන්ටර්නැෂනල් ඉන්ජිනියරින්ග් ගෲප් (සීර්ටීඅයිසී) සහ ෂැන්ග්හයි නිව් ඒරා ඩිසයිග්න් ඇන්ඩ් රීච් ඉන්ස්ටිටියුට් කොම්පැනි ලිමිටඩ් සමග මෙම කටයුතු සම්බන්ධයෙන් වන වෙළඳ ගිවිසුමකට එළැඹීමට නියමිතය.

ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය සහ අමාත්‍යංශ ලේකම්වරයා මැදිහත්ව, අදාළ චීන සමාගම් මත නිසි පරිදි බදු පැනවෙන බව හා ගිවිසුම්ගත පරිදි සේවා සැපයෙන බව තහවුරු කිරීමට හැකිවන පරිදි එම ගිවිසුමට කරුණු එක් කිරීමට කටයුතු කළ යුතු බවද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. ගුවන්පථ නැවත ඇතිරීමේ කටයුතු වලට අවස්ථාව සළසා දෙනු වස් කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපල ලබන ජනවාරි මස පස්වැනිදා සිට තෙමසක කාලයක් වසා තැබෙනු ඇත.සියලූම ගුවන්ගමන් රාති‍්‍රයේ පමණක් සිදුවනු ඇත.

මහාමාර්ග සහ උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා චයිනා ඩිවෙලොප්මන්ට් බැංකුවෙන් හෝ වෙනත් මූල්‍ය ආයතනයකින් ඩොලර් ලක්ෂ 140 ක අතිරේක ණයක් ලබාගැනීම සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය ඉල්ලා සිටියේය.දැනට මාර්ග සංවර්ධන කටයුතු වල නිරතව සිටින කොන්ත‍්‍රාත්තුකරුවන්ට, එම මාර්ග සංවර්ධන කටයුතු වලට අදාළව විවිධ ඉල්ලීම් ඉදිරිපත් වන බැවින් එම ඉල්ලීම් ප‍්‍රකාරව සිදුකෙරෙන සංවර්ධන කටයුතු සදහා ගෙවීම් සිදුකළ යුතුයැයි විශේෂ ප‍්‍රසම්පාදන කමිටුවකින් නිර්දේශ කර ඇතැයි ඔහු කීවේය.

චයිනා ඩිවෙලොප්මන්ට් බැංකුව දැනට ශී‍්‍ර ලංකාවේ මාර්ග සංවර්ධන කටයුතු වල දෙවැනි අදියර වෙනුවෙන් ඩොලර් ලක්ෂ 5000 ක මුදලක් ලබාදී ඇත.මෙම මාර්ග සංවර්ධන කටයුතු සිදුවන්නේ තෝරාගෙන ඇති මාර්ග වල ප‍්‍රමුඛතාවය මත පදනම්වය.සංවර්ධන කටයුතු සදහා දායකත්වය ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය යටතේ කොන්ත‍්‍රාත්කරුවන් 22 නෙකුට අවස්ථාව ලබාදී තිබේ.මෙම ව්‍යාපෘතියෙන් සියයට 10 ක බරපැන දරන්නේ ශී‍්‍ර ලංකා රජයයි.මාර්ග සංවර්ධන කටයුතු වලට අදාළව විවිධ ඉල්ලීම් ඉදිරිපත් වන හෙයින් වෙන්කර ඇති මුදල එම ඉල්ලීම් සපුරාලීමට සහ ප‍්‍රධාන සංවර්ධන කටයුතු වල යෙදවීමට ප‍්‍රමාණවත් නොවන නිසා මෙසේ අතිරේක මුදල් ලබාගැනීමට සිදුව තිබෙන බව කිරිඇල්ල වැඩිදුරටත් පැහැදිලි කළේය.

ව්‍යාපෘති සැළැස්මේ මුලින් සඳහන්ව තිබුණේ කිලෝමීටර 601.34 ක මාර්ග ප‍්‍රමාණයක් සංවර්ධනය කිරීම සහ පාලම් 44 ක් ප‍්‍රතිසංස්කරණය කිරීම වුවත් ව්‍යාපෘතිය අවසන් වන විට කිලෝමීටර 626.28 ක මාර්ග ප‍්‍රමාණයක් සංවර්ධනයව, පාලම් 73 ක් ප‍්‍රතිසංස්කරණයව තිබෙනු ඇතැයිද, ඇතැම් මාර්ග ද්විත්ව පථ පිහිටන පරිදි හා මුල් සැළැස්මේ නොතිබූ ව්‍යායාම් මංතීරු, උද්‍යාන ආදිය තිබෙන පරිදි, නව සංවර්ධන කටයුතු සිදුවෙමින් තිබෙන බවද ඇමැතිවරයා පැවසුවේය.

සංහිදියා යාන්ත‍්‍රණය සම්බන්ධීකරණය කෙරෙන ලේකම් කාර්යාලයක් පිහිටුවීම සදහා රුපියල් ලක්ෂ 1660 ක් වෙන් කිරීමේ යෝජනාවකටද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවිය.මෙම යෝජනාව ඉදිරිපත් කළේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා වූ අතර, කාර්යාලය ඇති කෙරෙනු පසු එය කි‍්‍රයාත්මක වනු ඇත්තේද ඔහු යටතේය.එහි කාර්යභාරය පැහැදිලි කරමින් අදහස් දැක්වූ අගමැතිවරයා, සම්බන්ධීකරණ කාර්යාලය සංහිදියාව අදාළ සියලූම යාන්ත‍්‍රණයන් සම්බන්ධව අවධානයෙන් සිටිනු ඇති බවත්, එම කටයුතු හා සම්බන්ධව ප‍්‍රතිපත්ති සම්පාදකයන් සහ එම ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක කරනා පාර්ශවයන් සමග සම්බන්ධීකරණය කරනු ඇති බවත් පැවසුවේය.මනෝ තිත්තවෙල මහතා මෙම කාර්යාලයේ ලේකම්වරයා ලෙස පත්කිරීමට නියමිතය.

මෙවන් තීරණයක් ගැනීමට හේතුවද පැහැදිලි කළ අගමැතිවරයා ජනවාරි මස 8 වැනිදා රටේ සිදුවූ වෙනසත් සමග සංහිදියාට වැඩි තැනක් ලැබී තිබෙන බවත්, අන්තර්ජාතික ප‍්‍රජාවද ශී‍්‍ර ලංකාවේ සංහිදියාව පවත්වාගැනෙන ආකාරය පිළිබදව උනන්දු බවත් කියා සිටියේය.එසේ හෙයින් එම කටයුතු සම්බන්ධයෙන් අවධානයෙන් සිටීමට මෙවැනි කාර්යාලයක් පිහිටුවීම සුදුසු බව ඔහු කීවේය.කාර්යාලයේ ප‍්‍රධානියා ලෙස පත් කිරීමට සැළසුම් කර ඇත්තේ ඒ.ඒ.දයානන්ද මහතාවය.ඔහුට ගෙවීමට නියමිත මාසික වැටුප රුපියල් 175000 කි.වෙනත් අමාත්‍යංශ හා දෙපාර්තමෙන්තුද මෙම කාර්යාලය හා සම්බන්ධ වනු ඇත.

මහින්ද රාජපක්ෂ හිතවාදීන් කණ්ඩායමක් ආසන සංවිධායක ධූරයන්ගෙන් ඉවත් කිරීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය කටයුතු කිරීමත් සමග ඒකාබද්ධ විපක්ෂය වඩාත් කි‍්‍රයාකාරීව සිටින්නේය.හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් සන්ඩේ ටයිම්ස් හා විශේෂ අදහස් දැක්වීමකද නිරත විය.

‘අපේ සංවිධායකයෝ ගොඩක් දෙනා මගෙන් ඇහුවා පක්ෂ සම්මේලනය ඉදිරියේ එන හින්දා මොකද කරන්නේ කියලා.මම එයාලට කිව්වා තම තමන්ගේ බල මණ්ඩල හමුවෙලා උපදෙස් ලබාගන්න කියලා.දැන් මට ඒ අය දැනුම්දීලා තිබෙනවා පක්ෂ සම්මේලනයට සහභාගී වෙන්නේ නැති බව.පක්ෂයේ නායකත්වය ගැන ඒ අයගේ කිසිම පැහැදීමක් නැහැ.ඔක්කොම එක්සත් ජාතික පක්ෂයටනේ දෙන්නේ.‘ ඔහු පැවසුවේය.

පක්ෂ සංවිධායකයින් ඉවත් කිරීම සහ නව දේශපාලන පක්ෂයක් තනා ගතහොත් සියලූ දෙනාගේ රහස් හෙළි කරන බවට ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කළ තර්ජනය සම්බන්ධයෙන් ද සන්ඩේ ටයිම්ස් රාජපක්ෂගේ අදහස් විමසා සිටියේය.

‘හැම කෙනාටම රහස් තියෙනවානේ.මොකක්ද මේ අය කියන මේ රහස?‘ යැයි ඔහු පැවසුවේය.

මහින්ද රාජපක්ෂ පාලන සමයේ කෘෂිකර්ම ඇමැතිවරයාව සිටි සිරිසේන, වංචනික ගනුදෙනුවක නිරතව ඇතැයි  ඕස්ටේ‍්‍රලියා මාධ්‍යවල පළව තිබූ වාර්තා සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ රාජපක්ෂ ‘ඔය දිට්ඨදම්මවේදනිය කර්මය පලදීලා‘ යැයි කීවේය.මෙම චෝදනා ජනපති සිරිසේන තරයේම ප‍්‍රතික්ෂේප කළේය.ජනපති ලේකම් කාර්යාලයේ ආරංචි වලට අනුව මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස නීතිපතිවරයා දැනුම්වත් කිරීමටද ජනපති සිරිසේන කටයුතු කර ඇත.

බදාදා යෙදීමට නියමිත මලයාසියා සංචාරයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ වත්මන් තත්ත්වය ගැන ක‍්‍රමවත් අධ්‍යනයකින් පසු කරුණු දක්වන බව රාජපක්ෂ පැවසුවේය.

‘ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු දැන් කැබිනට් මණ්ඩල හමුවලට සහභාගී වෙන්නේ නැති එක ගැන කවුරුත් කතා කරනවා.හැබැයි එක්කෙනෙක් නම් ඒ ගැන කිසිම කතාවක් නැහැ.මෙහෙම දෙයක් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ඉතිහාසයේම වෙලා නැහැ.‘ ඔහු කීවේය.

 

රජපක්ෂ මෙම අදහස් පලකළේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ නායකත්වය හා රාජපක්ෂ හිතවාදී ආසන සංවිධායකයන් ඉවත් කිරීම සම්බන්ධයෙන් පක්ෂ සාමාජිකයන්ගේ මතය විමසීමට ඔහු පත් කළ කමිටුව, පසුගිය බ‍්‍රහස්පතින්දා නැවත රැස්වීමෙන් පසුවය.මහින්ද රාජපක්ෂ යටතේ නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ගැනීම සුදුසු බව එම කමිටුවේ මතය විය.මෙම දේශපාලන පක්ෂය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය යටතේ වෙනත් නමකින් පෙනී සිටිනු ඇත්දැයි දැනට පැහැදිලි නැත.නව පක්ෂයක් පිහිටුවීම පිළිබද අවසන් මතය ගැනුනේ උද්ගතව තිබෙන තත්ත්වය හමුවේ රාජපක්ෂ හිතවාදී පක්ෂ සාමාජිකයන් හා බලමණ්ඩලයන් සැප්තැම්බර් හතර වැනිදා පැවැත්වෙන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සමුලූවට සහභාගීවීමෙන් වැළකී සිටීමට ගෙන තිබෙන තීරණය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් පසුවය.

පොදු පෙරමුණක් තැනීමට අනෙක් පක්ෂද එක් කර ගත යුතුයැයි කමිටුවේ අදහස විය.පාර්ලිමෙන්තුවේදී ඒකාබද්ධ විපක්ෂය දැනට පවත්නා අයුරින්ම කි‍්‍රයාත්මක වනු ඇති බවද කමිටු සාමාජිකයෝ පැවසූහ.

සැළකිය යුතු පිරිසකගේ අදහස වන්නේ නව දේශපාලන පක්ෂයේ ආගමනය සැප්තැම්බර් මස හතරවැනිදාම සිදුවිය යුතු බවය.මෙම නව දේශපාලන පක්ෂය වෙනම කණ්ඩායමක් ලෙස පාර්ලිමෙන්තුවේ සැළකිල්ල ලැබිය යුතු බවද, පිරිස් බලයෙන් විශාල වන හෙයින් ප‍්‍රධාන විපක්ෂය ලෙස නම් කළ යුතු බවද, ඔවුහු පවසන්නෝය.

අතුරුදන්වූවන් සම්බන්ධයෙන් ඇති කිරීමට නියමිත කාර්යාලය අරබයා තවදුරටත් සාකච්ඡා පැවැත්වෙමින් පවතී.එයට අදාළ පණතට ජනතා විමුක්ති පෙරමුණේ නිර්දේශයන්ද එක් කිරීමට දැන් රජය එකගතාව පලකර තිබේ.පණත පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමේදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය නිසා විවාදයක් පැවැත්වීමට අවස්ථාවක් නොලැබීම මෙයට හේතුව විය.මෙම කරුණ මුල් කරගෙන, පණත පාර්ලිමෙන්තුවේ සම්මත වීම ශ්‍රෙෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කිරීමටද ඇති හැකියාව සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ අවධානය යොමුව ඇත.ඊට අමතරව මෙම පණත සම්මත කරගැනීම නිසා අත්විදීමට සිදුවනු ඇති භයානක තත්ත්වයන් පිළිබදව ජනතාව දැනුම්වත් කරනු වස් කුඩා පරිමානයේ ජන හමු පැවැත්වීමටද ඔවුන් සැළසුම් කරමින් සිටී.

ඒකාබද්ධ විපක්ෂයේ මෙම කටයුතු ජනපති සිරිසේනට රහසක් නොවේ.නමුත් තම ඉදිරි සැළැස්ම සම්බන්ධයෙන් ඔහු රහසිගත පිළිවෙතක් අනුගමනය කරනු දැකගත හැකිය.ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ දෛනික රැස්වීම් වලින් ඔහු සෑහෙන තරමකට ඉවත්ව සිටීම බොහෝ දෙනාගේ කතාබහට ලක්වෙමින් තිබේ.ඒ වෙනුවට පැජට් පාරේ තම නිවසට වී හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක සහ එක්සත් ජනතා සන්ධාන මහලේකම් මහින්ද අමරවීර යන මහත්වරුන් සමග ඔහු රහසිගත සාකච්ඡා පවත්වමින් සිටීම හමුවේ මෙම කතාබස් වලට තටු ලැබී ඇති සෙයකි.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ පාර්ශවයන් දෙක අතර ඇතිව තිබෙන අර්බුදය, විශේෂයෙන් රාජපක්ෂ හිතවාදීන් වෙනම පක්ෂයක් තනාගැනීමට ගෙන ඇති තීරණය හමුවේ තවත් දරුණු වනු ඇති බවට සැකයක් නැත.ඒ කෙසේවුවත් කුරුණෑගල පැවැත්වීමට නියමිත පක්ෂ සම්මේලනයට මෙය ගැටලූවක් නොවනු ඇත.දිවයින පුරා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයින් කුරුණෑගලට ගෙන්වා ගැනීමට දැනටමත් පක්ෂ සංවිධායකයින් අදාළ සැළසුම් සකස් කරමින් සිටී.ගැටලූව වන්නේ පක්ෂයේ බෙදීමය.මහින්ද හිතවාදී කණ්ඩායම පක්ෂයෙන් නෙරපා හැරීමට කටයුතු කළහොත් ඒ සම්බන්ධ නීතිමය කි‍්‍රයාමාර්ග වල යෙදෙමින් කාලය ගතකිරීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ නායකත්වයට, එනම් ජනපති සිරිසේනට, සිදුවීම හමුවේ, රාජපක්ෂ පාර්ශවය තවත් ශක්තිමත් වනු ඇත.පක්ෂ සමුලූව පැවැත්වීමට ඇත්තේ තව සතියක්ය.එසේ තිබියදීත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය හමුවේ ඇත්තේ දැවැන්ත අර්බුදයක්ය.

විදෙස් විනිමය ගනුදෙනු සදහා අගමැතිගෙන් නව නීතියක්

පසුගිය අගහරුවාදා කැබිනට් මණ්ඩලය විදෙස් විනිමය ගනුදෙනු ප‍්‍රවර්ධනය කැරෙන, එම කටයුතු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයට වැඩි වගකීමක් හිමිවෙන, එම කටයුතු භාර මුදල් අමාත්‍යංශ නියෝජිතයා ලෙස මහ බැංකුව හදුනාගැනෙන, විදෙස් විනිමය පාලන කෙටුම්පත බලාත්මක කැරෙන කැබිනට් පත‍්‍රිකාවකට අනුමැතිය ලබාදුන්නේය.මෙම කැබිනට් පති‍්‍රකාව ඉදිරිපත් කළේ අගමැති වික‍්‍රමසිංහය.පහත දැක්වෙන්නේ එහි සංක්ෂිප්තයකි.නුදුරේදීම මෙය ගැසට් කැරෙනු ඇත.

විදෙස් විනිමය ගනුදෙනු ප‍්‍රවර්ධනය කිරීමට සහ යාමනය කිරීම සදහා මෙම පණතෙහි අන්තර්ගතය අනුව කි‍්‍රයාත්මක වීමේ වගකීම මහ බැංකුව සහ ඒ සම්බන්ධ විෂය ක්ෂේත‍්‍රය භාර ඇමැතිවරයාට හිමිවේ.

මෙම කටයුතු සදහා අදාළ විෂය ක්ෂේත‍්‍රයට අනුයුක්ත කර සිටින ලේකම්වරයාද, ඉහත සදහන් කළ ඇමැතිවරයාට සහය ලබාදෙනු ඇත.විශේෂයෙන් පණතෙහි අන්තර්ගතය කි‍්‍රයාත්මක කිරීම සදහා මගපෙන්වනු ඇත.

එම ඇමැතිවරයාගේ නියෝජිතයා ලෙස කටයුතු කරනු ඇත්තේ මහ බැංකුවයි.එය පණත ප‍්‍රකාරව අදාළ පියවර ගනු ඇත.

බලයලත් ගනුදෙනුකරුවකු මාර්ගයෙන් හෝ බලපත‍්‍රයක් ලබාදී ඇත්නම් එහි වලංගු කාලසීමාව ඇතුළත හෝ හැර කිසිදු පුද්ගලයකුට ශී‍්‍ර ලංකා මුදල් හා වත්කම්, විදේශ විනිමය බවට හැරවීමටත්, එම විනිමය භාවිතයෙන් ගනුදෙනු වල යෙදීමටත් අවසර නොමැත.මෙය විදෙස් රටවල ඇති ශී‍්‍ර ලංකාවට අයත් සම්පත් සම්බන්ධයෙන්ද අදාළය.

මෙරට හෝ විදේශයක, විදෙස් මුදල් ගනුදෙනු වන ගිණුම් හිමි ශී‍්‍ර ලංකා ජාතිකයකු, එම මුදල් ලබාගෙන ඇත්තේ ශී‍්‍ර ලංකා රුපියල් එම විනිමය බවට හරවා හෝ මෙරට ඇති සම්පත් එම විනිමය බවට හරවා හෝ මෙරට ඇති යම් සේවාවක් මාර්ගයෙන් හෝ නොවේනම්, බලයලත් ගනුදෙනුකරුවකු හෝ බලපත‍්‍ර මාර්ගයෙන් හෝ එම මුදල් උපයාගෙන නොමැති නම්, එවන් මුදලක් ශී‍්‍ර ලංකාවේ හෝ පිටත ගනුදෙනු සදහා යොදාගැනීමේ අවසරය හිමිය.

බලපත‍්‍රයෙහි සදහන් කාල සීමාවට පමණක් විදෙස් විනිමය ගනුදෙනු වල යෙදීමට බලයලත් පුද්ගලයින් පත්කිරීමට මහ බැංකුව කටයුතු කරනු ඇත.ඔවුනට කටයුතු කිරීමට සිදුවන්නේ මහ බැංකුවේ රෙගුලාසි හා කොන්දේසි මතය.

විදෙස් විනිමය ගනුදෙනුවක යෙදීමට බලාපොරොත්තු වන පුද්ගලයකුගෙන් එම ගනුදෙනුවේ ස්වභාවය පිළිබද විමසා සිටීමේ අවසරය බලයත් ගනුදෙනුකරුවන්ට හා බලපත‍්‍ර කාලසීමාවට පමණක් විදෙස් විනිමය ගනුදෙනු සම්බන්ධ කටයුතු වල යෙදීමට අවසර ඇති පුද්ගලයින්ට හිමිය.මෙය සිදුවන්නේ එම ගනුදෙනුව මෙරට කි‍්‍රයාත්මක නීති ප‍්‍රකාරව සිදුවන්නේදැයි සොයා බැලීමටය.

පණත ප‍්‍රකාරව කිසිදු පුද්ගලයකුට ස්ව කැමැත්තට විදෙස් විනිමය ගනුදෙනු වල යෙදීමට කිසිදු අවසරයක් නොමැත.

ශී‍්‍ර ලංකා පුරවැසියකුට හෝ ශී‍්‍ර ලංකාවේ සිටින පුද්ගලයකුට,

ශී‍්‍ර ලංකාවට භාණ්ඩ ආනයනය හෝ ශී‍්‍ර ලංකාවෙන් භාණ්ඩ අපනයනය කිරීමේ අවසරය හිමිය.නමුත් ගනුදෙනු සිදුවිය යුත්තේ ශී‍්‍ර ලංකා රුපියල් වලින්ය.

මෙරට හෝ පිටත විදෙස් විනිමය තබාගැනීමේ අවසරය හිමිය.

විදේශයක ඇති සම්පත්, එම රටෙහි භාවිතා වන මුදල් වර්ගයට හරවන ලද ශී‍්‍ර ලංකා රුපියල් වලින් හෝ එම මුදල් වර්ගයට හරවන ලද මෙරට ඇති සම්පත් වලින් හෝ අත්පත් කරගැනීමේ අවසරය හිමිය.

මෙම කටයුතු සම්බන්ධයෙන් පිළිපැදිය යුතු නීති හා රෙගුලාසි, සහ සීමා ආදිය සම්බන්ධයෙන් පණතෙහි වැඩිදුර කරුණු අඩංගුය.

මහ බැංකුව එහි බලය පවරන පුද්ගලයින්ට  ඕනෑම අවස්ථාවක බලයලත් ගනුදෙනුකරුවන් හෝ බලපත‍්‍ර හිමි පුද්ගලයින් හෝ යෙදී සිටින විදෙස් විනිමය ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ෂණය කළ හැකිය.

බලයලත් ඇමැතිවරයා විශේෂ විමසුම් කමිටුවක්ද පත් කරනු ඇත.එහි සාමාජිකයන් වනු ඇත්තේ පහත සදහන් අයය.

විශ‍්‍රාමික ශ්‍රේෂඨාධිකරණ හෝ අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් - කමිටු සභාපති

රාජ්‍ය හෝ පෞද්ගලික ක්ෂේත‍්‍රයන්ගේ ජ්‍යේෂ්ඨ කලමණාකරන කටයුතු වල නියැලී අත්දැකීම් සහ ගෞරවයක් හිමිකරගෙන සිටින අන්තර්ජාතික වෙළදාම් සහ විනිමය ගැන මනා අවබෝධයක් ඇති පුද්ගලයින් දෙදෙනෙක් - කමිටු සාමාජිකයන්

කමිටුවෙන් තනි වාර්තාවක් හෝ එක් එක් කමිටු සාමාජිකයාගෙන් වෙන වෙනම වාර්තා විෂය භාර ඇමැතිවරයාට ලබාදිය හැකිය.

12 වැනි වගන්තිය ප‍්‍රකාරව විදෙස් විනිමය ගනුදෙනු වල යෙදුණු පුද්ගලයකු පණතෙහි කරුණු උල්ලංඝණය වන අයුරින් කටයුතු කර ඇත්නම් එම ගනුදෙනුවට අදාළ වන මුලූ මුදල ගෙවිය යුතුය.එවන් ගනුදෙනුවක යෙදී ඇත්තේ සමාගමක් නම් එහි සියලූම අධ්‍යක්ෂකවරුන්, සාමජිකයන් සහ එම සමාගමේ කොටස්කරුවන්, එම නියමිත මුදල ගෙවීමට බැදී සිටින්නේය.

විමසුම් කමිටු අදහස් සැළකිල්ලට ගනු ඇති මූල්‍ය මණ්ඩලය ලබාදෙන උපදෙස් අනුව කටයුතු කරනු ඇති ඇමැතිවරයා කිසියම් විදෙස් විනිමය ගනුදෙනුවක් ශී‍්‍ර ලංකාවේ ආර්ථික ස්ථාවරත්වයට හානි ගෙන දේ නම් ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය හා සාකච්ඡා කොට අවශ්‍ය පියවර ගැනීමට කටයුතු ගනු ඇත.මෙසේ පියවර ගැනෙනු ඇත්තේ අදාළ ගනුදෙනුව සිදුව මාස හයක් ඉක්මවීමට ප‍්‍රථමයෙනි.

මෙම පණත ප‍්‍රකාරව කටයුතු කෙරෙන අවස්ථාවක මූල්‍ය මණ්ඩලයට හෝ එහි කිසිදු සාමාජිකයකුට, මහ බැංකුවට හෝ එහි කිසිදු සේවකයකුට, ඇමැතිවරයා, ලේකම්වරයා හෝ අමාත්‍යංශයේ කිසිදු නිලධරයකුට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා ගොනු කිරීමට හෝ නීතිමය පියවර ගැනීමට හෝ නොහැකිය.

පනත ප‍්‍රකාරව අදාළ රෙගුලාසි පැනවීමට ඇමැතිවරයා කටයුතු කරනු ඇත.



අදහස් (0)

‘ශ්‍රීලනිපය කැඩෙන්න ළඟයි‘

දිල්රුවන් Sunday, 28 August 2016 06:20 AM

ඔය පුරෝහිත චන්ද්‍රිකා නෝනා පක්ෂෙටයි රටටයි කරපු කියපු දේවල් මිනිස්සුන්ට හොඳට මතකයි තවම. (බ)

:       0       0

ඇසළ Sunday, 28 August 2016 07:59 AM

ශ්‍රීලනිපය කැඩෙන්න ළඟයි නෙමෙයි කැඩිලා ඉවරයි. ආයිත් මොනවා දැම්මත් අලවන්න බැහැ. දැන් වෙලා තියෙන්නේ බලේ හිටියට ගලේ පහරපු බල්ලට වෙච්ච දේ. (බ)

:       0       0

සමන් Sunday, 28 August 2016 09:12 AM

මහින්ද සමඟ යන කට්ටියගේ කල්ක්‍රියාව ජනතාව දන්නවා. දැන්වත් පක්ෂය පිරිසිදු කළයුතුයි. ජනතාවට අවශ්‍ය ජනතවගේ මුදල් ගසාකන අය නොවෙයි. (නි)

:       0       0

කුමාර Sunday, 28 August 2016 09:13 AM

ඉතාම හොඳ ලිපියක් මේක (නි)

:       0       0

ශ්‍රීලාල් Sunday, 28 August 2016 10:07 AM

දැන් බලාගෙන ගියහම නයකයිගේත් තියෙන්නේ ගැලරි කතා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 313 0

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


රනිල්ගේ ආරක්ෂාව ගැන රුවන්ගෙන් ප්‍රකාශයක්
2024 ඔක්තෝබර් මස 07 1365 1

අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන් නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන


’’පාස්කු ප්‍රහාර වාර්තා දෙකක් රනිල් ප්‍රසිද්ධ කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 972 2

පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක්හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබුණ නමුත් ඒවාප්‍රසිද්ධ නොකළ බැවින් එම වාර්තා ප්‍රසිද්ධි


නිලන්තත් වන්දිය ගෙවයි
2024 ඔක්තෝබර් මස 07 1572 1

පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධ


කොළඹට තද වැසි
2024 ඔක්තෝබර් මස 07 608 0

ගතවූ පැය 24 තුළ දිවයිනට වාර්ථා වූ වැඩිම වර්ෂාපථනය වන මිලි මීටර් 174.6ක වර්ෂාපථනයක් දෙහිවල ප්‍රදේශයට වාර්ථා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


අල්ලස් ලොක්කා අස්වීම බාරදීලා
2024 ඔක්තෝබර් මස 07 2030 0

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කණිෂ්ක විජේරත්න මහතා සිය ධූරියනේ ඉල්ලා අස්සවීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට බාරදී ඇතැයි වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39314 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25636 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 336 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1116 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 388 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site