IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ශ්‍රීලනිපය කාන්තා දිනය සමරයි

ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා පෙරමුණ සංවිධානය කළ උත්සවයක් හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ ඩාර්ලි පාරේ ශ්‍රීලනිප මූලස්ථානයේදී පැවැත්විණි.

කාන්තා පෙරමුණේ සභාපතිනි රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ හා ජනපති දියණි චතුරිකා සිරිසේන මහත්මීහුද එහි වූහ.

පාර්ලිමේන්තුව ඇතුළු මෙරට පළාත් පාලන ආයතන සඳහා ශ්‍රීලනිප කාන්තා නියෝජනය 25%ක් දක්වා වැඩි කරගැනීම, ස්ත්‍රී හා ළමා දූෂකයන්ට නීතියෙන් දැඩි දඬුවම් ලබාදීමට නීති සකස් කරගැනීම ඇතුළු යෝජනා කීපයක්ද එහිදී සම්මත විය.

SLfpw_201638057 SLfpw_201638057-2 SLfpw_201638057-3 SLfpw_201638057-4



අදහස් (0)

ශ්‍රීලනිපය කාන්තා දිනය සමරයි

කපිල Tuesday, 08 March 2016 04:11 PM

නාමල් වෙනුවට චතුරිකාද? (කෞ)

:       0       0

අප්පු Tuesday, 08 March 2016 07:48 PM

චන්ද්‍රිකා මැතිතුමිය ජනපති ලෙස දෙවරක් රට කළත් මොනවද කාන්තාවන්ට කළේ? පරණ තැටියම තමයි හැමදාම.. (නි)

:       0       0

කෝනාර Wednesday, 09 March 2016 12:05 AM

ස්ත්‍රී හා ළමා දූෂකයන්ට නීතියෙන් දැඩි දඬුවම් ලබාදීමට නීති සකස් කරගැනීම ඉතාම හොඳයි. නමුත් කාන්තාවක් විම නිසා පමණක් විශේෂ වරප්‍රසාද නම් දෙන්නන එපා. ඒක පිරිමින්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්. හුඟක් අය නොදන්නවාට කපටි, දරුණූ, දෙමව්පියන්ට , තම ස්වාමියට සතුන්ට වගේ සළකන, දරුවො අනියම් සැමියට මරන්න දෙන කාන්තාවො රටේ වැහිවැහැලා. මෙහෙම අය වැරැද්දක් කරලා ගියාම කාන්තාවක් වීමම නිසා විශේෂ සැළකිලි නම් දෙන්න එපා. (නි)

:       0       0

ලසන්ත Wednesday, 09 March 2016 12:21 AM

අද රටේ හොඳ කාන්කාවො ටික දෙනෙක් ඉන්නවා. ඒවගේම කිසිම චාරයක් නැති, දරුවො/ස්වාමියා ගැන සැළකිල්ලක් නැති රූපලාවන්‍ය ගැන විතරක් හොයලා බලන, ගෙදරක උයන්නෙ නැති, වදක භාර්යාවෝ වැහිවැහැලා. ඒ අය කතා කරන්නේ කාන්තා අයිතිවාසිකම් ගැන විතරයි. තමන්ගෙ යුතුකම් 100% ක්ම අමතක කරලා. උසාවි නඩත්තු හා දික්කසාද නඩු වලින් පිරිලා ඉතිරිලා තියෙන්නේ බහුතරයක් මෙවැනි කාන්තාවෝ නිසා. (නි)

:       0       0

බෙන්තර මහේෂ් Tuesday, 08 March 2016 12:03 PM

ප්‍රාදේශීය සභා සභාපතිලා ටිකත් ආවද? අකුරැස්සේ එක්කෙනා එහෙම? (බ)

:       0       0

නාලිකා Wednesday, 09 March 2016 12:50 AM

කාන්තා අපිට චන්ද්‍රිකා මැඩම් විතරයි (නි)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 09 March 2016 01:50 AM

කාන්තාවක් වූ පමණින් හැමෝම හොඳ කාන්තාවන් නොවේ. අයිතිවාසිකම් සුරැකිය යුත්තේ සහ ගෞරව කළයුත්තේ “හොඳ කාන්තාවන්ට“ මිස කාන්තා රූප ඇති නමුත් සිතින් යක්ෂණියන් බඳුවු අයට නොවන බවත් මෙම කාන්තා දිනයේදි රටට පණිවුඩයක් සේ දිය යුතුයි. (නි)

:       0       0

ශ්‍රීමාලි Tuesday, 08 March 2016 12:34 PM

අපි කාන්තා දිනය හැමදාම සමරනවා ගෙදර කුස්සියේ ඉදන් (හේ)

:       0       0

උදාර Wednesday, 09 March 2016 01:44 AM

පිරිමින්ට උදේ සිට රෑ වෙනතුරු බනින, පිරිමියාගේ මවට පියාට සළකන්න අඩුතරමින් දකින්වත් යන්න නොදෙන, දැඩි නීතිරීති ස්වාමි පුරුෂයාට දමමින් ඔහුගේ සම්පූර්ණ නිදහස සීමාකරන කාන්තාවන් ඕනෑතරම් ඇත. මෙයත් ගෘහස්ත ප්‍රචණ්ඩත්වයයි. නමුත් කාටවත් නොපෙනෙයි. කවුරුත් නොදනියි. පිරිමියා කාන්තාව නිසා මොනතරම් මානසිකව වේදනා විදිනවාද? (නි)

:       0       0

රණතුංග Wednesday, 09 March 2016 01:56 AM

පාර්ලිමේන්තුව ඇතුළු මෙරට පළාත් පාලන ආයතන සඳහා ශ්‍රීලනිප කාන්තා නියෝජනය වැඩි කරන්න ඕනෑ උගත්, ඒ සඳහා කැපවිය හැකි කාන්තාවන්ගෙන් මිස පියරු බබුන්ගෙන් නොවේ. කාන්තා රූපයක් ඇති අයගෙන් පුරවලා හරියන්නේ නැහැ. නමුත් අද වෙන්නෙ ඒකයි. කාගෙන් ඇහුවත් කියන්නේ කාන්තා අයිතිවාසිකම් රකින්න කැපවෙනවා කියලයි. නමුත් කරන්නේ පුටු රත් කරලා වරප්‍රසාද ගන්න එක විතරයි. (නි)

:       0       0

ලිලන්ත Wednesday, 09 March 2016 02:00 AM

වැල යන අතට මැස්ස නොගහා කෝනාර, ලසන්ත හා උදාර වර්ථමාන යතාර්ථය පෙන්වාදීම ගැන ස්තුතිවන්ත වෙමි. තිත්ත ඇත්ත මෙයම තමයි. වර්ථමාන බොහෝ කාන්තාවන්ට කුමක් විද යන්න සිතාගත නොහැක. (නි)

:       0       0

හරිශ්චන්ද්‍ර Wednesday, 09 March 2016 02:08 AM

ලසන්ත, උදාර, ඔබගේ අදහස් වලට එකඟවෙමි. (නි)

:       0       0

ජනක Wednesday, 09 March 2016 02:18 AM

කෝනාර, ලසන්ත, ප්‍රනාන්දු, උදාරගේ අදහස් මමත් ලිලන්ත සේම අනුමත කරමි. (නි)

:       0       0

යසස් Wednesday, 09 March 2016 02:21 AM

අයිතිවාසිකම් වලින් සමතැන ඉල්ලනවා. නමුත් වගකිම් දරන්න ගියාම සමතැන ඉල්ලන්නෙ නැහැ, පිරිමියා පිට පටවලා අයින්වෙනවා. උදාහරණයක් තමයි නඩත්තු. දරුවො නඩත්තු කරන්න බැඳෙන්නෙ පිරිමියා විතරයි. රස්සාවක් කළත් කාන්තාව එයින් නිදහස්. තමන් හම්බකරන දේ තමන්ට විතරයි. (නි)

:       0       0

ඉන්දික Wednesday, 09 March 2016 02:32 AM

එදා කාන්තාවගේ තිබුනු ලද බොළඳ කාන්තා ලාලිත්‍ය අද ගිලිහිලා ගිහින්. ඔක්කොම පිරිමි වගේ. ඉල්ලන්නෙත් සමතැන. කතාවත් පිරිමි වගේ. යාළුවන් එක්ක මචං කියලා කතාකරන මැදිවියේ කාන්තාවො අද ඉන්නවා. (නි)

:       0       0

අමිත් Tuesday, 08 March 2016 01:14 PM

ඉන්දියාවෙන් එවන හෙයා ඩයි නොතිබුනානම් මෙතන ඉන්න හෙමෝම ලාබාල ගැටිස්සියෝ (කෞ)

:       0       0

ඉලංගකෝන් Wednesday, 09 March 2016 02:35 AM

කාන්තාවට ස්වාමියා බැන්නොත් ළඟම තිබෙන පොලිසියට පැමිණිලි කරනවා බොහෝවිට. නමුත් ස්වාමියාට කාන්තාව කොච්චර අසැබි විදියට බැන්නත් ස්වාමියා පොලිසි යන්නේ නැහැ. ඒ නිසා කාන්තාවන්ට වෙන හිංසනය විතරයි වාර්තාගත වෙන්නේ. අහිංසක පිරිමි අනන්තවත් මුළු ජිවිතේම මානසිකව පිඩා විඳිමින් ජීවත්වෙනවා මේ රටේ. නමුත් ඉවසන්නම බැරි තැන නීතිය ඉදිරියට ගියත් බොහෝවිට පිරිමියෙක් විම නිසාම කිසිම අනුකම්පාවක් ලැබෙන්නෙ නැහැ. මෙම තත්වය වෙනස් කළයුතුයි. (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Tuesday, 08 March 2016 01:34 PM

ඇති, හැකි අය ප්‍රසිද්දියට කාන්තා දිනය මහා ඉහලින් සමරයි.(කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 195 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1105 5

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 3849 9

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2931 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3390 4

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1487 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37897 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24976 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 761 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 271 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site