ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකමුතුකම සංධානයේ ජයග්‍රහණය බැවින් ඉදිරියේ දී පක්ෂයේ නායකයන් අතර සුහදතාවය වර්ධනය කර කටයුතු කිරීම සඳහා සුදුසු ක්‍රියාකාරී සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට අද පැවැති ශ්‍රීලනිප නියෝජිත හමුවේදී තීරණය කළ බව සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා කියයි.
ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආසන සංවිධායකවරුන්, පළාත් සභා මැති ඇමැතිවරුන් හා අනුබද්ධ සංවිධානවල සහභාගීත්වයෙන් පදනම් ආයතනයේ දී එම විශේෂ හමුව පැවැත්විණි.
එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, ජෝන් සෙනවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, කුමාර වෙල්ගම, ටී බී ඒකනායක සහ ඩිලාන් පෙරේරා මහත්වරු පත් කරනු ලැබ සිටිති.
ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක
අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.
නව ආරක්ෂක ලේකම්වරයාට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබූ ඩිපෙන්ඩර් රථය වැලිකඩ පාර්ලිමේන්තු පාරේ ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ආසන්නයේ දී අද(25) අලුයම
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස
පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ශ්‍රීලනිපය සමඟි කරන්න කමිටුවක්
මර්වින් Wednesday, 17 June 2015 03:30 AM
අපි ගිය පාරත් බස් වලින් සෙනග ඇදලා ,සියලුම මාධ්‍ය තනිවම පාවිච්චි කරලා , පොලිසියේ , ත්‍රිවිධ හමුදාවලින් බලෙන් වැඩ අරගෙනත් පරාද වුණේ. (ම)
නිවන්තක Tuesday, 16 June 2015 02:27 PM
මම නම් කියන්නේ ආණ්ඩුවට කඩේ යන අය නම් ඕනෑම නැහැ කියලයි (නි)
පවිත්‍රා Wednesday, 17 June 2015 03:45 AM
මගේ ගේ උනත් ඔට්ටු දානවා මේ පාර යු එන් පී එක දිනනවා .ශ්‍රී ල නි ප බඩ යන්න පරාද වෙනවා. හොරු දේශපාලනයෙන් එළවා දමනවා (නදී)
තිලිණි Tuesday, 16 June 2015 04:23 PM
මේ කමිටුවට අර මැතිණිය නැද්ද? (නි)
රාණි Tuesday, 16 June 2015 12:10 PM
අපෝ එපෝ, මහින්දට ඔය හාල්පාරුවන්ගෙන් වැඩක් නැහැ. මුළු රටේම ජනතාව මහින්ද එක්කයි (නදී)
ඉසුරන්දි Wednesday, 17 June 2015 07:33 AM
ඒ කියන්නේ ශ්‍රීලනිපය මෙච්චර කාලයක් ඇදී ඇදී ගිහින් තියෙන්නේ අසමගියෙන් කියන එකද?(ම)
රශ්මිකා Wednesday, 17 June 2015 12:51 AM
අපි නම් ඉතින් මහින්ද රාජපක්ෂගේ පැත්තේ තමයි. (නි)
අර්ජුන Wednesday, 17 June 2015 07:46 AM
ශ්‍රීලනිප අතීසාරයට හය දෙනෙකුගෙන් අමුඩ කමිටුවක්! එජාප, ශ්‍රිලනිපය ප්‍රමුඛ හවුල් ආණ්ඩව ජනතාවට දුන් පොරොන්දු ඉටු නොකිරීම පිළිබඳව ජනතාවගේ දැඩි විරෝධයක් මේ වනවිට එල්ල වෙමින් පවතින අතර ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී සියලුම දූෂිතයින් හා දූෂිතයින් රකින පිරිසද ප්‍රතික්ෂේප කිරීමට ජනතාව පියවර ගත යුතුය. (ස)
නන්දලාල්-ප්‍රංශය Thursday, 18 June 2015 05:58 PM
මගේ සීයා මෙහෙම කියනවා : "යා දෙක නොරත රත - සමඟ පැහීමක් නැත" කියලා. ඒක නම් සම්පුර්ණ ඇත්ත !!! (නි)
සමන්ත Tuesday, 16 June 2015 12:58 PM
රාණි, කමක් නැහැ. එකතු වුණොත් තවත් හොඳයිනෙ..! (නි)
විජයබාහු Tuesday, 16 June 2015 01:02 PM
විපක්ෂයට කඩේ යන කොන්ද පණ නැති අය නම් ඕනෑම නැහැ (නි)
අසේල Wednesday, 17 June 2015 01:31 AM
අනේ මන්දා දැන් මොනවද වෙන්නේ කියලා (නි)
පිටිගල Wednesday, 17 June 2015 01:41 AM
අපි නම් එස්.එල්.එෆ් .පී.එකට ඡන්දෙ දෙන්නේ නැහැ. (නි)
කමල් Tuesday, 16 June 2015 01:13 PM
හොරු සමඟ හෙලුවෙන් නම් අපිට එපා. (නි)
උපාලි Wednesday, 17 June 2015 02:19 AM
රටට අවශ්‍ය ඔහු කළ වැරදි විග්‍රහ කිරීම නොව, නොකළ වැරදි සහ කළ හොඳ දේවල් සළකාබලා මහින්ද යළි ඉදිරියට ගෙනඒමයි. වැඩ නොකරන මිනිසෙකුගෙන් වැරදිද සිදු නොවේ. (නි)
කරුණාදාස Wednesday, 17 June 2015 02:27 AM
කවුරු බලයට ආවත් අපිවයි රැවටෙන්නේ (නි)
බණ්ඩාර Wednesday, 17 June 2015 02:35 AM
ඔවුන් සමගි වෙන්නේ - අපිටයි වරදින්නේ.... මුල අමතක වන්නේ - මේ ඉතින් කොහේ යන්නේ.... (නි)