IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ශ්‍රීලනිප නාමයෝජනා කමිටුව ජනපති ප්‍රධානත්වයෙන්

මහ මැතිවරණයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසන් නාමයෝජනා තේරීම් කණ්ඩායම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද රාත්‍රී රැස්වීමට නියමිතය.

සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත, ශ්‍රීලනිප මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, ඇමැතිවරුන් වන රාජිත සේනාරත්න, එස් බී දිසානායක සහ මහින්ද අමරවීර මහත්වරු  ඇතුළු පිරිසක් එම කමිටුවේ සෙසු සාමාජිකයෝ ය.

අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රමුඛ ඛණ්ඩායමක් විසින් සැකසූ නාමයෝජනා පත්‍රයේ ඇති නම් කිහිපයක් අද රාත්‍රී රැස්වෙන නාමයෝජනා කමිටුවේ දී කපා  හැරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි කියයි.

මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට නාමයෝජනා දීම සම්බන්ධ අවසන් තීරණය ද ජනපති විසින් අද රාත්‍රී ගනිතියි එම ආරංචි සඳහන් කරයි.



අදහස් (0)

ශ්‍රීලනිප නාමයෝජනා කමිටුව ජනපති ප්‍රධානත්වයෙන්

හිමාලි Tuesday, 07 July 2015 09:04 PM

මහින්ද රාජපක්ෂ මහත්තයට මඩ ගහල ගොඩ ගිය අයද දැන් මහින්ද මහත්තයා ගැන තීරණය ගන්නේ? මේවට තමයි අපිට අර කොහෙන්ද හිනා යන්නේ? අනේ යන්න මහත්තයෝ යන්න, ගහ දන්නා අපිට කොළ කඩා පාන්නේ නැතිව? (නදී)

:       0       0

නවීන් Tuesday, 07 July 2015 09:07 PM

ජනාදිපතිතුමනි, වැඳලා ඉල්ලන්නම් හොර රැලට නම් අවස්තාව දෙන්න එපා. අපිට ව්‍යාපාරයක්වත් කරගන්න දුන්නේ නැහැ ඔය සන්විදානාත්මක පහුගිය හොර කල්ලිය. (නදී)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 08 July 2015 07:18 AM

මේ සැරේ පුලුවන් නම් මහින්දට ලක්ෂ 10 ක් අරගෙන පෙන්වන්නකෝ. (නදී)

:       0       0

නන්දලාල් ප්‍රංශය Tuesday, 07 July 2015 09:17 PM

මේක ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ එක අංගයක් හැටියට හැමෝම සලකන්න ඕනා. පක්ෂ සභාපති හැටියට ජනාධිපති සිරිසේන මැතිතුමාගේ තීරණය අවසන් තිරණය විය යුතුයි. රටේ ප්‍රධාන පුරවැසියා හැටියට ජනාධිපති තුමා රටේ අනාගතය ගැන ඉතාමත් හොඳින් කල්පනා කරන බව මින් හොඳින් පේනවා.....(නදී)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 08 July 2015 07:21 AM

රටක් නෙමෙයි ගමක ග්‍රාමසේවක තනතුරක්වත් දෙන්න නම් හීනෙකින්වත් හිතන්නවත් එපා. මොනවද මාස 6 යක් යන්න කලින් ගමත් විකුනම් කාවි. ඒක ඉර හද වගේ විස්වාසයි. (නදී)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 08 July 2015 07:24 AM

8 වෙනිදා රෑ කරන්න ගිය හමුදා කුමන්ත්‍රණය ගැන මොන තරම් සාක්ෂි තිබුනද? එදාම බෙහෙත් දුන්න නම් ඔය ලෙඩේ එතැනින්ම කඩා ගන්න තිබුනා ලෙඩේ ඔඩු දුවන්න කලින්ම. දැන් ඉතින් හොඳ බඩ විරේකයක් දීලම සුද්දම කරලා දාන්නයි තියෙන්නේ නැවත එන මැතිවරණයේදී. එදාටවත් "චුත" වෙන්නේ නැතුව.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 08 July 2015 07:29 AM

ඔය මල්වට්ටිය අතට ගන්නකොටම මම හිතුවා මොකාටද එන්න හදන්නේ කියල. (නදී)

:       0       0

සත්‍යයා Tuesday, 07 July 2015 10:36 PM

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමනේ! ජනවාරි 8 වෙනිදා අප ඔබ කෙරේ තැබූ විශ්වාශ්යට ඔබ තුමා පයින් නොගසනු ඇතැයි යන්න අපගේ පරම විශ්වාසයයි. දේශපාලනය සුදුවක් නොවන බව ඔබ තුමාවත් තේරුම් ගෙන මෙතෙක් සූදු කෙලි සැවොම ගෙදර යවන්න. යහපාලනයට දේශපාලන තේරුමක් නොව සදාචාරාත්මක තේරුමක් දෙන්න. ඔබට ලැබූ ලක්ෂ 62ක වැඩි කර ගැනීම මිස අඩු කරගන්න මොන ලෙසකින් වත් කටයුතු කරන්න එපා. (නදී)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 08 July 2015 07:30 AM

අප්පච්චි කියල කියන්න ලජ්ජා නැද්ද මනුස්සයෝ....(නදී)

:       0       0

රනුක Tuesday, 07 July 2015 10:36 PM

මහින්දගේ නම කැපුවොත්, මෛත්‍රී නිදහස් පක්ෂේ බෙල්ල කපා ගත්තා වෙනවා(නදී)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 08 July 2015 07:31 AM

කරුණ කරලා මම ලියාගෙන යන "රාජපක්ෂවරුන් රටම ගසා කෑමේ පන්සීය පනස් ජාතක කතා වස්තුව" නමැති පොත අරගෙන බලන්න. සත්‍ය වටහා ගන්න. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 07 July 2015 11:15 PM

ප්‍රේමරත්න, ඔහුව බහුතර ඡන්දෙන් මාස හයකට පෙර ගෙදර අැරිය බව අමතක උනාද ? ඔබ හිතනවද නැවත ජනතාව පත් කරගනී කියලා. ඒ වගේම මෛත්‍රී ජනපති තුමන් උනත් ගත්තේ වැරදි තීරණයක් කියල හිතෙන කොට ප්‍රමාද වැඩ්යි (නදී)

:       0       0

රෝහණ Wednesday, 08 July 2015 12:02 AM

දුෂිතයන් බේරන්න ගේමක් දෙන්න නම් හිතන්න එපා (නදී)

:       0       0

සුනිල් Wednesday, 08 July 2015 12:43 AM

මහින්ද නැතුව නම් ශ්‍රීලනිපය පරදිනවා. රනිල් ඕනා එ්ක තමයි. යු.ඇනිපිය මහින්දට බයයි. පරණ බය තවම තියෙනවා. පහුගිය මාස හයට රට අවුරුදු 6 ක් ආපස්සට ගියා (නදී)

:       0       0

ජනහිත Wednesday, 08 July 2015 12:46 AM

මහින්ද සදාකල් දිනේවා! ඔබයි රට බේරාදුන්නේ. (නි)

:       0       0

කුසල් Wednesday, 08 July 2015 01:07 AM

මේ තීරණය බලලා තමයි අපිත් තීරණයක් ගන්නේ (නි)

:       0       0

සාමා Wednesday, 08 July 2015 01:07 AM

අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නය තමා මේතරමට ඉක්මනට අතීතය අමතක කළ එක. ජනවාරි 8 මේ රටේ මිනිස්සු කළ පෙරළිය, දුෂකයන්ට එරෙහිව ජීවිත පරිත්‍යාගයෙන් කළ දෙයක්.කිව්වේ නම් කිසිම දුෂණ චෝදනාවක් තිබෙන කෙනෙකුට ආයෙත් එන්න දෙන්නේ නැහැ කියලා නේද? ඉතින් කොහොමද මේ ඉක්මනට ඒ සියළු දේවල් අමතකවුණේ? (නි)

:       0       0

සාමා Wednesday, 08 July 2015 01:17 AM

මේ අදහස් දෙස බැලුවාම 100% විශ්වාසයක් අපිට තියෙනවා මහින්ද ආයෙත් පාරක් නම් බලයට එන්නේ නැහැ කියලා. අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආශාවක්! (නි)

:       0       0

කිර්ති Wednesday, 08 July 2015 01:33 AM

ජනාධිපති වෙලා හිටපු කෙනෙකුට ලැජ්ජා නැද්ද මන්ත්‍රී කෙනෙක් විදිහට ආයෙත් පාර්ලිමේන්තුවට යන්න? (නි)

:       0       0

සාරංග ගුරුගේ Wednesday, 08 July 2015 01:44 AM

අවංකවම යහපාලනය වෙනුවෙන් කටයුතු කළ අපට නම් මහින්ද හෙවත් මහේන්ද්‍ර එපා. පිනක් දහමක් කරගෙන ගෙදරට වෙලා ඉන්න දෙන්න .ගත්තොත් ඇනයක් වෙනවමයි.රෙද්ද අස්සේ දා ගෙන කනවෝ කියල අපිට නම් කියන්න එන්න එපා. (නදී)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 08 July 2015 02:28 AM

මේක හරියට ගෙදරක හිටපු ආදරණීය පවුලක ආදරණීය අප්පච්චිව ගෙදරට එළවලා දැම්මා වගේ දෙයක්.ඒක කවදාවත් ප්‍රායෝගික නැහැ මහත්වරුනේ. අප්පච්චි ආයේ එනවා.අප්පච්චිගේ නැවත ශක්තිමත්ව පැමිණෙන ආගමනය වළක්වන්න, දරුවන්ට බිරිඳට අප්පච්චි ගැන තිබෙන ආදරය බැඳීම බිඳදාන්න බැහැ (නි)

:       0       0

වීරකෝන් Wednesday, 08 July 2015 02:29 AM

අනේ මිනිසුනේ, නුඹලාට නිදහසේ ඉන්න රටක් හදාදුන් මහින්ද මහත්තයට නේද ඔය අවලාද කියන්නේ? (නි)

:       0       0

ශාන් Wednesday, 08 July 2015 02:39 AM

කව්රු ඉල්ලුවත් මහජනතාව තෝරා පත් කරන්නේ හොඳම හොරු ටික (නදී)

:       0       0

දුමින්ද Wednesday, 08 July 2015 02:42 AM

ජනමතය සැමවිටම නිවැරදිද ? නායකයින් සැම විටම ඉදිරියෙන් සිටිය යුතුයි (නදී)

:       0       0

තිනුග Wednesday, 08 July 2015 02:47 AM

මහින්ද මහත්තයා නැත්නම් ඉතින් වැඩක් නැහැ (නි)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 08 July 2015 02:47 AM

මම හිතන්නේ මහින්ද මහත්තයාගේ අලුත් පක්ෂයේ අගමැති අපේක්ෂකයා විය යුත්තේ මර්වින් සිල්වා මහතාය. එතුමාගේ පුතා කාර් රේස් වලට ගොඩක් දක්ෂයි. එතුමාත් හම්බන්තොට. එතුමා ෆයිල් කිහිල්ලේ ගහගෙන ඉන්නේ නැහැ. කෙලින්ම බය නැතුව ඒවා අදාළ ස්ථානවලට බාර දෙනවා. එතුමාගේ පුතා මිනි මරලා නැහැ. සහෝදරයෝ බුරුතු පිටින් බලය පාවිච්චි කරලා දේශපාලනයට ගෙනල්ල නැහැ. හමුදාව සැලසුම් කර ජීවිත පරිතයාග කර, ඇස් ඉස් ලේ මස් දන් දී කරපු යුද්ධයක ගෞරවය හමුදාවටත් එහි නායකයන්ටත් පිරිනැමුවා මිස එය තමාගේ යුද්ධයකයයි කියා නැහැ. පාරවල් හදන්න ගන්න අහිංසක ජනතාවගේ බදු සල්ලි ප්‍රකෝටි ගණන් පිල්ලි ගහල නැහැ. නීතිය අතට අරගෙන අදිකරණ වලට බලපෑම් කිරීමට ගිහිල්ල නැහැ. (නදී)

:       0       0

රකිත් Wednesday, 08 July 2015 02:49 AM

සන්ධානයේ ඡන්ද පදනම ශක්තිමත් වීමට නම් මහින්ද මහතාට නාම යෝජනා ලබා දිය යුතුමය. එසේ නොවුනහොත්, එක්සත් ජාතික පක්ෂයට සටනක් නැත. දැන් හොඳ තරඟයක් ඇත. (නදී)

:       0       0

හේමන්ත Wednesday, 08 July 2015 02:53 AM

පිවිතුරු යහපාල කියන විදිහටනම් මහින්ද මහත්තය හදන අලුත් පක්ෂේ අගමැති අපේක්ෂකයා විය යුත්තේ මර්වින් සිල්වා මහතා තමයි. මොකද එතුමාට ඔය කියන චෝදනා නැහැනේ. ඒ වැරදි කරපු අය මොන පක්ෂෙන් උනත් අගමැති අපේක්ෂකයා වෙන එක සුදුසු නැහැ. (නදී)

:       0       0

ලාල් Tuesday, 07 July 2015 02:23 PM

හිටපු එක්කෙනාට නාමයෝජනා දුන්නත් එකයි,නොදුන්නත් එකයි. ඒක එතරම් වැදගත් නැහැ. නාමයෝජනා දුන්නත් මන්ත්‍රී කෙනෙක් හැටියට මිසක් අගමැති තනතුරු නැතුව. අගමැති තනතුරු දුන්න කියන්නේ මෛත්‍රීපාල ජනපතිතුමාට අඩි 6යේ වල සියතින්ම කපාගෙන ලකලෑස්ති වෙන්න වාතාවරණය සකස්කරගත්තා වෙනවා. (නදී)

:       0       0

ලාල් Tuesday, 07 July 2015 02:34 PM

හිටපු එක්කෙනාට නාමයෝජනා දුන්නත් එකයි,නොදුන්නත් එකයි.ඒක එතරම් වැදගත් නැහැ. නාමයෝජනා දුන්නත් මන්ත්‍රී කෙනෙක් හැටියට මිසක් අගමැති තනතුරු නැතුව. අගමැති තනතුරු දුන්න කියන්නේ මෛත්‍රීපාල ජනපතිතුමාට අඩි 6යේ වල සියතින්ම කපාගෙන ලක ලෑස්ති වෙන්න වාතාවරණය සකස්කරගත්තා වෙනවා.(නදී)

:       0       0

බටංගල Wednesday, 08 July 2015 03:26 AM

පිවිතුරු යහපාලලා ගොඩක් ඉන්න නිසා උත්තර දෙන්න වෙන්නේ පරිස්සමෙන්. අප්පච්චිව ගෙදරින් එලෙව්වා නම් එ්කටත් සාධාරණ හේතුවක් තියෙන්න ඇති. ශ්‍රී ල නි පෙ සාමාජිකයෝ ඔක්කොම එයාගේ පවුලේ උදවිය උනත් අප්පච්චි වැරදි මාර්ගයේ ගිය නිසානේ එලවල දැම්මේ. (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 08 July 2015 03:31 AM

ලක්ෂ 62.5 ක ජනතාව ජනවාරි 08 වෙනිදා මහින්ද මහත්තයව පලවා හරින්න තීන්දුව දුන්නේ, නැවත ගේන්න නොවෙයි කියල ඔබතුමාට අමුතුවෙන් කියන්න උවමනා නැහැනේද? (ම)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 08 July 2015 10:43 AM

ඩුබායි තිලක් යන්න මහත්තයෝ යන්න පවු නොදී ..ඔහේ ලියන අපි බලන පොත්.අනෙක ඉතින් අපි ඔහේ වගේ අය නෙමෙයි.. ඒහින්ද අපිට අප්පච්චි කියල කටක් ඇරලා කියන්න පුළුවන්..ඔහෙට බැරි වුනාට ඉතින් අපි පළිද? (බ)

:       0       0

ශිල්පා Wednesday, 08 July 2015 03:41 AM

ඉල්ලන් කන්නයි යන්නේ (නදී)

:       0       0

අමිල Tuesday, 07 July 2015 03:37 PM

අපිට හොරු එපා. බුද්ධිමතුන් ඕනෑ (නි)

:       0       0

සනත් Tuesday, 07 July 2015 03:47 PM

දන්නේ නැහැ මොනවද කරන්නේ මොනවද කියන්නේ කියල. මේ අය රට පාලනය කරනකොට ඉතින්. (ස)

:       0       0

සපුමල් Wednesday, 08 July 2015 03:49 AM

නුඹලාට නිදහසේ ඉන්න රටක් හදා දුන්නේ මහින්ද මහත්තයා නේද (ම)

:       0       0

නුවන් Wednesday, 08 July 2015 04:12 AM

එතකොට රිෂාර්ඩ් බදුර්දින්ට යුඑන්පි එකේ නාම යෝජනා දීම අනුමත කරනවද? (ම)

:       0       0

දම්මි Wednesday, 08 July 2015 04:16 AM

අනේ ශිල්ප ඔය මෝඩ කතාවක් කියන්න එපා. මහින්ද මහත්තය හමුදාවේ හිටියද යුද්ධ කරන්න. එ්ක ඉවර කරලා දුන්නේ හමුදා නායකයින් ප්‍රමුඛ හමුදාව ඇස් ඉස් ලේ මස් විතරක් නෙමෙයි ජීවිත පවා දන් දීලා. (බ)

:       0       0

අර්ජුන රණවන Tuesday, 07 July 2015 04:54 PM

තීරණය කුමක් වුවද ඡන්දයේදී ඔය සියලුඅම දෙනාම අපි කපා හරින්නෙමු (ස)

:       0       0

ප්‍රේමරත්න Tuesday, 07 July 2015 04:58 PM

මහින්ද සුපිරි නායකයෙකි රට හදන්න ඔහුට නාමයෝජනා දීම ජනපතිගේ ජනතාවාදී වැඩකි !!!!!!!!!! (ස)

:       0       0

ශෂී Wednesday, 08 July 2015 04:28 AM

ජනතිපති තුමනි පක්ෂයට වඩා රටයි වටින්නේ (බ)

:       0       0

කමල් Tuesday, 07 July 2015 05:16 PM

අපෝ ලංකාවේ අපිට නමේ එපා ඔය සුදු වනේ එකේ. (ස)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 08 July 2015 04:40 AM

මේක හරියට ගෙදරක හිටපු ආදරණිය පවුලක ආදරණිය අප්පච්චිව කුමන්ත්‍රණ කරලා එලවල පිටස්තර එකෙක් ගෙදරට වැදිලා බලහත්කාරෙන් පාලනය කරන්න හදනවා වගේ වැඩක්..එ්ක කවදාවත් ප්‍රායෝගික නැහැ මහත්තුරුනේ.. අප්පච්චි ආයේ එනවා.අප්පච්චිගේ නැවත ශක්තිමත්ව පැමිණෙන ආගමනය වලක්වන්න දරුවන්ට බිරිදට අප්පච්චි ගැන තියෙන ආදරය බැදිම බිද දාන්න ඒ පිටස්තරයට බැහැ..අප්පච්චි ආයෙත් ඇවිත් ඔය කුමන්ත්‍රණ කාරයෝ ඔක්කොම පරසක්වල ගහල ආයේ පවුල අයිතිකරගන්නවා ආයේ කවදාවත් කුමන්ත්‍රණ කාරයින්ට පවුල බිදින්න ඉඩක් නොතියා...(බ)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 08 July 2015 04:40 AM

මහත්තුරුගේ පුදුමාකාර ප්‍රජාතන්ත්‍රවාදී අදහස්නේ තියෙන්නේ..සන්ධානෙවත් ශ්‍රී ලංකා එකවත් මෛත්‍රී මහත්තයට ඡන්දෙ දුන්නේ නැහැ..එතන තියෙන්නේ තිබුනේ මහින්ද මහත්තය වෙනුවෙන් වූ ජන මතය. ඔහෙලා කොහොමද කියන්නේ ඒ මතය ආයේ මහින්ද මහත්තයට නියෝජනය කරන්න ඉඩ දෙන්න එපා කියල. මෛත්‍රී මහත්තය ඔයාලගේ 62 නියෝජනය කරනවානම් ඒකෙන් මහින්ද මහත්තය ඡන්දේ ඉල්ලන්න ආවනම් ඔන්න ඔහෙලා හරි..අද මෛත්‍රී මහත්තය ඒ 62 ලක්ෂය නෙමෙයි නියෝජනය කරන්නේ..58 ක ජනමතය .ඒ ජනමතය හැසිරෙන විදියට එතුමාට හැසිරෙන්න වෙනවා..එ්ක කරන්න බැරිනම් එතනට එන්නවත් එතන ඉන්නවත් ඒමතයට බලපෑම් කරන්නවත් ඔහුට අයිතියක් නැහැ.ඔහෙලගෙ ඡන්ද ලක්ෂ 62 ත් තියන් ඒකෙන් පත් කරගත් ජනපතිවත් තියන් ඔයාල ඕන දෙයක් කර ගන්න..ලක්ෂ 58 වෙනම මතයක් එකට බලපෑම් කරන්න එන්නත් එපා. ඒක කරන්නත් බැහැ..ඒක මහින්ද මහත්තය වෙනුවෙන් වෙන් වෙලා තියෙන අපේ මතය..පුලුවන්නම් මැතිවරනේදී හැපිලා බලන්න (බ)

:       0       0

ගාමිණී Tuesday, 07 July 2015 05:18 PM

හොරුන්ට, දුෂිතයන්ට, මැරයන්ට, ස්ත්‍රී දුෂකයන්ට මෙවර නාම යෝජනා නොදෙන ලෙස මුළු රටම හඬගා කියද්දී මේ සියලු හොරුන්ට, ස්ත්‍රී දුෂකයන්ට, මැරයන්ට දුෂිත දේශපාලකයන්ට නායකත්වය දුන්, ඔවුන් ආරක්ෂා කළ ඇත්තන්ට නාමයෝජනා ලැබුණහොත් ඉහත ඉල්ලීම තවදුරටත් වලංගු වේද? (නි)

:       0       0

නිමල් හෙට්ටිආරච්චි - ලන්ඩන් Tuesday, 07 July 2015 05:20 PM

මේ රට මෙහෙම දුප්පත් රටක් කළේ මහින්ද.බිලියන ගණන් ගිනි පොළියට ණය ගෙන පරම්පරා හත අටක් රටේ ජනතාව ලෝකෙටම ණයකාරයෙක් කළ මෙතුමාට ඉදිරියටත් කරන්න පුළුවන් වෙන්නේ සංවර්ධනයේ නාමයෙන් මහා විනාශයක් කරන එක පමණයි.ඒ නිසා මහින්දලාගේ මේ උත්සාහය පරාජය කළ යුතුමයි.... (නි)

:       0       0

ධම්ම Tuesday, 07 July 2015 06:11 PM

පක්ෂය අපට අදාළ නොවේ.ඡන්දය දියයුත්තේ කාටදැයි අප තීරණය කර හමාරයි. (නි)

:       0       0

විජිත් Tuesday, 07 July 2015 06:19 PM

ආපෝ! මහින්දව නම් නැවත එපා. (නි)

:       0       0

කරුණාරත්න Tuesday, 07 July 2015 06:27 PM

අපි ඉවසලා ඉමුකෝ. තව ටික වෙලා‍වනේ! (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 07 July 2015 06:28 PM

"මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට නාමයෝජනා දීම සම්බන්ධ අවසන් තීරණය ද ජනපති විසින් අද රාත්‍රී ගනිතියි".......වැඳලා කියන්නම්, දෙන්න නම් එපා. (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 07 July 2015 06:30 PM

රටට "කොරොල" තිබෙන සංවර්දනය හොදටෝම ඇති. තවත් එවැනි සංවර්දන ඕනෙම නැහැ. (නදී)

:       0       0

යහපාල Tuesday, 07 July 2015 07:21 PM

නියම කැපිල්ල තිබෙන්නේ ජනතාව අතේ. (නදී)

:       0       0

ශිල්පා Wednesday, 08 July 2015 06:44 AM

දම්මි එතකොට මහින්ද මහත්තයා එන්න කලින් ලංකාවේ හුමදාවක් තිබුනේ නැද්ද? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 0 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


දෙදරු පියා වගා ළිඳකට බිලි
2024 සැප්තැම්බර් මස 24 82 0

බුත්තල පොලිස් වසමට අයත් අඹකොළවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.


නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 1500 1

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 82 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 1291 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 255 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 31603 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23774 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 142 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 437 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 203 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site