IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


ශ්‍රීලනිප පිරිසක් රාජ්‍ය ඇමතිකම් ලබාගත්තේ පෞද්ගලික ලාභ අපේක්ෂා ඇතිවයි

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු රාජ්‍ය අමාත්‍යධූර ලබාගෙන ඇත්තේ පක්ෂයේ කිසිදු අනුමැතියකින් තොරව බවත්, ඔවුන් පක්‍ෂ ස්ථාවරයට පටහැනිව තම තමන්ගේ පෞද්ගලික ලාභ අපේක්ෂා පෙරදැරිව මෙම අමාත්‍යධූර ලබාගැනීම පිළිබඳ කනගාටුව ප්‍රකාශ කරන බවත්, එහි සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

සර්ව පාක්ෂික අන්තර් කාලීන ආණ්ඩුවක් ස්ථාපනය වන්නේ නම් පමණක් ආණ්ඩුවේ තනතුරු භාරගෙන සහය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණයක් ගෙන ඇති බවත්, එය පසුගිය දා පැවති පක්ෂ 71 වන මහා සම්මේලනයේදී, පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව සහ විධායක සභාව ඒකමතිකව අනුමත කර ඇති බවත් සභාපතිවරයා සඳහන් කරයි.

පක්‍ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු රාජ්‍ය අමාත්‍යධූර ලබාගැනීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග කිසිඳු එකඟතාවකින් තොරව අත්තනෝමතිකව මන්ත්‍රීවරුන්ට තනතුරු පිරිනැමීමෙන් පෙනී යන්නේ අප යෝජනා කළ පරිදි සර්ව පාක්ෂික අන්තර් කාලීන ආණ්ඩුවක් ස්ථාපනයට ආණ්ඩුව තුළ සැබෑ වුවමනාවක් නොමැති බව යැයි පවසන හිටපු ජනාධිපතිවරයා ඒ නිසා යළිත් බිහිවන්නේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ බලලෝභී සාම්ප්‍රදායික ආණ්ඩුවක් පමණක් යැයි ද සඳහන් කර තිබේ.

සර්ව පාක්ෂික අන්තර් කාලීන ආණ්ඩුවක් සඳහා සාකච්ඡා පැවැත්වෙන අතරතුර, පක්ෂය හෝ පක්ෂ නායකත්වය සමඟ කිසිදු සාකච්ඡාවකින් තොරව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද වත්මන් ආණ්ඩුවේ තනතුරු දරමින් සහය දෙන බව පොදු මහජනතාවට ව්‍යාජව ඇඟවීම සඳහා මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට අමාත්‍ය තනතුරු පිරිනැමීමේ රජයේ ස්ථාවරය සම්බන්ධයෙන්ද පක්‍ෂයේ කනගාටුව පළ කරන බව හිටපු ජනාධිපතිවරයා කියා සිටී.

එය, මහ නාහිමිපාණන් වහන්සේලා ඇතුළු ආගමික පූජකතුමන්, විද්වත් හා වෘත්තිකයන්, සිවිල් සමාජ ක්‍රීයාකාරින් ඇතුලු පොදු මහජනතාවගේ මතය නිර්දය ලෙස බැහැර කිරීමක් මෙන්ම රටේ උද්ගත ආර්ථික අර්බුදය සමනය කිරීම සඳහා පිණිස සහයදීමට අපේක්ෂාවෙන් දේශපාලන ස්ථාවරත්වය ප්‍රාර්ථනා කරන ජාත්‍යන්තර ප්‍රජාවේ බලාපොරොත්තු නොසලකා හැරීමක් බව ද එම නිවේදනයේ සඳහන් වේ.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පක්ෂයේ අනුමැතියකින් තොරව අත්තනෝමතික ලෙස අමාත්‍යධූර භාරගැනීම මාතෘභූමිය වෙනුවෙන් හා ජනතාවගේ උන්නතිය උදෙසා පක්‍ෂය ගෙන යන අනාගත දේශපාලන වැඩපිළිවලේ ජයග්‍රහණ සඳහා කිසිසේත්ම බලනොපාන බව තරයේ අවධාරණය කරන බව හිටපු ජනාධිපතිවරයා පවසයි.



අදහස් (12)

ශ්‍රීලනිප පිරිසක් රාජ්‍ය ඇමතිකම් ලබාගත්තේ පෞද්ගලික ලාභ අපේක්ෂා ඇතිවයි

හිටං හිටං Friday, 09 September 2022 05:13 PM

රට පාලනය කරන දියවන්නාවේ කට්ටිය සියලුම දෙනාත් ජනාධිපති ඇතුළු සියලු දෙනාම පළාත් සභා සියලු නියෝජිතයින් ආණ්ඩුකාරවරු පිරිසත් පළාත් පාලන ආයතන නියෝජිතයින් සියලුම දෙනාත් රටේ ඉහළම තනතුර දරා නැවත පහළ තනතුරු දරන සැවොමත් කටයුතු කරන්නේ පුද්ගලික ලාබ සඳහා කියලා තමුන්නැහැ දන්නේ නැද්ද?

:       1       22

සනත් Friday, 09 September 2022 06:32 PM

ඔයා තොත්ත බබා... ඔයා කියලා තමයි මේ අය සියල්ලම ඇමැතිකම් ගන්නේ... ඒ ඔයාගේ ජාමෙ බේරුම තියාගන්න රෙද්ද පල්ලෙන් නරි වාදම් බේරෙනවා කියන්නේ ඕකට තමයි ග්‍රාමසේවක මහත්තයෝ...

:       0       16

විපරමා Friday, 09 September 2022 06:33 PM

දේශපාලුවන් කියන්නේ බලලෝභී, බඩගෝස්තරවාදී, දූෂිතයින් මිස වෙන කවුද?

:       0       14

Saththaya Friday, 09 September 2022 09:47 PM

2015 දී රට බංකොලොත් වෙන බව දැනගෙන, රට ගොඩගන්න ජනතාව ඔබව බලයට පත් කළා . ඔබ රට අමතක කරලා පෞද්ගලික ලාභ අපේක්ෂාවෙන් සියලු දේ පාවල දීපු නිසා අද ජනතාව එක වේලක්වත් කන්න නැතුව දුක් විදිනවා . තවමත් ඉක්මනට මේ ප්‍රශ්නය විසදන්න උදව් නොකර බය්ල ගසමින් සිටිනවා . අර මොන නරකාදියද හීනෙන්වත් පෙනෙන්නේ නැද්ද ?

:       1       15

LGPJ Friday, 09 September 2022 10:31 PM

All of them involved for these types of works as well as you and your colleagues my dear.

:       0       1

ranjith Saturday, 10 September 2022 04:23 AM

පොහොට්ටුවෙන් ඡන්ද අරන් ගිය අය ඔක්කොම එකයි. ඇමතිකමක් ලැබෙනක්ම ස්වාධීන වෙලා ඉන්නවා. ඒක නැතුව ගියාම ආපසු එනව. නිකම් ජනතාව ගොනාට අන්දන නාඩගම්. රටේ මිනිස්සුන්ට කන්න විදියක් නෑ. මුන් සමයං නටනව.

:       0       2

LGPJ Saturday, 10 September 2022 06:06 AM

Ruined the SLFP by them with including you also..

:       0       1

චතුරි Saturday, 10 September 2022 06:19 AM

අනෙ දෙවියනේ මුන්ට මොකද මෙ වෙලා තියෙන්නෙ. රට අන්තිම නරකාදියට පත් වෙලා තියෙන්නෙ. මුන් පක්ශයක් අල්ලන්. කැඝනවා. සුද්දා එක්ක සටන් කොරනකොට ත්. මෙ පක්ශ බේද තිබුනද. සෙරමලා රට වෙනුවෙන් සටන් කරලා නිදහස ගත්තා. ඒ රට මුන් එකතු වෙලා. කරන්න ඔනා සෙරම බලු වැඩ කරලා. මොලයක් නති පපුවක් නැති. අස් කන් නැති තිරිසන්නු වගෙ. රට විනාස කෙරුවා. ඒත් මුන්ට එවා වැඩක් නැහැ. මුන්ට ඔන පක්ශය තියගෙන. බොරු ඇමති පට්ටම් අරගෙන. හොරාකන්න. රට දියුනු කරලා. ජනතාව නැතිබැරි කමින් මුදවලා. මුන්ගෙ ඉතිහස ගත කරන්න කැමති නැහැ. අඩුම ගානෙ. සාමාන්‍ය පුරවැසියට තියෙන පිලිගැනිමවත් මුන්ට නැහැ පැරදිලා. වෙන රටකට හැන්ගෙන්න යනකොට. සියලුම වැසියන් එකතුවෙලා එක රැයින් මුන් සෙරම එලවන්න ඔන. රටින් යනකම්ම. 250. එකෙකුට ඉන්න දෙන්න නරකයි.

:       0       0

Bamunuarachchi Saturday, 10 September 2022 07:03 AM

මොකද අනික් පිරිස රාජ්‍ය ඇමතිකම් ලබාගත්තේ පෞද්ගලික ලාභ අපේක්ෂා ඇතිව නොවෙයිද? පුතාට සවිදායක කම දුන්නේ පෞද්ගලික ලාභ අපේක්ෂා ඇතිව නොවෙයිද ?මේ හාදයා බණ ටෝකින්.

:       0       2

ජයලත් Saturday, 10 September 2022 08:21 AM

එතකොට මහින්දට අහමැති කම දුන්නෙත් ලාබප්‍රයෝජන ගන්න වෙන්න ඇති මේ වගේ උන් දේශපාලනයෙන් අතුගාදමන්න ඕන.

:       0       2

Perera Saturday, 10 September 2022 09:44 AM

ඔහෙලා ඔක්කොම දේශපාලනය කරන්නේ පෞද්ගලික ලාභ අපේක්ෂා වලට මිසක් සත් භාවයෙන් රටේ දියුණුවට සේවයක් කරන්න නෙමෙයි

:       0       2

ගමේ එකාලා Saturday, 10 September 2022 02:15 PM

කොයි දේසපාලුවත් ඔහොමමයි.. බලයට එන්ඩ ඔයතරම් වළිකන්නේ සියලුම වරප්‍රසාද බුක්ති විඳිමින් තමුන්ගේ මඩිය තරකරගන්ඩ තමා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි
2024 නොවැම්බර් මස 18 268 0

රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 612 0

මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ


ජාතික ලැයිස්තුවෙන් කිරිඇල්ල ඉල්ලා මල්වතු නාහිමිගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 469 0

විපක්‍ෂයේ හිටපු ප්‍රධාන සංවිධායක සහ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ


රට ගොඩගන්න පූර්ණ සහය දෙනවා
2024 නොවැම්බර් මස 18 414 0

විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ


පා පුවරුවෙන් වැටී කොන්දොස්තර මරුට
2024 නොවැම්බර් මස 18 1210 0

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.


බිරිය මරා නැන්දණියත් පහර දී සැමියාත් මිය යයි
2024 නොවැම්බර් මස 18 522 0

මොරගොඩ පොලිස් වසමට අයත් ලබුනෝරුව වන්නම්මඩුව ප්‍රදේශයේදී තියුණු ආයුධකින් පහර දී බිරිය ඝාතනය කළ සැමියගේ සිරුරද නිවසේ කාමරයක එල්ලමෙින් තිබියදී සොයාගත


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 22613 29


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18837 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 361 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 637 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1821 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site