IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ශ්‍රීලනිප මැයි රැලියට සුළු පක්ෂ රැසක්

මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධාන මැයි රැළියට දේශපාලන පක්ෂ රැසක් එක් වීමට නියමිත බව ජනපති මාධ්‍ය අංශය කියයි.

ඊළාම් මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කරමින් ඩග්ලස් දෙවානන්ද, ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරමින් ආරුමුගම් තොණ්ඩමන්, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසය නියෝජනය කරමින් ප්‍රභා ගනේෂන් මහත්වරු ඇතුළු දේශපාලන පක්ෂ 10 කට වැඩි සංඛ්‍යවක් නියෝජනය කරමින් එම පක්ෂ නායකයෝ අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයයේ දී මෛත්‍රීපාල සිරිසේන ජනපති හමුවී සාකච්ඡා කළහ.

 ඒ.එල්.එම්. අතාවුල්ලා මහතාගේ නායකත්වයෙන් යුත් මුස්ලිම් ජාතික කොංග්‍රසය නියෝජනය කරමින් ජේ.එම්. වසිර්, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් ආරියවංශ දිසානායක, නව සිහල උරුමය නියෝජනය කරමින් සරත් මනමේන්ද්‍ර, කම්කරු පක්ෂය නියෝජනය කරමින් ඒ.එස්.පී. ලියනගේ, ලිබරල් පක්ෂය නියෝජනය කරමින් කමල් නිශ්ශංක, එක්සත් ලංකා පොදුජන පක්ෂය නියෝජනය කරමින් පී.එච්.එස්. අජන්ත ය මහත්වරු ද ඊට එක්වූහ.

නිදහස් මැයි රැළිය සාර්ථක කර ගැනීමට මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඉදිරි වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට තම උපරිම සහාය පළ කරන බව එම නියෝජිතයන් පැවසීයැයි ජනපති මාධ්‍ය අංශය කියයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහත්වරු ද සාකච්ඡාවට එක්වූහ.



අදහස් (0)

ශ්‍රීලනිප මැයි රැලියට සුළු පක්ෂ රැසක්

චන්දි Thursday, 28 April 2016 02:48 AM

චතුරි, මේකනේ, අපේ රටේ ජනතාව හරිම බුද්ධිමත් .රැල්ල ගහන ගහන පැත්තට ගහගෙන යනවා.කුවේණිගේ කාලේ ඉදලම එහෙමයි. ඉතින් කට්ටියම මහන්සි වෙනවා රැලි හදන්න.සමහරු රැලි මවල පෙන්නනවා. කුඩු මත්ද්‍රව්‍ය හොරකම් අතින් ඉහළම චෝදනා ලබන අයනේ වැඩිම මනාප ගන්නේ.අලි නොහදා බැහැ. ඉතින් එහෙම රටක රැලි නොහදා පැවැත්මක් නැහැ. (බ)

:       0       0

වර්ණ Thursday, 28 April 2016 03:36 AM

මේ පක්ෂ ඔක්කෝගෙම කට්ටිය එක්ක යන්න දොර දෙකේ ලේලන්ඩ් බස් එකක් තිබ්බනම් වැඩියත් එක්ක. මොකද නමට ලියාපදිංචි පක්ෂ ගොඩක් මෙතන තියනවා.. ඊපීඩීපී එක හැර. (බ)

:       0       0

සරත් Wednesday, 27 April 2016 12:22 PM

පක්ෂ කීයක් විතර එනවද?(හේ)

:       0       0

චතුරි Wednesday, 27 April 2016 01:40 PM

සෙනග ගෙන්වන එක අත අරින්න. ඒ කට්ටිය ඒ කනින් අහල මේ කන්නින් පිටකරනවා තමන්ගේ කතාව වගේම වැඩත් කරලා පෙන්වන්න. හිත හොද එක මනුස්සයෙක් හිටියත් ඇති දිව දෙකේ කට්ටිය නැතිව එක වරුවකට ඇයි මේහැටි මහන්සි වෙන්නේ කාගෙන් සම්මාන ගන්නද ක්‍රියාවෙන් වැඩ පෙන්වන්න (බ)

:       0       0

සුමිත්‍ර Thursday, 28 April 2016 05:23 AM

හරි බලමුකෝ.(හේ)

:       0       0

සුජීව Wednesday, 27 April 2016 02:14 PM

එන සෙනගට වඩා ලොකුයි ඉන්න පක්ෂ ගණන, මේ පක්ෂ සියල්ල ඩබල් ඩෙකර් එකකටත් මදි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 1565 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 1649 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 1265 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1922 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 578 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 280 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38310 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25238 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 306 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site