
(රෝෂන් තුෂාර)
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයෙන් හෝ පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීම තහනම් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසට අතුරු තහනම් නියෝගයක් කොළඹ දිසා අධිකරණය අද (02)නිකුත් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එම පක්ෂයේ නියෝජ්‍ය ලේකම් සරත් ඒකනායක මහතා විත්තිකරුවන් කරමින් පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව කොළඹ අතිරේක දිසා විනිසුරු අනුර වික්‍රමසිංහ මහතා මෙම තහනම නිකුත් කළේය .
තහනම් නියෝගය නඩුව විභාග කර අවසන් තීන්දුවක් ලබා දෙන තෙක් ක්‍රියාත්මක වන අතර මෙම නියෝගය ප්‍රකාරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් ධූරයේ කටයුතු කිරීමට තමන්ට කිසිදු බාධාවක් නොමැති බව ජයසේකර මහතා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
770
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
459
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශ්‍රීලනිප මහලේකම් ධූරය දයාසිරිට
ලසන්ත Tuesday, 02 July 2024 01:37 PM
මේ නඩුවලින්, දැන් ලේකම්ලාම දුසිම් බාගයක් විතර පත්කරලා නේද?
සෙනෙවිරත්න Tuesday, 02 July 2024 01:48 PM
ලොකුම ප්‍රශ්නයක් විසඳුවට උසාවියට පින්
පිටරටවැසියා Tuesday, 02 July 2024 04:54 PM
මේ පක්ෂයට දැන් "ලේකම්ලා දුසිම් බාගයයි, සභාපතිලා දුසිම් බාගයයි, ඡන්ද දායකයින් දුසිමයි
Ruwan De Silva Tuesday, 02 July 2024 05:28 PM
නිදහස් පක්ෂයේ ඊලඟ සභාපති මම වෙන්වත් බැරි නෑ
රිලා සිරි බලමු Tuesday, 02 July 2024 05:44 PM
දැන් එතනත් ආයෙ රිලා නැටුම් වල සිරි බැලියහැකි. ඒකත් හොඳා
ranjith Tuesday, 02 July 2024 09:27 PM
SLFP එක ඉවරයි .දැන් නමට විතරයි