IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ශ්‍රීලනිප - සන්ධාන දීගය ඉවරයි?

එක්සත් ජනතා නිදහස් සන්ධානය නොබෝ දිනකින් විසුරුවා හැරීමට යතියි දේශපාලන ආරංචි කියයි.

අද සවස පහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සහ මෛත්‍රීපාල සිරිසේන ජනපති අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමියතය.

සන්ධානය විසිරුවා හැරීමෙන් පසු ශ්‍රීලනිපය තනිව හෝ වෙනත් ආකාරයකින් කටයුතු කරනු ඇතැයි ද එම ආරංචි සඳහන් කරයි.

2004 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ අතර සන්ධාන ගිවිසුමක් අත්සන් කැරිණි. ශ්‍රී ලංකා මහජන පක්ෂය, දේශ විමුක්ති ජනතා පක්ෂය, මහජන එක්සත් පෙරමුණ හා ජාතික කොංග්‍රසය එක්සත් ජාතික පක්ෂයට එරෙහිව එම ගිවිසුමට අත්සන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් එහි ලේකම් ටිල්වින් සිල්වාද, ශ්‍රීලනිපය වෙනුවෙන් හිටපු ලේකම් මෛත්‍රීපාල සිරිසේන ද ගිවිසුමට අත්සන් තැබූහ.

ජාතික හෙළ උරුමය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය හා ලංකා සම සමාජය පක්ෂය ද ඇතුළු පක්ෂ 14ක් පමණ පසුව ඊට එක් වූහ. චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායකගේ හවුල් රජයේ ප්‍රධාන පාර්ශ්වකරුවකු වූ ජවිපය 2005 දී සන්ධානයෙන් ඉවත් විය.

චන්ද්‍රිකා දේශපාලනයෙන් සමු ගැනීමෙන් පසු මහින්ද රාජපක්ෂ සන්ධාන නායකයා විය. ඔහු සන්ධානයෙන් ජනාධිපතිවරණ දෙකක් හා මහ මැතිවරණයක් ජය ගත්තේය.

2015 ජනවාරි අට වැනි දා ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ පරාජය විය. ඉන් පසු අගෝස්තු 17 වැනි දා පැවැති මහ මැතිවරණයට සන්ධානය තරග කළ අතර එම ඡන්දයෙන් ද සන්ධානය පරාජය විය.

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා කීවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය විසිරැවීමක් ප්‍රායෝගිකව සිදු කළ නොහැකි වුවත් එය අකර්මණ්‍ය කිරීමට යන බවයි.

සන්ධානය යටතේ කරඟ කර තේරී පත් වූ පළාත් මන්ත්‍රීවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් සිටින බවත්, ඒ නිසා මැතිවරණ කොමසාරිස් සමග ගනු දෙනු කිරීමට නාමිකව සන්ධාන ලේකම් කටයුතු කරන බවත්, ඉදිරියේ සන්ධානය යටතේ මැතිවරණවලට තරඟ නොකරනු ඇති බවත් ගම්මන්පිල මහතා කියයි.

(ඡායාරූප අන්තර්ජාලයෙනි)

maithri-and-tilvin-agrement1 maithri-and-tilvin-agrement2 maithri-and-tilvin-agrement3 maithri-and-tilvin-agrement4 maithri-and-tilvin-agrement5 maithri-and-tilvin-agrement6 maithri-and-tilvin-agrement7 maithri-and-tilvin-agrement8 maithri-and-tilvin-agrement9



අදහස් (0)

ශ්‍රීලනිප - සන්ධාන දීගය ඉවරයි?

ප්‍රසන්න Monday, 24 August 2015 02:23 AM

අපි ජනාදිපති තුමාට ස්තුති කරනවා ශ්‍රීලනිපය විනාශ කරාට. ඕක අපේ රටට මහා විනයක්. අපි හංසයාගෙන් අලුත් පක්ෂයක් හදමු නේද (නදී)

:       0       0

සිරි Monday, 24 August 2015 09:47 AM

ශ්‍රී.ල.නි.ප.යේ පංච මහා බලවේගය කෝ දැන්? එතනෝල් කාරයෝ,හරක් හොරු,ස්ත්‍රී දුෂකයෝ,පාගා කාරයෝ,කප්පම් කාරයෝ තමයි අලුත්ම පංච මහා බලවේගය. ගානක් නෑ. ඔහොම යං, ඔහොම යං . (නදී)

:       0       0

කමල් Monday, 24 August 2015 02:30 AM

ඕක විසුරුවන්න තිබ්බේ චන්දෙට කලින්. එහෙනම් මහින්ද මහත්තය තාමත් රජෙක් වගේ ඉන්නවා.(නදී)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 24 August 2015 02:35 AM

මහින්ද 47 ලක්ෂයක්වත් චන්ද ගත්තේ ඔය සන්ධානේ ඇතුලේ ඉන්න සමහර බේගල් මුත්තලා දෙතුන් දෙනාගේ මුසාවාදවල පිහිටෙන්. හැබැයි සන්ධානේ වෙන් උනොත් ඉදිරි මැතිවරණයකදී මේ ගොල්ලන්ට ඡන්ද 37 ලක්ෂයක්වත් ගන්න බැරිවේවි කියලයි මට නම් හිතෙන්නේ.(නදී)

:       0       0

ඉමේෂ් Monday, 24 August 2015 02:41 AM

පිවිතුරු යහපාල පව් අනේ. තවත් මහින්ද මහත්තයව අමාරුවේ නොදා ඉන්නවද? (නදී)

:       0       0

ඉමේෂ් Monday, 24 August 2015 02:49 AM

අජිත් ගේ කතාව සම්පුර්ණ ඇත්ත. (නදී)

:       0       0

ටී.බී දිසානායක Monday, 24 August 2015 02:53 AM

2004 ජවිපෙ සන්දානයක් හැදුවේ පටු දේශපාලන වාසි බලාගෙන නොවේ එම මොහොතේ තිබුණු දේශපාලන වාතාවරණය තුලයි. ඉන් පසුව ජවිපෙ ඉන් ඉවත් උනේ සුනාමි සහන මණ්ඩල යෝජනාව පරාජයට පත් කල යුතු නිසයි. මේ කටයුතු නිසා ජවපේට විශාල හානියක් උනා. නමුත් ඉන් රටට ලොකු ජයග්‍රහණයක් ලැබුනා. උගුර කඩාගෙන මොර දෙන බොරු දේශප්‍රේමියෝ නොකළ දේවල් රට වෙනුවෙන් ජවිපෙ කරලා තියෙනවා. (නදී)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Monday, 24 August 2015 03:34 AM

ඇත්තටම ශ්‍රීලනිපය හොඳ ජන පදනමක් තිබෙන තනියෙන් ඉදිරියට ගිය හැකි පක්ෂයක්. ඔවුන් සන්ධානයේ බලවත් පක්ෂයක් හැටියට සිටියත් තමන්ගේ පුද්ගලික අරමුණු සක්සාත් කර ගන්ට ගොඩක් දුරට සද්ද බද්ද දැම්මේ එල්ලිලා හිටපු කුඩල්ලෝ ටික තමයි. ප්‍රමාද වී හෝ මෙවැනි තීරණයක් ගැනීම හොඳ දෙයක්. (නදී)

:       0       0

සැමී Monday, 24 August 2015 03:48 AM

අපි නිදහස් පක්ෂේත් එක්ක තිබ්බ දීගේත් ඉවරයි. මීට පස්සේ නිදහස් පක්ෂෙට ඡන්දෙ දුන්න අපි ඡන්දෙ දෙන්නේ ජාතික නිදහස් පෙරමුණට (නදී)

:       0       0

සුගත් Monday, 24 August 2015 04:04 AM

අපොයි මේ ගෙම්බෝ පක්ෂය කෑවා (නදී)

:       0       0

සංජීව - හොරණ Monday, 24 August 2015 04:23 AM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් එක්ක තිබුණ අපේ දීගෙත් ඉවරයි.. මින් ඉදිරියට මම බොදුජන පෙරමුණ සමග. (අ)

:       0       0

පිවිතුරු යහපාල Sunday, 23 August 2015 11:30 AM

මහින්ද මහත්තයෝ..අපේ චන්දයට සාධාරණය ඉෂ්ට කරන්න..තව දුරටත් ඔබ ආදරයෙන් රැකගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් මේ රටේ නැහැ.. වහාම සන්ධානයේ අනෙකුත් පක්ෂ එකතු කරන් පක්ෂපාති මන්ත්‍රී පිරිස එකතු කරන් වෙනම බලවේගයක් ගොඩ නගන්න. විපක්ෂ නායක දුරය ද්‍රවිඩ සන්ධානයට යාමේ පාප කර්මයට කර නොගහා එය ඔබ අතට ගෙන මෙම බලවේගය ඉදිරි පළාත් සභා ප්‍රාදේශීය සභා මැතිවරණ සදහා පෙළ ගස්සන්න. 47 ලක්ෂයක් සන්ධාන පාක්ෂිකයින්ට දුන් මේ අතුල් පහරට පොරෝ පහරකින් පිළිතුරු සපයන්න. එහෙම බැරිනම් එහෙම නොකරනවා නම් ඔබත් චිත්තයක් ඇදගන්න. (නදී)

:       0       0

රියානා Monday, 24 August 2015 04:44 AM

මින්පසු අපිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්දෙ දෙන්නෑ. මේ ච්චර කාලයක් දුන්නේ මහින්ද මහතා නිසයි. මෛත්‍රී මහත්තයට බලාගන්න පුළුවන් එයා සබාපතිකම දරන පක්ෂයට ඉස්සරහට මොකද වෙන්නේ කියලා.(නදී)

:       0       0

අසෝකා Sunday, 23 August 2015 11:38 AM

මේක හරියට එකගෙයි කෑම වගේ? (නදී)

:       0       0

රකිත් Monday, 24 August 2015 04:50 AM

එක්සත් ජනතා නිදහස් සන්ධානය කියන්නේ කොහොම තිබුණ බලවේගයක්ද? ඒත්, කර්මයෙන් කිසිදා ගැලවිය නොහැක. ඒ කාලේ එක්සත් ජාතික පක්ෂය කඩන්න කොපමණ උත්සාහ කළාද? දිට්ඨධම්ම වේධනිය කර්මය කියන්නේ මේකට තමයි. (නදී)

:       0       0

ආරියසේන Monday, 24 August 2015 04:52 AM

යුද්ධය මවපු නිසා ‍අපි බය වුනා එ්කයි ජේ වී පි යට දෙන්න තිබන ජන්ද අපි මහිාන්ද මහත්තයට දුන්නේ (නදී)

:       0       0

චතු Sunday, 23 August 2015 12:13 PM

මෛත්‍රී කියන්නේ එ්කාදිපතියෙක් ද ? (නදී)

:       0       0

දේවින්ද Sunday, 23 August 2015 12:55 PM

සන්ධානෙන් හැලෙන කට්ටිය අලුත් පක්ෂයක් හදනවා ඒකෙ නම "ජාතිවාදි පෙරමුණ " (නදී)

:       0       0

ප්‍රදීප් Sunday, 23 August 2015 01:03 PM

වීරවංශලට, ගම්මන්පිලට මොකද වෙන්නේ ? (නදී)

:       0       0

කපිල Monday, 24 August 2015 05:12 AM

මම එජාපයේ. ජාතික නිදහස් පෙරමුණ සන්ධානෙන් අයින් උන නිසා නිදහස් පක්ෂෙට ඡන්දෙ දෙනවා දැන්.(නදී)

:       0       0

අප්පුහාමි Sunday, 23 August 2015 01:17 PM

යහපාල, මහින්ද මහත්තයට දැන් වත් ඉන්න දෙනවද පාඩුවේ නම්බුව රැකගෙන? ප්‍රාදේශීය සභාවට ඉල්ලන්නේ මොකටද හිටපු ජනාධිපති වරයෙක්? (නදී)

:       0       0

බින්දු Sunday, 23 August 2015 01:18 PM

බලය බෙදනවයි කියපු එක්කෙනා ඇයි මෙහෙම කෙරුවේ (නදී)

:       0       0

විමුක්ති Sunday, 23 August 2015 01:21 PM

පිවිතුරු මහත්තයා ගැන දුකත් හිතෙනවා. කොහොම කඩේ යෑමක්ද ගියේ හැබැවට. (නදී)

:       0       0

මංජුල රියාද් Sunday, 23 August 2015 01:26 PM

මහින්ද මාමී ගේ කරේ තිබුන එක වගේම එකක් මෛත්‍රී මාමී ගේ කරේ තියනවා දැක්කම අාස හිතුනා (නදී)

:       0       0

ධම්මික Sunday, 23 August 2015 01:27 PM

අණී ඇත්තටම යහපාල හොදා ඔබාමට උපදෙස් දෙන්න. මොළය හැමතැනම බලාගෙන වාඩිවෙන්න. මොලය පොඩ්ඩක් හ‍රි තැලුනොත් මහින්දට පලාත් සබා වත් දිනාගන්න බැරිවෙනවා (නදී)

:       0       0

සංජය Monday, 24 August 2015 05:56 AM

යහපාලන ප්‍රජාතන්ත්‍රවාදය කොහොමද ? (නදී)

:       0       0

දුමින්ද Monday, 24 August 2015 06:16 AM

පක්ෂ ඇතිවීම හෝ නැතිවීම දේශපාලන අවශ්‍යතාවක් පමණි (නදී)

:       0       0

බමුණු Sunday, 23 August 2015 02:29 PM

මේක හරියට එකගෙයි කෑම වගේ? කවදද කන්නේ? (නදී)

:       0       0

බමුණු Sunday, 23 August 2015 02:35 PM

ප්‍රාදේශීය සභාවට ඉල්ලන්නේ මොකටද හිටපු ජනාධිපති වරයෙක්? ඔබ කුඩා කාලෙදිවත් නයා සහ ඉනිමග ස්නේක් ඇන්ඩ ලැඩෙර් කියන ක්‍රීඩාව කරලා තිබෙනවද (නදී)

:       0       0

මොහොමඩ් Monday, 24 August 2015 06:49 AM

පිවිතිරු යහපාල ඔබ කියපු ටිකමයි මටත් කියන්න තියෙන්නේ අනේ ඇත්තටම (නදී)

:       0       0

දිනේෂ් Monday, 24 August 2015 07:00 AM

මහින්ද මැතිදුනි අප ඔබ වෙනුවෙන් මැරෙන්න හරි ලෑස්තියි. (නදී)

:       0       0

දුමින්ද Monday, 24 August 2015 07:15 AM

දැන්වත් රට ගැන කතා කරමුද ? (නදී)

:       0       0

සත්‍යා Sunday, 23 August 2015 03:58 PM

සන්ධානය යනු අනුන්ගේ පහනින් එළිය බලන වැඩි පිරිස එකතුවී කරපු ඇටවුමකි. කවදාවත් 5% ක් වත් ජන්දය ලබා ගත නොහැකි බහුතරය සිටින ඇටවුමකි. වැඩක් නොකරන, වැඩක් කරන එකෙකුටවත් වැඩක් කරන්ඩ නොදෙන මැරෙනකම් එක එක විවේචන කර කර සිටින අපතයන් සැදුම්ලත් ඇටවුමකි. ශිලනිපයට ලැබෙන්ඩ ඇති දේ ශිලනිපයේ ඇගටත් නොදැනී ඩැහැ ගන්නා ඇටවුමකි.(නදී)

:       0       0

සුදේශ් Monday, 24 August 2015 08:21 AM

අපි ආදරේ කළේ මහින්ද මහත්තයට නැතිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නොවේ. ඉදිියටත් ඒක එහෙමමයි. ඒ නිසා එතුමට උදවු කරපු අයට ‍මේ සැරේ වගේ ඉදිරියටත් සලකනවා (අ)

:       0       0

නෙවිල් Sunday, 23 August 2015 05:29 PM

අපේ ජනාධිපතිතුමා මහින්ද. (නදී)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 23 August 2015 06:22 PM

පිවිතුරු යහපාල.මොකද ලක්ෂ 58 මාස 8ක් යන්න කලින් ලක්ස 47 ට අඩු වුනේ? ඔය ලක්ෂ 47 තව මාස 6 යක් යනකොට ලක්ෂ 20 දක්වා පහල බසිනවා. එතකම් හීන දකින්නකෝ. අපෙන් කිසිම බාදාවක් නැහැ. (නදී)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 23 August 2015 06:23 PM

ග්‍රාමසේවක තනතුරක් හරි දුන්නොත් ගන්නවා. එ්කේ දෙකක් නැහැ. ගමට ආදරේ නම් දෙන්න නම් එපා.(නදී)

:       0       0

රජීව් Monday, 24 August 2015 08:54 AM

ඉතිහාසයේ කොතනකවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව ජයග්‍රහණයක් ලබාගත්තේ නෑ. දිනුවේ පෙරමුණක් ලෙසයි. අද යු.එන්.පී උගුලකට හසුවී තව අවුරුදු ගණනාවකට නැවත බලයක් ලබාගැනීමට නොහැකි තත්වයකට පත්වෙමින් සිටිනවා. (නදී)

:       0       0

මොරිස් Sunday, 23 August 2015 08:24 PM

බලාගෙන යනකොට මේ හැමෝම ඉඳල තියෙන්නේ ශ්‍රී ල නි ප යයි ජ වී පෙ එකට එකතු වෙලා හදපු ගේ ඇතුලේ නේ.(නදී)

:       0       0

කරූ පෙරේරා Sunday, 23 August 2015 10:51 PM

පිවිතුරු යහපාල මහත්තයෝ ඔබ තුමාගෙ අදහස හරි.(නදී)

:       0       0

සජීව තුෂාර ගමගේ Sunday, 23 August 2015 11:02 PM

යහපාල, ඔබලා වැනි මැටි මෝල්ලු තමයි මහින්ද මහත්තයව විනාශ කළේ.(නදී)

:       0       0

බමුණු Sunday, 23 August 2015 11:55 PM

බලය බෙදනවයි කියපු එක්කෙනා ඇයි මෙහෙම කෙරුවේ ? අයි බලය බෙදන කම් ද බලාගෙන ඉන්නේ? (නදී)

:       0       0

බමුණු Sunday, 23 August 2015 11:56 PM

වීරවංශලට, ගම්මන්පිලට මොකද වෙන්නේ ? මුකුත් වෙන්නේ නැත. (නදී)

:       0       0

තිලක්-ඩුබායි Monday, 24 August 2015 01:40 AM

මම නිතරම කියන දෙයක් තමයි "නයෙක් වුනත් අවශ්‍ය වෙලාවේදී පෙනේ පුප්පල පෙන්වන්න ඕනේ නයෙක් කියලා. නැතිනම් හිතන්නේ පන බයේ දුවන ගැරඩියෙක් කියලයි". මේ වෙලාවේදී මෛත්‍රී හරි. (නදී)

:       0       0

රෝහණ Monday, 24 August 2015 01:52 AM

සන්ධානයේ පිහිට නැත්නම් ගම්මන්පිල, විමල්, දිනේෂ් , බන්දුලට ඇපත් නැත. පුලුවන්නම් තනියම ඉල්ලන්න (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නීතිඥවරියගේ ඝාතකයා ගඟට පනිද්දී මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 241 0

නුගේගොඩ, ගංගොඩවිල, පැඟිරිවත්ත පාරේ පදිංචිව සිටී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු බෙන්තර ගඟට පැනීමට සූදානම් වීමේදී අද පස්වරුවේ අත්අඩං


මාතර සියයට 64යි
2024 සැප්තැම්බර් මස 21 198 0

ජනාධිපතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගෙන් සියයට 64.14 ක් අද (21) සවස 2.00 වන විට ඡන්දය ප්‍රකාශ කර ඇති බව මාතර දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී ගනේෂ අමර


පැල්පිටිගොඩ ඡන්ද මධ්‍යස්ථානය භාර නිළධාරියාගෙන් කැත වැඩක්
2024 සැප්තැම්බර් මස 21 1150 0

ඇස් අන්ද පුද්ගලයෙකු විසින් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ස්ථාන භාර නිළධාරීගෙන් අවසර ඉල්ලා සිටීමේදී වෙනත් අපේක්ෂකයෙක්ට ඡන්ද ප්‍රකාශ කල පුවතක් කළුතර දිස්ත


පොලොන්නරුව සියයට 65
2024 සැප්තැම්බර් මස 21 515 0

මෙවර ජනාධිපතිවරණය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සවස 3.00 වනවිට සියයට 65 ක් පමණ ඡන්දය ප්‍රකාශ කර ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්


මොහොත්තුවාරම් දූපතේ ඡන්දෙට හරි උනන්දුයි
2024 සැප්තැම්බර් මස 21 294 0

කල්පිටිය මොහොත්තුවාරම දුපතේ පිහිටි ජන්ද මධ්‍යස්ථානය වෙත තම ජන්දය භාවිතා කිරීමට ජන්ද දායකයන් 21 උදෑසන සිට ධීවරය යාත්‍රා හා ට්‍රැක්ටර් මගින් පැමිනීම දැ


ඡන්දපොළේ දී පොලිස් නිලධාරීයෙක් මිය ගිහින්
2024 සැප්තැම්බර් මස 21 770 0

පොළොන්නරුව පුලස්තිපුර විජිත ප්‍රාථමික විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානය සඳහා රාජකාරී කටයුතු සඳහා යොදවා සිටි පොලිස් නිලධාරියකු 21 වෙනිදා දහවල් හදිසියේ ඇති


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14587 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 181 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 101 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 144 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site