IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ශ්‍රීලනිප 16කට එරෙහිව එජාපෙන් විශ්වාසභංග

අංජුල මහික වීරරත්න 
 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ රජයට විරුද්ධව ගෙන ආ විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ කැබිනට් , රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරුන් 16 දෙනාට එරෙහිව විශ්වාසභංග 16ක් පාර්ලිමේන්තුවේදී හෙට (6) කථානායකවරයාට බාර දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.
 

අමාත්‍ය ධූර වල වරප්‍රසාද භුක්ති විඳිමින් එම ඇමති වරුන්ට තව දුරටත් රජයේ පාර්ශ්ව කරුවන් ලෙස කටයුතු කරන්නට සදාචාරාත්මක අයිතියක් නොමැති බව කී මන්ත්‍රීවරයා විශ්වාසභංග සඳහා මේ වනවිට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 15 දෙනෙකු අත්සන් කර තිබෙන බවද කීය.
 
රෑට විජේරාම මාවතේත් උදේට මහගමසේකර මාවතේත් කකුල් තබා ගෙන සිටින පිරිසක් සමඟ තව දුරටත් එකට ආණ්ඩු කරන්නට  තමන්ට විශ්වාසයක් නැති හෙයින් මෙම විශ්වාසභංග 16 බාර  දෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
 
ආණ්ඩුව කෙරෙහි විශ්වාසයක් නැති පිරිසක් ආණ්ඩුවේ තබාගෙන සිටීම සුදුසු නොවන බව විශ්වාසභංගයෙන් අවධාරනය කර ඇතැයිද රහුමාන් මහතා කීය.



අදහස් (23)

ශ්‍රීලනිප 16කට එරෙහිව එජාපෙන් විශ්වාසභංග

sena Thursday, 05 April 2018 01:45 PM

මොකක් හරි කරලා රටට ස්ථාවර ආණ්ඩුවක් අවශ්‍යයි කියන එකයි අපි කියන්නේ.

:       100       335

lal Thursday, 05 April 2018 03:06 PM

වෙන්න ඕනි එහෙම. ඊට පස්සේ අනිත් පැත්තට ගිහින් ආයෙත් ඇමතිලා වේවි.

:       14       79

Silva M. L. Thursday, 05 April 2018 03:10 PM

UNP එක කවදාවත් එම 16 දෙනාට විරුද්ධව මොන තීරනයක්වත් ගන්නේ නැහැ. එහෙම කලොත් SLFP එකේ තව කොටසක් විරුද්ධ පක්ෂයට යන එක අනිවාර්යයි. ඉතින් ඔය කතා පිළිගන්න එපා.

:       114       197

lusena Thursday, 05 April 2018 03:13 PM

සිංහලයා දෙපැත්තට වෙලා මරාගන්න විට ඉදිරියේදී රටේ පාලනයට දෙවියන්ගේම පිහිටයි. අද තීන්දු තීරණ ගන්න පිරිස් බලනවිට. ලුසේනා

:       34       201

Saranapala Thursday, 05 April 2018 03:19 PM

යුඑන්පී කියන්නේ අනුන්ගේ පහනින් රජකරන අය. ඉතින් එයාලා විශ්වාසභංග ගෙනාවොත් එයාලට තියෙන සහයෝගයත් නැතුව යනවා.

:       511       303

Indhika Thursday, 05 April 2018 03:47 PM

ඔය පාර්ලිමේතුවේ ඉන්න සෙට් එකටම විරුද්ධව මහජන අපිට විශ්වාස භංගයක් ගේන්න බැරිද ?

:       1       256

parakkrama Thursday, 05 April 2018 03:54 PM

කතාව හරි. ආණ්ඩුව කෙරෙහි විශ්වාසයක් නැති බව හැන්සාඩ් ගත වන පරිදී පැහැදිලිව සළකුණු කැර සිටියදී තව දුරටත් තම ධූරවල වරප්‍රසාද භුක්ති විඳිමින්, රජයේ වැදගත් තීන්දු තීරණ ගැනීමේ දී ඇතිකරන යම් බලපෑම් තුලින් යා යුතු වන ගමන්මග අහුරමින් හෝ වෙනස් කරනමින් හෝ යම් දුරකට බාධා පමුණුවමින් හෝ ක්‍රියා කරන දෙපැත්තේ පය ගසාගෙන සිටින මේ නොගැලපෙන කණ්ඩායම බැහැර කිරීම 2015 ජනවාරි ජනවරමේ අපේක්ෂාවන් ඵල ගැන්වීමට බෙහෙවින් ඉවහල් වනවා ඇත. පරාජයට පත් කරනු ලැබූ විශ්වාස භංගයට "පක්ෂයි" කියූ මේ අය අමාත්‍ය මණ්ඩලයෙන් තමන් ඉවත් නොවන බවට පාරම් බෑම එක්තරා විදියක තර්ජනයක් බව පෙනේ. මේ අය සමග කැබිනට් රහස් සාමූහිකවත් කේවලවත් රැක ගැනීමට හැකි වෙතැයි සිතිය නොහැක. අවශ්‍යම අවස්ථාවේ සුදුසුම තීරණය, බාල ගිරි දෝෂය මෙන් නොවී , අප්‍රමාදව ගන්නා සැටි වරම දුන් ජනතාව බලා සිටිනු නොඅනුමානය. මාතෘකාව පරිදී නීත්‍යානුකූලව ස්ථිරවම බැහැර කරන්නේ නම් ඡන්දය දුන්නෝ නොඅනුමානවම සතුටු වෙති.

:       674       640

Thilina Thursday, 05 April 2018 05:35 PM

රටේ මිනිස්සු බදු පිට බදු ගහලා මරද්දී ඊට විරුද්ධ නොවී ආණ්ඩුව වෙනුවෙන් කඩේ යන ආණ්ඩුව ආරක්ෂා කරන සම්බන්ධන් ඇතුළු හොර විපක්ෂ නඩයට විශ්වාස බංගයක් ගෙනාවනම් නරකද??

:       10       233

rohan Thursday, 05 April 2018 05:54 PM

ඉතා හොද කාරණාවක් මින් ඉදිරියේදී හෝ ආත්මාර්ථකාමී නොවී දෙබිඩි පිළිවෙත් බැහැර කිරීමට රට අස්ථාවර නොකිරීමට ජනතාවට වගකියන ක්‍රියා දාමයකට යා යුතුමයි.

:       88       17

Perera Thursday, 05 April 2018 06:51 PM

කිසිම සමගියකින් වැඩක් කරලා රට ඉදිරියට ගෙනියන්න හිතන්නේ නැහැ. දැන් මේවයින් වාසි ගන්නේ චීන්නුයි IMF එකයි ලෝක බංකුවයි

:       1       4

සක්විති Thursday, 05 April 2018 11:10 PM

එක මාසෙට එක භංගෙ ගානෙ ගෙනාව නම් හරි. කාලෙත් ගානට ඉවර වෙනවා.

:       0       2

Rasi Friday, 06 April 2018 12:13 AM

ඔච්චර ප්‍රශ්නයක් තියෙනවනම්, පාර්ලිමේන්තුව විසුරවලා මැතිවරණයකට යන්න. එතකොට බලාගන්න පුළුවන් කවුද භංග වෙන්නේ කියල

:       0       11

ලෙස්ලි හර්බට් විජේසිංහ Friday, 06 April 2018 01:33 AM

රසි කොහෙද ඔයගේ මොළේ තියෙන්නේ පාර්ලිමේන්තුව විසුරවලා මැතිවරණයකට යන්න. එතකොට ඔයාද කෝටි ගාණක් ඒ සදහා මුදල් දෙන්නේ මෝඩ කතා කියන්න එපා

:       22       50

Rasi Friday, 06 April 2018 02:54 AM

ලෙස්ලි, ඔයාගේ මොලය නම් තියෙන තැන මට හොද අවබෝදයක් තියෙනවා. මැතිවරණයකට යන වියදම කෝටි 300 කියල හිතමු. නමුත් අස්ථාවර සහ ජනතාව අනුමත නොකරන ආණ්ඩුවක් රටක පවතින විට ආයෝජකයන් නොපැමිණීමෙන්, තීරණ ගැනීමේ නොහැකියාව, කිසිදු සංවර්දන කටයුත්තක් ආරම්බ නොවීම, රාජ්‍ය සේවය අකර්මන්‍ය වීම ඇතුළු තව බොහෝ කරන නිසා රටේ ආපස්සට යාමේ පාඩුව බිලියන ගානක් විය හැකියි. ඔබ වැනි පුද්ගලයන් නිසා තමයි මෙවන් ආණ්ඩු පිස්සු කෙලින්නේ.

:       0       0

Nipuna Friday, 06 April 2018 03:25 AM

ඕවා කරලා වෙලා තිබුණොත් රටත් සංවර්ධනය කරන්න හොදේ....

:       0       0

Nanda Friday, 06 April 2018 03:52 AM

වරප්‍රසාද වලට දෙන කෝටි ගණන් මුදල් නවත්තලා ඡන්දෙකට ගිහින් ස්ථාවර ආණ්ඩුවක් හදාගන්නෙක නරකද

:       0       0

Sugath Friday, 06 April 2018 04:02 AM

රට ඉදිරියට ගෙනයන්න බැරි මේ වගේ අය ඉන්න නිසයි.

:       0       0

Prabath Friday, 06 April 2018 04:33 AM

ඔය 16 දෙනා දන්නවා අර පැත්ත නැවත බලයට ආවොත් තව අවුරුදු 25ක් 30ක් පාර්ලිමේන්තුවේ කිසිම කරදරයක් නැතුව ඉන්න පුලුවන් බව. ඉතින් ජනාධිපති තුමාව රවටගෙන මේ කරන සෙල්ලම අපි හොදට දන්නවා.

:       0       110

Ranil Ekanayake Friday, 06 April 2018 04:39 AM

ඔව්න්ට ඕක තමයි කරන්න ඕන

:       0       0

padmini Friday, 06 April 2018 05:29 AM

මෙතැනදී වහාම තීරණයක් ගන්න වෙනවා. හැබැයි ඉතින් එහා පැත්තට ගිහින් ලෝකේ නැති අසත්‍ය ප්‍රචාර පතුරවමින් රට අස්ථාවර කරන්ට පුළුවන්

:       0       43

ravendra Friday, 06 April 2018 06:54 AM

ඒ 16 දෙනාගේ විශ්වාසය භංග වී ඇති බව රටම හොදින් දුටුවා තව කතා කුමටද .? ජනතාව අවදියෙන් ...!!!

:       0       29

saman Friday, 06 April 2018 07:36 AM

ඉතුරු අවුරුදු දෙකත් මේ වගේ නාඩගම් බල බල හිටිය හැකි. මොකක් නැතත් රට නම් බංග වෙනවා සිකුරුයි.

:       0       0

Ranil Friday, 06 April 2018 09:14 AM

විකාරයෙන් ගෙනාපු විශ්වාසබංගවලට කවුද අත උස්සන්නේ පිස්සොම මිසක්. ජනතාව ප්‍රතික්ෂේප කරපු සෞඛ්‍ය ඇමතිලා ඕවට අත උස්සයි. ඒත් ඉතින් ඕවා නිකන්ම පරාද වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කූඩුවේ සිටි සැකකරු මුදවා ගන්න ගිය පීසී අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 22 350 0

සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ සිටි සැකකරුවකු තමාගේ සහෝදරයකු බව පවසා උප සේවක භාරයේ තිබූ යතුරු කැරැල්ල බලෙන් ලබාගෙන පොලිස් සිර මැදි


අද සවස එකෙන් පසු තද වැසි
2025 අප්‍රේල් මස 22 239 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සෙව්වන්දි - ප්‍රසන්න රට පැන්නාද?
2025 අප්‍රේල් මස 21 2943 0

පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල


පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 830 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 261 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 650 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 521 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 294 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 444 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site