IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


ශ්‍රේෂ්ඨාධිකරණයට අත තියන්න ඉඩදෙන්නේ නෑ

(යොහාන් භාසුර)

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවීමට කිසිසේත් ඉඩ නොතබන බවත් මහා භාණ්ඩාගාර ලේකම්වරයාගේ ක්‍රියාකලාපය ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ කිරීමක් බවත් නිදහස් ජනතා සන්ධානයේ විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (27) පැවසීය.  

නියමිත කාලයට මැතිවරණ පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී රටක මූලිකාංගයක් වුවද මැතිවරණ පැවැත්වීමට රජයට කිසිඳු උවමනාවක් නොමැති බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ ක්‍රියාවලට මැදිහත් වීම ප්‍රජාතන්ත්‍රවාදයට මරු ප්‍රහාරයක් වීම නිසා එය ආරක්ෂා කිරීමට විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරු ඒකාබද්ධ නිවේදනයක් දැනටමත් නිකුත් කළ ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

අයි.එම්.එෆ්. ගිවිසුම සඳහා විපක්ෂයේ සහයෝගය අවශ්‍ය නම් ඒ පිළිබඳව කලින් විපක්ෂය දැනුවත් කර පසු විපක්ෂයේ සහාය ලබාගත යුතු අතර සියල්ල අවසාන වූ පසු විපක්ෂයෙන් සහය ඉල්ලීම අසාධාරණ බවත් දේශීය ණය ප්‍රතිව්‍යුහ ගතකිරිම කිසිසේත්ම අනුමත නොකරන අතර එසේ සිදුවුවහොත් වැඩකරන ජනතාවගේ විශ්‍රාම වැටුප අවප්‍රමාණය වීම සහ බැංකු පද්ධතිය කඩා වැටෙන බවත් මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා කීය.

ලාභ ලබන රජයේ ආයතන විකුණා දැමීමට දැඩිව විරෝධය දක්වන අතරම එම ආයතන අප රටේ ආර්ථිකයේ ජීවනාලිය වීම නිසා එසේ කරනවා නම් නව ජනමතයක් ලබාගත යුතු බව කී ජී. එල්. පීරිස් මහතා සඳහන් කළේ අයි.එම්.එෆ්. යෝජනා ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් සමාජ ආරක්ෂක දැලක්  ක්‍රියාත්මක කළයුතු බවත්ය. 



අදහස් (3)

ශ්‍රේෂ්ඨාධිකරණයට අත තියන්න ඉඩදෙන්නේ නෑ

Samitha S . Aluthgamage Monday, 27 March 2023 04:23 PM

ශ්‍රේෂ්ඨාධිකරණයට බලපෑම් එල්ල කිරීම හොඳයි කියා අප කිසිසේත් අනුමත කරන්නේ නැහැ.ඒත්,අද මෙසේ මෙවැනි අදහස් ප්‍රකාශ කරන ඔබතුමා,එදා අට පාස් මන්ත්‍රීවරුන් හිටපු අගවිනිසුරු තුමිය සම්බන්ධ සිද්ධියේදී එසේ ක්‍රියා කරන විට,ඔබතුමා සිටියේ මොන පැත්තේද කියා සිතෙනවා. කාලෙන් කාලෙට තාලෙන් තාලේ ... කියා තිබෙන්නේ නිකම්ම නිකම් නොවන බව පෙනේ.

:       0       28

fairoos Monday, 27 March 2023 04:31 PM

අනේ මෙයාගෙ මහලොකු කයිවාරු... පෙරහැර ගිහිල්ල ඉවරයි.

:       0       0

Rohan Perera Monday, 27 March 2023 08:00 PM

මෙයාගේ ගෝලයෙක් වූ ශිරාණි බණ්ඩාරනායක ට දෝශාබියෝගේ ගෙනාවම අත නොතිබ්බ වගේද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අපේක්ෂා රෝහලේ කෝටි 40ක් පුස්කන්න අැරලා
2025 අප්‍රේල් මස 18 3 0

මහරගම අපේක්ෂා රෝහල සඳහා වන පරිත්‍යාග ගිණුමේ රුපියල් කෝටි හතළිහකට වැඩි මුදලක් තිබූ නමුත් පසුගිය වසර දෙකේදී මෙම අරමුදල් කිසිදු ඵලදායි කාර්යයක් සඳහා භ


මාස හතරට සංචාරකයන් ලක්ෂ අටක් පනී
2025 අප්‍රේල් මස 18 175 0

පසුගිය ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 15 වැනිදා දක්වා කාලයේදී මෙරටට සංචාරකයන් 816,191 ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්


ජනපති දළදා වඳී
2025 අප්‍රේල් මස 18 609 2

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප


“සිරි දළදා වන්දනාව” ගැන ව්‍යාජ ආරාධනා පත්‍රයක්
2025 අප්‍රේල් මස 18 306 2

“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ජනතාව නොමඟ යවන ව්‍යාජ ආරාධනා පත්‍රයක් ප්‍රචාරය වෙමින් පවතින බව ජනාධිපති කාර්යාලය පවසයි.


සිරි දළදා වන්දනාවට රටවල් 17ක රාජ්‍යතාන්ත්‍රිකයෝ මහනුවරට
2025 අප්‍රේල් මස 18 683 0

සිරි දළදා වන්දනාවේ සමාරම්භක අවස්ථාව සඳහා රටවල් රැසක තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් ද අද සහභාගි වීමට නියමිත බව ජනාධිපති ක


දළදා වන්දනාව lankadeepa.lk වෙබ් අඩවියෙන් සජීවීව
2025 අප්‍රේල් මස 18 634 0

සිරි දළදා වන්නාව සජීවීව lankadeepa.lk වෙබ් අඩවියෙන් ඔබට ද වන්දනා කිරීමට සහ නැරඹීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 206 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1130 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site